The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා රජයට එරෙහි ජිනීවා ඡන්දය 22 දා : බහුතරය යෝජනාවට පක්ෂව ?

T

The Leader Desk

March 20, 2021 • 7:47 AM

ශ්‍රී ලංකා රජයට එරෙහි ජිනීවා ඡන්දය 22 දා : බහුතරය යෝජනාවට පක්ෂව ?    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මාර්තු 22 වැනි සඳුදා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා රජය පිලිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට එම
  •   එවැනි සාකච්ඡාවල දී යෝජනාවට සහාය දීමට බහුතර රටවල් කැමැත්ත පළකර ඇතැයි සාකච්ඡාවට සම්බන්ධ වූ මානව හිමිකම් ක්‍රියාකාරීකයෙක් 'අනිද්දා' පුවත්පතට පවසා තිබේ.
  •         දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා රජයට පක්ෂව හෙවත් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කර ඇති රටවල් සංඛ්‍යාව 15ට අඩු බව එම මානව හිමිකම් ක්‍රියාකාරිකයා 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.
  • කවුන්සිලයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි.          ඉන්දියාව සහ ජපානය තම මතය තවමමත් ප්‍රකාශ කර නැතත්, එම රටවල් ඡන්ද ප්‍රකාශ නොකර සිටිනු ඇතැයි එම සාකච්ඡාවට සහ සහභාගී වූ කණ්ඩායම් අනුමාන කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
කවුන්සිලයේ සාමාජික රටවල් බහුතරයක් කැමැත්ත පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවන බව 'අනිද්දා' සති අන්ත ජාතික පුවත්පත වාර්තා කරයි.
 
එම යෝජනාව සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ රජය පාර්ශවයෙන් සහ කෝර ගෘප් (ලංකාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම) රටවල් පාර්ශවයෙන් විවිධ රටවල් සමඟ සාකච්ඡා වට පවත්වන ලදී.
 
එවැනි සාකච්ඡාවල දී යෝජනාවට සහාය දීමට බහුතර රටවල් කැමැත්ත පළකර ඇතැයි සාකච්ඡාවට සම්බන්ධ වූ මානව හිමිකම් ක්‍රියාකාරීකයෙක් 'අනිද්දා' පුවත්පතට පවසා තිබේ.
 
 
 
 
දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා රජයට පක්ෂව හෙවත් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කර ඇති රටවල් සංඛ්‍යාව 15ට අඩු බව එම මානව හිමිකම් ක්‍රියාකාරිකයා 'අනිද්දා' පුවත්පතට පවසා ඇත. කවුන්සිලයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. 
 
 
 
 
ඉන්දියාව සහ ජපානය තම මතය තවමමත් ප්‍රකාශ කර නැතත්, එම රටවල් ඡන්ද ප්‍රකාශ නොකර සිටිනු ඇතැයි එම සාකච්ඡාවට සහ සහභාගී වූ කණ්ඩායම් අනුමාන කර ඇත.
 
'අනිද්දා' සමග අදහස් දක්වා ඇති මානව හිමිකම් ක්‍රියාකාරිකයා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව මියන්මාරයේ මිලිටරි පාලනය පිළිගැනීමත්, අන්තවාදීන් පුනරුත්ථාපනය සඳහා යැයි ගැසට් නිකුත් කිරීමත්, අසාද් සාලි අත්අඩංගුවට ගැනීමත් වැනි සිදුවීම් පෙන්වාදෙමින් මුස්ලිම් රටවල් සහයෝගයත් යෝජනාවට පක්ෂව ලබාගැනීමට මේ වන විට සාකච්ඡා පවත්වන බව ය.
 
 එහෙත් මුස්ලිම් රටවල් කිහිපයක්ම මේ වන විට යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා රජයට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර ඇතැයි ඔහු කීවේය.
 
 
 
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩකිරීම් :
 
 
 
ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට අදාල යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්වය. ඒ, ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩවීම පිළිබඳ කරුණු ඇතුළත් කරමිනි.
 
කෙසේවෙතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බවයි. 
 
 
 
අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
 
 
''ඉකුත් කාලය පුරා රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කෙරුණා. මේ පිළිබඳ ආණ්ඩුව අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් කළා.''  යයි  පවසන අමාත්‍යවරයා, අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට අය-වැයෙන් පවා මුදල් වෙන් කර තිබෙන බවද කියා සිටියි.
 
 
 

Dinash 2021.03.20

 
 
එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ පිළිබඳ නොසළකා හැර නැවත නැවත ශ්‍රී ලංකා රජයට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
 
ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා පරාජය කිරීමට උත්සහා ගන්නා බව ඔහු අවධාරණය කර සිටියි.
 
 ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් මෙවර ඉන්දියාවද ශ්‍රී ලංකාවේ සහයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
 
 
 
###############
 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...