The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය - සජබය කලාවැවෙන් පාරට බසී

T

The Leader Desk

March 27, 2026 • 3:55 PM

සජිත්ගේ දේශපාලන සතිය -  සජබය කලාවැවෙන් පාරට බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවී යන සතිය සජිත් ඇතුළු සජබයට කාර්ය බහුල සතියක් වී තිබුණේ, වෘත්තීය සමිති සංවත්සරයත්,
  • සමගියේ වෘත්තීය සමිති, සමගිය පෙන්වූ සංවත්සරය සමගි සේවක සංගමයේ හයවැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේදී උත්සවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 23 වනදාය.
  • ඊට අමතරව නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍රටද පුටුවක් වෙන්කර තිබූ සමගි සේවක සංගමයේ 6 වන සංවත්සරය සැබවින්ම සමගියේ අර්ථය රටට හෙළි කළ උත්සවයක් විය.
  • “ ආදර්ශමත් වෘත්තිය සමිති ව්‍යාපාරයක් අපට තිබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘පච මදිවට හොරු අනුරට බෑ’ නමින් මහජන සම්මන්ත්‍රණ මාලාවකුත් සංවිධානය කර තිබීම නිසාය.

සමගියේ වෘත්තීය සමිති, සමගිය පෙන්වූ සංවත්සරය

0001 SJB 20001 SJB 3

සමගි සේවක සංගමයේ හයවැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේදී උත්සවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 23 වනදාය.

පක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, මහලේකම් රංජිත්, අශෝක අබේසිංහ, හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, සුජිත් සංජය, ජගත් විතාන, නිරෝෂන් පාදුක්ක වැනි පක්ෂයේ ජේ‍යෂ්ඨයින් රැසක් සහභාගීවී සිටි අතර මෙහි විශේෂත්වයක් වූයේ, මෙරට චීන තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා සහ උපදේශකවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටීමය.

0001 SJB 11
ඊට අමතරව නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍රටද පුටුවක් වෙන්කර තිබූ සමගි සේවක සංගමයේ 6 වන සංවත්සරය සැබවින්ම සමගියේ අර්ථය රටට හෙළි කළ උත්සවයක් විය.


“ ආදර්ශමත් වෘත්තිය සමිති ව්‍යාපාරයක් අපට තිබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. කම්කරුවගේ දුක, කඳුළ වේදනාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය විතරයි. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න පොරොන්දු දීලා බලයට ආපු වත්මන් රජය ලාභ ලබන ආයතනත් කුණු කොල්ලයට විකුණන තැනට පත්වෙමින් තමයි තියෙන්නේ. ඊට විරුද්ධ වුණේ සමගි ජන බලවේගය විතරයි. එයාර්ලංකා කේටරින්, ලිට්රෝ ගෑස්, ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව වගේ ආයතනවල සේවකයන් පිහිට පතාගෙන ආවේ සමාජවාදී කම්කරු නායකයෝ ළඟට නෙමෙයි, සමගි ජන බලවේගයේ අපි ළඟට”


එහෙම කතාව ආරම්භ කරපු සජිත් බෙහෝ දෙනෙක් නොදන්න කාරණයකුත් මෙහිදී හෙළිදරව් කළා…

0001 SJB 4
“ධීවර සංස්ථාව ඈවර කරන්න යද්දි පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලදී හඬ නගලා ඒක වැලැක්වූවේ අපි, රාජ්‍ය ආයතන සුරක්ෂිත කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව අද වෙනකොට වැඩ කරන ජනතාව නොසලකා හැරලා ඉවරයි, ලක්ෂ 14ක් වෙච්ච රාජ්‍ය සේවකයන් අද මේ අය අමතක කරලා අපේ අදහස තමයි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි, ඒත් ඒ අතරේ සේවක අයිතීනුත් සුරක්ෂා කළ යුතුයි”

මෙහෙම කියද්දී නිදහස් පක්ෂයේ ලෙස්ලි දේවේන්ද්‍ර ඒක අනුමත කරමින් ළග හිටපු සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුභාෂ් කරුණාරත්නගේ කනට කරමින් කියලා තිබුණේ, “ ඇත්තටම සුභාෂ් අපිත් හිතුවා අනුරලා පත්වෙද්දී වෘත්තීය සමිති ඔක්කොම එයාලට එකතුවෙයි මොකද දුන්න පෙරොන්දු ඔක්කොම ඉෂ්ඨ කරයි කියලා, දැන් ඇත්තටම ජේ.වී.පී. එකේ යුනියන් ටිකත් අපේ සංගම් පස්සෙන් එන තත්ත්වයක් තමයි ඉස්සරහට වෙන්නේ, උනුත් කියනවා පැලවත්ත අපිවත් රැවැට්ටුවා කියලා”

සුභාෂ් සහ ලෙස්ලි තමන්ගේ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනත් රහස් කතා කියමින් සිටි ආකාරය අවට අයටත් පුදුම දනවන සිදුවීමක් වී තිබිණි.

