The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අම්මට කිව්වට මොකද? (විමලෙගෙ කොලම)

T

The Leader Desk

March 23, 2023 • 1:36 PM

අම්මට කිව්වට මොකද? (විමලෙගෙ කොලම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යමින් ගමන් ඇය ඇසුවේ කොල්ලො උඹට ඔය ඩොලර් බිලියන දෙකයි දසම නමෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද බං කියාය.
  • ඒ හැටි ලොකු වෙනසක් නෑ අම්මෙ කී රනිල් හැබැයි මේකෙ අනුරයි, සජිතුයි කියලා ලෙඩ වෙච්ච ජොසප්පුලා දෙන්නෙක්ම ඉන්නවා කියා කීවේය.
  • රනිල් කිව්වේ මොන පිස්සුද අම්මේ අපේ එවුන්ට ඕක මෝය කටෙන් යන පොල් ලෙල්ලක් වගේ කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

යමින් ගමන් ඇය ඇසුවේ කොල්ලො උඹට ඔය ඩොලර් බිලියන දෙකයි දසම නමෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද බං කියාය. රනිල් කිව්වේ මොන පිස්සුද අම්මේ අපේ එවුන්ට ඕක මෝය කටෙන් යන පොල් ලෙල්ලක් වගේ කියාය.

මට අඩන්තේට්ටම් කරපු කල්ලියෙ එවුන් ගැන උඹට වගේ වගක් නැහැ කියලයි හැම එකාම කියන්නේ කී අම්මාට රනිල් කීවේ මම මේ තනතුරට පත්වෙච්ච විදියට අම්මා ඒකට පත්වුණත් අම්මටත් වැඩ කරන්න වෙන්නේ මේ වගේම තමයි අම්මේ තේරුම් ගනින් කියාය.

ඊළඟට අම්මා ඇසුවේ ණයක් ගත්තු එකට උඹලගෙ ගෝලයෝ රතිඤ්ඤා පත්තු කළේ මොකද කියාය. රනිල් කීවේ අම්මට කිව්වට මොකද අම්මේ උන්ට මේක ණයක් නෙවෙයි දේශපාලන විජයග්‍රහණයක් කියාය. රනිල් එසේ කියමින් අම්මාව අනෙක් කරට මාරු කර ගත්තේය.

එසේ කර ගමනට යළි හරිබරි ගැහෙන ගමන් ඇසුවේ අම්මා 'හුණුවටයේ කතාව' ගැන දන්නවද කියාය. මොකද බොල chalk circle මං නොදන්නේ කියා අම්මා මල පැන කී අතර කේන්තිය නිවෙන්න ඇරලා රනිල් ඇසුවේ ඒකෙ හැටියට අම්මනෙ මයිකල් කුමාරයා වඩාගෙන වැල් පාලමෙන් එතෙර වෙන්නෙ කියාය. ඔව් ඉතින් කී අම්මාට රනිල් කීවේ මේක අම්මේ මයිකල් කුමාරයා ගෲෂාව කර ගහගෙන යන විදිහේ නාට්ටියක් කියාය.

නාට්ටියෙදි වගේ උඹලගෙ මාලිගාවත් කවුරුහරි කොල්ලාකෑවද කියා ඇසූ අම්මාට රනිල් කීවේ නැහැ අම්මේ මේකෙදි කොල්ලකෑවේ මාලිගාව නෙමෙයි රට, ඒ ඇරුණාම කට්ටියක් අපේ ගෙට ගිණි තිබ්බා ඒකයි මට උන් එක්ක මෙච්චර ජුවල් කියාය.

අම්මා අනතුරුව ඇසුවේ එතකොට උඹේ වැල් පාලමේ කතාවෙයි ඔරිජිනල් ප්ලේ එකෙයි ලොකු වෙනසක් නැද්ද කියාය. ඒ හැටි ලොකු වෙනසක් නෑ අම්මෙ කී රනිල් හැබැයි මේකෙ අනුරයි, සජිතුයි කියලා ලෙඩ වෙච්ච ජොසප්පුලා දෙන්නෙක්ම ඉන්නවා කියා කීවේය.

ඒ උනාට උඹේ පරම්පරාවේ එවුන් නේ බං මාව හෙළට තල්ලු කළේ කී අම්මාට රනිල් කීවේ ඒකට මගේ ලොකු සම්බන්ධයක් නෑ කියාය. අම්මා කීවේ උඹ අද රනිල් රාජපක්ෂ වෙලා දෙපත් නයාට ඇඳලා ඉන්නවා, එහෙම බලනකොට උඹ තමා භයානකම පුතයා කියාය. අම්මා ඩබල් එකේම කීවේ අනික් එවුන්ට විෂ දළ එකයි උඹට දෙකම තියනවා මයෙ පුතේ කියාය.

රනිල් ලැජ්ජාවෙන් මෙන් බිම බලාගෙන කිව්වේ හැබැයි අම්මේ මට සමහර එවුන් කියන්නේ දෙකක් නැහැ කියලයි කියාය. අම්මා කීවේ උඹ කොච්චරවාත් කලිසම උස්සනකොටත් මිනිස්සු ඔය වගේ අවලං කතා කියන්න පුළුවන්, IMF එකෙන් ෂෝට් ටර්ම් ලෝන් එකක් හරි අරන් කලිසමට හොඳ බෙල්ට් එකක් දාගනින් කියාය. ජනාධිපතිතුමා අම්මගේ බරට හති දමමින් කීවේ අම්මේ අපි මේ පාර බුද්ධ රශ්මි වෙසක් කලාපය අම්මා වෙනුවෙන් දවස් තුනක්ම කරනවා, ඒ වෙසක් කලාපෙට free wi-fi zone එකකුත් ඇඩ් වෙනවා කියාය. අම්මා කීවේ ඔව් ඉතින් එතකොට බුදුහාමුදුරුවන්ටයි සාරිපුත්ත, මොග්ගල්ලාන, මහ කසුප් වගේ උන්නාන්සේලාටයි ඉන්ටර්නෙට් යන්න බැරියැ, උඹේ අදහස් නම් මල් හතයි පුතේ කියාය.

මදක් කල්පනා බරිතව සිටි අම්මා ඇසුවේ ගොවියයි, කම්කරුවයි, ලයිට් බිල් ගෙවන එකයි, ඉස්කෝලේ යන පොඩි කොල්ලයි වැල් පාලමෙන් එකං කරන්න උඹට වැඩපිළිවෙළක් නැහැ කියලා අර සජිත් කියන ජොසප්පු කියනවා මං අහගෙන, ඒ ගැන උඹ මොකක්ද ඌට ගෙන උත්තරය කියාය . ජනාධිපතිතුමා කිව්වේ අනේ අම්මේ ඔය ජොසප්පුවා කියන දේවල් කරන්න IMF එකත් එක්ක නෙමෙයි දිව්‍යලෝකෙ එවුන් එක්ක staff level agreement එකක් ගහන්න වෙනවා ඒක දැන්ම කරන්න අමාරුයි කියාය.

Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

 

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...