The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ඇයි ? -(ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

December 18, 2023 • 9:09 AM

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ඇයි ? -(ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවියන්ට හිමි දේ එසේ පැහැර ගන්නවුන් මිය යන මොහොතේ දී අනේක විධ දුක් පීඩාවන්ට ලක්වන බවට අප සමාජය පුරා මුල් බැස ගත් විශ්වාසයක් පවා තිබේ.
  • වර්තමාන ජන සමාජයේ අතිශය ජනප්‍රිය දෙවි පුදබිම කතරගම බවට සැකයක් නැත.
  • ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු හා දේශ ගවේෂකයකු වූ ජෝන් ඩේවි නම් වෛද්‍ය වරයා 1821 වසරේ එළි දැක් වූ An account Interior of Ceylon and it`s Inhabitants කෘතියෙහි කතරගම පුදබිම දිනෙන් දින ගරා වැටෙන්නක් බවත් ඒ අනුව මතු එය තිබූ තැනක ළකුණක් වත් සොයා ගත නොහැකි වනු ඇති බවත් සඳහන් කොට ඇත.
  • නමුදු දහ නව වන සියවසේ අග භාගයේ සිට යළි කෙමෙන් ඉස්මතු වී ඇති එහි ජනප්‍රියතාව අද වන විට අතිශය ජනකාන්ත මට්ටමක් තෙක් ඉහළ නැංවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපු මහතා සහ ගබඩා බාර කපු මහතා අත්අඩංගුවට පත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

ඒ එම අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද විමර්ශන වලින් අනාවරණය වූ කරුණු මුල් කර ගනිමිනි. 

දේව පූජා වශයෙන් දේවාල වලට ලැබෙන වටිනා දේ ඒවායේ සේවය කරන කපුවන් විසින් පැහැර ගන්නා පුවත අප සමාජයට අලුත් එකක් නොවේ. දෙවියන්ට හිමි දේ එසේ පැහැර ගන්නවුන් මිය යන මොහොතේ දී අනේක විධ දුක් පීඩාවන්ට ලක්වන බවට අප සමාජය පුරා මුල් බැස ගත් විශ්වාසයක් පවා තිබේ.

වර්තමාන ජන සමාජයේ අතිශය ජනප්‍රිය දෙවි පුදබිම කතරගම බවට සැකයක් නැත. එහෙත්, මෙම ජනප්‍රියතාව දීර්ඝ කාලීනව අඛන්ඩව පැවැති එකක් නොවේ. 1817 වසරේ වෙල්ලස්ස අරගලය දියත් කළ විල්බාවේ හෙවත් දොරේසාමි හා කතරගම දේවාලය අතර පැවැති සබැඳියාවක් අනාවරණය වීම මත ඉංග්‍රීසි රජය විසින් නොතකා හරින ලද කතරගම දේවාලය දහනව වන සියවසේ මැද භාගය තෙක් ජනප්‍රිය ගරා වැටෙන පුදබිමක් වීම දක්වා පරිහානි ලක්ෂණ පළ කළ බව ඉංග්‍රීසි පාලන වාර්තාවන් හි සඳහන් වේ.


ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු හා දේශ ගවේෂකයකු වූ ජෝන් ඩේවි නම් වෛද්‍ය වරයා 1821 වසරේ එළි දැක් වූ An account Interior of Ceylon and it`s Inhabitants කෘතියෙහි කතරගම පුදබිම දිනෙන් දින ගරා වැටෙන්නක් බවත් ඒ අනුව මතු එය තිබූ තැනක ළකුණක් වත් සොයා ගත නොහැකි වනු ඇති බවත් සඳහන් කොට ඇත. නමුදු දහ නව වන සියවසේ අග භාගයේ සිට යළි කෙමෙන් ඉස්මතු වී ඇති එහි ජනප්‍රියතාව අද වන විට අතිශය ජනකාන්ත මට්ටමක් තෙක් ඉහළ නැංවී තිබේ.

වර්තමාන සිංහල බෞද්ධ ජන සමාජය අන් බොහෝ කරුණු වලදී මෙන්ම දේව වන්දනයේ දී ද යම් අවිචාරවත් බවක් පළ කරනු පෙනේ. අප එසේ පවසනුයේ නූතනයේ එකි’නෙකා පරයා නැගෙන ජනප්‍රිය සංස්කෘතික ධාරාවන්ට හෙවත් රැලි වලට නතු වීමට අප සමාජයේ බොහෝ දෙනකු තුළ පහසු නැඹුරුවක් පවතින බැවිනි.

