The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : දැන් ආණ්ඩුවට සොරි…

T

The Leader Desk

February 20, 2026 • 12:08 PM

සජිත්ගේ දේශපාලන සතිය : දැන් ආණ්ඩුවට සොරි…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාල ගල්අඟුරු කතාව පොහොට්ටුවේ DV චානක මන්ත්‍රීවරයා මුලින්ම එළියට දැමූ පසු ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයේ, අජිත්, මරික්කාර්, වරුණ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්ය.
  • “අනුරගේ ආණ්ඩුව බාල ගල් අඟුරු දැලි සියොලඟෙහි ගා ගනිමින් ඇත, මේ වන විට ගෙනවිත් ඇති ගල් අඟුරු නැව් 06 න් 05 කම ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවත් එහි මුහුණත මුල්‍යමය අලාභය පමණක් රු බිලියන 02 ඉක්මවා ඇති බවත් වාර්තා වේ.
  • එසේ කියන නිලන්ත දීර්ඝ විස්තරයකින් පසු සටහන අවසන් කර තිබුණේ…, - හොරූ අල්ලන්න පැමිණි අනුර කුමාර දිසානායකගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේම හොර කමේ යෙදෙමින් ඇත.
  • අවුරුදු එකහමාරක් ගතවෙද්දී ආණ්ඩුව දූෂණ ගොඩක පැටලී ඇත, ඒ වරායෙන් කන්ටේනර් 323ක් පැන්නීම, බාල ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තුවේදී රැස්වූ යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී, ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සහ විදුලිම බල මණ්ඩලයේ නිළධාරීන් ඉදිරිපිටම සජිත් ප්‍රේමදාස දිහ හැරපු එම ආයතනවල වාර්තාවන් නිසා මේ බාල ගල්අගුරු වලින් සිදුවෙච්ච පාඩුව දැන් රටටම හෙළිවී තිබේ.

WhatsApp Image 2026 02 20 at 3.29.24 PMයටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
ඒ ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නිලන්ත සත්සර ගමගේත් අපුරු සටහනක් තබා තිබුණි.

- අනුරගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේම ගල් අඟුරු වලින් මංකොල්ල කති.. යනුවෙන් ඒ සටහන ආරම්භ කර තිබූ නිලන්තගේ සටහන මෙසේය..

“අනුරගේ ආණ්ඩුව බාල ගල් අඟුරු දැලි සියොලඟෙහි ගා ගනිමින් ඇත, මේ වන විට ගෙනවිත් ඇති ගල් අඟුරු නැව් 06 න් 05 කම ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවත් එහි මුහුණත මුල්‍යමය අලාභය පමණක් රු බිලියන 02 ඉක්මවා ඇති බවත් වාර්තා වේ. ඒ මැෂින් වලට වූ හානිය, පරිසර හානිය සහ සමාජීය හානිය තක්සේරු නොකරය.

එසේ කියන නිලන්ත දීර්ඝ විස්තරයකින් පසු සටහන අවසන් කර තිබුණේ…, - හොරූ අල්ලන්න පැමිණි අනුර කුමාර දිසානායකගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේම හොර කමේ යෙදෙමින් ඇත. කියාය.


කරළියේදී ඇමතිලගේ කට වහපු වරුණ

WhatsApp Image 2026 02 20 at 3.29.37 PMකරළියේදී ඇමතිලගේ කට වහපු වරුණ
මේ සතියේ ITN නාලිකාවේ කරළිය වැඩසටහනට ආපු සමගියේ වරුණ රාජපක්ෂ මේ ගල්අඟුරු වංචාව ගැන හෙළි කරද්දී, ආණ්ඩුව පැත්තෙන් ආපු නියෝජ්‍ය ඇමති රත්න ගමගේට සහ චන්දන සූරිආරච්චි මන්ත්‍රීවරයාට කට උත්තර නැතිවිය.

අවුරුදු එකහමාරක් ගතවෙද්දී ආණ්ඩුව දූෂණ ගොඩක පැටලී ඇත, ඒ වරායෙන් කන්ටේනර් 323ක් පැන්නීම, බාල ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමය.

විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ පක්ෂයේ කළමණාකරන කමිටුවේදී ද සජිත් වැඩි අවධාරණය කර තිබුණේ, මේ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන රටට හෙළිදරව් කරන යාන්ත්‍රණයක් සකස් කිරීම ගැනය.

“ දැන් මේ ආණ්ඩුවේ වංචා 3ක් අතේ මාට්ටු, කන්ටේනර් වංචාව, බාල ඖෂධ වංචාව, ගල්අඟුරු වංචාව…මේ ගල්අඟුරු වංචාවේ පාඩුව අපි හිතවනටත් වඩා ලොකුයි,” සජිත් මේ ගැන අවධාරණය කළේ, විදුලිබල මණ්ඩලයේ වාර්තාවත් ළඟ තියාගෙනය.

