The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

සමන් ඒකනායකගේ වැලිකඩ නිවාඩුව සහ පොලිස් රාළහාමිලා රිමාන්ඩ් නො කිරීම | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

February 19, 2026 • 11:30 AM

සමන් ඒකනායකගේ වැලිකඩ නිවාඩුව සහ පොලිස් රාළහාමිලා රිමාන්ඩ් නො කිරීම | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජින්තුපිටි සිද්ධියේ පොලිස් රාළහාමිලාට ඇප නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්ච් මහතා පොලිසියේ කීර්තිය රකින්න නිලධාරින් රිමාන්ඩ් කරන්න බෑ යනුවෙන් කළ ප්‍රකාශය මාධ්‍ය හරහා කියැවූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ යනුවෙන් 2026 පෙබරවාරි මස 13 වෙනි දින පළ කළ මගේ ලිපිය දැක්වූ විනිසුරු කෝදාගොඩගේ ප්‍රකාශය තහවුරු කිරීමක් නොවේදැයි මගෙන් විමසීය.
  •   එකී ලිපියේ සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි 461 වගන්තිය මුළුමනින්ම උපුටා දැක්වේ.
  • එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි පතෙහි ඉහත අකාරයට දැනුම්දීමක් සිදු කළ බව සඳහන් කළ යුතුවේ.
  • රනිල් වික්‍රමසිංහ කාරණයේදී සමන් ඒකනායක යමක් සිදු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විනිසුරු කෝදාගොඩගේ ප්‍රකාශය අනුව රාජකාරිය අතර ''ක්‍රියාවක් හෝ නො කර හැරීමක්'' සම්බන්ධව මුලින්ම එකී නිලධාරියා කියන්නේ කුමක්දැයි විමසා බැලිය යුතු මිස වෙනත් අයගේ නිරික්ෂණ වලින් පළක් නැත.

 

එකී ලිපියේ සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි 461 වගන්තිය මුළුමනින්ම උපුටා දැක්වේ. ''ඇමතිවරයකු, රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයකු, හෝ රාජ්‍ය නිලධාරියකු විසින්, රාජකාරිමය වශයෙන් සිදු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් යම් පුද්ගලයා විසින් ගැනිමට තීරණය කර තිඛෙන නීතිමය ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතුව, එම ක්‍රියා මාර්ගය ගැනීමට හේතුව එම ක්‍රියා මාර්ගය ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් පදිංචි වී සිටින ස්ථානය සහ ඔහු විසින් අයැද සිටින සහනය පිළිබඳ සිතාසියක් මගින් ඉහත සඳහන් අයට දැනුම් දීමෙන් අනතුරුව මාසයක් කල් ගතවන තෙක්, නඩුකර ක්‍රියා මාර්ගයක් ස්ථාපිත නො කළ යුතුවේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි පතෙහි ඉහත අකාරයට දැනුම්දීමක් සිදු කළ බව සඳහන් කළ යුතුවේ. ''

Ambassadors 1200px 24 08 21 1000x600 1

 

ජින්තුපිටි සිද්ධියේදී අර රාළහාමිලා දෙන්නා රාජකාරිය අතර යමක් සිදු කර නැත. රනිල් වික්‍රමසිංහ කාරණයේදී සමන් ඒකනායක යමක් සිදු කර ඇත. සමන් ඒකනායක කළ ක්‍රියාව සම්බන්ධව ඔහුගේ ප්‍රකාශය ලබා ගත් පොලිසිය නැවත ඔහු දෙවරක් පොලිසියට නො කැඳවූ අතර, ස්වේච්ඡාවෙන් අධිකරණයට පැමිණි සමන් ඒකනායකව  ඇප නොදී  රිමාන්ඩ් කළේ ගෙදර පූසාට මාලූ තම්බලා තබා දීම සහ ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායක යනුවෙන් තවත් නමක් භාවිතා කරන  බවට දිලිප පිරිස්ට අධිකරණයට කළ කරුණු දැක්වීම නිසාය.  

