The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපතිගේ ටීෂර්ටයේ ලොවි කහට - විමලනාත්ගේ පුංචි පුංචි සටහන්

T

The Leader Desk

March 13, 2021 • 2:54 PM

ජනපතිගේ ටීෂර්ටයේ ලොවි කහට - විමලනාත්ගේ පුංචි පුංචි සටහන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති ගෝඨාභය ටී ෂර්ට් ඇඳීමට විශේෂ කැමැත්තක් දක්වන බව පෙනෙයි.
  •    ලංකාවේ ග්‍රාමසේවා වසම් දස දහසකට වඩා ප්‍රමාණයක පිළිසඳරට යාමට තිබෙන නිසා ජනපති ඩෙනිමට බැසීම උචිතය.    ඒවා මාසයකට විතර සැරයක් සෝදන කලිසම් වීමද විශේෂ වාසියක් වනු ඇත.
  •   ඇඳුමෙනුත් ජනතාවට සමීප නායකයකු විය හැකිය.    ඞී.එස්.ලා, ඩඞ්ලිලා, සර් ජෝන්ලා ටයිකෝට් ඇන්දාම ජනතාවට ටිකක් දුර වැඩි විය.    බණ්ඩාරනායක ජාතික ඇඳුම කපටි සූට් එකක් බවට හරවා ගත්තේය.
  • සෑම ගමකටම දුව දුවා එකම ආකාරයේ ප්‍රශ්න විසඳීමට කාලය මරන ස්වභාවය මගින් ඔහු ආචීර්ණ කල්පිකයකු බවට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 ඔහුගේ ගම සමග පිළිසඳරට ගැළපෙනම ඇඳුම ටී ෂර්ටය යැයි කිව හැකිය. 
 
ටී ෂර්ටයට ඩෙනිම් කලිසමකුත් ආදේශ කිරීම ගැන ඔහුට දැන් සිතා බැලිය හැකිය.
 
 ලංකාවේ ග්‍රාමසේවා වසම් දස දහසකට වඩා ප්‍රමාණයක පිළිසඳරට යාමට තිබෙන නිසා ජනපති ඩෙනිමට බැසීම උචිතය. 
 
ඒවා මාසයකට විතර සැරයක් සෝදන කලිසම් වීමද විශේෂ වාසියක් වනු ඇත.
 
ඇඳුමෙනුත් ජනතාවට සමීප නායකයකු විය හැකිය. 
 
ඞී.එස්.ලා, ඩඞ්ලිලා, සර් ජෝන්ලා ටයිකෝට් ඇන්දාම ජනතාවට ටිකක් දුර වැඩි විය. 
 
බණ්ඩාරනායක ජාතික ඇඳුම කපටි සූට් එකක් බවට හරවා ගත්තේය. ඒක සෑහෙන දුර ගියේය. 
 
ජේ.ආර්. ටයිකෝට් වලින් ජාතික ඇඳුමට බැස්සාට ඔහු සාමාන්‍ය ජනයාට දුර ප්‍රතාපවත් පුද්ගලයෙකු ලෙස පෙනුණි. 
 
චන්ද්‍රිකාට කිට්ටුවීමටත් සාමාන්‍ය ජනයාට ලෙහෙසි වූයේ නැත. 
 
මහින්ද රාජපක්ෂ නම් සාටකයක් දමාගෙන පැමිණ ගම්වැසියන්ගේ බුරියට හා ඊට හරියටම වියතක් පහළ ප්‍රදේශයට පවා ඇඟිල්ලෙන් ඇන ජනයාට පුදුම විදියට සමීප විය. 
 
ළමයි වඩා ගැනීමෙන් ඔහු තවත් ජනප්‍රිය වූයේය.
 
 මෛත්‍රීත් වරක් උතුරේ නිවසක කුස්සියට පැන රොටි කන මට්ටමේ මිත්‍රශීලීත්වයක් පෑවත්, සමහර වැඩ නිසා ගුටි කන මට්ටමට පිරිහුණේය. 
 
ජනපති ගෝඨාභයගේත්, මිත්‍රශීලීත්වයේ අඩුවක් නැත. 
 
එහෙත් ඔහු කාගේවත් කරේ අත දමා ගැනීමට නොයන නායකයෙකි. 
 
