The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : රනිල්ගේ නිවසට ගිය සජිත් කියූ සංවේදී කතාව

T

The Leader Desk

June 21, 2026 • 4:21 PM

සජිත්ගේ දේශපාලන සතිය : රනිල්ගේ නිවසට ගිය සජිත් කියූ සංවේදී කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි.
  • WTI වෙළඳපොලේ එය 76.54 විය.
  • පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකා - ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාව 6 වතාවක් ඉන්දන මිල වැඩි කළේය.
  • සමස්තයක් ලෙස මෙම ඉන්දන මිල වැඩිවීම් ගැන අඛණ්ඩ අවධානයෙන් පසුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිරිසක් සමඟ මෙම ඉන්දන මිලේ වැඩිවීම ගැන පුළුල් කතාබහක නිරතවී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සටහන ලියන දිනයේ බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 80.57 ලෙසය. WTI වෙළඳපොලේ එය 76.54 විය.

මෙම තත්ත්වය තුළ රටවල් රැසක ඉන්දන මිල ගණන් අඩු කරනු දැකගත හැකි අතර දකුණු ආසියානු කලාපයේ ආර්ථික අර්බුදයක සිටින රටක් වන පාකිස්ථානයද ලෝක වෙළඳපොලේ ඉන්දන මිල අඩුවීමට සාපේක්ෂව තම රටේ පැට්රල් ලීටරයක් පාකිස්ථාන රුපියල් 74 කින් සහ හයිස්පීඩ් ඩීසල් ලීටරයක් පාකිස්ථාන රුපියල් 67 කින් අඩු කිරීමට කටයුතු කළේය.

එහෙත් ශ්‍රී ලංකාවේ ඉන්දන මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන අතර අගමැති හරිනි අමරසූරියට අනුව එවැනි අඩුවීමක් පේනතෙක් මානයක ද නැත.

ඉන්දන සහනය ජනතාවට නොදෙන්නේ ඇයි ?

reete| ඉන්දන සහනය ජනතාවට නොදෙන්නේ ඇයි ?

පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකා - ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාව 6 වතාවක් ඉන්දන මිල වැඩි කළේය.

සමස්තයක් ලෙස මෙම ඉන්දන මිල වැඩිවීම් ගැන අඛණ්ඩ අවධානයෙන් පසුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිරිසක් සමඟ මෙම ඉන්දන මිලේ වැඩිවීම ගැන පුළුල් කතාබහක නිරතවී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාය.

“ මැදපෙරදිග යුද්ධය පටන් ගත්තට පස්සේ 6 වතාවක් මේ අය තෙල්මිල වැඩි කළා. සමස්තයක් විදිහට ගත්තම ඒ වැඩිවීම 40% කටත් වැඩීයී. දැන් බලන්න යුද්ධය පටන් ගත්ත පෙබරවාරි 28 වෙනිදාම මෙයාලා තෙල් මිලේ වැඩි කිරීමක් කළා. එදා ඉඳන් වැඩි කරපු සමස්ත ප්‍රමාණය ගත්තම ඔක්ටේන් 92 පැට්රල් රු 141 කින්, ඔක්ටේන් 95 පැට්රල් රු 155 කින්, ඔටෝ ඩීසල් රු 126 කින්, සුපිරි ඩීසල් රු 149 කින්, භූමිතෙල් රු 103 කින්. එදා පරණ ස්ටොක් එක තියාගෙන මිල වැඩි කරපු ආණ්ඩුව අද කියනවා ලෝකේ අඩු උනාට මෙහේ අඩු කරන්න බැරිලු, තියෙන්නේ පරණ ස්ටොක් ලු. මේක හරිම අසාධාරණ මිල වැඩි කිරීමක්.” කියමින් සජිත් ආණ්ඩුවට ලොකු චෝදනාවක් කළේය.

සජිත් පැවසුවේ මේ තෙල් මිලේ සැබෑ තත්ත්වය රටට හෙළිකරනැයි කියාය.

