The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. - උදයසිරි වික්‍රමරත්න

T

The Leader Desk

March 10, 2021 • 6:28 PM

සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. - උදයසිරි වික්‍රමරත්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහයා තවමත් ජීවතුන් අතර ය.එහෙත් ඕස්ට්‍රේලියාවේ ය.උපාලි ගිනිවැල්ල මඩොල්දූවේ නැත. සබඳ මම රස්පුටින් කිවූ සොමීඉන්නේ රුසියාවේ නොව ඇමරිකාවේය.
  •   ජීවත් ව සිටින අතර කරළියට සමුදෙන්නට සිදුව ඇති අය ගැන ය.    දුක්වීම පහසු ය.
  • ඇත්තටම සිතට ද සැපතකි.    එහෙත් අතිශයින් ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියෝ රැසක් ජීවත්ව සිටිය දී ම වේදිකාවට සමු දී සිටිති.    වේදිකාවට පමණක් නොව මව්බිමට ද සමු දී සිටිති.    ඒ ගැන ද දුක් විය යුතු ය.
  •   සබඳ මම රස්පුටින් කිවූ සොමී රත්නායක සිටින්නේ රුසියාවේ නොව ඇමරිකාවේය.    ලින්ටන් සේමගේ ද ඇමරිකාවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ජයලාල් අයියා සමුගෙන ගියේය. 
 
ඊට කළින් මනෝ අයියා සමුගෙන ගියේය. 
 
ඒ ගැන අපි බොහෝ දුක් වීමු. 
 
එහෙත් මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ.
 
ජීවත් ව සිටින අතර කරළියට සමුදෙන්නට සිදුව ඇති අය ගැන ය. 
 
දුක්වීම පහසු ය. ඇත්තටම සිතට ද සැපතකි. 
 
එහෙත් අතිශයින් ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියෝ රැසක් ජීවත්ව සිටිය දී ම වේදිකාවට සමු දී සිටිති. 
 
වේදිකාවට පමණක් නොව මව්බිමට ද සමු දී සිටිති. 
 
ඒ ගැන ද දුක් විය යුතු ය.
 
 එනම් අපේ දැවැන්තයන් දිවි රඟ මඩලින් සමුගන්නා අතර තවත් දැවැන්තයන්ට ජීවිකාව උදෙසා මව්බිම අතැර ජීවත්වන්නට සිදුව තිබීම පිළිබදවය.
 
මරණය නම් වැළැක්විය නොහැක. 
 
එහෙත් මේ තත්වය අවශ්‍ය නම් වැළැක්විය හැකිව තිබූ දෙයකි. තිබෙන දෙයකි.
  Jayasri Chandrajith. q
 
සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. 
 
මා මේ කියන්නේ ජය ශ්‍රී චන්ද්‍රජිත් ගැන ය. 
 
වේදිකාවේ සිංහයාගේ මරණය ගැන දුක් වූ අය පවා සිංහයාට ජීවය දුන් ජය ශ්‍රී මව්බිමෙන් සමුගෙන යාම ගැන දුක්වූයේ නැත. 
 
කලාව ගැන අප තුළ ඇති ආදරයේ හැටි එහෙමය.
 
සිංහයා ඕස්ට්‍රේලියාවේ සිටින අතර උපාලි ගිනිවැල්ල මඩොල්දූවේ නැත. 
 

Ajith Somi Lintonඅජිත් ජිනදාස - සොමී රත්නායක - ලින්ටන් සේමගේ

 
උපාලි ගිනිවැල්ලට මඩොල්දූව හිමි වූ නමුත් අජිත් ජිනදාසට හිමිවූයේ කැනඩාව ය. 
 
මායාදේවී, පුත්‍ර සමාගම, දිවැස් හෙලනු මැන, සිහින සාප්පුව ආදී නාට්‍යවල අජිත් ජිනදාසගේ රංගනයන් කිසිදා අමතක කළ නොහැක.
 
සබඳ මම රස්පුටින් කිවූ සොමී රත්නායක සිටින්නේ රුසියාවේ නොව ඇමරිකාවේය. 
 
ලින්ටන් සේමගේ ද ඇමරිකාවේය.
 
Sunethra Sarachchndraසුනේත්‍රා සරච්චන්ද්‍ර ලංකාවේ නාට්‍ය මෙන් ම ටෙලි නාට්‍ය වේදිකාවේ ද සිටි දක්ෂතම නිළියකි. 
 
පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවි වේදිකා නාට්‍යයේ ඇගේ පෙන්වූ රංගන පරාක්‍රමය මට කිසිදා අමතක නොවේ. 
 
ඇය දැන් සිටින්නේ ද ඇමරිකාවේ බව කියැවේ.
 
ජීවිතයෙන් සමුගැනීම නොවැළක්විය හැකි කරුණකි. 
 
එහෙත් ජීවත් ව සිටිය දී ම කලාවෙන් වේදිකාවෙන් රංගනයෙන් සමුගන්නට සිදුවීම ඊට වඩා ඛේදවාචකයක් විය හැකිය.
 
ඇත්තටම ඇතැම් අති දක්ෂ නළුනිළියන් විදේශගත වීසිටින අතර තවත් සමහර නළුනිළියන් අපේ රටේ සිටිය දී ම වේදිකාවට සමු දී සිටිති. 
 
මෙහිදී සිදුව ඇත්තේ ඇත්තෙන් ම ඔවුන්ගේ රංගන ප්‍රතිභාවෙන් හරිආකාරව ප්‍රයෝජන ගැනීමට හැකි මට්ටමේ නාට්‍ය හා ටෙලිනාට්‍ය බිහි නොවීම පිළිබද ප්‍රශ්නයකි.
 
රත්නා ලාලනී ජයකොඩි උදාහරණයකි. Rathna Lalani
 
මායාදේවී හා අන්දේරාලා නාට්‍යවල ඇගේ රංගනයන් අපේ නාට්‍ය කලාවේ සදානුස්මරණීය වේ. 
 
යශෝරාවට ටෙලිනාට්‍යය ද මතක් කළ යුතුය. 
 
ඒ සමග ම අමිත්ත වීරසිංහ ද මතකයට නැගේ. මේ මගින් හෙළිවන්නේ රට ගිය ද නොගිය ද දක්ෂ ශිල්පීන් වෙනුවෙන් වේදිකාවක් ලංකාවේ නැති බව ය.
 
අපේ ආදරණීය කලාශිල්පීන් ජීවිතයෙන් සමුගත් පසු දුක්වීම පහසු ය. 
 
එහෙත් ඔවුන් ජීවත් ව සිටිය දී ඔවුනගේ ප්‍රතිභාවන් අපේ කලා ක්ෂේත්‍රය ආලෝකමත් කිරීම උදෙසා යොදාගැනීම ඊට වඩා අපහසුය.
 
 අප සැම විටම වඩා පහසු දේ තෝරාගනිමු.
 
දුක්වීමට අපි කැමැත්තෙමු. 
 
ඒ සඳහා මාවත විවර තිබේ. 
 
 
(උදයසිරි වික්‍රමරත්න - gammiris.lk )
 

 

 


 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...