20 Kataragama 01

අප රටේ ජනගහනයෙන් සැළකිය යුතු පිරිසක් නැතහොත් මිලියන ගණනක් වාර්ෂිකව මෙලෙස කතරගම පුදබිම කෙරෙහි ඇදී යාම තුළ ද ඒ සමාජ විද්‍යාත්මක කරුණ සැඟවී තිබේ. ඇත්ත ඇති සැටියෙන් කිව හොත් අද පවතිනුයේ පරිභෝජනවාදී සමාජ අර්ථ ක්‍රමයකි. කතරගම දෙවියන් නූතනයට අතිශය ගැලපෙන දෙවියා බවට පත් වීමට මෙම කරුණ ද බලපා තිබේ.

Prof Desmonඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිදර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සූරීන් කතරගම දෙවියන් “වෙළඳුන් ගේ දෙවියන්” ලෙස නම් කොට ඇත්තේ ද වත්මන් සමාජයේ වානිජවාදී ප්‍රවර්ධනය හා කතරගම දෙවියන් වර්තමාන ජන සමාජයේ අතිශය ජනප්‍රිය දෙවියා බවට පත්වීම මුල් කර ගනිමිනි. 

නාස්තිකාර පරිභෝජනය යනු අති ප්‍රාමාණික බව මත පදනම් වූ පරිභෝජනවාදය තුළ පවත්නා දුර්දාන්ත ලක්ෂණයකි.තම පරිභෝජනවාදී අවශ්‍යතා උපරිම ලෙස සංතෘප්ත කර ගැනීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි. තම මූලික පාරිභෝගික අවශ්‍යතා සතෘප්ත කර ගැනීම පිණිස සාමාන්‍ය වෙළඳ සල් පසු කොට සුපිරි වෙළ සල් සොයා යාම සේම මූලික වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝගයක දී පවා එක් වරම විශේෂඥ වෛද්‍ය වරුන් හමුවට යාම ද මේ සඳහා වන නිදසුන් දෙකකි. 

ඒ අනුව වත්මන් වෙළඳ ප්‍රචාරක කටයුතු වල දී ද හොඳම, උපරිම, විශිෂ්ඨතම, සුපිරිතම ආදී වදන් ආටෝපකාරී ලෙස හුවා දක්වනු පෙනෙයි. 

bazaar
ඒ අනුව අද වාර්ෂිකව අප සමාජයේ මිලියන ගණනක් ජනතාව කතරගම යනුයේ දැනට සිටින හොඳම දෙවියාගෙන් පිහිටාධාර පැතීමට බව අතිශය පැහැදිලි ය. ආගම් සම්බන්ධ සංවිධාන ව්‍යුහය පුළුල් වත්ම පළමුව ගනුදෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද බිහිවීම වැලකිය නොහැකි බව ලෝක ප්‍රකට ඉන්දීය දාර්ශනිකයකු වූ ජිඩ්ඩු ක්‍රිශ්ණමූර්ති සූරීහු පවසති. 

එක් දහස් නවසිය හැටේ දශකයේ මුල් භාගයේ බල දේව දේශබන්ධු නමින් නිකුත් වූ “සර්ව දේව යාදිනි සහිත දේව කන්නලව්ව” නම් කෘතියේ (රත්න පොත් ප්‍රකාශකයෝ ) පෙර වදනේ සඳහන් වන අන්දමට කතරගම වැනි දේවාල වල කපුවෝ රුපියල බැගින් පගාව නොදුන්නහොත් පූජා වට්ටි ප්‍රතික්ෂේප කරන අතරම උත්සව කාල වල දී බැතිමතුන් ඉදිරියේ දීම පූජා වට්ටි ගෝනි වලට හළා ගෙන යති.

එමෙන්ම කතරගම පුදබිම තුළ මෙම අවිචාරවත් චර්යා මේ වන විට හිස ඔසවා තිබේ ද? යත් අසීමාන්තික ධන තෘෂ්ණාවෙන් ඔද වැඩී ගත් කපු පාර්ශවයන් දේවාලයේ සාම්ප්‍රදායික පරිපාලන ව්‍යුහයට එරෙහිව සාපරාධී ක්‍රියාවනට පවා පෙළඹීමේ නැඹුරුවක් තිබේ. නීතිමය වශයෙන් පුද්ගල චර්යාවන් ලෙස අර්ථ කතනය කළ හැකි මේවා සමාජ මානව විද්‍යාත්මකව විස්තර කළ හැක්කේ තත් කාලීන සමාජමය සංසිද්ධීන් ලෙස පමණි.