ඒ අනුව වෙන්නප්පුවේ පැවති ‘ පච මදිවට හොරු අනුරට බෑ ‘ සම්මන්ත්‍රණයේ අදහස් දැක්වීම් අතර ප්‍රධාන තැනක් ඉන්දන මිලටද යොමුව තිබුණේය.

rtete| පච මදිවට හොරු අනුරට බෑ  - වෙන්නප්පුව
චිත්‍රාල් ප්‍රනාන්දු සංවිධානය කර තිබූ ඒ සම්මන්ත්‍රණයේදී අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, වරුණ රාජපක්ෂ සහ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ප්‍රධාන කථිකයන් ලෙස එක්ව සිටියේය.

එහිදී මහාචාර්ය ප්‍රසන්න මිල සූත්‍රයට අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකි ආකාරය සංඛ්‍යා දත්ත මත පදනම්ව ඉදිරිපත් කළ අතර ඒ අනුව ඩොලරයේ අගයත්, තෙල් බැරලයේ අගයත්, ගොඩබෑම් ගාස්තු, නැව් ගාස්තු ඇතුළුව රජයට ලාබයක්ද තබා ගනිමින්, ඔක්ටේන් 92 පැට්රල් ලීටරයකින් රු 80 ත් 112 අතර මුදලකිනුත්, ඔක්ටේන් 95 පැට්රල් ලීටරයකින්, රු 80 ත් 121 අතර මුදලකිනුත්, ඔටෝ ඩීසල් ලීටරයකින් රු 67 ත් 98 ත් අතර මුදලකින් සහ සුපිරි ඩීසල් ලීටරයකින් රු 77 ත් 113 ත් අතර මුදලකිනුත් අඩු කළ හැකි බව පෙන්වා දුන්නේය. මිල සූත්‍රයට අනුව භූමිතෙල් අඩු කළ හැකි මිල පරාසය රු 64 ත් 85 ත් අතර අගයක පැවතීම බොහෝ දෙනා විමතිය පළ කළ කරුණක් වුණේ, දුප්පත් ජනතාව සහ වතු ජනතාව නිරත්තරයෙන් භාවිතා කරන භූමිතෙල් සඳහා ආණ්ඩුව මෙතරම් මුදලක් අය කර තිබීම නිසාය.

සමගි ගොවි පෙරමුණ වීදි බසී

r44rrr| සමගි ගොවි පෙරමුණ වීදි බසී

ගෙවී යන සතියේ විපක්ෂ නායක සජිත්ගේ වැඩි අවධානයක් යොමු වූ තවත් කරුණක් වී තිබුණේ ගොවි ජනතාව මුහුණ දෙන වී මිල ප්‍රශ්ණය සහ පොහොර මිල ප්‍රශ්ණය පිළිබඳවය.

“ පිරිවැය අනුව වී කිලෝවක ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද ?” මේ ප්‍රශ්ණය සජිත් විමසුවේ, මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

“ රජය වී කිලෝවකට ස්ථාවර මිලක් ලබාදෙන්න නම්, මිල සුත්‍රයක් නිර්මාණය කළ යුතුයි. ඒකෙදී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ කුළිය ආදිය ඇතුළත් කරලා වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රයක් හදන්න අවශ්‍යයි. එහෙම එකක් තියෙනවද?” සජිත් නිළධාරීන්ගෙන් විමසුවේ දත්ත, කරුණු සහිතවය.

එම අධීක්ෂණ කාරක සභාවේදී හෙළිදරව් වූ කරුණු මත සජිත් පොලොන්නරුවේ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා අමතා, “මේ ගොවීන්ගේ ප්‍රශ්ණය ඉතාම බරපතලයි, ආණ්ඩුවට වී මිලදී ගන්න හරි වැඩපිළිවෙලක් නෑ, පිරිවැය ගලපපු මිල සූත්‍රයක් නෑ, පොහොර නෑ, පොහොර සහනාධාරය නෑ. දැන්නම් ගොවියෝ එක්ක පාරට බහින්න කාලය හරි ඒකට හොඳ වැඩපිළිවෙලක් යොදන” කියා උපදෙස් දුන්නේය.

ssw| වී වලට ස්ථාවර මිලක් දෙන්න මිල සූත්‍රයක් නැත්තේ ඇයි ?
නායකයා කියූ සැණින් වහාම ක්‍රියාත්මක වූ කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා සිකුරාදා අරගලංවිල නගර මධ්‍යයේ ගොවි උද්ඝෝෂණයක් සංවිධානය කළේ, මහවැලි B කලාපයට අයත් ගොවි සංවිධාන 10 පමණ නියෝජිතයින් සමගය.

