The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රජය දෙස හෝ 'ක්ලීන් ශ්‍රී ලංකා' දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු

T

The Leader Desk

June 21, 2026 • 9:57 AM

රජය දෙස හෝ 'ක්ලීන් ශ්‍රී ලංකා' දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට අප රටේ ඩෙංගු ව්‍යාප්තිය ‘අධි වසංගත මට්ටමක්’ දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී.
  • ඒ අනුව, ඩෙංගු මර්දනය සඳහා හුදකලා ව්‍යාපෘති වෙනුවට ජාතික මට්ටමේ ඒකාබද්ධ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව පැහැදිලි ය.
  • එහි විධායක කමිටු සභික හා මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය චමිල් විජේසිංහ ඉදිරිපත් කරන දත්ත, තත්ත්වයේ බරපතළකම සංඛ්‍යාත්මකව සනාථ කරයි.
  • 2026 මැයි මාසයේ දී රට පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,600ක් වූ අතර, මේ වසරේ ජුනි මාසයේ පළමු සති දෙක තුළ පමණක් එම අගය 9,000 ඉක්මවා ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එය 2017 වසරේ ඇති වූ විනාශකාරී තත්ත්වයට සමාන ය. මෙම තත්ත්වය හමුවේ අප රටේ සෞඛ්‍ය පද්ධතිය දැනටමත් සිය උපරිම ධාරිතාවට ළඟා වෙමින් සිටින අතර, රෝහල්වල ඩෙංගු රෝගීන් රඳවා ගත හැකි ප්‍රමාණය ද ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, ඩෙංගු මර්දනය සඳහා හුදකලා ව්‍යාපෘති වෙනුවට ජාතික මට්ටමේ ඒකාබද්ධ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව පැහැදිලි ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෑතකදී සිදු කරන ලද අනතුරු ඇඟවීම, ශ්‍රී ලංකාවේ වත්මන් ඩෙංගු තත්ත්වය කෙතරම් බරපතළ ද යන්න මනාව පැහැදිලි කරයි. එහි විධායක කමිටු සභික හා මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය චමිල් විජේසිංහ ඉදිරිපත් කරන දත්ත, තත්ත්වයේ බරපතළකම සංඛ්‍යාත්මකව සනාථ කරයි. 2026 මැයි මාසයේ දී රට පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,600ක් වූ අතර, මේ වසරේ ජුනි මාසයේ පළමු සති දෙක තුළ පමණක් එම අගය 9,000 ඉක්මවා ගොස් ඇත. එනම්, දින 15ක් තුළ පෙර මාසයටම වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමයි.

 

1710765397 dengue 6

වඩාත් කනස්සල්ලට කරුණ වන්නේ බස්නාහිර පළාතේ තත්ත්වයයි. වාර්තා වන මුළු රෝගීන්ගෙන් 50%කට වඩා බස්නාහිර පළාතෙන් හමුවන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සතිපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 200%කින් ඉහළ ගොස් ඇත. තවමත් රෝග ව්‍යාප්තිය උපරිම මට්ටමට ළඟා වී නොමැති පසුබිමක, සෞඛ්‍ය පද්ධතිය දැනටමත් කාර්ය මණ්ඩල හා ඖෂධ හිඟයකට මුහුණ දීම ඉදිරි සති කිහිපය තුළ ඇති විය හැකි අර්බුදය පිළිබඳ පෙරනිමිත්තකි. මෙම පසුබිම තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ ‘ජනාධිපති කාර්ය සාධක බලකායක්’ හෝ ‘ජාතික මට්ටමේ කමිටුවක්’ පිහිටුවන ලෙසයි. තැනින් තැන ක්‍රියාත්මක වන හුදකලා ව්‍යාපෘති මඟින් මෙම අධි වසංගතයට මුහුණ දිය නොහැකි බව ඔවුන්ගේ ස්ථාවරයයි.

Degue 1200x675px 15 06 26 1000x600

 

ඔවුන් පවසන අන්දමට ජනාධිපති කාර්ය සාධක බලකායක වැදගත්කම අංශ කිහිපයකින් අවධාරණය කළ හැක:

සෞඛ්‍ය, පළාත් පාලන, ආරක්ෂක, අධ්‍යාපන හා මාධ්‍ය යන සියලු පාර්ශ්ව එකම ඉලක්කයක් වෙත යොමු කිරීම.

ඖෂධ, කාර්ය මණ්ඩල හා රසායන ද්‍රව්‍ය, හදිසි අවශ්‍යතා ඇති රෝහල් වෙත වහා යැවීම.

ජාතික සැලැස්මක් සකස් කර එය ග්‍රාම නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මට්ටම දක්වා ගෙනයාම.

ඒ අනුව, මෙය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස සැලකිය යුතු බවට විශේෂඥ වෛද්‍ය විජේසිංහ කරන අනතුරු ඇඟවීම අතිශයින් සාධාරණ ය.


