The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'හදිසි පනත්' පස්සා දොර නැවත නම්කිරීම ඇස් බැන්දුමක් පමණි -මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

October 21, 2020 • 1:32 PM

'හදිසි පනත්' පස්සා දොර නැවත නම්කිරීම ඇස් බැන්දුමක් පමණි  -මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පනත් සම්මත කිරීමට පෙර අභියෝග කිරීමට මහජනයාට තිබු සීමිත අවස්ථාව අහුරා ලීමේ
  • එසේ වුව ද, “ජාතික ආරක්ෂාව” සහ “ආපදා” සඳහා වන ප්‍රතිපාදන තුලින් දැවැන්ත පස්සා දොරක් එහි ඉතිරි කර ගෙන ඇත.
  • ''ජාතික ආරක්ෂාව” සහ “ආපදා” සඳහා වන ප්‍රතිපාදන තුලින් දැවැන්ත පස්සා දොරක් එහි ඉතිරි කර ගෙන ඇත.
  • මෙය වසා දැමිය යුතු ය.'' ව්‍යවස්ථාදායක බලය ඇත්තේ පරමාධිපත්‍යය සතු ජනතාවට යි.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහයෙන් ඔවුන් පසුබැස ඇති බව අපට ඒත්තු ගැන්වීමට අමාත්‍ය මණ්ඩලයට අවශ්‍යව ඇත.

එසේ වුව ද, “ජාතික ආරක්ෂාව” සහ “ආපදා” සඳහා වන ප්‍රතිපාදන තුලින් දැවැන්ත පස්සා දොරක් එහි ඉතිරි කර ගෙන ඇත. මෙය වසා දැමිය යුතු ය.

''ජාතික ආරක්ෂාව” සහ “ආපදා” සඳහා වන ප්‍රතිපාදන තුලින් දැවැන්ත පස්සා දොරක් එහි ඉතිරි කර ගෙන ඇත. මෙය වසා දැමිය යුතු ය.''

ව්‍යවස්ථාදායක බලය ඇත්තේ පරමාධිපත්‍යය සතු ජනතාවට යි. ප්‍රධාන වන්නෝ ඔවුහු ය. පාර්ලිමේන්තුව නියෝජිතයා ය. ජනතාව තම නියෝජිතයා වන පාර්ලිමේන්තුවට තමන් වෙනුවෙන් එම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙති.

එසේ වුව ද, තම නියෝජිතයාගේ ක්‍රියා ගැන අධීක්ෂණයක් පවත්වාගැනීම ජනතාවට අවශ්‍ය වෙයි.

ව්‍යවස්ථාදායකය කරන්නේ එය කළ යුතු දේ ද නැද්ද, සහ නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවන්නේ ද, යන්න පරීක්ෂා කිරීමට තම ජනතාවට  ඉඩ ප්‍රස්ථා සලසා දීම බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සිදුකොට ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ මෙය කිරීමට ඉතිරි කර ඇත්තේ ඉතා පටු කවුළුවකි.

සංශෝධිත 20 වැනි සංශෝධනය මගින් කරන්නට හදන්නේ එම කවුළුව තව දුරටත් සීමා කිරීම යි.

අමාත්‍ය මණ්ඩලය තම ප්‍රජාතන්ත්‍ර විරෝධී අරමුණු ඉටු කර ගන්නට උත්සාහකරන්නේ වචන සෙල්ලම්වල යෙදෙමිනි.

 

පස්සා දොර නැවත නම් කිරීම :

2015 සිට, යෝජිත පනතක් අධ්‍යනය කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කිරීමටත්, මහජනයාට දින 14 ක කාලයක් තිබිණි.

ඕනෑම පනතක් හදිසි පනතක් ලෙස සැලකීමට අමාත්‍ය මණ්ඩලයට හැකිවීම සහ ඒ අනුව සම්මත ක්‍රියාවලිය මගහැර යාමට ඉඩ දී තිබු, බොහෝ සේ  අපයෝජනයට ලක් වූ හදිසි පනත් සඳහා වූ ව්‍යතිරේඛ ක්‍රියාවලිය 2015 දී ඉවත්කරනු ලැබී ය.

20 වැනි සංශෝධනය මගින් උත්සාහ දරන්නේ දින 14 ක කාලය දින 7 ක් දක්වා අඩු කිරීමට සහ හදිසි පනත් ව්‍යතිරේඛය නැවත හඳුන්වා දීමට ය.

ඕනෑම පනතක් හදිසි පනතක් ලෙස සැලකීමට අමාත්‍ය මණ්ඩලයට හැකිවීම සහ ඒ අනුව සම්මත ක්‍රියාවලිය මගහැර යාමට ඉඩ දී තිබු, බොහෝ සේ  අපයෝජනයට ලක් වූ හදිසි පනත් සඳහා වූ ව්‍යතිරේඛ ක්‍රියාවලිය 2015 දී ඉවත්කරනු ලැබී ය.

20 වැනි සංශෝධනය මගින් උත්සාහ දරන්නේ දින 14 ක කාලය දින 7 ක් දක්වා අඩු කිරීමට සහ හදිසි පනත් ව්‍යතිරේඛය නැවත හඳුන්වා දීමට ය.

මෙයට විශාල විරෝධයක් ඇති වීම පුදුමයට කරුණක් නොවේ.  

දැන් මදක් පසුබසින්නට (හෝ පසුබසින බවක් පෙන්නුම් කරන්නට) අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

 “ජාතික ආරක්ෂාවට” සහ “ආපදාවලට” සම්බන්ධ නොබව ඔවුන් නිර්ණය කරන පනත් සම්බන්ධයෙන් පමණක් ඒවාට අභියෝග කිරීමට ඇති දින 14 ක කාලය අපට දීමට ඔවුන් සුදානම් ය.

