The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාර්ථක කතාවක් කරන්නේ කෙසේද? - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

June 28, 2021 • 5:21 AM

සාර්ථක කතාවක් කරන්නේ කෙසේද?  - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ සහ අද සෝෂල් මීඩියා කතා වුණේ යම් කතාවක් ගැන නිසා මම පොඩ්ඩක් යූ ටියුබ් එක සර්ච් කළා. එතැනදී මට හම්බ වුනා බැරක් ඔබාමා
  • ඒ 2004 දී.    ඒ කතාව ඔස්සේ තමයි ඔබාමා කියන්නේ කවුද කියන එක ඇමෙරිකානු ජනතාව දැන ගන්නවා කියල විශ්වාස කරන්නේ.
  •   අර මාක්ස් ඔරේලියස් කියනවා වගේ පළමු මුලධර්මය වෙන්න ඕනි සරල බව.    The Silence of the Lambs එකේ ඩොක්ටර් ලෙක්ටර් ක්ලැරිස් ට කියනවා 'පළමු දේ ක්ලැරිස් සරළ බව' කියල.
  • එච්චරයි...අනික් ලොකු කරුණු ඔය විශේෂඥ කට්ටිය එක්ක කළාම ඇති.      ඉහත කතාවේදි ඔබාමා අනුගමනය කරපු දේවල් ටික මෙච්චරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇමෙරිකා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයේ (DNC) කරපු කතාව. ඒ 2004 දී. 
 
ඒ කතාව ඔස්සේ තමයි ඔබාමා කියන්නේ කවුද කියන එක ඇමෙරිකානු ජනතාව දැන ගන්නවා කියල විශ්වාස කරන්නේ. ඔබාමා කියන්නේ ලෝකයේ සමකාලින ජනාධිපතිවරුන් අතර හොඳම හොඳ සන්නිවේදකයෙක්. 
 
විශේෂයෙන් විශාල ජන රාශී අළලා ඔහුට කරන්න පුළුවන් සන්නිවේදනය ඉතාම ප්‍රශස්ත මට්ටමේ තියනවා කියල විචාරකයෝ විශ්වාස කරනවා. 
 
 
යුවල් නෝහා හරාරි කියනවා කතාවක් මිනිස්සුන්ට දැනෙන්න නම් එය කතාන්දරයක ආකෘතිය ගන්න ඕනි කියල (story telling). අපි ආසයි කතා අහන්න. ඒ වගේම කරුණුමය දෙයක් වුනත් කතාවක ආකෘතියෙන් මතක තියා ගන්න. 
 
 
ඉතිං එදා ඔබාමා අනුගමනය කරන්නේ ඉතාම සරල උපක්‍රම කිහිපයක්. රොකට් සයන්ස් නෙවෙයි.
 
අර මාක්ස් ඔරේලියස් කියනවා වගේ පළමු මුලධර්මය වෙන්න ඕනි සරල බව. 
 
The Silence of the Lambs එකේ ඩොක්ටර් ලෙක්ටර් ක්ලැරිස් ට කියනවා 'පළමු දේ ක්ලැරිස් සරළ බව' කියල.
 
 බෆලෝ බිල් වගේ ඕනෑම ලොකු අපරාධ කරුවෙක් ළඟ වුනත් තියෙන්නේ සරල ආශාවක්. අපරාධකරුවා කුළු ගන්වන ඒ පුංචිම පුංචි දේ හොයාගන්න කියල. එතැනින් සියල්ල එළිදරව් කරගන්න පුළුවන් කියල. (First principle, Clarice, is simplicity).
 
 
මිනිස්සුන්ට ඕනි උණේ පොඩි එහෙත් වැදගත්ම වැදගත් පණිවිඩ කිහිපයක් විතරයි. අපිට එන්නත දෙන්නේ කවද්ද? පොහොර ටික දෙන්නේ කවද්ද? බඩු මිළට වෙන්නේ මොකක්ද? ළමයින් ගේ අධ්‍යාපනයට වෙන්නේ මොකක්ද? අවසාන වශයෙන් මේ කොරෝනා මඟුලෙන් ගොඩ එන්නේ කවද්ද? එච්චරයි...අනික් ලොකු කරුණු ඔය විශේෂඥ කට්ටිය එක්ක කළාම ඇති. 
 
