The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
විශේෂාංග

වාග් විද්‍යාත්මක විමසුමක්: 'වේස ගෑනි' යන යෙදුම සිංහල බසට ආවේ කොහොම ද?

T

The Leader Desk

October 30, 2023 • 10:16 AM

වාග් විද්‍යාත්මක විමසුමක්: 'වේස ගෑනි' යන යෙදුම සිංහල බසට ආවේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට ඔහුගේ සීමාව පාලනය කර ගත නොහැකිව ප්‍රකාශ කළ අසභ්‍ය වචනයක් මීට වසර කිහිපයකට පෙර දැඩි අවධානයට ලක් විය.
  • පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කුණුහරප භාවිත කිරීම පිළිබඳ මෑත ම සිදුවීම වූයේ, ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර අතර ඇති වූ වාග් සංග්‍රාමය යි.
  • ඩයනා ගමගේ: "වේස ගෑනි කියන්න ලෑස්ති වෙන්න එපා පාර්ලිමේන්තුව ඇතුළෙ" රෝහණ බණ්ඩාර: "වේස ගෑනු වගේ හැසිරෙන්න එපා කියල කිව්වේ.
  • 'කුණුහරප' යනු ඕනෑ ම භාෂාවක ඇති සුවිශේෂී වචන මාලාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට ඔහුගේ සීමාව පාලනය කර ගත නොහැකිව ප්‍රකාශ කළ අසභ්‍ය වචනයක් මීට වසර කිහිපයකට පෙර දැඩි අවධානයට ලක් විය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කුණුහරප භාවිත කිරීම පිළිබඳ මෑත ම සිදුවීම වූයේ, ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර අතර ඇති වූ වාග් සංග්‍රාමය යි.

.

ඩයනා ගමගේ: "වේස ගෑනි කියන්න ලෑස්ති වෙන්න එපා පාර්ලිමේන්තුව ඇතුළෙ"

රෝහණ බණ්ඩාර: "වේස ගෑනු වගේ හැසිරෙන්න එපා කියල කිව්වේ. ඔයාට කවුද වේස ගෑනි කිව්වේ?"

මෙම වාග් සංග්‍රාමයට හේතු වී තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් "වේස ගෑනි" යන වචනය භාවිත කර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට බැන වැදීමේ සිද්ධියකි.
 
"වේස ගෑනි" යන වචනය කුණුහරපයක් ද? එම වචනය නිර්මාණය වූයේ කෙසේ ද?
 
'කුණුහරප' යනු මොනවා ද?
 
'කුණුහරප' යනු ඕනෑ ම භාෂාවක ඇති සුවිශේෂී වචන මාලාවකි. එම වචන නිර්මාණය වී ඇති ප්‍රධාන ආකාර කිහිපයක් තිබේ.

#ලිංගික අවයව මුල්කර ගෙන නිර්මාණය වූ වචන
#ලිංගික ක්‍රියා මුල්කර ගෙන නිර්මාණය වූ වචන
#ලිංගික ක්‍රියාකාරකම්වල දී නිකුත් වන ශ්‍රාවයන් ආශ්‍රයෙන් නිර්මාණය වූ වචන
#ලිංගිකත්වය ආශ්‍රිත රැකියා මුල් කරගෙන නිර්මාණය වූ වචන
 
'වේස ගෑනි' යන වචනය නිර්මාණය වූ හැටි
 
මෙම ලිපියට පාදක වන "වේස ගෑනි" යන වචනය නිර්මාණය වී ඇත්තේ, ලිංගිකත්වය ආශ්‍රිත රැකියාවක් මුල්කර ගෙන ය.

සංස්කෘත බසින් 'වේශ්‍යා' යනුවෙන් ද, පාලි බසින් 'වේසියා' යනුවෙන් ද මෙම වචනය යෙදෙන අතර, එය සිංහල බසට පැමිණියේ 'වේසි' යනුවෙනි.
 
වෛශ්‍යාව ද? වේශ්‍යාව ද?
 
Screenshot 2023 10 30 at 15.27.13මහාචාර්ය රත්නසිරි අරංගල"ගොඩක් අය හිතන්නේ වේසි කියන වචනය සංස්කෘත භාෂාවේ වෛශ්‍යා යන වචනයෙන් බිඳුණ එකක් කියලයි. ඒත් වෛශ්‍යා කියන්නේ වෙළෙඳ කාන්තාව කියන එක. වේසි කියන වචනය බිඳිලා තියෙන්නේ සංස්කෘත වේශ්‍යා කියන වචනයෙන්," ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය.