Kataragama2 1 1024x681

එමෙන්ම දෙවියන් වෙනුවෙන් කැප වූ යන අරුතින් කපු යනුවෙන් හැඳින්වෙන මොවුන් වත්මන් නොවිධිමත් සමාජ ආර්ථික පරිසරය මත කෙතරම් තෘෂ්ණාධික වී තිබේ ද යන්නට මෙය තවත් එක් නිදසුනක් පමණි. මෙම අගතිගාමිත්වයේ ඊළඟ අදියර ලෙස අසීමාන්තික ධන තෘෂ්ණාව මත පදනම් ව “දෙවියන් ඉදිරියේ මිනී මරා ගැනීම”ක් වාර්තා නොවීමට වඩා වාර්තා වීමට ඇති ඉඩ කඩ බහුල බව ඒ සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයක දී පෙනී යනු ඇත.

නමුදු සමාජය විසින් ඇදහිය යුතු දෙවියා හෝ දෙවිවරු කවරහු ද? එසේ ඇදහීම පිණිස දෙවියකු හෝ දෙවි කෙනකු තෝරා ගත යුත්තේ කවර පදනමින් ද යන්න සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකත්වය මත පදනම් වන මතවාද මුල් කොට විචාරවත් අනාවරණයක් වර්තමාන විද්වතුන් වෙතින් ප්‍රකාශ වන බවක් නොහැඟේ. එහෙත්, එය දෙවියන්, ඇදහීම පිළිබඳ නැඹුරුවක් දක්වන ජන සමාජයක් තුළ එය අනිවාර්ය වශයෙන් සිදුවිය යුත්තකි.

මෙහි දී සමාජය දේව වන්දනයට යොමු කිරීම හෝ සමාජය ඉන් ඉවතට ඇද දැකීම මානව විද්‍යාඥයන්ගේ කාර්ය භාරය නොවන නමුදු කිසියම් ජන සංස්කෘතියක් මුල් කොට ගත් සාධනීය හෝ නිශේධනීය සංසිද්ධීන් සමබන්ධයෙන් විචාරශීලී පදනමක් මත ශාස්ත්‍රීය කරුණු තුලනාත්මක ලෙස ඉදිරිපත් කිරීම සමාජ මානව විද්‍යා විෂය පථයට අයත් වෙයි.

Screenshot 2023 12 18 at 14.20.36ඉටු දෙවිවරුන් හෙවත් ඉෂ්ට දේවතාවන් පිළිබඳ සාමාන්‍ය ජන වහරේ කතාබහට ලක් වෙයි. නමුත් අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මෙම ඉෂ්ට දේවතාවන් ඇදහීම එතරම් ව්‍යාප්තව ඇති බවක් නොපෙනෙයි. අපගේ බිත්ති ලිත්වල සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දැක්වෙන කොටසේ නොනගතය හෙවත් පුණ්‍ය කාලය පිළිබඳ විස්තර කිරීමෙදී ‘ඉෂ්ට දේවතානුස්මරණයෙහි යෙදී’ යන වදන සඳහන් වෙයි. මෙය පුණ්‍ය කාලය යන වදන ‘පුණ්‍ය කාලම්’ යන හින්දු වදනට අනුරූපව ඈපා ලිතේ නිර්මාතෘ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් සිංහල බසට එක් කර ගන්නා ලද්දකි. එහෙත් අපගේ සිංහල බෞද්ධ ජන සමාජය පුණ්‍ය කාලය මුල්කොට තෙරුවන් වන්දනා කරනු මිස එම ලිතේ සඳහන් අන්දමට ‘ඉෂ්ට දේවතානුස්මරණයේ’ යෙදෙන බවක් නොපෙනෙයි.

මෙම ඉටු දෙවියන් පිළිබඳ සංකල්පවල දී ඇතැම්හු තමන් ජීවත් වන ප්‍රදේශයට අධිගෘහිත දෙවිවරුන් තම ඉටු දෙවිවරුන් වශයෙන් හඳුන්වා ගනිති. සබරගමුවේ ගැමි ජනතාව තම ඉටු දෙවියා ලෙස සමන් දෙවියන් හඳුන්වා ගන්නා අතර ශ්‍රී ලංකාවේ උතුරු උතුරු මැද සහ වයඹ ආදී පළාත්වල බොහෝ දෙනකු තම ඉටුදෙවියන් ලෙස වනයට අධිපති වන්නිනායක දෙවියන් තෝරා ගෙන ඇති බව පෙනෙයි.

