The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොල්තෙල් - පාම් ඔයිල් නිර්මාණය කරන ලද අර්බුදයක්?

T

The Leader Desk

April 29, 2021 • 3:32 PM

පොල්තෙල් - පාම් ඔයිල් නිර්මාණය කරන ලද අර්බුදයක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොල්තෙල් සහ පාම්තෙල් ආනයනය සම්බන්ධව දැනට ඇති වී තිබෙන ව්‍යාකූල තත්වය පිළිබඳ ගිය සතියේ වෙළඳ අමාත්‍
  •   බොහෝ පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නේ දැනට රජය සහ රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන දැඩි නීතිරීති සහ ආනයනයන් අධෛර්යමත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිපත්තිය යටතේ ඉදිරියේදී ශ්‍රී ලාංකික වෙළඳපළේ දැඩි තෙල් හිඟයක් ඇති විය හැකි බවයි.
  •     # අප මුලින් සඳහන් කළ ණයවර ලිපිය දේශීය බැංකුව මඟින් තහවුරු කළ යුතුයි.
  • ඒ සඳහා 1.25% - 2% දක්වා ණයවර ලිපියේ අගයට සේවා ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ය බන්දුල ගුණවර්ධන, වැවිළි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කර්මාන්තයට සම්බන්ධ කොටස් කරුවන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
 
බොහෝ පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නේ දැනට රජය සහ රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන දැඩි නීතිරීති සහ ආනයනයන් අධෛර්යමත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිපත්තිය යටතේ ඉදිරියේදී ශ්‍රී ලාංකික වෙළඳපළේ දැඩි තෙල් හිඟයක් ඇති විය හැකි බවයි.
 
එක් එක් පාර්ශවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය විවිධාකාරය.
 
 
මෙහිදී මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද තෙල් ටොන් 1450 ක් තිබූ නෞකාවක් නිශ්කාෂණය කර ගැනීම සඳහා දින නවයක් ගත වූ බවත් (සාමාන්‍යයෙන් දින හතරක් තුළ අදාළ තෙල් තොග වරායෙන් නිදහස් කර ගත හැකිය) ඒ සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු කොපමණද යන්න මේ වන තුරුත් තක්සේරු කර නොමැති බවත් ඔවුන් පෙන්වා දුණි.
 
තවද (AFLATOXIN) ඇෆ්ලා ටොක්සින් සම්බන්ධයෙන් සමහර ජාතික සහ දේශීය යයි කියා ගන්නා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින්  දියත් කරන ලද ප්‍රචාරක ව්‍යාපාරය නිසා මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා පරිමාණයේ ආනයනිකයන් පස්දෙනෙකු පමණ පොල් තෙල් ආනයනයෙන් ඉවත් වී ඇත.
   
මෙම අවිනිෂ්චිත සහ ප්‍රතිපත්තියක් නොමැති ආනයන අපනයන වෙළඳාම නිසා ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය යන රටවල පොල්තෙල් නිෂ්පාදිතයන් ලංකාවට තෙල් අපනයනය කිරීමට මහත් මැලි කමක් දක්වයි.
 
මෙම සමස්ථ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ විශේෂඥයෙකු කියා සිටියේ,
 
 
# "ශ්‍රී ලංකාවට තෙල් වර්ග ආනයනය කිරීම දැන් විස්තීර්ණ ක්‍රියාවලියක්"
 
 
# පොල්තෙල් ආනයනයේදී ශ්‍රී ලංකාව දැන් අපනයනයකරුවන්ට දින 90 ණයවර ලිපි ලබා දෙන්නේ..
 
 
# "එවිට අපනයනකරුට සමස්ථයක් ලෙස දින 105 ක් විතර ණයටයි  තෙල් අපනයනය කරන්න වෙන්නේ ‘’ 
 
 
#"ණයවර ලිපි නොමැතිව කිසිම අපනයනකරුවෙකු තෙල් අපනයනය කරන්නේ නැහැ"
 