සමගි ගොවි පෙරමුණ ලෙස ඊට නායකත්වය දුන් කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා සමඟ එක්වූ ගොවි සංවිධාන නියෝජිතයින් අවධාරණය කළේ, දිවයින පුරා පිහිටි ගොවි සංවිධාන 19,600 යේම නියෝජිතයින් කොළඹට කැඳවා ආණ්ඩුවට එරෙහි දැවැන්ත ගොවි විරෝධයක් සිදු කිරීම වැඩි ඈතක නොවන බවය.

රටේ දිශානතිය වෙනස් කරන තීරණාත්මක හමුවක්

4344443| රටේ දිශානතිය වෙනස් කරන තීරණාත්මක හමුව

ශ්‍රී ලංකේය දේශපාලනයේ තිරය පිටුපස කතා බොහොමයක් සිදු වෙද්දී, රටේ අනාගතයට සුබවාදී සලකුණක් තැබූ තීරණාත්මක හමුවක් පසුගිය 13 සෙනසුරාදා කොල්ලුපිටිය 5 වැනි පටුමගේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේදී සිදුවිය.

වසර ගණනක් පුරා සමගියේ සහ එජාපයේ පාක්ෂිකයනුත්, මේ රටේ බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවත් බලාසිටි ඒ හමුවට එක්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහය.

ඉතා සුහදශීලී අයුරින් පැවති මේ හමුවට පාර කැපුණේ සමගියේ සභාපති කබීර්, මහලේකම් රංජිත්ගේ සහ සජබ - එජාප එකමුතුවේ පෙරගමන් කරුවකු වූ ලක්ෂ්මන් ෆොන්සේකාගේ මැදිහත්වීම නිසාය.

රනිල්ව දුටු සජිත් මුලින්ම කළේ රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමය.

සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජනයවී සුවය ලබමින් සිටින රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වයත්, සිදුකළ ප්‍රතිකාර ගැනත් තොරතුරු විමසූ සජිත් ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළේය.

රනිල් වික්‍රමසිංහට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා වූ ශිවදාසන් මහතාද සජිත්ගේ මිත්‍රයකු වීම නිසා ඔහු පිළිබඳ ද සජිත් මතකය අවධි කළේ සංවේදී කරුණක්ද සිහිපත් කරමින්ය.

“ඔය ඩොක්ටර් සිවදාසන් හරිම දක්ෂයි, මිනිස්සු දහස් ගණනක ජීවිත බේරලා ඇති, අනේ ඒත් එයාගේ පුතා අඩු වයසින් නැතිවුනා. මම හිතන්නේ ඒත් හාට් ප්‍රශ්ණයක්.”

පසුගිය අරගල සමයේ රනිල්ගේ එම පෞද්ගලික නිවසට ගිනි තැබීම නිසා එහි තිබූ පොත්පත් විශාල ගණනක් විනාශ වී තිබුණි.

රනිල්, සජිත්ව කැටුව ගියේ එදා ගින්නට හසු නොවී ආරක්ෂා වූ පොත්පත් ටික පෙන්වන්නටය.

“ මගේ අම්මගේ, තාත්තගේ, වගේම මගෙත්, මෛත්‍රීගෙන් පොත් ගොඩක් තිබුනේ උඩ තට්ටුවේ රාක්කවල, ඒවා ඔක්කොම විනාශ වුනා, ඉතුරු වුණේ මේ කාමරේ තිබුන මේ පොත්ටික විතරයි. මට දුක ඒ විනාශ වෙච්ච සමහර පොත් එළියේ හොයා ගන්නත් නෑ.”

ඒ කතාබහෙන් අනතුරුව දෙදෙනාගේ අවධානය යොමු වුණේ, රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැනය.

එහිදී රනිල්, සජිත්ට කියා සිටියේ, මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති නිසා තරුණයින් සහ දක්ෂයින් එක්කර ගනිමින් වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන ලෙසය. ඊට තමන්ගේ පූර්ණ ආශිර්වාදයද හිමිවන බව රනිල් අවධාරණය කළේය.