අතීතයේ දී සිදුවුයේ ඕනෑම ආකාරයක පනතක් “හදිසි” පනතක් ලෙස ඔවුන් ඒකපාර්ශවිකව තීරණය කොට පස්සා දොරෙන් ඒවා හොරෙන් රැගෙන ඒමයි.

දැන් සිදුවිය හැකි එක ම වෙනස නම් ඕනෑම ආකාරයේ සාමාන්‍ය පනතක් “ජාතික ආරක්ෂාවට” සහ “ආපදාවලට” සම්බන්ධ බව ආණ්ඩුව ඒක පාර්ශවිකව සහතික කිරීම පමණකි. එකම වෙනස පස්සා දොරෙහි නම වෙනස් කිරීම පමණි.

''දැන් සිදුවිය හැකි එක ම වෙනස නම් ඕනෑම ආකාරයේ සාමාන්‍ය පනතක් “ජාතික ආරක්ෂාවට” සහ “ආපදාවලට” සම්බන්ධ බව ආණ්ඩුව ඒක පාර්ශවිකව සහතික කිරීම පමණකි. එකම වෙනස පස්සා දොරෙහි නම වෙනස් කිරීම පමණි.''

 

හදිසිය කුමක් ද?

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් පළමු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ මීට මාස හතකට පෙර මාර්තු 20 දා ය.

වසංගතය සහ එයට ආණ්ඩුව දැක්වු ප්‍රතිචාරය මගින් මහජනයාගේ ජීවිත සහ ජීවනෝපාය මහා පරිමාණ ලෙස කඩාකප්පල් කරනු ලැබී ය.

වසංගතයට මුහුණ දීමට පවතින නීති ප්‍රමාණවත් නැති බව නැවත නැවතත් පෙන්වා දෙනු ලැබී ය.

වෙනත් බොහෝ රටවල් එවකට පැවති නීති සංශෝධනය කරනු ලැබීය.

නමුත් ශ්‍රී ලංකාවේ එය සිදු නොවී ය.

ආපදා යන නිර්වචනයට ඇතුලත් වන බවට ලෝකයේ බොහෝ දෙනා පිළිගන්නා සංසිද්ධියකට නව නීති නොමැතිව මුහුණ දීමට අපට හැකි වීය.

වසංගතයට මුහුණදීමට ආණ්ඩුව ගත්  ක්‍රියාමාර්ග නීතිගත කිරීමට අලුත් නීතියක් කෙටුම්පත් කළේ නම් එමගින් මුලික අයිතීන් උල්ලංඝනය වනු නොඅනුමානය.

සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ පුද්ගලික කෙටුම්පත් යෝජනාවේ මූලික අයිතිවාසිකම් ගැන වෙනම කොටසක් අඩංගු කර ඇත්තේ මෙනිසාය.

වසංගතයට මුහුණදීමට ආණ්ඩුව ගත්  ක්‍රියාමාර්ග නීතිගත කිරීමට අලුත් නීතියක් කෙටුම්පත් කළේ නම් එමගින් මුලික අයිතීන් උල්ලංඝනය වනු නොඅනුමානය.

සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ පුද්ගලික කෙටුම්පත් යෝජනාවේ මූලික අයිතිවාසිකම් ගැන වෙනම කොටසක් අඩංගු කර ඇත්තේ මෙනිසාය.

ව්‍යවස්ථා සම්පාදන බලයේ සැබෑ හිමිකරුවන් වන, පනත් වල බලපෑමට ලක්වන ජනයාට යෝජිත නීතිවල හොඳ නරක ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කිරීමට අවස්ථාව නොදිය යුතු ද?

ආණ්ඩුව මාස හතක් කිසිවක් නොකර නිදා සිටි තත්ත්වයක් තුළ තව සතියක් හෝ දෙකක් තුළ සිදුවන වෙනෙස කුමක් ද?

 

ඉදිරියට මිස පසුපසට නොවේ :

පනත් සම්මත කිරීමට පෙර අධිකරණ විමර්ශන මගහැරීමට විවිධ ආණ්ඩුවලට ඉඩ ලැබුණු ව්‍යවස්ථාවේ පස්සා දොර වසා දැමීමට 19 වැනි සංශෝධනය මගින් කටයුතු කරනු ලැබී ය.

පෙරේදා අමාත්‍ය මණ්ඩල තීරණයෙන් සිදුකොට ඇත්තේ පස්සා දොර නැවත නම්කිරීම පමණකි.

කලින් එයට කිවේ “හදිසි” කියා ය. දැන් එයට කියන්නේ “ජාතික ආරක්ෂාවට නැතහොත් ආපදා සම්බන්ධ” කියාය.

මෙය සම්මත නොවිය යුතු ය.  මොන නමින් කිව්වත් පස්සා දොර ප්‍රජාතන්ත්‍ර විරෝධීය.  එය වසා දැමිය යුතුය.

පස්සා දොරවල් හදමින් ජනතාවට හොරෙන් නීති සම්මත කිරීමට නොව දැන් අපට අවශ්‍ය වන්නේ නීති සම්මත කිරීමෙන් පසුව ද විමර්ශනය කිරීමේ අවස්ථාවයි.

පසුපසට යාම නොව දැන් අප කළ යුතු වන්නේ 19 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් ප්‍රගතිශීලී වෙනස්කම් වලින් ඉදිරියට ගමන් කිරීමයි.

Prof Rohan samarajeewa

 

මහාචාර්ය රොහාන් සමරජීව

rohan@lirneasia.net

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...