“ වරායට ආපු ගල්අඟුරු නැව් 5ම ප්‍රමිතියෙන් තොරයි, මේ නිසා දැනට විදුලි ජනනයට සිදුවෙන පාඩුව රු මිලියන 2796යි. නොරොච්චෝලේ බලාගාරයට සිදුවූ නඩත්තු පිරිවැය මිලියන 230යි, මුලු වියදම රු මිලියන 3026යි. සැපයුම්කරුගෙන් දඩ ගහලා ආණ්ඩුවට ලැබෙන්නේ රු මිලියන 1037යි, එතනම වෙනස රු මිලියන 2000ක්, මේ ගල් අගුරුවලින් අඩුවෙන විදුලි ප්‍රමාණය ඩීසල් බලාගාරවලින් ගත්තම ඒකකය රු 60 විතර වෙනවා, ගල්අඟුරුවලින් ගත්තනම් ඒකකය රු 24/= යි ඒ වැඩිවෙන ගාණ මේකේ දාලත් නෑ, මේක අන්තිමට අයකර ගන්නේ ජනතාවගේ විදුලි බිලෙන්. තව නැව් 20 විතර එන්නත් තියෙනවා, ඒවත් බාල උනොත් පාඩුව රු බිලියන 100කටත් වැඩීයී. මේක තමයි ඉතිහාසයේ කරපු ලොකුම වංචාව, මේක සුදුකරපටි වංචාවක්. ඇයි මම එහෙම කියන්නේ, ජනතාවට කියනවා දඩ ගහලා පාඩුව නැතිකරනවා කියලා. ඒත් ඇත්තම බැලුවොත් ඒක එහෙම වෙන්නේ නෑ. ආණ්ඩුව හොරකම් කරලා ඒක දඩයෙන් වහන වැඩක් කරන්නේ, මේකටනම් අපිට ලොකු මැදිහත්වීමක් කරන්න වෙයි”

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මරික්කාර් ඒ මෙහොතේම මාධ්‍ය හමුවක් කැඳවා ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රටටම හෙළි කළේය.

ඒ වගේම ඉරිදා අජිත් පී. පෙරේරා පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවට පැමිණ මේ ගල්අගුරු වංචාවේ සුළ මුල හෙළි කරන්නට කටයුතු කළේය.

ගල්අඟුරු අස්සේ ඇවිළුණු ගෑස්...

WhatsApp Image 2026 02 20 at 3.29.24 PM 1
ආණ්ඩුවේ බාල ගල්අඟුරු නිසා වෙච්ච පාඩුව ගැනත්, ගෑස් ටෙන්ඩරය හරහා රට පුරා ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවත් මුලින්ම රටට කිව්වේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය, ඒ මීට සති ගණනකට පෙරය.

ඒත් ඒ ගැන එදා රට එතරම් ලොකු තැකීමක් නොකළත්, අද වනවිට වරායට පැමිණි ගල්අඟුරු නැව් 8ම ප්‍රමිතියෙන් තොර බව ඔප්පු වී තිබේ.

ඊට අමතරව රටේ දැන් ගෑස් පොලිම්ය, ගෑස් ටෙන්ඩරය අලුත් සමාගමකට ලබාදීම හරහා පැනනැගී ඇති මේ ගැටළුවත් සජිත් කල් තියා හඳුනාගෙන රටට කිව්වත්, ඒවාට බොරු බිල්ලන් මවන බව කියමින්, ආණ්ඩුව සජිත්ට හිනා වුණේය.

මේ අස්සේ කොන්ෆරන්ස් කෝල් එකක් ගත් සජිත්, ගල්අඟුරු වංචාවත්, ගෑස් අර්බුදයත්, වැඩි කරන්නට සැරසෙන විදුලි බිල ගැනත්, අලුත් විදුලිබල පතන හරහා විදුලි පාරිභෝගිකයා සූරා කන්නට හදන ක්‍රමවේදය ගැනත් රටට පැහැදිලි කරන ලෙස කණ්ඩායමකට භාර කළේය.

 

WhatsApp Image 2026 02 20 at 3.29.52 PM
මන්ත්‍රීවරුන් වන අජිත් පී. ටත් මරික්කාර්ටත් වෘත්තීය සමිතිවලින්, ආනන්ද පාලිතත්, නිරෝෂන් පාදුක්කත් සම්බන්ධ කරගත් සජිත්, සංජීව ධම්මික සම්බන්ධ කරගත්තේ, විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු නිසාය.