Dengue 1200x675px 19 06 25 1000x600
රාජ්‍ය අංශය පවසන්නේ මෙම ව්‍යාප්තියට දිනපතා පවතින කෙටි වර්ෂාපතන රටාව හේතු වූ බවයි. පරිසරයේ විවිධ ස්ථානවල ජලය එක් වීමට ඇති හැකියාව මත එහි ද යම් සත්‍යතාවක් තිබේ. එය එක් සාධකයක් වුව ද, දත්ත මඟින් වඩා පැහැදිලි සම්බන්ධතාවක් නාගරීකරණය හා ඩෙංගු ව්‍යාප්තිය අතර පවතින බව පෙන්නුම් කරයි. මුළු රෝගීන්ගෙන් 50%කට වඩා බස්නාහිර පළාතෙන් වාර්තා වීම අහම්බයක් නොවේ.

මෙයින් මතු වන ප්‍රධාන ප්‍රශ්නය නම්: අධික ජනගහනයක් වෙසෙන මහ නගර සභා සහ නගර සභා බල ප්‍රදේශවල කසළ අපහරණ ක්‍රියාවලිය විධිමත්ව සිදු වෙනවා ද? යන්නයි. ඩෙංගු මදුරුවා බෝවීමට ප්‍රධානම තෝතැන්න වන්නේ ඉවතලන ප්ලාස්ටික්, පොල්කටු, ටයර් හා නිසි ලෙස කළමනාකරණය නොකරන කසළ ය. නාගරික පළාත් පාලන ආයතනවල දුර්වල කසළ කළමනාකරණය, කෙටි වර්ෂාපතනය සමඟ එක්ව ඩෙංගු බෝවීමට කදිම පරිසරයක් නිර්මාණය කොට ඇති බව පැහැදිලි ය.

 

hy5675

මෙම ජාතික ආපදාව හමුවේ ජනතාව නඟන සාධාරණ ප්‍රශ්නයක් වන්නේ, වත්මන් රජය මහත් අභිමානයෙන් හඳුන්වා දුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මේ සඳහා වහාම මැදිහත් නොවන්නේ ඇයි ද යන්නයි. නමින්ම ‘පිරිසිදු’ ශ්‍රී ලංකාවක් ඉලක්ක කරන වැඩසටහනක්, ඩෙංගු මර්දනයේ මූලිකම පියවර වන පවිත්‍රතාව හා කසළ කළමනාකරණය සඳහා සෘජුවම දායක විය යුතුය. රජය කලින් ප්‍රකාශ කළ අන්දමට පරිසරය පිරිසිදුව තබා ගැනීම, ජලය රැඳෙන ස්ථාන විනාශ කිරීම හා මහජනතාව දැනුවත් කිරීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ හි මූලික අරමුණක් විය යුතු බව ඒකාන්ත සත්‍යයකි. නමුත්, ජාතික ආපදාවකදී නිහඬව සිටීම එම වැඩසටහනේ ප්‍රායෝගිකත්වය හා කැපවීම පිළිබඳ අභියෝගාත්මක ගැටලු මතු කරයි. අප එසේ පවසනුයේ ඒ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැය කොට ඇති බැවිනි.මේ තත්වය මත බොහෝ දෙනකු පවසනුයේ “ක්ලීන් ශ්‍රී ලංකා”යනු වත්මන් ආණ්ඩුව මීයන් ඇල්ලීම සඳහා තනා ගත් හුරු බුහුටි මැටි බළලකු බව ය.

නමුත් මෙලෙස වාද-විවාද, තර්ක-විතර්ක මැද වුව ද ඩෙංගු වසංගතය තවදුරටත් රාජ්‍ය අංශයට පමණක් භාර දී විසඳිය හැකි ගැටලුවක් නොවේ. 2017 අත්දැකීම් අපට කියා දෙන්නේ ප්‍රමාද වන සෑම මොහොතකම වටිනා මිනිස් ජීවිත සිය ගණනක් අවදානමට ලක්වන බවයි.

 

rty45y45rtr
එබැවින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන පරිදි වහාම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා, සෞඛ්‍ය, පළාත් පාලන හා ආරක්ෂක අංශ ඒකාබද්ධ කර ඉලක්කගත ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුය. බෙහෙවින් අකර්මණ්‍ය බවට ජනතා චෝදනාවලට ලක් වූ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් ද මේ සඳහා සක්‍රීයව යොදා ගනිමින්, විශේෂයෙන් බස්නාහිර පළාතේ කසළ කළමනාකරණය හා මදුරු මර්දනය පිළිබඳ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය ය.

ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කිව යුත්තේ, අප රටේ ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට ‘අධි වසංගත මට්ටමක්’ දක්වා වර්ධනය වෙමින් පවතින මොහොතේ, රජයේ අබල-දුබලකම් ගැන විවේචනය කිරීමට වඩා පුද්ගල, පවුල් හා ප්‍රජා මට්ටමින් මෙම ඩෙංගු රකුසා මැඩලීමට අප සැම එක්ව ක්‍රියා කළ යුතු බවයි.

fathima_halalden.jpeg(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජය දෙස හෝ 'ක්ලීන් ශ්‍රී ලංකා' දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු | The Leader