0001 SJB 5
සේවයේ සිටියදී මියගිය සමගි සේවක සංගමයේ සාමාජිකයින් 10 දෙනෙකුගේ පවුල් වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාග සිදු කිරීමත්, විශ්‍රාම ගිය සාමාජිකයින්ට සමරු තිළිණ ප්‍රධානය කිරීමකුත් සංවත්සරයට සමගාමීව විපක්ෂ නායක සජිත්ගේ උපදෙස් පරිදි මෙහිදී සංවිධානය කර තිබුණි.

MSME ක්ෂ්ත්‍රයේ ව්‍යාපාරිකයින් හදිසියේ සජිත් හමුවුණේ ඇයි ?

0001 SJB 6
දිනෙන් දින වර්ධනය වෙමින් ඇති බලශක්ති අර්බුදය හමුවේ, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් තමන් මුහුණදෙන ගැටළු ගැන පැහැදිලි කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හදිසියේ හමුවුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය.

ලංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර ඇතුළු පිරිසක් පැමිණ තිබු අතර ඔවුන් සජිත්ට තමන්ගේ ගැටළුව විස්තර කරන්නට වුණේ ටිකක් නෝක්කාඩු ස්වරයකින්ය.

“ සර්, මේ ආණ්ඩුව ජන්දේ වෙලාවෙනම් අපේ පස්සෙන් ආවා අපි වෙනුවෙන් පැහැදිලි වැඩ පිළිවෙලක් හදනවාය, පරාටේ නීතිය නැති කරනවාය, මේ රටේ දළ දේශිය නිෂ්පාදනයේ වැඩිම පංගුව අපේය කියලා. ඒත් බලය අරන් දැන් අවුරුදු දෙකක් පිරෙන්නත් ළගයි, අද වෙකම් අපි ගැන ඇහැක් ඇරලා බැලුවේ නෑ. අපේ අය අමාරුවෙන් කර්මාන්ත ටික ගොඩනගාගෙන එද්දී තමයි මේ තෙල් මිල වැඩිවුණේ, මේ තෙල් මිල නිසා අපේ ප්‍රවාහනය, අමුද්‍රව්‍ය, විදුලි උත්පාදනය හැම එකක්ම වැඩි වෙලා, ඒත් අපි ගැණුම්කරුවෝ එක්ක අත්සන් කරපු ගිවිසුම් වෙනස් වෙලා නෑ. අපිට පෙර තිබුණ මිල ගණන් වලටමයි අපේ නිෂ්පාදන අපනයනය කරන්න වෙන්නේ. මෙහෙම ගියොත් අපි ආයෙත් පාඩු ලබන තත්ත්වට පත්වෙනවා, අපේ සේවකයින් රැකියා දැන් අවිනිෂ්චිත වෙලා තියෙන්නේ. සමහර කර්මාන්ත ශාලා වහන තත්ත්වයට පත්වෙනවා මේකට ඉක්මන් විසඳුමක් හොයන්න අවශ්‍යමයි”

මේ අදහස් දැක්වීම්වලට සාවදානව ඇහුම්කම් දුන්න සජිත් කියා හිටියේ…


“ මම දන්නවා ඔබතුමියලාගේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2019 ඉඳන්ම ඛේදවාචක පහකට මුහුණ දුන්නා, ආර්ථික අර්බුදය වෙලාවේ අපි මැදිහත් වෙලා ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100 ඔබ වෙනුවෙන් ලබලා දුන්නා. දැන් මේ ආණ්ඩුවට මමනම් යෝජනා කරන්නේ ඔබ වෙනුවෙන් ආර්ථික පැකේජයක් ක්‍රියාත්මක කරන්න කියලා. මේ ආණ්ඩුව ඔබගෙන් බදු ගහලා රු ට්‍රිලියන ගණන් සල්ලි ඉතිරි කළානම් මේ වගේ ව්‍යසන අවස්ථාවක ඒවා යොදවන්න ඕන ඔබව රැක ගන්න, ඒත් මේ අය කරන්නේ බදු ගහනවා විතරයි, ඒකේ ප්‍රතිලාභ ආයෙත් ජනතාවට දෙන වැඩපිළිවෙලක් හදන්නේ නෑ. ආණ්ඩුවක් ඉන්නේ ජනතාවට පුළුවන් කාලේ බදු එකතු කරනවා වගේම ජනතාවට අපහසු වෙනකොට ජනතාව ජීවත් කරවන්න, රැකියා සුරක්ෂිත කරන්න ඒවා යොදාගෙන කළමණාකරනය කරන්නයි. මම මේ ගැන ඉදිරි පාර්ලිමේන්තු සතියේදී අදාළ අමාත්‍යාංශ දැනුවත් කරන්නම්”  කියාය.


