The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනවාදියෙකුට වුවද විප්ලවවාදියෙකු විය හැක - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 22, 2023 • 5:46 PM

ධනවාදියෙකුට වුවද විප්ලවවාදියෙකු විය හැක -  (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා වටා දකින්නට තිඛෙන දේවල් වලින් මට විනිශ්චය කළ හැකිවේ නම් විප්ලවකාරී පුද්ගලයකු වීමට මා නිර්භීත වීම ඉන් එකකි.
  • එය සුළු දුෂ්කරතාවකට පත් නොවී සිටීමේ සාධකයකි.'' - ජේම්ස් ඒ ගාෆීල්ඩ් විප්ලවකාරී බව ඇත්තේ වාමාංශික මතවාදයන් තුළ පමණක් නොවේ.
  • අන්තගාමී වන්නේ නම් එතැන ඇත්තේ ළදරු වලිප්පුවක් මිස අන් දෙයක් නොවේ.
  • සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ නිර්මාතෘ වී.අයි ලෙනින්ගේ සහෝදරයා වූ ඇලෙක්සැන්ඩර් ද අතිධාවනකාරී ලෙස අන්තවාදයේ මළපුඩුටුවට හසුව නික්ම ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මා වටා දකින්නට තිඛෙන දේවල් වලින් මට විනිශ්චය කළ හැකිවේ නම් විප්ලවකාරී පුද්ගලයකු වීමට මා නිර්භීත වීම ඉන් එකකි. අනික මෝඩයකු නොවී සිටීමය. එය සුළු දුෂ්කරතාවකට පත් නොවී සිටීමේ සාධකයකි.'' - ජේම්ස් ඒ ගාෆීල්ඩ්



විප්ලවකාරී බව ඇත්තේ වාමාංශික මතවාදයන් තුළ පමණක් නොවේ. ධනවාදියකුට වුවද විප්ලවවාදියකු විය හැකිය. විප්ලවාදියකු යනු පවතින යමක් වෙනස් කිරීමට යත්න දරන තැනැත්තාය. එබැවින් ලෝකයේ බිහිවූ සමාජවාදී නායකයින් අතර සිටියේද විප්ලවවාදින්ය. එමෙන්ම ලෝකය සිය දෘෂ්ටින් හරහා වෙනස් කිරීමට යත්න දැරූ ධනවාදී නායකයින් අතරද විප්ලවවාදීන් සිටියේය.

කෙසේ වුවද ''වාමාංශික අතිධාවනකාරිත්වය යනු ළදරු වලිප්පුවකි'' යනුවෙන් සුප්‍රකට මතයක් තිබේ. මා ඊට මෙකී ඌනපූරණයද එක්කරමි. ''ධනවාදී අතිධාවනකාරිත්වයද එක්තරා ළදරු වලිප්පුවකි.'' යනුවෙනි. ධනවාදය හෝ වේවා සමාජවාදය හෝ වේවා. අන්තගාමී වන්නේ නම් එතැන ඇත්තේ ළදරු වලිප්පුවක් මිස අන් දෙයක් නොවේ.

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ නිර්මාතෘ වී.අයි ලෙනින්ගේ සහෝදරයා වූ ඇලෙක්සැන්ඩර් ද අතිධාවනකාරී ලෙස අන්තවාදයේ මළපුඩුටුවට හසුව නික්ම ගියේය. ඒ ඔහු 'නරෝද්නික්වාදියකු' වූ බැවිනි.



ජනතා කැමැත්තෙන් තොරව හුදකලා අරගල තුළින් සිදුවන විනාශකාරී අත්දැකීම් වලට රැඩිකල් ව්‍යාපාර ගොදුරු වූ බව රහසක් නොවේ.



ශ්‍රී ලංකාව තුළද එකී ව්‍යසනකාරී අත්දැකීමකට බඳුන් වූ දේශපාලන ව්‍යාපාරයකි ජනතා විමුක්ති පෙරමුණ. 1971 කැරැල්ල ලෙසින් අප කවුරුත් දන්නා එය විප්ලවයක් නොවී කැරැල්ලක් බවට පත්වීම තුළ පළමුවතාවේදීම විනාශ වී ගියේය. 1971 කැරැල්ල බහුජන ව්‍යාපාරයක් නොවී හුදකලාවූ හුදෙක් තරුණ කැරැල්ලක් බවට පත්වීම නිසා එය ධනේශ්වර පංතියේ දැඩි මර්දනයට හසුව විනාශ විය. රැඩිකල් මතවාදී අදහස් දැඩි මර්දනයට හසුව විනාශ විය. රැඩිකල් මතවාදී අදහස් දැරූ තරුණ කැරැල්ලක් නිසාම බොහෝ තරුණ ජීවිත විනාශයට පත්විය.

