මේ සතියේ ලියන්නට මාතෘකා රාශියක් තිබේ. එක පැත්තකින් ගිලුණු නෞකාවේ කතාව තවමත් නිමා වී නැත.

තවත් පැත්තකින් කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සමහර ප්‍රදේශවල තිබෙන ගැටලුය. තවත් පැත්තකින් පාසල් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි අනිවාර්ය කළ යුතු ද යන කාරණයය.  

මේ මාතෘකා අතර සමාජයේ විශාල අවධානයක් ලබාගෙන ඇති කාරණයක් වන්නේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට රජය ගත් තීරණයයි. මේ තීරණය පිළිබඳව විවිධ පැතිවලින් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ මතු වෙන්නට පටන්ගෙන තිබේ. මා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මේ පොහොර ප්‍රශ්නය පිළිබඳවය.
 
මා මේ සටහන ලියන අද දිනයේ (බදාදා) උදෑසන මේ කාරණය පිළිබඳව තිබූ සාකච්ඡාවකට මට ද සහභාගි වෙන්නට අවස්ථාවක් ලැබුණි. ඒ සාකච්ඡාවට සහභාගි වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා බරපතළ ආකාරයෙන් තර්ක කළේ රජයේ මේ රසායනික පොහොර තහනම 1965 කාලයෙන් පසු රජයක් විසින් ගත් හොඳම තීරණය බවයි. 
 
 rfgtfgsdgf
''රසායනික පොහොර තහනම 1965 කාලයෙන් පසු රජයක් විසින් ගත් හොඳම තීරණයයි''- වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
 
  
සංඛ්‍යාලේඛන විශාල වශයෙන් යොදා ගනිමින් ඔහු තර්ක කළේ මේ රටේ අහිංසක ගොවි ජනතාව එක පැත්තකින් රෝගීන් කරන්නටත්, තවත් පැත්තකින් මූල්‍ය වහලුන් කරන්නටත් කැමැති අය මිස වෙනත් කිසිවකු රසායනික පොහොර වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවය.
 
 පාදෙණියගේ මේ අදහසට විශාල පදනමක් ලෙසින් ඔහු පෙන්නා දුන්නේ උතුරු මැද පළාතේ 1991න් පසු කාලයේ සිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව රසායනික පොහොර සහ කෘමි රසායනික දියර බවය.
 
 
 
දේශපාලනික සහ සමාජ විද්‍යාත්මක පැත්ත...
 
මෙම සාකච්ඡාව සඳහා මා ඉදිරිපත් කළ ප්‍රධාන අදහස වූයේ මෙම ගැටලුව හඳුනා ගැනීම සහ එයට පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වනවා වගේම, ඒ විසඳුම ක්‍රියාත්මක කිරීමේ උපක්‍රමික මැදිහත්වීමක් නිර්මාණය කරගැනීමත් අවශ්‍ය බවයි. පිළිතුරක් පිළිබඳව අදහස් පළකිරීම තරම් ඒ පිළිතුර සමාජය තුළ ස්ථාපිත කිරීම පහසු නොවන බව මගේ යෝජනාව විය.
 
මේ පොහොර සම්බන්ධ ගැටලුව ගැන අත්දැකීමෙන් කතා කරන්නට හෝ රසායනික පොහොර විශේෂඥතාවකින් කතා කරන්නට හෝ හැකියාවක් මට නැත. 
 
එහෙත් මේ කාරණයේ දේශපාලනික සහ සමාජ විද්‍යාත්මක පැත්ත පිළිබඳව කතා කිරීමේ හැකියාවක් මට ඇත. 
 
විශේෂයෙන්ම සමාජයේ මේ කාරණය පිළිබඳව සිදුවන සාකච්ඡාව ගැන සංවේදී වීමේ විශාල අවශ්‍යතාවක් ඇති බව පෙනී යන්නේ රජයේ උත්සාහය නිසි ආකාරයෙන් සමාජගත වී නොමැති බව පෙනී යන නිසාය.
 
මුලින්ම කිව යුතු කාරණය වන්නේ සංකල්පයක් හා යෝජනාවක් ලෙසින් කාබනික පොහොරට අපේ ගොවිතැන යොමු කිරීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ එක් වැදගත් කාරණයක් බවයි. එය දේශපාලන පොරොන්දුවක් ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. 
  
