The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය | ෆාතිමා හලල්දීන්

T

The Leader Desk

March 2, 2026 • 10:34 AM

මැදපෙරදිග ගිනිදැල්: ඉරාන ප්‍රහාරයේ බිහිසුණු බව සහ දේශපාලනික අර්බුදය | ෆාතිමා හලල්දීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි.
  • එමෙන්ම බෞද්ධ ධම්මපදයේ සේම මහා භාරතයේ ද “අක්ඛෝධේන ජිනේ කෝධං” යනුවෙන් දැක්වෙන්නේ ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් දිනිය යුතු බවයි.
  • එසේම ජේසුස් වහන්සේගේ ප්‍රකාශයක් ලෙස බයිබලයේ ශුද්ධ වූ මතෙව් 26:52 හි දැක්වෙන “අවි ගන්නෝ අවිවලින්ම නැසෙන්නාහ” යන ප්‍රකාශය ද මානව ඉතිහාසයේ ස්වර්ණමය ඉගැන්වීමකි.
  • එහෙත් මෙම මානුෂීය ධර්මයන් පසෙකලා මැදපෙරදිග කලාපය අද වන විට බිහිසුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් වැසී ගිය යුද පිටියක් බවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලොව ප්‍රධානතම ආගමික ඉගැන්වීම් දෙස බැලීමේදී, අල් කුරානයේ 41 වන පරිච්ඡේදය වන ‘ෆුස්සිලත්’ (41:34) හි සඳහන් වන්නේ අයහපතට යහපතින් පිළිතුරු දීමෙන් වෛරය දුරු වී සමීප මිත්‍රත්වයක් ගොඩනැගෙන බවයි. එමෙන්ම බෞද්ධ ධම්මපදයේ සේම මහා භාරතයේ ද “අක්ඛෝධේන ජිනේ කෝධං” යනුවෙන් දැක්වෙන්නේ ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් දිනිය යුතු බවයි. එසේම ජේසුස් වහන්සේගේ ප්‍රකාශයක් ලෙස බයිබලයේ ශුද්ධ වූ මතෙව් 26:52 හි දැක්වෙන “අවි ගන්නෝ අවිවලින්ම නැසෙන්නාහ” යන ප්‍රකාශය ද මානව ඉතිහාසයේ ස්වර්ණමය ඉගැන්වීමකි. එහෙත් මෙම මානුෂීය ධර්මයන් පසෙකලා මැදපෙරදිග කලාපය අද වන විට බිහිසුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් වැසී ගිය යුද පිටියක් බවට පත්ව තිබේ.

20260228 MAP508

 

මෙම අර්බුදය හුදෙක් මිලිටරිමය ගැටුමක් පමණක් නොවේ; එය වසර 1400ක් පැරණි ආගමික බෙදීම් සහ වර්තමාන භූ-දේශපාලනික බල අරගලයක සම්මිශ්‍රණයකි. ලොව මුස්ලිම් ජනගහනයෙන් බහුතරය (85%-90%) සුන්නි මුස්ලිම්වරුන් වන අතර, ඉරානය යනු ෂියා මුස්ලිම් බහුතරයක් (85%-90%) වෙසෙන රාජ්‍යයකි. (අයතුල්ලා යනු ෂියා මුස්ලිම්වරුන්ගේ උත්තරීතර නායකත්වය හඳුන්වන වදනක් වන අතර එහි අරුත ‘අල්ලාහ්ගේ සංකේතය’ යන්නයි).

ඉරානය මූලිකත්වය ගන්නා “ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) තුළ ඉරාකයේ ෂියා රජය, සිරියාවේ අසාද් රජය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ යේමනයේ හවුති සටන්කාමීන් ක්‍රියාත්මක වේ. මෙයට ප්‍රතිවිරුද්ධව සෞදි අරාබිය ප්‍රමුඛ ඇමරිකානු හිතවාදී සුන්නි කඳවුර දේශපාලනිකව පෙනී සිටියි.

වත්මන් ගැටුමේ උච්චතම අවස්ථාව ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ අනතුරු ඇඟවීම බව පෙනේ. ඔහු ඝාතනයට පෙර අවධාරණය කළේ ඉරානයට න්‍යෂ්ටික බලය අත්‍යවශ්‍ය බවයි. ඇමරිකානුවන් කිසිදු හේතුවක් නොමැතිව කලාපීය කටයුතුවලට මැදිහත් වන බව පෙන්වා දුන් ඔහු, ලෝකයේ ශක්තිමත්ම හමුදාව වුවද දැඩි අතුරු පහරකින් බිමට වැටිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.

trump6j6r76

 

මෙම ආතතියේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායල – ඇමරිකානු ඒකාබද්ධ හමුදා ඉරානයට එරෙහිව බිහිසුණු මෙහෙයුමක් දියත් කළහ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් අයතුල්ලා අල් කමේනි ඇතුලු ඉරාන රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රමුඛතමයන් පිරිසක්ඝාතනයට ලක්වීමත් සමඟ සමස්ත කලාපයම දැඩි කම්පනයකට සහ යුද උණුසුමකට නතු විය.

කමේනිගේ ඝාතනයෙන් පසු ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් කලාපය පුරා විසිරී ඇති ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර රටවල සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ගත්තේය. ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රතිරූපය බිඳ වැටුණි.

 



ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන සිවිල් ඉලක්ක අතර:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ: ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බර්ජ් අල්-අරාබ් හෝටලය සහ ෆාම් ජුමෙයිරා දූපත.

ඊශ්‍රායලයේ: ටෙල් අවිව් සහ බීට් ෂෙමේෂ් ප්‍රදේශ (මෙහිදී පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 20ක් තුවාල ලැබූහ).

බහරේනයේ: මනාමා අගනුවර නේවාසික ගොඩනැගිලි ද විය.

 


මෙම ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ (Iron Dome) පද්ධතිය ක්‍රියාත්මක වුවද, සමහර ඩ්‍රෝන සහ මිසයිල එම පද්ධති මඟහැර යාම යුද විශේෂඥයන්ගේ අවධානයට ලක් විය.

මෙම යුදමය ගැටුමේ අතිශය ඛේදනීය තත්ත්වය වන්නේ අහිංසක සිවිල් වැසියන්ට සිදු වූ හානියයි. රතු කුරුස සංවිධානයේ දත්තවලට අනුව ඉරානය තුළ පමණක් පුද්ගලයින් 201 දෙනෙකු මියගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. විශේෂයෙන්ම ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට වාර්තා පළ වූ අතර, මෙය වත්මන් ගැටුමේ පවත්නා අතිශය බිහිසුණු සහ අමානුෂික ස්වභාවය මැනවින් පෙන්නුම් කරන්නකි.

 

ඉරානය මෙම ප්‍රහාර මගින් ගල්ෆ් කලාපය පුරා සංකේතාත්මක බලපෑමක් සිදු කළද, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදාමය ශක්තිය හමුවේ සිදු වූ හානිය අවම බව ඇමරිකානු මධ්‍යම විධානය පවසයි. එහෙත් මෙම බිහිසුණු ප්‍රහාර මාලාව හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් සහ දරුවන් ජීවිතක්ෂයට පත්වීම දැවැන්ත මානුෂීය ඛේදවාචකයකි. අල් කුරානයේ, ධම්මපදයේ සහ බයිබලයේ ඉගැන්වීම් පසෙකලා වෛරයෙන් වෛරය සංසිඳුවීමට උත්සාහ කරන තාක් කල්, මැදපෙරදිග අහස මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් වැසී පවතිනු ඇත

fathima_halalden.jpeg(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...