ලෝක බැංකුවේ හිටපු ලොක්කියක් සහ සජිත් අතර හදිසියේ සිදුවූ හමුව

0001 SJB 7
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නවෝත්පාදනය පිළිබඳ විශේෂඥවරියක වන ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පසුගිය දා කොළඹදී සිදුවිය.

එලේනා, හිටපු ලෝක බැංකු ආර්ථික විද්‍යාඥවරියක් සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකාවක් ද වන අතර, රටවල් කිහිපයක ආයතනික ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ඇය සතු අත්දැකීම් අතිශ්‍ය වැදගත් බව ආර්ථික විද්වතුන්ගේ පිළිගැනීමය.

ඇය මෙම හමුවේදී අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන වර්ධනය සඳහා පාලන පද්ධති ශක්තිමත් කිරීම, ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති විසඳුම් අනුගමනය කිරීම අතිශ්‍යය  වැදගත් බවය.

0001 SJB 80001 SJB 9
ජනතාවට සමාජ ආරක්ෂාව සහතික කරමින්, ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථික ප්‍රකෘතියක් උදාකර ගැනීමට උපකාරී වන ගෝලීය වශයෙන් අත්හදා බලන ලද ප්‍රතිඵලදායක ප්‍රවේශයන් මෙරටට හඳුන්වාදීමේ වැදගත්කම සජිත් මෙහිදී අවධාරණය කර තිබිණි.

මෙම සාකච්ජාවට විපක්ෂ නායකවරයාගේ ආර්ථික උපදේශක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, Advocata හී අධ්‍යක්ෂ Riyad Riffai සහ නීතිඥ චරණ කංකානම්ගමගේ ද සහභාගී විය.


‘පච මදිවට හොරු අනුරට බෑ’


WhatsApp Image 2026 03 28 at 11.51.04 AM
රටට බොරු කියමින් ලබාගත් බලය කළමණාකරනය කර ගැනීමට නොහැකිව ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව එකතැන පල්වෙද්දී, රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ වනවිට අලුත් වැඩකට අතගසා තිබේ.

‘පච මදිවට - හොරු, අනුරට බෑ - ජනතාවට අමාරුයි” මහජන කථිකාවත රැගෙන සෑම ආසනයකටම යන්නට සමගි ජන බලවේගය මේ වනවිටත් සැලසුම් සකස් කර අවසන්ය.

0001 SJB 10
අවිස්සාවේල්ල, ගම්පහ, බොරැල්ල, ආසනවල එක දිගට පැවැත්වූ මෙම සම්මන්ත්‍රණ මාර්තු අවසන් සතියේදී කැළණිය, මතුගම, මොරටුව, දැදිගම, උතුරු කොළඹ ආදී මැතිවරණ කොට්ඨාසවල පැවැත්වීමට තීරණය කර තිබුණි.

කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි, මහාචාර්ය චරිත හේරත්, වරුණ රාජපක්ෂ වගේ සෙට් එකක් පහුගිය දවස් ටිකේ මේ සම්මන්ත්‍රණ ආමන්ත්‍රණය කර තිබූ අතර මරික්කාර්, කාවින්ද, චමල් සංජීව, මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වැනි තවත් කථිකයින් පිරිසක් ඉදිරි සතියේ මේ කටයුත්තට සම්බන්ධවීමට නියමිතය.

0001 SJB 1
සජබයේ අදහස වී ඇත්තේ, ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව, බහාලුම් 323 වංචාව, ප්‍රශ්ණකාරී ගෑස් ටෙන්ඩර්ය, ගැටළුකාරී මන්නාරමේ සුළං විදුලි බලාගාරය, බාල ඖෂධ වැනි ආණ්ඩුවේ වංචා ගැනත්, ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් පොරොන්දු සහ ඔවුන් දුන් පොර ටොක් පුස්සක් වී ඇති පසුබිමක ඒවා ජනතාව හමුවේ ජනගත කිරීමය.

එමෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ අපේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳවත්, ඒ සඳහා සජබයේ විසඳුම් පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සජිත් ඇතුළු සජබයේ අනෙක් අරමුණ බව සඳහන්ය.

මේ වැඩේ ප්‍රචාරණය සහ සම්බන්ධීකරණයට සජිත් වෙනමම කණ්ඩායමක් පවා පත්කර ඇති අතර, මාධ්‍ය කටයුත්තේ නායකත්වය භාරදී ඇත්තේ මහාචාර්ය චරිත හේරත්ටය.

මෙම දැනුවත් කිරීම් මාලාවට සමගාමීව සමගි ජන බලවේගය අනුරාධපුර කලාවැවෙන් ආණ්ඩුවට එරෙහි විරෝධතා මාලාවක්ද සංවිධානය කිරීමට නියමිතය.

(මම | බංගලා හන්දියේ ලියුම්කරු)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත්ගේ දේශපාලන සතිය - සජබය කලාවැවෙන් පාරට බසී | The Leader