ඒ නිසා ජනාධිපතිතුමාගේ යෝජනාවක් ලෙසින් පොහොර සම්බන්ධ නව තීරණ කිහිපයක්ම ගැනීමට රජය ක්‍රියාත්මක වන්නේ ඉහතින් දැක්වූ දේශපාලන පොරොන්දුව ප්‍රකාරව බව ඉතාමත් පැහැදිලිය.
 
 grtf bvcv
ශ්‍රී ලංකාව වස විස නැති කෘෂිකර්මාන්තය තිබෙන පළමු රට බවට පත් කිරීමේ උත්සාහය.
 
 
මේ සඳහාම වූ කැබිනට් පත්‍රිකාවක් ද අනුමත වී ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පිහිටුවා ඇත. එම බළකාය සඳහා විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වා ඇති කණ්ඩායමක් ද විශේෂඥයන්ගේ පැත්තෙන් පත් කර ඇත. 
 
එයට අමතරව මේ විෂයයට අදාළ සම්බන්ධතාවක් ඇති අමාත්‍යාංශවල ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමන්විත මේ කාර්ය සාධක බළකායේ මේ වනවිටත් වැඩ කටයුතු ආරම්භ කර ඇත. 
 
මෙම ක්‍රියාමාර්ගයේ තවත් එක් පියවරක් ලෙසින් කෘෂි රසායන ශ්‍රී ලංකාවට ගෙන්වීම මේ වනවිට තහනම් කර ඇත. අපේ රට වස විස නැති කෘෂිකර්මාන්තය තිබෙන පළමු රට බවට පත් කිරීම රජයේ උත්සාහය බව මේ වනවිටත් ප්‍රකාශයට පත් වී ඇත.
 
 
 
‘කරන ඕනෑම දෙයකට ඔහේ විරුද්ධ වෙන’ කණ්ඩායම් !
  
මේ තත්ත්වයත් සමඟ සමහර පාර්ශ්ව වෙතින් මතු වී ඇති විවේචන ගණනාවක්ම තිබෙන බව ද පෙනී යන කරුණකි. 
 
මේ විවේචන සමහරක් ඉදිරිපත් වෙන්නේ ‘කරන ඕනෑම දෙයකට ඔහේ විරුද්ධ වෙන’ කණ්ඩායම්වලින් වන අතර, තවත් සමහර විවේචන පැමිණෙන්නේ සාමාන්‍ය ජනතාව තුළින්ය. මේ විවේචනය සම්බන්ධයෙන් ශක්තිමත් මැදිහත්වීමක් රජය පැත්තෙන් මාධ්‍ය අවකාශයේ සිදු කළ යුතු බව මගේ අදහසයි.
 
මේ විවේචනවලින් මතු කරන එක් කාරණයක් වන්නේ මේ වැඩසටහන නිශ්චිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි. 
 
අපේ රටේ කෘෂිකර්මාන්තය විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙන බැවින් ඒ ඒ ක්ෂේත්‍රවලට වෙන වෙනම මේ තත්ත්වය ගැළපිය යුතු බව ඒ අයගේ අදහසයි. 
 
මේ රටේ පොහොර භාවිතය එක් පැත්තකින් වැවිලි භෝග (තේ වැනි) සඳහා විශාල වශයෙන් යොදා ගන්නා අතර, තවත් පැත්තකින් උඩරට එළවළු වගාව, රජරට හා නැගෙනහිර පළාතේ වී වගාව වැනි ක්ෂේත්‍රවලට විශාල වශයෙන් යොදා ගනී. සමහරුන්ගේ යෝජනාව වන්නේ මේ ක්ෂේත්‍රවලට වෙන වෙනම රසායනික පොහොර තහනම පිළිබඳ තීරණය ගැනීම සුදුසු බවයි.
 
 
 
අපේක්ෂිත අස්වැන්න ලබාගත හැකි ද ?
 
දෙවැනිව මතුවන ප්‍රධාන තර්කය වන්නේ, මේ වනවිට අපේ රටේ බීජ තාක්ෂණය සහ බීජවල තත්ත්වය මත රසායනික පොහොරවලින් තොරව බලාපොරොත්තු වෙන අස්වැන්න ප්‍රමාණය ලබාගත හැකි ද යන්නයි. 
 