එය එම ව්‍යාපාරයේම අයවළුන් හඳුන්වා දුන් පරිදි මර්දනය වුවත් බුද්ධිමත්ව එම මර්දනයට මුහුණ දුන්නේ නම් ඒසා විශාල විනාශයක් වන්නට ඉඩ තිබූ අවකාශය මගහරවා ගන්නට හැකිව තිබුණි. දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට නායකත්වය දුන් නෙල්සන් මැන්ඩෙලා සුදු අධිරාජ්‍යවාදීන්ට මුහුණ දුන්නේ අවි බලයෙන් නොව ජනතා බලයෙනි. අවුරුදු විසිපහක කාලයක් සිර දඬුවම් විඳි මැන්ඩෙලා අප්‍රිකාවේ සමාජ පරිවර්තනය ක්‍රියාවට නගමින් එහි කූටප්‍රාප්තිය අත්විඳ  ජනාධිපතිවරයා බවටද පත්විය. ආයුධ සන්නද්ධ මර්දනයට මැන්ඩෙලා, මුහුණ දුන්නේ අවියෙන් නොව බුද්ධි මහිමයෙනි.

එහෙත් මැන්ඩෙලාගේ බිරිඳ විනී මැන්ඩෙලා සිය ස්වාමි පුරුෂයාගේ මතවාදයට එරෙහිව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ගැන විශ්වාසය තැබුවාය. වාසනාවකට ජනතාව සවන් දුන්නේ නෙල්සන් මැන්ඩෙලාට මිස විනී මැන්ඩෙලාට නොවේ.



''පසුබැසිය යුතු තැන පසුබැසිය යුතුය''  යන න්‍යාය අනුගමනය කළේ නම් මින් පෙරාතුව ජනතාව ජ.වි.පෙ. වටා පෙළගැසෙන්නට ඉඩ තිබුණි.



1988-89 භීෂණකාරී වාතාවරණය තුළ ද ජ.වි.පෙ . අනුගමනය කළේ 1971 කැරැල්ලේදීම අනුගමනය කළ අතිධාවනකාරී මගමය. එවරද දෙවැනි වරටත් 1971 ට වඩා දැඩි මර්දනයකින් ජ.වි.පෙ. විනාශ වී ගියේය. 1988 වසරේදී ජ.වි.පෙ. මර්දනයට හසු නොවී සිටීමට කළ යුතුව තිබුණේ මේ රටේ අනිකුත් වාමාංශික පක්ෂ හා එක්සත් ක්‍රියාමාර්ගවලට එළැඹීමය. එහෙත් ඔවුන් කරණ ලද්දේ පැවැති ආණ්ඩුවටත් වඩා දැඩිලෙස පැරණි වාමාංශික ව්‍යාපාරයට කෘරත්වය මුදා හැරීමය. එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් පැරණි වමද ස්වකීය ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව හා අත්වැල් බැඳ ගත්තේය.

1971 සහ 1988 යන දෙවාරයේදීම ජ.වි.පෙ. අනුගමනය කළ මුග්ධ ප්‍රතිපත්තිය නිසා විශාල තරුණ පිරිසකගේ ජීවිත විනාශයට පත් වූයේය.

චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව හා අත්වැල් බැඳගනිමින් පරිවාස ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ ආසන 40 ක පමණ ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම තුළ ඔවුන්ගේ පැරණි රැඩිකල් මතවාදයේ නිස්සාරත්වය කැපී පෙනෙයි. මුලින්ම කරන්නට තිබූ දෙය දෙවරක්ම විනාශ වී ගියපසු තෙවැනි වර කිරීම තුළ ඔවුන්ගේ වැරදි භාවිතය දේශපාලනිකව මුග්ධ බවට යටපත් වූ වග අවධාරණය කළ යුතුයි.

