The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?

T

The Leader Desk

June 24, 2026 • 8:14 AM

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ජනතාවට තහනම් කලාපයක්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NPP ආන්ඩුවේ ඩොලර් බිලියන 36ක අපනයනය ඉලක්කය සහ පොහොසත් රටක් - සැබෑ කරන 2025-2030 අපනයනය සැලැස්මක් !
  • ඉහත සඳහන් පුවත්පත් සිරස්තල දෙක ජාතික ආර්ථිකයට නව බලාපොරොත්තුවක් පසුගිය සතිය තුළ ජනිත කර ඇති බව බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ආර්ථිකයට සම්බන්ධව උනන්දුවක් දක්වන අයගේ නිබඳ කතාබහට ලක් විය.
  •   විදේශ ආයෝජන මෙරටට ගෙන ආකර්ශනය කර ගැනීමේදීත්  අපනයනය සඳහා මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහය වන  රාජ්‍ය ආයතන කිහිපයක් ඇති බව නොරහසකි.
  • අපනයනය සදහා ඉහල දායකත්වයක් ලබාදෙන මෙරට නිෂ්පාදනය ක්‍රියාවලියට අවශ්‍ය එහෙත් දැනට තහනම් කර හෝ බලපත්‍ර ක්‍රමයට නතුකර ඇති භාණ්ඩ ආනයනය හෝ අපනයනය කිරීමට බලය ලබාදෙන උත්තරීතර ආයතනයක් වශයෙන් ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හඳුන්වා දිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආයෝජන ගේන්න දින 90වක ඇක්ෂන් ප්ලෑන් එකක් - BOI සහ EDB ව්‍යුහය මුළුමනින්ම වෙනස් වෙයි. සදුන් සහ චතුරංග බරට වැඩ.

ඉහත සඳහන් පුවත්පත් සිරස්තල දෙක ජාතික ආර්ථිකයට නව බලාපොරොත්තුවක් පසුගිය සතිය තුළ ජනිත කර ඇති බව බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ආර්ථිකයට සම්බන්ධව උනන්දුවක් දක්වන අයගේ නිබඳ කතාබහට ලක් විය.

මෙම ඉලක්ක දෙකම සඳහන් කර ඇති කාලසීමාව තුළදී සාක්ෂාත් කර ගැනීමට NPP රජයේ බලධාරීන්ට ශක්තිය ලැබේවා යැයි අපි මුලින්ම ප්‍රාර්ථනා කරන අතරම මෙවැනි ධනාත්මක යෝජනා  ක්‍රමයක් අනාගතයේ සමාජගත කිරීමට බාධා පමුණුවන තවත එක් රාජ්‍ය ආයතනයක් ගැන බලධාරීන් ට හෝඩුවාවක් ලබාදීම අපගේ අරමුණයි.

 

BOI logo
විදේශ ආයෝජන මෙරටට ගෙන ආකර්ශනය කර ගැනීමේදීත්  අපනයනය සඳහා මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහය වන  රාජ්‍ය ආයතන කිහිපයක් ඇති බව නොරහසකි.

එනම් ආයෝජන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, රේඛීය අමාත්‍යාංශයන් වන කෘෂිකර්ම, පශූ සම්පත් වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශයන් සහ, අපනයන සංවර්ධන මණ්ඩලය , මෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවද ඉතාමත් වැදගත් ආයතන සමූහයකි.

අපනයනය සදහා ඉහල දායකත්වයක් ලබාදෙන මෙරට නිෂ්පාදනය ක්‍රියාවලියට අවශ්‍ය එහෙත් දැනට තහනම් කර හෝ බලපත්‍ර ක්‍රමයට නතුකර ඇති භාණ්ඩ ආනයනය හෝ අපනයනය කිරීමට බලය ලබාදෙන උත්තරීතර ආයතනයක් වශයෙන් ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හඳුන්වා දිය හැකිය.

අපගේ සරල ප්‍රශ්නය වන්නේ ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක්  ලබා ගැනීමේදීත් දින 90කින් විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදිත් අප ඉහත සඳහන් කරන ලද ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව අනෙකුත් රේඛීය ආයතන සඳහා කොතරම් දායකත්වයක් ලබාදිය හැකිද යන්නත් එම ආයතනයට ඒ සදහා හැකියාවක් තිබේද යන්නයි.