දෙමුහුන් බීජ මත සිදු කරන කෘෂිකර්මාන්තයට බරපතළ ආකාරයෙන් රසායනික පොහොර යෙදීමට ගොවියන් පුරුදු වී ඇත්තේ එමගින් තමන් බලාපොරොත්තු වෙන පලදාවක් ලබාගැනීමේ හැකියාව ඇතැයි සිතන නිසාය. රසායනික පොහොර නොදැම්මොත් ගොවිතැන අසාර්ථක වේ යැයි බරපතළ මතයක් ඒ අය තුළ පවතී. 
 
 
බරපතළ දේශපාලනික කාර්යයක්  :
 
මේ මතයට පදනමක් නැති බව විශේෂඥයන් ප්‍රකාශ කළ පමණින් ගොවියන් මේ අදහසින් බැහැර වෙන්නේ නැත. ඒ නිසා මේ කාර්ය සාධක බළකායේ එක් ප්‍රධාන කාර්යභාරයක් බවට මේ මතවාදය පරාජය කිරීම පත්වීම අනිවාර්යය. 
 
විද්‍යාත්මකව කිසිදු පදනමක් නැතත් ජනතාවගේ විශ්වාසය තිබෙන්නේ එවැනි විද්‍යාත්මක පදනමක් නැති දෙයක් කෙරෙහි නම්, එය වෙනස් කිරීම තාක්ෂණික කාරණයක් පමණක් නොව බරපතළ දේශපාලනික කාර්යයක් ද වෙන බව මගේ අදහසය. 
 
ඒ නිසා කාබනික ගොවිතැනට ගමන් කිරීමේදී බීජවල තත්ත්වය හෝ අස්වැන්නේ අඩුවීමකට නොයන බව සමාජයේ පිළිගන්නා මතයක් බවට පත් කිරීමේ මෙහෙයුමක් මේ කාර්යයේදී අනිවාර්ය බව මගේ යෝජනාවයි.
 
 ghfghgfh
 
මීළඟ වැදගත් කාරණයක් වන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව සමහර විශේෂඥයින් මතු කරන අදහස් සහ බිම පවතින කෘෂිකර්මාන්තය අතර බරපතළ වෙනසක් ඇති බව පෙනී යාමය. 
 
අද වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙසින් කරන අය එය කරන්නේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තයක් (Commercial Agriculture) ලෙසින් මිස හුදු තමන්ගේ පරිභෝජනයට ගෙවත්තක් හදා ගැනීමේ අර්ථයෙන් නොවේ. 
 
  
සමහර විශේෂඥයන් මධ්‍යම පාන්තිකයන්ගේ කෝණයෙන් තමන්ට ගුණදායක එළවළුවක් ආහාරයට ගැනීමේ අවශ්‍යතාව මතු කරන නමුත්, ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ යෙදෙන්නා ඒ වෘත්තිය කරන්නේ හොඳ එළවළු ටිකක් ගෙදර ගෙන යාමේ අවශ්‍යතාවකින් නොවේ. ඔහුට අවශ්‍ය වැඩි පලදාවක් අඩු කාලයකින් ලබාගැනීම වැනි ව්‍යාපාරික තත්ත්වයක් බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. 
  
උඩරට අල වගා කරන්නන්, කල්පිටියේ පේර වගා කරන්නන්, රාජාංගනයේ වී වගා කරන්නන් එසේ කරන්නේ පෞද්ගලික පරිභෝජනයෙන් එහාට ගිය ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් නිසා, ඒ අවශ්‍යතා ඉටුවෙන ආකාරයේ කාබනික පොහොර භාවිතයක් ඒ අයට හුරු කිරීම ඉතාමත් ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පිළිගැනීම වැදගත්ය. 
 
විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල සිදු කරන අපනයන කෘෂිකර්මාන්තය තනිකරම පදනම් වෙන්නේ ව්‍යාපාරික අවශ්‍යතා මතය. 
 
කුලියාපිටිය ප්‍රදේශයේ සිදු කරන සමහර මල් වගාවන් වැනි දේවල් කෙරෙහි මේ නව කාබනික පොහොර භාවිතය බලපාන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතාමත් වැදගත් වන්නේ එය විදේශ මුදල් ලැබෙන අපනයනයට සම්බන්ධ නිසා පමණක් නොවේ. මේ ප්‍රදේශවල බොහෝ තරුණ තරුණියන් රජය මත බර තබමින් රැකියා සොයමින් පෝළිමේ නොඑන සහ රටට විදේශ ප්‍රාග්ධනය ලබාදෙන ව්‍යාපෘතීන් ලෙසින් මේ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිසාය.
 