 
රෝස පැහැති හා දම් පැහැති මනරම් ටීෂර්ට්වලින් සැරසී ගමට යනවිට ඔහු ජනයාට දුරස්ත නැත. එහෙත් ඔහු ඇඳුමෙන් මොඩර්න් වුවත්, ක්‍රියාවෙන් නම් ගල් අච්චුවේය. සෑම ගමකටම දුව දුවා එකම ආකාරයේ ප්‍රශ්න විසඳීමට කාලය මරන ස්වභාවය මගින් ඔහු ආචීර්ණ කල්පිකයකු බවට පත්ව ඇත.
 
ගම්මානවලත් ඉඳහිට සංචාරයේ යෙදී නූතන දැනුමින්, පොදු වැඩසටහන්වලින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන ක්‍රමයකට ඔහු යන්නේ නැති නිසා එවැනි විවේචනයක් කිරීමට සිදුවෙයි. 
 
ළමයෙක් හෝ විදුහල්පතිවරයෙක් පාසලට ගුරුවරයෙක් ඉල්ලූ ගමන් දෙන්නම් කියන ජනපති දුෂ්කර සෑම පළාතකම තත්ත්වය එයම බව සිතා එම පොදු ප්‍රශ්නයට පොදු පිළිතුරක් නොසෙවීම මගින් ඔහු සිය ලස්සණ ටී ෂර්ටයේ ලොවි කහට තවරා ගනී. 
 
 
ලොවි කහට හා පුහුලන් කහට තවරා නොගෙන ඔහු ඔහුගේ ටී ෂර්ට් විලාසිතාවට නව්‍ය හා සංදර්භීය අරුතක් දිය යුතුව ඇත.
 
බයියන් වීමෙන් ගැලවෙන දවස:
 
චමබජයස 1 
 
වල්සපුගල වන අලි රක්ෂිතය ගැසට් නොකිරීම හා වන අලි ප්‍රශ්නයට විසඳුමක් නොදීමට විරෝධය පෑමක් වශයෙන් අම්බලන්තොට නගරයේදී පැවති දැවැන්ත උද්ඝෝෂණයකින් අනතුරුව ගොවියෙකු ආණ්ඩුවට කීවේ අපි බයියො නෙමෙයි ගොයියො කියාය. 
 
එය උද්ඝෝෂණයකදී කෑගසා කිව යුත්තක් නොවේ. ක්‍රියාවෙන් පෙන්විය යුත්තකි. 
 
රාජපක්ෂලාට ඡන්දය දීමෙන් යමෙකු බයියකු වන්නේද නැත. 
 
ප්‍රේමදාසට ඡන්දය දුන්නේ ටොයියන්ද? 
 
ලංකාවේ තිබෙන්නේ දෙතුන් ගොල්ලන්ටම ඡන්දය දෙන අය බයියන් බවට පත් කරන ක්‍රමයකි. 
 
සැබැවින්ම ජනයා බයියන් බවට වෙස් ගැන්වූයේද ඒ දෙතුන්ගොල්ලෝය. 
 
ගොවීන්, කම්කරුවන් මෙන්ම වැඩ කරන සියලූ ක්ෂේත්‍රවල ජනයාගේ වගකීම නම් රාජපක්ෂලා, ප්‍රේමදාසලා දිනවීම නොවිය යුතුය.
 
ප්‍රගතිශීලී මහජන ව්‍යාපාරයක් ලංකාවේ නැත. 
 
එවැන්නක් සෑදීමේ වගකීම ඇත්තේද රටේ වර්තමාන දැනුවත් ප්‍රජාවටය. 
 
ගොයියන් බයියන් බවට පත් නොවී එක්විය යුත්තේ එම සිතුවිල්ලට පණදීමටය. 
 
එම සිතුවිල්ලට අදාළ ක්‍රියාව ඇත්තේ දුරින් විය හැකිය. එහෙත් සිතුවිල්ල තිබේ නම් ක්‍රියාවට පණදීම කළ හැකිය.
 
ඉහත කී ගොවි මහතා උපවාසයට සහභාගි වන තැනට රාජපක්ෂ කෙනකු ආවොත් ගොයියා බයියා වනු දැක්ම අපේ ඇසේ දෝෂයක් නොවේ. 
 
එය සැලකිය යුතු කාලයක් තිස්සේ සිදුවන්නකි. 
 