“ දැන් රටේ බලශක්තිය අර්බුදයකට යමින් තියෙන්නේ, මේ ගල්අඟුරු වංචාවයි, ගෑස් අර්බුදයයි, අසාධාරණ ලෙස වැඩි කරන්නට යන විදුලි බිලයි ගැනයි දිනපතාම රටට කියන්න. මේ ආණ්ඩුවේ දූෂණයි, ජනතා විරෝධී වැඩපිළිවෙලයි ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕන”  සජිත් දුන් මේ උපදෙසට වහාම ක්‍රියාත්මක වෙච්ච ඒ ටීම් එක “ රටට මොකද වුණේ, ගල් අඟුරු වංචාවේ හෙළිදරව්ව” නමින් දිනපතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කතාව රටට කියන මෙහෙයුමක් ආරම්භ කළේය.

WhatsApp Image 2026 02 20 at 3.29.53 PM 1

ඒ අතරම සිකුරාදා අල්අඟුරු ගැන පාර්ලිමේන්තුවේ තිබුණු විවාදය අස්සේ සජබයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවයක්ද සුදානම් කළේ, රටේම අවධානය මේ සිද්ධියට යොමු විය යුතු බව අවධාරණය කරමින්ය.

එංගලන්තයේ නියෝජ්‍ය අගමැති දෑතම අල්ලා සජිත්ට දුන් සහතිකය

WhatsApp Image 2026 02 20 at 3.31.01 PMඑංගලන්තයේ නියෝජ්‍ය අගමැති දෑතම අල්ලා සජිත්ට දුන් සහතිකය.
එක්දින නිළ සංචාරයකට අඟහරුවාදා ලංකාවට ආපු එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී, ජනාධිපති අනුර කුමාර හමුවී ඊළගට ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ජා කරන්නයි.

නියෝජ්‍ය අගමැතිවරයාව විපක්ෂ නායක කාර්යාලයේ දොරකඩටම ඇවිත් සුහදව පිළිගත් සජිත් තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම හඳුන්වලා දීමෙන් පසු සාකච්ජාවට වාඩි විය.

දෙරට අතර වෙළඳ ප්‍රතිසංස්කරණ, දිට්වා ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අවස්ථා ගැන වැඩියෙන් අවධානය යොමු කරපු මේ සාකච්ජාව ඉතාම සුහද ශීලී විදිහට පැවැත්වී තිබුණි.

WhatsApp Image 2026 02 20 at 3.31.01 PM 2
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වෙළඳපොල ගැන වැඩි අවධානයක් යොමු කළ සජිත්, මේ සාකච්ජා අවසානයේ අලි පැටියෙකුගේ රාමු කළ ජායාරූපයක් නියෝජ්‍ය අගමැතිට තෑගි දී තිබුණි.

සජිත්ව දෑතින්ම අල්ලගත්ත ඩේවිඩ් ලැමී නියෝජ්‍ය අගමැතිවරයා කියා තිබුණේ, “ ඔබ හරි සුන්දර මිනිසෙක්, ඔබට රටේ ජනතාව ගැන ලොකු හැඟීමක් තියෙන බව මට මේ කරපු කතාබහේදී තේරුණා, ඔබට රටගැන ලොකු දැක්මක් තියෙනවා. මම සුබ පතනවා, ඔබ ඔබේ රට වෙනුවෙන් සිදු කළ ඉල්ලීම් සියල්ල ගැන අපි සලකා බලන්න සූදානම්, මම ලන්ඩන් ගියපු විගස ඔබට කතා කරන්නම්” කියාය.


ආණ්ඩුවට ඩෝං ගිය සජිත්ගේ ගැස්ට් එක..

WhatsApp Image 2026 02 20 at 3.31.14 PM
කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නැති බවට කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රී පොල්රාජ් පවසද්දී, විපක්ෂ නායක සජිත් ඊට අදාළ ගැසට් පත්‍රයේ පිටපත සභාගත කිරීම හේතු කරගෙන බදාදා පාර්ලිමේන්තුව උණුසුම් විය.

සභානායක බිමල් සජිත්ගේ කට වහන්නට සැරසීමත් සමග වහාම ක්‍රියාත්මක වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, බිමල්ට කට වහගන්නම දෙසන්නට විය.

“ සභානායක, කථානායක වෙන්න ගියහම හැමදාම ප්‍රශ්ණ, නෝනයි, මහත්තයයි පාර්ලිමේන්තු ඇවිල්ලා වෙච්ච දෙයක්” කියමින් චමින්ද විජේසිරි බිමල්ට රිදෙන්නම ගහද්දී, ඊළඟට නෙලන්නට පටන් ගත්තේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාය.

“ අනුර කුමාර කිව්වේනම් පවුල් දේශපාලනය අවසන් කරනවා කියලා, ඒත් අනුර කුමාර නෝනයි - මහත්තයවයි, තාත්තවයි - පුතාවයි පාර්ලිමේන්තු ගෙනාවා. Girl friend - boy friend වත් ගෙනාවා, boyfriend - boyfriend විතරයි ගෙනාවේ නැත්තේ, දැන් ඒකත් හොයන්න ඕන”  මේ කතාවට නම් පක්ෂ විපක්ෂ හැමෝටම වගේම කතානායක පුටුවේ හිටපු නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිටද හිනාව නතර කරගන්නට බැරිවිය.

