The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ටෙලිනාට්‍ය හොඳම රංගන ශිල්පීන් තෝරාගැනීමේ ක්‍රමය සාධාරණද?

T

The Leader Desk

March 22, 2023 • 5:25 PM

ටෙලිනාට්‍ය හොඳම රංගන ශිල්පීන් තෝරාගැනීමේ ක්‍රමය සාධාරණද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේවනවිට බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.
  • එම රංගන ශිල්ප ශිල්පීන් අතුරින් වෘත්තීය පෞර්ෂයෙන් පිරි කුසලතාවයන්ගෙන් පිරිපුන් රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීම සඳහා පාඨක හා ප්‍රේක්ෂක ඡන්දයෙන් පුළුල් ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් යටතේ සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන බැව් සඳහන් කර ඇත.
  • මෙම ඛේදජනක හා අශීලාචාර තත්වය ජනප්‍රිය හා හොඳම රංග ශිල්ප ශිල්පිනීන් නිවැරදිව හා අවංකව තෝරා ගැනීමට ප්‍රබල බාධාවක් වන අතර, එම වැඩපිළිවෙළ කුසලතාවයෙන් පිරි වෘත්තීය නිපුණතාවයක් ඇති රංගන ශිල්ප ශිල්පීන්ට සිදුවන බලවත් අසාධාරණයකි.
  • (දුමිලා විසින් ශිල්පිනියන් මේ සඳහා භාවිතා කර ඇති බව දැනගන්නට ලැබී ඇත).
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේවනවිට බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.



දේශීය ටෙලි සිනමාවේ ජනප්‍රිය හා කුසලතා පිරි හොඳම රංගන ශිල්ප ශිල්පිනීන් තෝරා ගැනීම සඳහා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා මගින් රයිගම්, සුමති හා සිරස යන ටෙලි සම්මාන උළෙලවල් විකාශය කරනු ලැබේ.



එම රංගන ශිල්ප ශිල්පීන් අතුරින් වෘත්තීය පෞර්ෂයෙන් පිරි කුසලතාවයන්ගෙන් පිරිපුන් රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීම සඳහා පාඨක හා ප්‍රේක්ෂක ඡන්දයෙන් පුළුල් ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් යටතේ සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන බැව් සඳහන් කර ඇත.



එහෙත් මෙබඳු අවස්ථාවල නිවැරදි සුදුස්සා තෝරා ගැනීම වෙනුවට වෙනත් ආකාරයකට පාඨක හා ප්‍රේක්ෂක ඡන්ද ලැබීමට සැලැස්වීමේ උපක්‍රමශීලී අගතිගාමී හා අවිධිමත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් යටතේ නුසුදුස්සන් තෝරා ගැනීමට ක්‍රියාත්මක වන බැව් නොරහසකි.



මෙම ඛේදජනක හා අශීලාචාර තත්වය ජනප්‍රිය හා හොඳම රංග ශිල්ප ශිල්පිනීන් නිවැරදිව හා අවංකව තෝරා ගැනීමට ප්‍රබල බාධාවක් වන අතර, එම වැඩපිළිවෙළ කුසලතාවයෙන් පිරි වෘත්තීය නිපුණතාවයක් ඇති රංගන ශිල්ප ශිල්පීන්ට සිදුවන බලවත් අසාධාරණයකි. (දුමිලා විසින් ශිල්පිනියන් මේ සඳහා භාවිතා කර ඇති බව දැනගන්නට ලැබී ඇත). එමගින් ටෙලි සිනමා ක්ෂේත්‍රයට සිදුවන අපකීර්තිය හා පරිහානිය අතිමහත්ය.

මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මෙබඳු අසාධාරණකම් හා විෂමතා තුළින් ජනප්‍රිය හා කුසලතා පිරි රංගන ශිල්ප ශිල්පීන් රැකබලා ගැනීම රූපවාහිනී නාලිකා වල පමණක් නොව ප්‍රේක්ෂක ජනතාවගේද මහත් වූ යුතුකමක් හා කාර්යභාරයක් වේ. 

(තුෂාර ගුරුගේ)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...