පෙරවාරි 18 වෙනිදා ගරු අධිකරණයේදී, 1 සැකකාර රනිල් වික්‍රමසිංහට ඇප ලබා දුන් මහේස්ත්‍රාත් වරියගේ නියෝගයෙහි සඳහන් ඇප දීමට තරම් අසාධ්‍ය රෝගී තත්වයක් රනිල්ට නො තිබීම සහ රනිල්ට විදේශ ගමන් තහනම් නො පැනවීම කිරීම යන කරුණු මත පිළිවෙලින් සමන් ඒකනායකට ඇප නියම කිරිම සහ විදේශ ගමන් තහනමක් නො පැනවීම සිදු වී යයි මාධ්‍ය වාර්තා කියැවූ කෙනෙකුට අනුමාන කළ හැකිය. ඔහු අත් අඩංගුවට ගත් හේතුව මෙහිදී විමසා නො බැලෙයි.

000001 1

ඊට අමතරව ප්‍රශ්නගත සංචාරයේදී දැරූ වියදම් රජයේ  මුදල් ගෙවීම සහතික කළ සරෝජා සිරිසේන පොලිසියට හෝ නො කැඳවා සමන් ඒකනායක සොයා පොලිසිය ඔහුගේ නිවස වැටළීම සමග ජින්තුපිටි වෙඩි තැබීමේ සිද්ධියේදී රාජකාරි කළ 4 දෙනාගෙන් දෙදෙනෙකු පමණක් ඉදිරිපත් කිරීමේදි අධිකරණය කළ ප්‍රකාශ සසඳා බක බක ගා සිනාසීමේ අයිතියක් සාධාරණ මනුෂ්‍යයෙකුට පැවතිය හැකිය. එසේම ජින්තුපිටි සිද්ධියේදී පොලිසියේ කීර්තිය රකින්න නිලධාරින් රිමාන්ඩ් කරන්න බෑ යනුවෙන් කළ ප්‍රකාශය සමග ජින්තුපිටියේ රාජකාරි කළ සිව් දෙනා ගෙන් දෙදෙනෙකු පමණක් අත් අඩංගුවට ගැනීම සහ එකම වියදම සම්බන්ධව වගකිව යුතු දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් මාංචු දමා නිල් පාට බස් එකට ගොඩ කිරීම ඛෙහෙවින් සිත් ගන්නා සු`ථ බව කිව යුතුවේ.

doda1966 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයට සොයමින් සිටි දොඩම්පේ මුදලාලි හෙවත් එල්.වී.පොඩි අප්පුහාමිගේ මරණය ඛෙහෙවින් ආන්දෝලනාත්මක විය.  පළමුව දොඩම්පේ මුදලාලි  සිරුර හතරවෙනි තට්ටුවේ ජනේලයෙන් එළියට විසි කළ බවද, දෙවනුව බිම වැටුණ ඔහු වතුර ඉල්ලා සිටි බව වාර්තා විය. පසු දවසක දවස පත්තරේ අබරන් සීයා කීවේ තව ටික දවසක් යද්දි ඇවිදගෙන යද්දි බස් එකක හැප්පුනා කියලාත් කියයි කියාය. හේන්පිටගෙදර හාමුදුරුවන්ට විරුද්ධව සාක්කි කීමට දොඩම්පේ මුදලාලි පොළඹවා ගැනීමට ගත් උත්සාහය අතර, ඔහු ඝාතනය වූ  බව කියති. දොඩම්පේ සිද්ධියෙන්  හරියටම වසර  හැට (1966-2026) කට පසුව රනිල් වික්‍රමසිංහ කාරණාවේදී සරෝජා සිරිසේන මෙන් සමන් ඒකනායකත්  රජයේ සාක්කි කාරයෙකු නොවීම හේතුවෙන් මැරුම් නො කෑවා පමණක් විය හැකිය. ආණ්ඩුව වෙනුවෙන්  දොඩම්පේ මුදලාලිට  පහර දි මරා දැමූ පොලිස් පරීක්ෂක රාහුල සිල්වා පසු කලෙක උඩු කය නිරුවතින් මහ පාරේ ගමන් කළ මගීන්ට ලෙෆ්ට් රයිට් කියමින් සැලියුට් කළා බව රහසක් නොවේ.