 
# බැරෑරුම්ම කාරණය තමයි අග්නි දිග ආසියාවේ බොහෝ බැංකු ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිගන්නේ නැහැ.-"
 
 
# ඒ එම ණයවර ලිපි විවෘත වෙළඳපලේ වට්ටම් කිරීමට ගිය විට 2.5% , 3% දක්වා පොළියක් අය කරනවා.
 
 
# අප මුලින් සඳහන් කළ ණයවර ලිපිය දේශීය බැංකුව මඟින් තහවුරු කළ යුතුයි. -(Confirmed Letter of credit )  
 
 
# ශ්‍රී ලාංකික බැංකුවල තහවුරුව විදේශීය බැංකු ලිපි ගන්නේ නැහැ. - එවිට ශ්‍රී ලංකාවේ තිබෙන විදේශ බැංකු ශාඛාවක් හරහා සිංගප්පූරුවේ , ලන්ඩන්, හෝ යුරෝපීය බැංකුවක් මඟින් තහවුරු කළ යුතු වෙනවා. ඒ සඳහා 1.25% - 2% දක්වා ණයවර ලිපියේ අගයට සේවා ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා.
 
 
# ඊළඟට තම තෙල් තොගය කොතරම් තහවුරු කළත් පර්යේෂණාගාරයක් තුළ පරික්ෂා කළත් ලංකාවට ඇවිත් ප්‍රමිති කාර්යාංශයේ සහ වරාය ආහාර ඒකකය මඟින් පරීක්ෂා කර වාර්තා දෙන තෙක් ආනයනිකයන් සිටින්නේ විශාල ආතතියකිනුයි. 
 
 
# තොග නැව්වල ආවත්, බහාලුම්වල ආවත්  පරීක්ෂණ අවසන් වනතුරු තොග නිදහස් කරන්නේ නැහැ. බහාලුම් නම් වරායේ තියන්න පුළුවන්. එහෙත් තොග ටැංකි ඇති නැවක් එහෙම තියාගන්න බැහැ. මේවා කාලසටහනකට අනුව ලෝකය පුරා යන නැව්. 
 
ඒකයි පොල්තෙල් ආනයනය අඩුවෙමින් තියෙන්නේ. ''
 
oil
 
මේ සම්බන්ධව කෑම සඳහා ගන්නා තෙල් නිෂ්පාදන (Edible Oil) සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු තවදුරටත් කියා සිටියේ, 
 
 
# ශ්‍රී ලංකාව වාර්ෂිකව Palm Olein  කියන තෙල් වර්ගය ලක්ෂ 220,000 විතර ආනයනය කරපු රටක්. දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ පොල්තෙල් ආනයනයට මුල්තැන දීම.
 
 
# ඔය තියෙන ඉල්ලුමට ලෝකේ කොහෙවත් පොල්තෙල් නැහැ.
 
පොල්තෙල් විශේෂයෙන්ම අපනයනය කරන්නේ යුරෝපයට !!!
 
 
# ඉදිරි මාසවල විශාල ලෙස පොල්තෙල් හිඟයක් ඇති වේවි. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිළ සීග්‍රයෙන් ඉහල යනවා.
 
 
# මාර්තු මාසයේ පිරිපහදු නොකරන ලද පොල්තෙල් ටොන් එකක මිල  $-1485
 
අප්‍රේල්   - $1680
 
මැයි   - $ 1800 
 
ජූනි මාසයේදී  $1900 ට මිළ ඉහල යාම ඉඩ තිබෙනවා . මේ ඔක්කොම මේ රටින් පිටතට යන විදේශ විනිමය . 
 
එසේ නම් මෙම හිඟය සහ මිළ ඉහල යාම වලක්වා ගත හැක්කේ කෙසේද? "හරි සරලයි - ලංකාවේ පොල්තෙල් සහ පාම් තෙල් පිරිපහදු 8 ක් පමණ ක්‍රියාත්මක වෙනවා.
 
මෙම සමාගම් හරහා පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය දිරි ගන්වන අතරම හිඟය පියවීම සඳහා කාටත් සාධාරණ ලෙස පොල්තෙල් ආනයන කරන ප්‍රමාණයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් පිරිපහදු නොකරන ලද පාම් ඔලින් (CRUDE - PALM OLEIN) ආනයනය කරන බලපත්‍ර ලබා දෙන්න ඕනෑ .
 
අවසානයට ඔහු සඳහන් කළේ මේවා දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට තේරෙන්නේ නැහැ කියලයි.
 
 
 

 

 


 

THE LEADER TV 
 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 

 
සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...