''ජනතාව බලය ලබාදෙන තුරු ඉවසා සිටීම''  ඔවුන්ට මුල් කැරලිකාරිත්වයන් තුළ වැටහී නොයාම නිසා විශාල තරුණ ජීවිත සංඛ්‍යාවක් විනාශයට පත්වීම  කෙතරම් ඛේදනීය කාරණයක්දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුවද ඔවුන් සිය අතීත දේශපාලන භාවිතයන් පිළිබඳව ස්වයං විවේචනයක් කරමින් ප්‍රගතිශීලී වාමාංශික බලවේග හා ඒකරාශි විය යුතුව තිබුණි. පරිවාස ආණ්ඩුවේ ඇමති 3 ක්ද බාර ගනිමින් පැරණි වම කළාසේ ඊට අනුගත වීම තුළ අතීතයේදී ඔවුන් පැරණි වම ධනපති ආණ්ඩුවලට මුක්කු ගැසීම සම්බන්ධයෙන් දැක්වූ සරදම් සහගත ස්වභාවය ඔවුන්ටම දැන් පාරාවළල්ලක් බවට පත්ව තිබේ.



දැන් ජනතා විමුක්ති පෙරමුණ එක්තරා ආකාරයකට ප්‍රගතිශීලී බලවේග එකතු කරගෙන ජාතික ජන බලවේගය යන නාමයෙන් ජනතාව හමුවට පැමිණ තිබේ. එහෙත් ඔවුන් තවමත් ඇතැම් ප්‍රගතිශීලී සන්ධාන දෙස බලන්නේ සැකයෙනි. එහි තේරුම ඔවුන් තුළ තවමත් පැරණි නෂ්ටාවශේෂ ඉතිරිව තිඛෙන බවද ?
දැනට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව තුළ සාධනීය බවක් දක්නට ඇත. එහෙත් ඔවුන් තව තවත් එම බලවේගය තුළට ප්‍රගතිශීලී වාමාංශික සංවිධාන ඒකරාශි කර ගනිමින් බහුජන දේශපාලනික භාවිතය පුළුල් කළ යුතුව ඇත.



මෙම ලිපිය ජ.වි.පෙ. කෙරෙහි දැඩි වෛරයෙන් යුතුව ලියැවෙන්නක් නොව ඔවුන්ගේ පැරණි ලක්ෂණ ඔවුන් වෙතින් බැහැරව  දකිනු රිසියෙන් ලියැවෙන්නෙකි.

අදවනවිට ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරකට ලක්ව ඇති මොහොතක එවන් තත්ත්වයක් ඇතිකරණු ලබන ආණ්ඩුවට එරෙහිව ඔවුන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අරගලය මුදාහරිනවා වෙනුවට ප්‍රධාන විපක්ෂය  වන සමගි ජන බලවේගයටත් අවශේෂ ප්‍රගතිශීලී බලවේගයන්ටත් එරෙහිව වාගාලාප දොඩවන නායකත්වයකින් යුතු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර තිබේ.

එම භාවිතාව ඔවුන් 71 සහ 88 තුළ ද පෙන්නුම් කළ ලක්ෂණයකි. ඒ ආකාරයටම ඔවුන් අතීතය කරා ගසන් කරනවා වෙනුවට වඩාත් ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීම කළ යුතුව ඇත. කෙසේ හෝ වේවා මේ වන විට ධනවාදී රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල තත්ත්වයක පවතින බැවින් එම යාන්ත්‍රණය මෙහෙය වන්නන්ද යළිත් වරක් මාන බලනු ඇත්තේ අතීත අත්දැකීම් උරගා බලන්නට නම් ජ.වි.පෙ. කළ යුත්තේ  ප්‍රගතිශීලී බලවේග හා අත්වැල් බැඳ ගැනීමයි. එම කාරණයේදී වැඩිම බහුතර ජනතා කැමැත්ත දිනා සිටින සමගි ජන බලවේගය ඈත්කර ඒකාධිපතිවාදයට එරෙහිව සටනට පිවිසීමෙන් සිද්ධ වන්නේ අතීතයට අතවැනීමකි.

විපක්ෂය නියෝජනය කරණු ලබන, තවමත් ශක්තිමත් බලවේගය අප කැමති වුවත් අකමැති වුවත් සමගි ජන බලවේගයයි. එබැවින් ජ.වි.පෙ. තමන් පිලිබඳ අධිතක්සේරුව ගැන යළිත් සිතා බැලිය යුතුව ඇත.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධනවාදියෙකුට වුවද විප්ලවවාදියෙකු විය හැක - (මහිම සුජීව ගමගේ) | The Leader