WhatsApp Image 2026 02 19 at 1.33.15 PMහේන්පිටගෙදර ඤාණසීහ සහ හමුදාපති රිචඩ් උඩුගම විත්තිකරැවන්


වසර හැටකට ඉහත පොලිසියෙන් ඉතිහාසයට මාරුවූ පොලිස් පරීක්ෂක රාහුල සිල්වාත් ඉටු කරන්නට ඇත්තේ ශානි අබේසේකරලා මෙන්  ඉහළින් ලැබුණ නියෝග විය හැකිය. එහෙත් ආණ්ඩුවෙන් වැටුප් ලබන්නන් සේවය  කළ යුත්තේ රාජ්‍යයට මිස ආණ්ඩුවට නොවේ. අමාත්‍ය ලාල්කාන්ත බලය ගත්තාට රාජ්‍ය අත්පත් කර ග’ යුතු යයි කෙකර ගාන්නේ රාජ්‍ය නිලධාරින් බහුතරය ඔවුන්ට මෙල්ල නැති නිසාය.

අතිරේක මහේස්ත්‍රාත් නියෝගය නිසා ''රාජකාරිමය වශයෙන් සිදු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන්'' නඩු පැවරීමකට පළමුව අනුගමනය කළ යුතුය යන්න  විධානාත්මක බවDe Silva V. Illangakoon 57 NLR 547 නඩු තීන්දුව අනුව අර පොලිස් රාළහාමිලා දෙදෙනාට කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබුණද, ඇප නො ලැබී නිල් පාට බස් එකේ ගිය සමන් ඒකනායකට හෝ ජපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට සි.න.වි.සං. ප්‍රතිපාදන අනුව හේතු දැක්වීමේ අයිතිය තවත් අධීකරණයදි අහිමි විය.

පොලිස් පරීක්ෂක රාහුල සිල්වාලාට ආවේස වෙමින්  ෂානි අබේසේකාරලා වැඩ පෙන්වමින් සිටිත්. එහෙත් බලය ශක්තිමත් වුවද පාවිච්චි කළ යුත්තේ ප්‍රවේශමෙන් යන්න වැටහෙන විට, රාහුල සිල්වා මහ පාරේ ගමන් කළේ අඩ නිරුවතිනි. හේතුව රටක නීතිය, කඩ කරන අව භාවිතා කරන තරමට නීතිය බලවත්ව වටයක් ආපසු කැරකී සහාසික වන නිසාය.

 

image 9c265f6d6b
බලය පැවතියද බලය  භාවිතා කිරීම පිළිබඳ ගැඹුරු කියවීමක් ඇතුළත් L.A.Mendis Silva V. Ceylon State Mortgage Bank (1959) 61 NLR 385 නම්  නඩු තීන්දුව මෙහිදී සිහිපත් වේ. ඒ නඩුවේ සිද්ධිමය කාරණය සිල්වා දේපලක් උගස් කොට ලබා ගත් රුපියල් 342,200/-ක ණය මුදල ගෙවීමට අපොහොසත් වීම නිසා උගසට තැබූ දේපල වෙන්දේසියේ විකිණීමෙන් බැංකුවට ලැබුණේ රුපියල් 165,000/-ක් පමණකි.  බැංකුවේ ක්‍රියාව නිසා සිල්වාට පිරිමැසිය නො හැකි හානියක්වූ සිදු වුවද, එය සිල්වා බැංකුවක අයිතිය හෙයින් එකී ක්‍රියාව නිවැරදි බවට විනිසුරු පුල්ලේ සමග එකඟවූ අග විනිසුරු බස්නායක තමා සතු පුළුල් බලතල රජය හෝ රජය වෙනුවෙන් පාවිච්චි කිරීම සම්බන්ධව ශේක්ෂ්පියර් උපුටා දක්වමින්  සු විශේෂී ප්‍රකාශයක් එකී තීන්දුවට ඇතුළත් කළේය.  