මෙම වචනයට දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ද පවතියි.

"දෙමළ භාෂාවෙන් පාවිච්චි වෙන්නේ දේවදාසි කියන වචනය. දේවදාසි කියන්නේ කෝවිල්වලට කැපවූ කාන්තාවන්. ඔවුන් දෙවියන් වෙනුවෙන් කැප කරලා තියෙන අදහසක් කියවුණාට කෝවිල්වල පූජකවරුන් ලිංගික ක්‍රියාවලට ඔවුන් යොදාගෙන තියෙනවා. කෝවිල් ආශ්‍රිතව වාසය කළ නිසා ඔවුන්ට සමාජයෙන් විශාල ගෞරවයක් හිමි වුණා."

දේවදාසි යන සංකල්පය ක්‍රිස්තු වර්ෂ හයවන සියවස තෙක් ඈතට දිව යයි.
 
ලිඛිත තොරතුරු

සිංහල පුරාතන සාහිත්‍ය කෘතිවල මෙම වචනය බෝහෝ ස්ථානවල දැකිය හැකි ය. නිකාය සංග්‍රහයෙහි වේශ්‍යා වාස (වෙසඟනන්ගේ නිවාස), වේශ්‍යා වීථි (වෙසඟනන් සිටින වීථි) යන යෙදුම් භාවිත කර ඇති බව මහාචාර්ය රත්නසිරි අරංගල ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව, පන්සිය පනස් ජාතක කතාවලට මෙම වචනය භාවිත කර තිබේ. උදාහරණයක් වශයෙන් වාතමිග ජාතකයේ වෙසඟනකගේ චරිතයක් පිළිබඳව සඳහන් ය.

පද්‍ය සාහිත්‍ය කෘති රැසක ද මෙම වචනය හමුවේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද සැලළිහිණි සංදේශයේ උදා වැනුම් කාව්‍යයක් වන 23 වන පද්‍යය මෙසේ ය:

වෙසඟන තුඟු තන යුග රොන් කොකු මඟර - පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර

ගොස අලුයම පස තුරු සවනතෙහි කැර - ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර

එහි අදහස වන්නේ, "වෙසඟනන්ගේ තුඟු තන යුග රැඳි කොකුමඟර සිපගෙන, විල්ලිහිණි නාදය මැද, මඳ පවන් එන, අලුයම පංච තූර්ය ඝෝෂාව අසමින්, ඇස නිදිගැට හැර නැගී සිටින්න," යන්න ය.

මේ අතර, රහල් හිමියන්ගේ ම කාව්‍යශේඛරයෙහි මියුලු නුවර ගඟ වර්ණනා කිරීමේ පද්‍යයක ද වෙසඟන යන්න සඳහන් වේ.

කලහස ගමන් යුත්
සළෙල නළවන වෙත පත්‍
ළෙල නිල් වරල් නෙත්
එගඟ වෙසඟන වැන්න රසවත්

ඊට අමතරව, පත්තිනි දේවිය පිළිබඳ කතාවෙහි පත්තිනිගේ ස්වාමියා වූ කෝවලන්, මාධවී නමැති වෙසඟනක් ඇසුරු කළ බව කියවේ.

"පුරාතන ඉතිහාසයේ වේශ්‍යාංගනාව සමාජ පිළිකුළට ලක්වෙලා තිබුණෙ නැහැ. සමාජයේ අනුමැතියක් හිමි නොවුණත් ප්‍රතිරෝධයක් තිබිලා නැහැ. ලෝකයේ පැරණි ම වෘත්තිය විදිහට පිළිගන්න ගණිකා වෘත්තිය පසුකාලීනව සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව තමයි, මේ වචනය අසභ්‍ය වචනයක් විදිහට භාවිකාර්ථ නැංවුණේ," මහාචාර්ය රත්නසිරි අරංගල පැහැදිලි කළේය.

මේ අතර, මහාචාර්ය ජේ.බී. දිසානායක වරක් ප්‍රකාශ කළේ, "යම් බසක් පූර්ණ වශයෙන් ඉගෙන ගන්නේ නම් එම බසට අයත් කුණුහරප හෙවත් අසභ්‍ය වචන සම්බන්ධයෙන් ද දැනුමක් ලබා ගත යුතු," බව ය.
 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාග් විද්‍යාත්මක විමසුමක්: 'වේස ගෑනි' යන යෙදුම සිංහල බසට ආවේ කොහොම ද? | The Leader