බ්‍රිතාන්‍ය අගමැති පත්තරයක් බල බලා මගී දුම්රියක යයි. මගීහු ඔහුට ඔහුගේ පාඩුවේ යාමට ඉඩදී තම ගමන් යති. 
 
කැනඩා අගමැති පාපැදියකින් පාරේ යයි. පුරවැසියෝ ඔහුට පාඩුවේ යාමට හරිති. 
 
ලංකාවේ ඉන්නේ මෙරට අගමැති හෝ ජනපති පාරේ එසේ ගියහොත් උන්දැලාගේ ලංකට් පවා සිහිවටන ලෙස ගලවා ගැනීමට මාන බලන ජනතාවකි. 
 
ගැහැනු රංචුවක් කිචි බිචි ගගා සිටින තැනකට අගමැති ගියහොත් ඔවුහු අගමැති ටෙඩිබෙයා කෙනෙක් බවට පත් කරනු ඇත. මේ මානසිකත්වයෙන් ලංකාව මිදෙන්නේ කෙදිනකද? ඔවුන් බයියන් වීමෙන් ගැලවෙන්නේ එදිනය.
 
සෙල්ෆියේ වග:
 

Ranjan harshana

 
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය හර්ෂණ රාජකරුණා රන්ජන් සමග සෙල්ෆියක් ගැසුවේය. 
 
හර්ෂණ අයිතිවන්නේ හැම කෙහෙම්මලක් සමගම සෙල්ෆි ගසා ෆේස්බුක් දමා නටන පරපුරට විය හැකිය. 
 
සිරගෙදර මීට වඩා අති මහත් විනය විරෝධී වැඩ සිදුවෙයි.
 
 සිරගත ඉහළ මට්ටමේ ගණන්කාරයෙකු සිය උපන් දිනයදා ලොකු සාදයක් පැවැත්වූ බවට ඡුායාරූප ළඟදී පළවිය. 
 
එහෙත් හර්ෂණ මහජන නියෝජිතයෙකු ලෙස කළ යුත්තේ ඔහුත් හෑල්ලූ වී එහි රාජකාරියෙහි නිරතව සිටි බන්ධනාගාර නිලධාරියාත් අමාරුවේ වැටෙන වැඩ නොවේ. 
 
රන්ජන්ගේ නිදහස වෙනුවෙන් අඩුම තරමින් සජිත් ප්‍රේමදාස තරම්වත් හඬක් නැගීමය. 
 
රන්ජන් සිරගත වූයේ දරුණු අපරාධයක් සිදුකර නොවේ. 
 
ඔහු කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසවීමක් සිදුවී යැයි ඔප්පු කිරීම නිසාය. 
 
ඒ අතින් බලන විට පට්ට අපරාධකාරයෝ එළියේ සිටිති. 
 
මිනීමරුවෝ නිදහස් වෙති. 
 
ආණ්ඩුව තමන්ට අවශ්‍ය අය නිදොස් කොට නිදහස් කර ගනියි. 
 
හර්ෂණ එරෙහි වියයුත්තේ එම අපුල සහ ගඳගහන ක්‍රමයටය. 
 
ඔහුට රන්ජන් සමග විනෝද චාරිකාවක් ගිය දවසක හෝ අඩියක් ගැසූ දවසක ඕනෑ නම් සෙල්ෆියක් ගත හැකිය. 
 
මේ ඊට උචිත වෙලාව නොවේ. 
 
රන්ජනුත් පරිප්පු සීයක් කාලා සිටියත් විනෝදයට බර පුද්ගලයකු වන නිසා සෙල්ෆියක් ගහමු මල්ලි කිව්වා විය හැකිය. 
 
එහෙත් මේවා බොළඳ වැඩය.
 
පුද්ගලයකුගේ හැසිරීමෙන් ඔවුහු නියෝජනය කරන දේශපාලනයේ ගැඹුර විද්‍යමාන වෙයි. විපක්ෂයේ නොගැඹුර විද්‍යමාන වීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හොඳය. එහෙත් ජනතාවගේ පැත්තෙන් ඕනෑ, විපක්ෂයේ ගැඹුර විද්‍යමාන කිරීම බව හර්ෂණට කිව යුතුය.
 
( විමලනාත් වීරරත්න - ravaya.lk)

 

 

 


 

 

 
 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිගේ ටීෂර්ටයේ ලොවි කහට - විමලනාත්ගේ පුංචි පුංචි සටහන් | The Leader