 
ඉහත කතාවේදි ඔබාමා අනුගමනය කරපු දේවල් ටික මෙච්චරයි. එයා මුලින් ම කිව්වේ තමන් කවුද කියන එක. අම්ම තාත්තා කොහෙද..ඔවුන් ඇමෙරිකාවට එන්නේ ඇයි...ඇමෙරිකාවේදී ඔවුන් කළේ මොකක්ද...වගේ දේවල් ටිකක්. 
 
'මගේ පියා එළුවෝ බලාගත්ත එඬේරෙක් උනාට එයාට ලොකු සිහිනයක් තිබ්බ ඉගෙන ගන්න. එයා ඇමෙරිකාවට එන්නේ ඒ සිහිනය එක්ක. අධ්‍යාපනය කියන්නේ ඇමෙරිකානු සිහිනයේ කොටසක්. ඒ සිහිනය ඔස්සේ අපි හැමෝම ගමන් කළා. ඒ ඔස්සේ අපේ ජිවිතයේ කොටසක් බවට ඇමෙරිකාව පත්වුණා' කියල. 
 
'ඒ නිසා මම ඇමෙරිකානුවෙක්' කියල. 
 
 
ඒ කියන්නේ යමෙක් ඇමෙරිකානු වෙන්නේ හමේ පාට එක්ක නෙවෙයි සිහිනයේ වර්ණය එක්ක කියල. එතකොට ඒ සිහිනය එක්ක තවත් සිහින දකින්නන් අනන්‍ය වෙන්න ගත්තා. ඒ පළමු පියවර.  අපි ඔක්කොම අනවරත සිහින දකින්නන් කියන එක අසන්නෙකුට මාර පන්ච් එකක්. ඇමෙරිකාවට නෙවෙයි තණමල්විලටත් - විලාකටුපොතටත් ඒ සිහිනය අදාලයි. එතැනදී එයා ගෝලීයයි. 
 
 
දෙවැනි දේ වෙන්නේ ඒ සිහින දකින අප නොවෙන්නේ මොකක්ද කියන එක (What we are not). ඒ කියන්නේ නිශේදනය (negation). ඒ සිහින දකින අප කල්ලන් නෙවෙයි. ආසියානුවන් නෙවෙයි. ලතින් ඇමෙරිකානුවන් නෙවෙයි. අපි ඔක්කොම අමෙරිකානුවන්. 
 
ඒ කියන්නේ අර නිශේදනය ඔහු සම්බන්ද කරනවා ඇමෙරිකා නම් මහා පොදු සාධකයට. අප උතුරේ නෙවෙයි. දකුණේ නෙවෙයි. බටහිර නෙවෙයි. නැගෙනහිර නෙවෙයි. කළු නෙවෙයි. සුදු නෙවෙයි. තලඑළලු නෙවෙයි. අපි ඇමෙරිකානුවන් යනුවෙන් ඔහු සියළු වෙනස්කම් එක මිටකට ගන්නවා.
 
අරන් කියනවා අප එක්සත් ඇමෙරිකාවක් කියල. එකම සිහිනයක් බෙදා ගන්නා භූමියක් කියල ඒ භුමිය නැවත නම් කරනවා. නව අඛ්‍යානයක් යටතට එම විභේදනයන් අරන් එනවා. 
 