මේ අලුත් ප්‍රතිපත්ති තීරණය සමඟ අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ කෘෂි විද්‍යා පීඨවල සහයෝගය ලබාගැනීම මෙම කාර්ය සාධක බළකාය හමුවේ ඇති තවත් වැදගත් අභියෝගයකි.
  
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ රටේ තිබෙන ඉතාමත් වැදගත් ආයතනයක් වනවා පමණක් නොව, රටේ ආර්ථිකයට විශාල සහායක් ලබාදෙන ආයතනයක් බව ද සැබෑවක්ය. ඒ ආයතනය සතුව සිටින විශේෂඥයන්ගේ ගණන ද විශාලය. 
 
ඒ විශේෂඥභාවයත් මේ නව ප්‍රතිපත්ති වෙනසට සහායක් ලෙසින් යොදා ගැනීම ඉතාමත් වැදගත්ය. 
 
මගේ තේරුම් ගැනීමට අනුව මේ නව කාර්යයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සක්‍රියව දායක කරගැනීම සඳහා මේ ව්‍යපෘතියේ කේන්ද්‍රියටම ඒ අය කැඳවා ගැනීම ඉතාමත් අවශ්‍යය.
 
විශේෂඥයන්ගේ සිරිත වන්නේ වෙනත් විශේෂඥයකුගේ අදහස් පිළිගැනීමට වඩා තමන්ගේ අදහසට යම් පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ දැරීමය. එසේ පිළිගැනීමක් නොලැබෙන තත්ත්වයක ඒ අය කරන්නේ ඒ වැඩේ පස්සට ඇදීමය.
 
 ඒ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් වැනි අයගෙන් ලැබෙන කෘෂිකාර්මික උපදෙස් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් නොපිළිගැනීමේ තැනකට මේ වැදගත් ක්‍රියාදමය තල්ලු වීමට ඇති ඉඩ අවම කිරීම ඉතාමත් වැදගත් බව මගේ යෝජනාවය.
 
 
 
 
පැරැණි අත්දැකීම් උකහා ගැනීම :
 
gfhgfhd
 
මේ ප්‍රශ්නයට සම්බන්ධ තවත් පැත්තක් තිබේ. අපේ රටේ හැමදාම කරන්නේ රෝදය අලුතින් සොයා ගැනීම වැනි දේවල් නිසා, මේ වැඩසටහනට සහයෝගය ලබාගත හැකි මීට පෙර සිදු කරන ලද සමහර වැදගත් දේවල් මඟහැරීමේ ඉඩක් ද තිබිය හැකිය. 
 
2015–2019 රජයේ ජනාධිපති කාර්ය සාධක බළකායක් මගින් මේ ආකාරයෙන්ම වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බව ද සැබෑවක්ය. ඒ ව්‍යාපෘතියේ වාර්තා නැවත අධ්‍යයනය කිරීමත්, ඒ මගින් උගත හැකි යම් කරුණක් තිබේ නම් එය මේ ව්‍යපෘතියේ ශක්තියට යොදා ගැනීමත් ඉතාමත් සුදුසුය.
 
පැරැණි අත්දැකීම් සම්බන්ධ තවත් කාරණයක් වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධව, අපේ රටේ මීට පෙර ආරම්භ කළ ව්‍යාපෘති සම්බන්ධව අවධානය යොමු කිරීමය. 
 
මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද පිළිසරු කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය මේ වනවිට යටිතල පහසුකම් පැත්තෙන් සියල්ල සම්පූර්ණ වී ඇති බව අපි දන්නා කාරණයක්ය. එම වැඩසටහන යළිත් ශක්තිමත් කර ඉදිරියට ගැනීමත් මෙහිදී වැදගත්ය.
 
රසායනික පොහොර සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රට සතුව ඇති සියලු බලවේග එක්තැන් කරමින් තිබෙන මේ මොහොතේ, ඒ සම්බන්ධ මතු වී ඇති මේ ගැටලු කිහිපය සාකච්ඡා කිරීම වැදගත් බව මගේ අදහසය.
 
 
ChariithaH(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති 
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.) 
 
 
(කිවිදා දැක්ම - ලංකාදීප)
 
 
 
 
 
කියවන්න :
 
 

 

 

 


 

 
THE LEADER TV 
 
 

 

මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

 

සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්