මේ අයුරින් පැය දෙකකට ආසන්න කාලයක් ඉතා ධනාත්මකව පැවති සාකච්ජාව අවසානයේ සජිත් රනිල්ට සමුදී තිබුණේ යළිත් දවසක හමුවෙමු යන සුබවාදී අදහස ද ලබා දෙමින්ය.

එක්වීම තහවුරුයි සජිත් අවධාරණය කරයි

54554| සජිත්ට මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය

ඉරිදා මහනුවරට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.000000yutyu 1000000yutyu 2


එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය ලෙස එක්වන බවත්, පක්ෂ දෙකෙහිම අනන්‍යතාව සුරක්ෂිත කරමින් එම ගමන ක්‍රියාත්මක කරන බවත් සජිත් එහිදී මාධ්‍යයට අවධාරණය කළේය.

“ සමගි ජන බලවේගය දිගින් දිගටම පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටිනවා. අපි පළාත් සභා ඡන්දයට සූදානම්. ඒත් ආණ්ඩුව ජනමතයට බයයි. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැත්තේ ඒ නිසා විය යුතුයි.”

එසේ කියූ සජිත් ගියේ මහනුවර මහරෝහලේ පැවති උත්සවයකට එක්වීමටය.

සමගි තරුණ බලවේගය අලුත් ගමනක

454ttdfd| සමගි තරුණ බලවේගය අලුත් ගමනක

සමගි ජනබලවේගය වටා තරුණයින් ඒකරාශී කරගැනීමේ වගකීම සජිත් මේ වනවිට පවරා ඇත්තේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක තරුණ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුටය.

ප්‍රසාද් සිරිවර්ධන, චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති සහ සුරංග රත්නායක ඒ සිව්දෙනාය.

ඔවුන් අම්පාරෙන් ආරම්භ කළ තරුණයින් ඒකරාශි කරගැනීමේ වැඩසටහන මේ වනවිට දිස්ත්‍රීක් රැසක ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව දිස්ත්‍රීක් තරුණ බලමණ්ඩලවල නිළධාරීන් පත්කර ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් තිබේ.

මේ සිව්දෙනාට සමගියේ තරුණ්‍යය භාර කරමින් සජිත් කියා තිබුණේ…,

“සමගි ජනබලවේගය කථාවට විතරක් සීමා වෙච්ච පක්ෂයක් වෙන්න බෑ, මුල්තැන දෙන්න ඕන ක්‍රියාවට. එදා මම ඈත ගම්මානවල දරුවන්ට සුහුරු පන්තිකාමර දුන්නේ ඉලක්කයක් ඇතිව, ඒ තමයි පාසැලේ ඉඳන්ම මේ රටේ දරුවෝ, ඩිජිටල් තාක්ෂණයට හුරු කිරීම, දරුවගේ බය නැති කරන එක. දැන් ඔයාලා 4 දෙනත් සමගි තරුණ බලවේගයේ සාමාජිකයවත්, ඩිජිටල් සාමාජිකයෙක් කරන්න ඕන. තරුණයන් එකතුකර ගැනීම වගේම ඒක මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දෙවෙනි දේ. මේක challenge එකක්, ඔයාලා ඒක achieve කරන්න.”

සජිත්ගේ ඒ අභියෝගය භාරගත් සමගි තරුණ බලවේගය චතුර ගලප්පත්ති මන්ත්‍රීවරයා සමඟ එක්ව මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට පක්ෂයක අභ්‍යන්තර නිලවරණ ක්‍රියාවලියක් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් E-Voting ඔස්සේ පැවැත්වීමට අද වනවිට කටයුතු කර තිබේ.

ඒ අනුව අද සමගි තරුණ බලවේගයේ මාතර දිස්ත්‍රීක් නිළවරණය පැවැත්වුණේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේය.

මේ වසරේ පෙබරවාරි 09 වනදා අම්පාරෙන් ආරම්භ කළ සමගි තරුණ බලවේගයේ නව ගමන, ජුනි 21 වනදා වනවිට ඩිජිටල්කරණයට ලක්කිරීම සැබවින්ම සමගි බලවේගය කතාවට සීමා නොවී ක්‍රියාවට මුල්තැන දෙන පක්ෂයක් බවට පත් කරන සජිත්ගේ සිහිනය ඉටු කිරීමේ තවත් පියවරක්ය.