I have had the advantage of reading the Judgment prepared by my brother Pulle. I am in entire agreement with him both on the law and the facts. I share his views on the cruel fate that the plaintiff has suffered at the hands of the State lending institution whose aid he sought. No private money lender would have been permitted by the Courts to act in the way the defendant has done. This case should serve as a warning to the Legislature against entrusting vast powers to State agencies without adequate safeguards.The State Mortgage Bank and other State agencies should in wielding the wide powers entrusted to them bear in mind the words of Shakespeare;

O, it is excellenct To have  a giant’s strength; but it is tyrannous To use it like a giant.

මගේ සහෝදරයා වන පුල්ලේ විසින් සකස් කරන ලද විනිශ්චය කියවීමේ වාසිය මට ලැබී තිබෙනවාග නීතිය සහ කරුණු යන දෙකෙහිම මම ඔහු සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වෙමිග  ඔහු ආධාර පැතූ රාජ්‍ය ණය දෙන ආයතනය අතින් පැමිණිලිකරුට අත්විඳීමට සිදු වූ කුරිරු ඉරණම පිළිබඳ ඔහුගේ අදහස් මම බෙදා ගනිමිග විත්තිකරු ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කිරීමට කිසිදු පෞද්ගලික මුදල් ණය දෙන්නෙකුට අධිකරණය විසින් අවසර දෙනු නොලැබේ. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව රාජ්‍ය ආයතනවලට අතිවිශාල බලතල පැවරීමට එරෙහිව මෙම නඩුව ව්‍යවස්ථාදායකයට අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියා කළ යුතුයගරාජ්‍ය උකස් බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඔවුන්ට පවරා ඇති පුළුල් බලතල භාවිතා කිරීමේදී ෂේක්ස්පියර්ගේ වචන මතක තබා ගත යුතුය.

විශේෂයන් අග විනිසුරු බස්නායකගේ මෙම ප්‍රකාශයෙහි This case should serve as a warning to the Legislature against entrusting vast powers to State agencies without adequate safeguards යන කොටස යළි අවධාරණය කරමින් මිලියන 166ක රාජ්‍ය මුදලක් අවභාවිතා  කළාද යන්න සොයා බැලීමට සමන් ඒකනායක හිර බත් කෑමට අමතරව වර්තමාන පාලකයන් වැය කළ මුදල් මතු දවසක හෙළිදරව් වනු ඇත.

ඊට අමතරව, උක්ත ප්‍රකාශය අනුව, රාජ්‍ය ආයෝජන බැංකුව, පරිපාලන වියදම් නඩු ගාස්තු ගණන නො කර එකී උගස්කරය හරහා රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුවට නිකුත් කළ රුපියල් 342,200/-ක මුළු ප්‍රාග්ධන මුදලින් රුපියල් 12200ක ප්‍රමාණයක්ද අහිමි වීම  සලකා බැලීමේදී රාජ්‍ය බලය මැන්දිස් සිල්වා නම් පුරවැසියාට කළ විනාසය ඛෙහෙවින් කෘෘර එකකි.

 

රාජ්‍ය නිලධාරියෙකු ගත් තීරණයක් හෝ කළ ක්‍රියාවක් වෙනත් කෙනෙකු එකඟ වෙනවාද නැද්ද යන්නට වඩා රාජ්‍ය නිලධාරියාට පාර්ලිමේන්තුවෙන් පැවරූ බලය) මහජන සුභ සිද්ධිය සඳහා සද් භාවයෙන් විචක්ෂණශීලීව භාවිතා  කර තිබේද යන්න විමසීම පරිපාලන නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයක වගකීම බවට විනිසුරු කෝදාගොඩගේ අවධාරණය සමග, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 461 වගන්තියේ තනතුරු දරන ආණ්ඩුවෙන් පඩි ගන්නා හැම ප්‍රානියාම එකී නියමයෙන් ආවරණය වුවද, සමන් ඒකනායකට හේතු දැක්වීමට අවස්ථාව ලබා නොදීම හරහා රාජ්‍ය සේවයට ලැඛෙන පණිවිඩය රාජ්‍යයට සහ පොදු ජනතාවට යහපත් නැත.


චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...