එසේ සඳහන් කරන්නේ මෙම දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය සහ නිලධාරීන් ක්‍රියාකරන ආකාරය ගැන සමස්ත අපනයන සහ ආනයනකරුවන් මේ වනවිට කළකිරීමටත් දැඩි වෙහෙසටත් පත් වී ඇති නිසාය.

මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිසිදු ගනුදෙනු කරුවකුට කිසිදු අවස්ථාවක දී හමුවිය නොහැකිය.

පසුගිය වකවානුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනුවෙන් ගනුදෙනුකරුවන් හමුවීමට එන්නේ එතුමියගේ පෞද්ගලික සහාකාර නිලධාරීතුමිය වන අතර සියලුම  ගැටලු ඇයට පැවසීය යුතුය.  

customer 250814

මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ 2700ක් පමණ මෙම දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ ආනයනය බලපත්‍රයක් ලබාගෙන එහි සඳහන් කාලය ඉක්මවීමට පෙර  මෙරටට ආනයනය කළ යුතුය. එසේ කිරීමට නොහැකි වුවහොත් එම භාණ්ඩ නැවත ප්‍රතිඅපනයන කල යුතුය.

අමුද්‍රව්‍ය, ඇඟලුම්, ඖෂධ, කෘෂි ද්‍රව්‍ය, පැල සහ බීජ, රසායනික ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය වශයෙන් භාණ්ඩ 2700ක් මෙරටට ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගත යුතුය.

බලපත්‍ර නිකුත්කිරීමේ පූර්ණ බලය ආනයනය අපනයන දෙපාර්තමේන්තුව සතු වූවත් ආනයන අයදුම් පත්‍ර රේඛීය අමාත්‍යාංශ වලින්, සංස්ථා සහ දෙපාර්තමේන්තු මගින් රජයේ විවිධ පත්කරනු ලබන කමිටු මගින් නිර්දේශ කර එවන අයදුම් පත්‍රය පරීක්ෂා කර  4% ක සේවා ගාස්තුවක් අයකරගෙන ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම දෙපාර්තමේන්තුවට සති 2-3 අතර කාලයක් ගන්නා බව නොරහසකි. බොහෝවිට ආනයන බලපත්‍රයේ වලංගු කාලසීමාව සති 12 කි .

කොළඹ කොටුවේ හේමාස් ගොඩනැගිල්ලේ ස්ථාපනය කර ඇති මෙම කාර්යාලයට දිනකට 500-1000 ක් අතර අයදුම්කරුවන් ප්‍රමාණයක් තම අයදුම් පත්‍ර අනුමත  වූවාද යන්න පරීක්ෂා කිරීමට පැමිණෙන බව ඔබ දන්නවාද?

මුල් කාල වල Manually ක්‍රියාත්මක වූ මෙම කාර්යාලයේ කටයුතු දැන් පරිගණක ගත කර ඇත. අයදුම්කරුවන්ට එම අයදුම් පතෙහි ගමන් මාර්ගය සහ එම අයදුම් පත කොතෙක් දුරට සම්පූර්ණ වී ඇත්ද යන්න වෙබ් අඩවියට ගොස් බලා ගත හැකිය.

 

ICED

කලමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ක්‍රමානුකූලව සහ වේගයෙන් සකසන අයදුම්පත් අනුමත කිරීමේ අවස්ථාවට පැමිණි විට හිරවන ( Dead lock ) අතර සති ගණනාවක් පරිගණකයේ පවතින බවත් බලපත්‍ර අයදුම්කරුවන් අප වෙත දන්වා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්වය. අඩුම වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන ලබා ඇති පරිගනක ප්‍රගතිය මෙන් දිනකට ලැබුණු අයදුම්පත් ප්‍රමාණය අනුමැතිය ලබා දෙන ලද ප්‍රමාණය සහ දිනකදී නිකුත් කරන ලද බලපත්‍ර ප්‍රමාණය හෝ තම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නොමැත.

හාන්ස් මහතාගේ රාජ්‍ය පරිගණකරන ව්‍යාපෘතිය තවම ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවට පූර්ණ වශයෙන් පැමිණ නැත.

මෙහිදී වැදගත්ම කාරණාව නම් මෙම දෙපාර්තමේන්තුව පාලනය වන්නේ මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා යටතේ බවත් ඇති මුදල් අමාත්‍යාංශයෙන් බව ද අවසාන වශයෙන් සඳහන් කරමු.

(විශේෂ ලියුම්කරුවකු විසිනි)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...