පක්ෂ ක්‍රියාවලියද ඩිජිටල් පරිවර්ථනයකට යොමු කළ යුතු බවට සජිත් තුලවූ චින්තනය යථාර්තයක් කළ පිරිසට සජිත් දුරකථන ඇමතුමක් දී සුබපැතුවේ මහනුවර සිටය.

සමගි තාරුණ්‍යයෙන් මහනුවරට හුස්මක්

sfgsrtw| සමගි තාරුණ්‍යයෙන් මහනුවරට හුස්මක්

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 102 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර මහරෝහලට රු ලක්ෂ 30ක අධික වටිනාකමින් යුත් හිමෝ ඩයලසීස් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට සමගි තරුණ බලවේගයේ මහනුවර දිස්ත්‍රීක්ක කණ්ඩායම තීරණය කළේ, දිට්වා ආපදාවෙන් සිදු වූ හානි සොයා බැලීමට පැමිණි අවස්ථාවේ සිදු කළ ඉල්ලීමක් ඉටු කිරීමක් ලෙසටය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 102 වන ජන්ම දිනය යෙදී ඇත්තේ ජුනි 23 ටය. එහෙත් එදින පාර්ලිමේන්තු දිනයක් නිසා විපක්ෂ නායක සජිත් මෙම කටයුත්ත 21 වන ඉරිදා දිනයට යොදාගන්නා ලෙස උපදෙස් දී තිබුණේ පියවරුන්ගේ දිනය ද එදිනට යෙදී තිබූ නිසා විය යුතුය.

කේෂ්ත්‍ර රැසක නියෝජිතයින් ගැටළු රැගෙන සජිත් හමුවට

dgrert| කේෂ්ත්‍ර රැසක නියෝජිතයින් ගැටළු රැගෙන සජිත් හමුවට.

15,000ක් වූ සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් තම ගැටළු රැගෙන ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ව හමුවිය.

එහිදී සජිත් අවධාරණය කළේ…,

 

“ නිදහස් අධ්‍යාපනය තුළින් උපාධිය ලබාගත් ඔබව, යම් යම් අවශ්‍යතා සපුරා ගැනීම අරමුණු කරගෙන, සේවා ව්‍යවස්ථා නිර්මාණය කරන්නත් ඉස්සෙල්ලා බඳවා ගැනීම් සිදුකිරීමම ඔබට කරපු අසාධාරණයක්. රාජ්‍ය සේවයේ ඉන්න උගත් පිරිසක් වෙච්ච ඔබව බඳවා ගැනීමේ විභාගයක්, නිසි වැටුප් තලයක්, නිසි උසස් වීම් ක්‍රමවේදයක් පවා නැතුව තමයි මේ විදිහට බඳවා ගැනීම් සිදුකරලා තියෙන්නේ. මේ ගැන ඉදිරි සතියේ මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරන්නම්”


එම අවස්ථාවට සහභාගී වූ සංවර්ධන නිළධාරීන් පැවසුවේ…, “ සර් මේ ආණ්ඩුව අපිට ගොඩක් පොරොන්දු දුන්නා, ඉස්කෝලවල උගන්නපු සංවර්ධන නිළධාරීන්ට පත්වීම් දෙන්න පොරොන්දු වුනා, අනිත් ආයතනවල ඉන්න සංවර්ධන නිළධාරීන් පුරප්පාඩු අනුව ස්ථිර කරන්නම් කිව්වා ඒත් ඒ කිසිම දෙයක් අද වෙනකම් කරලා නෑ. මේ අය කළේ අපිව ඡන්දේ දිනන්න පාවිච්චි කරපු එක විතරයි”

drtert
මීට අමතරව ගෙවුණු සතිය තුළ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්, වරාය වෘත්තීය සමිති, වනජීවී නිලධාරීන් මෙන්ම Nation Lanka ආයතනයේ මුල්‍ය වංචාවක් හේතුවෙන් පීඩාවට පත් පිරිසක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හමුවිය.  

(මම | බංගලා හංදියේ ලියුම්කරු )

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...