එහෙත් මෙලෙස අප ජන සමාජයේ සම්භාවිත ප්‍රධාන හෝ දෙවිවරුන්ට අමතරව තවත් අඩවි, ගම්, තුලාන භාර දෙවිවරුන් ද පරම්පරාගත පවුල්වලට අධිගෘහිත දෙවිවරුන් ද යම් යම් පුද්ගලයන්ගේ හා පරම්පරාවල ඉටු දෙවිවරුන් වශයෙන් හඳුන්වන බව පෙනේ. අංජනම්, පේන, නිමිති ආදී ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලට අමතරව සිහින මගින් ද එවැනි ඉටු දෙවි වරුන් පිළිබඳ ඉඟි ලැබෙන බව අද වන විට සමාජයෙන් යටපත්ව ඇති පැරණි මතවාදයකි.

මේ අතර අප ගේ අතීත ජන සම්ප්‍රදාය අනුව තම එදිනෙදා ජීවිතයේ කටයුතු සම්බන්ධයෙන් ගුප්ත පිහිටාරක්ෂාව ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය අප රටේ ප්‍රාදේශීය දෙවිවරුන් අතර ග්‍රාම දේවතා නමින් කොටසක් සිටිති. ඔවුන් හුදෙක් ආධිපත්‍යය දරනුයේ ඒ ගම්මාන වලට පමණි. ඒ අතරේ ඇතැම් ප්‍රදේශවල ‘ගම් කොටු’ යනුවෙන් හඳුන්වන ගම්මාන වලින් කොටස් වලට ආධිපත්‍යය හොබවන වෙනම දේවතා කොටසක් ද වෙති. මොවුන් ඒ එක් එක් කුල හා පරම්පරාවලට පමණක් ආධිපත්‍යය දරන බව පෙනෙයි. 

images
පොදුවේ ගත් කල ‘ගම්බාර’ වශයෙන් හැඳින්විය හැකි දේවතා කුලයකට අයත් මෙම දෙවි වරුන් ගෙන් වැඩි දෙනකු ‘මුත්තා’ යන නමින් හැඳින්වීම විශේෂයකි. එම ‘මුත්තා’ යන නමින් ගැමියන් හැඟවනුයේ එම දෙවියන් තම පරපුරේ ආදිතමයකු බව ය.ඒ අනුව මොවුන් ඥාති දෙවි වරුන් ලෙස ද නම් කළ හැකිය. නමුදු එම චාම් සරල ගැමි සංස්කෘතික ධාරාව බිඳ වැටී සමාජය පරිභෝජනවාදය තුළ නිමග්න වත්ම ඉහත සඳහන් ග්‍රාම දේවතා ඇදහීම් ජාලය පවා බිඳ වැටී තිබේ. දිවයිනේ සිව් දෙසින් කතරගම රුහුණු මහා දේවාලයට පූජා කරන ලද අගනා දේවල් කපුවන් විසින් අස්ථාන ගත කිරීම් සම්බන්ධයෙන් අසන්නට ලැබෙනුයේ ඒ අනුවය.

බෞද්ධ සාහිත්‍යයට අයත් පන්සිය පනස් ජාතකයේ එන කුඩ්ඩකපුව ජාතකයට අනුව ධනවතුන් වනස්පතීන් හි වැඩ හිඳින දෙවි වරුන් පුදන අතරේ එක් දිළිඳු මිනිසකු තමන්ගේ දිළිදු බව මුල්කොට එඬරු ගසක වැඩ වෙසෙන අප්‍රකට දේවතාවකු පිදීමෙන් මහා ධන සිටු වරමක් ලබයි. යමකු ඉටු දෙවියකු තෝරා ගැනීමේදී ද එම දෙවියන්ගේ අල්පේශාක්‍ය, මහේශාක්‍ය බව බලනොපාන බවට එම ජාතක කතාව කදිම නිදසුනකි. එය ජාතක කතාකරු සමකාලීන දේව ඇදහීම් ජාලයේ ඒකාධිකාරීත්වයට එල්ල කළ ටොකු ප්‍රහාරයකැයි ද මට සිතෙයි. 

z p02 Kataragama 870x479 c

එමෙන්ම වර්තමානයේ අසන්නට ලැබෙන ඉහත ආකාරයේ සිදුවීම් අනුව බුදු දහම හා සෘජුව සම්බන්ධ විය නොහැකි අප සමාජය එම ජාතක කතාවෙන් හෝ පාඩමක් ඉගෙන ගන්නේ නම් එය පොදු සමාජයේ යහපතට හේතු වන බව ද අප ගේ වැටහීම ය.

z PraneethAbayasundara(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ඇයි ? -(ප්‍රණීත් අභයසුන්දර) | The Leader