The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චන්දය තියන්නේ කවද් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 22, 2023 • 9:38 AM

චන්දය තියන්නේ කවද් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඩොලර් ප්‍රශ්නේ ටිකක් එහෙ මෙහ වෙලා, බඩු ගණන් පොඩ්ඩක් අඩුවෙලා, ආයෙත් පිටරට බඩු ඇවිල්ල, ආයෙත් වාහන ඇවිල්ල, ගුවන් ටිකට්පත් අඩුවෙලා, සංචාරකයෝ ඇවිල්ල, ආයෙත් අපිට පරිභෝජන ජීවන එදිනෙදාවට යන්න පුළුවන්.
  • දැන් දහ පහළොස් පාරක් මේ වගේම ණය හම්බවෙලත් තියන එකේ, එහෙම හම්බවෙලත් බංකොලොත් වෙච්ච එකේ මේකෙන් විතරක් මේ රට තිරසාර වෙයි කියල හිතන්න බැහැ.
  • අපි හැම මොහොතේම දේශපාලනික විදියට හිතන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

 



දැන් ඩොලර් ප්‍රශ්නේ ටිකක් එහෙ මෙහ වෙලා, බඩු ගණන් පොඩ්ඩක් අඩුවෙලා, ආයෙත් පිටරට බඩු ඇවිල්ල, ආයෙත් වාහන ඇවිල්ල, ගුවන් ටිකට්පත් අඩුවෙලා, සංචාරකයෝ ඇවිල්ල, ආයෙත් අපිට පරිභෝජන ජීවන එදිනෙදාවට යන්න පුළුවන්. අවුරුදු හැත්තෑවක් අපි එහෙම විනෝදයක හිටිය. ආයෙත් එහෙම ඉන්න කවුද අකමැති. අත් උස්සන්න බලන්න.

පරණ විදියට (විශේෂයෙන් යහපාලන කාලේ වගේ) සාපේක්ෂව බඩුමුට්ටු මිලගණන් අඩුවෙලා, බදු අඩුවෙලා, ජීවන වියදම අඩුවෙලා, මැද පංතිය පොඩ්ඩක් පණගහල ආවොත් මේ කතාකරන රනිල් සහ ආණ්ඩු විරෝධේ අඩුවෙන්න පුළුවන්. මොකද දැන් කතා කරන්නෙත් මධ්‍යම පංතිය විතරයි.

 

දැන් මේ බිලියන තුනෙන් මහා ආශ්චර්යයක් මේ පොළොවේ සිද්දවෙයි කියල අපි කවුරුත් හිතන්නේ නැහැ. දැන් දහ පහළොස් පාරක් මේ වගේම ණය හම්බවෙලත් තියන එකේ, එහෙම හම්බවෙලත් බංකොලොත් වෙච්ච එකේ මේකෙන් විතරක් මේ රට තිරසාර වෙයි කියල හිතන්න බැහැ. ඒකත් අපි හැමෝම දන්නවා.

 ajsdhjhd

හැබැයි අපි මෙහෙම මුල්‍ය අරමුදලේ හරි, ලෝක බැංකුවේ හරි බේල්අවුට් වලින් ගොඩයන්නේ නැහැ කියල දන්නවා උනත් අපි ආසයි එහෙම දන්නේ නැහැ වගේ ඉන්න. හා නැද්ද? මොකද අපි අවුරුදු හැත්තෑවක් එහෙම ඉඳල තියනවා. කවුරු දන්නේ නැතත් අපේ දුර්වලම නිළය රනිල් දන්නවා.

 

අපි හැම මොහොතේම දේශපාලනික විදියට හිතන්නේ නැහැ. ආර්ථික විද්‍යානුකූලව හිතන්නෙත් නැහැ. විප්ලවීය විදියට හිතන්නෙත් නැහැ. අපි ආසයි අර කුසීත අතාර්කික පරිබෝජන ලෝකෙට යන්න. ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියල මේ මොහොතේ කාල බීල රමණය කරලා ඉන්න. ඒක මිනිස් ස්වභාවය.

හැමෝම හැමදාම ගෝල්ෆේස් එකේ තියාගන්න බැහැ. එච්චර කල්හරි මිනිස්සු ගෝල්ෆේස් ආවේ ඒකේ යම් විනෝද කේන්ද්‍රයක් තිබ්බ නිසා. ගෝල්ෆේස් ගිහිල්ල නෙලුම් කුළුනටත් යන්න පුළුවන් නිසා.

 

අපි දැන් රට බංකොලොත් උන හැටි ගැන දාර්ශනික ආර්ථික විද්‍යා කතා අහගෙන ඉන්නවා. හැබැයි කාලය ගත වෙන්න වෙන්න ඒ දාර්ශනික දේශපාලන කතා අමතක වෙලා අපේ විනෝද මිනිස් මොහොත පැමිණෙනවා.

 

එදාට චන්දෙ තියනවා....



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...