සමලිංගිකයින්, ලෙස්බියන්, සංක්‍රාන්ති ලිංගිකයින් මේ හැමෝම ආවරණය කරන ඔබාමා කියන්නේ මේ හැමෝගෙම බලාපොරොත්තුව ඇමෙරිකානු පුද්ගලභාවයේ බලාපොරොත්තු කියල. මම කරන්නේ බලාපොරොත්තුවේ දේශපාලනයක් කියල (politics of hope). පුද්ගලභාවය වැදගත් කියල හිතන ඉතිහාසයක් තියන රටකට ඔහු ආමන්ත්‍රණය කරන්නේ ඒ සංකල්පීය සාක්ෂරතාව පාවිච්චි කරල. 
 
 
ඒ රටට පැමිණෙන සංක්‍රමණික ජනතාව (migrants) පවා ඔහු ඒ බලාපොරොත්තුවේ කුලකය ඇතුළට ගන්නවා. 
ඔබාමා හැම තරුණ තරුණියක්ගේම බලාපොරොත්තුව ඇමෙරිකානු සිහිනය එක්ක සම්බන්ද කරනවා. 
 
බලාපොරොත්තුවේ අනුහස සහ බලාපොරොත්තුවේ නිර්භීත බව ඔවුන් තුළ කුළු ගන්වනවා. ලෝක ගෝලයේ අනික් පැත්තේ ඉඳන් ආපු එඬේර තාත්ත කෙනෙකුගේ පුතෙක් වෙච්ච තමන් ඇමෙරිකාවේ ඉහළම හිණිපෙත්තට පය තියපු හැටි ඔහු අනුස්මරණය කරන්නේ 'ඒ සිහිනය කරා ලංවෙන්න මේ ලෝකයේ තියන එකම භූමිය ඇමෙරිකාව' කියන අලංකාරෝක්තියෙන්. 
 
ඒක වෙනම ම ජාතිකත්වයක් (healthy nationalism) හැටියට මම දකින්න ආසයි. 
 
 
ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉෂ්ඨ කරලා දෙන්න මේ භුමිය සමත් වෙච්ච මොහොතක අපිට යහපත් හෙටක් උදාවෙයි කියල ඔහු කතාව අවසන් කරනවා. ඒකත් බලාපොරොත්තුවක්. 
 
 
කතාව අවසන් වෙද්දී හැමෝම අසුන් වලින් නැගිටලා. 
 
ඇමෙරිකානු දේශපාලනය බීල හිටපු දේශපාලන විශ්ලේෂකයෝ එදා දැනගත්ත ඔබාමා ඊළඟ ජනපති වෙනවා කියල. ඔහු ඒ විනාඩි පහළොව ඇතුලේ ඇමෙරිකානු ආත්මය විනිවිද්දා කියන්න ඕනෑම පොඩි එකෙක් උනත් දැනගෙන හිටියා. 
 
මොකද එයා පොඩි එකා දක්වා ම එයාගේ පණිවිඩය අරන් ගියා. ඉතිං ලේඩි ගගාල ගෙන්, බෘස් ස්ප්‍රින්ස්ටීන්ල ගෙන් එයාට හාට් රිඇක්ෂන් වැටෙන එක, ඇමෙරිකාවේ ජනප්‍රියම ජනාධිපතිවරයා වෙන එක අහන්න දෙයක් නෙවෙයි. 
 
අපි කතා කරන්න ඕනි හාට් රිඇක්ෂන් ගන්න නෙවෙයි. හැබැයි මිනිස්සුන්ගේ ආත්මය ඇතුළට යන්න පුළුවන් කෙනෙකුට ඒවා එන එක වළක්වන්න පුළුවන් දෙකුක් නෙවෙයි.
 
දේශපාලනය ඇතුලේ තියනවා ලොකු ජනප්‍රිය අන්තර්ගතයක් (popular content). ඒක නැතුව දේශපාලනය කරන්න නම් රටේ ලොකු දේශපාලනික සාක්ෂර බවක් තියන්න ඕනි. ඒක වෙනම කතාවක්.  
 
ඔබාමා විසින් 2004 වර්ෂයේ පැවැත්වූ කතාව 
 
 
 
 
 
Mahesh Hapugodaමහේෂ් හපුගොඩ 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
 
##########
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...