WhatsApp Image 2026 02 20 at 3.31.14 PM 1

 

බදාදාට යේදී තිබූ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපුවේ, පාර්ලිමේන්තුව විපක්ෂ නායක කාර්යාලය තුළය.

මේ අවස්ථාවට ආපු රවී කරුණානායක සජිත් ළඟට ඇවිත් කිව්වේ, “ඇත්තටම බිමල් හරි සවුත්තු විදිහට තමයි හැසිරෙන්නේ, එයාට මතක නෑ එයා සභානායක කියලා, දැන් මහ සවුත්තු කථා කිය, කිය වලිදාගන්න එක එයාගේ පුරුද්දක්, මම හොඳට ෆලෝ කළා එයා ඒ වලි හරහා කරන්නේ අපේ ඇටෙන්ෂන් එක බිඳින එක, විශේෂයෙන් ඔයා හොඳ වැදගත් දෙයක් කියන හැම අවස්ථාවකම එයා ඒ වැඩේ කරනවා. මොකද රෑට මීඩියාවල යන්නේ වලිය මිසක්, ඔයා අර මතුකරන වැදගත් කෑල්ල නෙමෙයි.”

සජිත්ද එය අනුමත කළ අතර, “ රවී ඔයා හරි, පහුගිය කාලසීමාවෙම බිමල්ගේ හැසිරීම දිහා බැලුවම ඔයාගේ නිගමනය තහවුරුයි. එයා කරන්නේ අපේ ෆෝකස් එක වෙන තැනකට දාන්න හදන එක තමයි”

ඒ අස්සේ ජේ.සී ගෙනත් කවපු කේක් කෑල්ලකත් රස බලපු සජිත් සහ රවී ඉදිරි දේශපාලන කටයුතු ගැන ටිකක් වෙලා කතා කරන අයුරු වටේ ඉන්න අයට ඇස් කොනින් බලා සිටිනු දැකගත හැකි විය.

හදිස්සියේ සජිත්ව හමුවූ මෛත්‍රී....

WhatsApp Image 2026 02 20 at 3.31.28 PM
විටෙක රනිල්ටත්, තවත් විටෙක සජිත්ට සහය දැක්වූ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න යළිත් වරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබුණි.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සහ සන්ධාන ගතවීම් ගැන කතාබහක් සිදුව තිබූ අතර, විපක්ෂ නායක සජිත් අවධාරණය කර තිබුණේ, තමන් මේ අවස්ථාවේ වැඩිම අවධානයක් යොමු කරන්නේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතාව ඇතිකර ගනිමින් සන්ධාන ගතවීම ගැන බවය.

“මගේ ප්‍රධාන අවධානය අපීයි, UNP එකයි එකතු කිරීම ගැන, ඒක අනිවාර්යෙන් කරන්න ඕන, ඊට පස්සේ තමයි මම අනිත් අයව එක්ක සන්ධාන ගතවීම් ගැන කතා කරන්නේ, අපිත් එක්ක මෛත්‍රීලටත් වැඩ කරන්න පුලුවන්, මම කොහොමත් ඔය සජබ - යු.එන්.පී. පොදු වේදිකාව හදන වැඩේ ඉක්මනින්ම ඉවර කරනවා”

මෙහිදී සජිත් වැඩි වශයෙන් පෙන්වාදී ඇත්තේ, මේ අවස්ථාවේ කාන්තාවන්ගේ ගැටළු, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු වගේම ත්‍රස්ථ මර්ධන පනත, සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත වැනි පනත් හරහා ආණ්ඩුව සිදු කිරීමට යන මර්ධනයට එරෙහිව එක් හඬකින් ක්‍රියා කළ යුතු බවයි.

“ අපි කාන්තාවන්ගේ ගැටළු කතා කරන පොදු වේදිකාවක් හදන්නයි යන්නේ, මෛත්‍රී දන්නවද, අපි පක්ෂයට කොළ, කහ පාටට අමතරව තැබිලි පාටත් එකතු කරලා තියෙන්නේ, ඒකෙන් නියෝජනය වෙන්නේ කාන්තාව. මම විශ්වාස කරන්නේ වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තිමය එකඟතා, එහෙම නැතුව පුද්ගලයින් එක්ක සන්ධාන ඇතිකර ගන්න මගේ විදිහ නෙමෙයි, මොකද මිනිස්සු ඉන්නේ දේශපාලන පක්ෂ එක්ක, පක්ෂ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල වටා තමයි එකතු වෙන්නේ”


(මම | බංගලා හංදියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...