ඉන්දියාව නොමිලේ දුන් කොවිශීල්ඩ් එන්නත් ටිකෙන් එක එන්නතක් පමණක් විද ගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැන් දෙවැනි එන්නතට අවශ්‍ය කාලයද ඉක්ම ගොස් දෙවැනි මාත්‍රාව නොමැතිව නන්නත්තාර වී සිටිති. 
මීට හේතුව සහමුලින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලොක්කන් ය. 
 
අදාල ඇනවුම් කිරීම සාමාන්‍ය පරිදි සිදුකරන්නේ නැතිව බක පණ්ඩිතයන් වීමට ගොස් කාලය මාස ගණනින් පමා කර ගනිමින් මෙවිපත සිදුකර ඇත්තේ සංස්ථාවේ සභාපති ඇතුළු පිරිසය. 
 
සාක්කි සහිත ලිපිලේඛන වලින් එබව තහවුරුවේ.
 
01-  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රසම්පාදන ආයතනයකි. මෙම ආයතනයට ඔවුන් විසින්ම ප්‍රසම්පාදන ඇණවුමක් ආරම්භ කිරීමට බලයක් නොමැත. තවද, ඔවුන්ට ආනයනකරුවන් නියාමනය කිරීමේ බලයක්ද නොමැත.
 
 
තවදුරටත් තොරතුරු දැනගැනීමට මෙහි පහත දක්වා ඇති නීතීඥ රනිල් අඟුනාවෙලගේ (LexAG partner) උපදෙස් උපුටා දැක්වීම කියවන්න .
 
අ ) සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රසම්පාදන ඇණවුමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතට යොමු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට එම ඇණවුම මත ක්‍රියාත්මක විය හැක.
 
 
ආ) කෝවිඩ් 19  හා  සම්බන්ධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ  අනුව  ප්‍රසම්පාදන මිල යම් කිසි අගයකට වඩා වැඩි නම් (උදා. රුපියල් මිලියන 500 කට  වඩා), ඒ  සඳහා  අමාත්‍ය  මණ්ඩලය  පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් අවශ්‍යය.
 
 
ඇ) රුපියල් මිලියන 25කට වැඩ වැඩි හදිසි සහ විශේෂිත ප්‍රසම්පාදන සඳහා අනුමැතිය  කැබිනට් මණ්ඩලයෙන්ම  ලබා  ගත  හැක. (පහත දැක්වෙන මාර්ගෝපදේශ සහ නීතිඥවරුන්ගේ මතය මෙයයි).
 
 
ඈ) ඉහත  සඳහන් කළ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාව එකම ප්‍රසම්පාදන කටයුතු කිරීමේ ආයතනය නොවේ.
 
 
වැදගත් කරුණ:
 
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව දේශීය නියෝජිතයන් හා සම්බන්ධ වී ඔවුන්ගෙන් විරුද්ධත්වය ප්‍රකාශ නොකරන බවට ලිපියක් (No Objection Letter) ලබා ගැනීමට ද බලයක් නොමැත (විශේෂයෙන්ම රුපියල් මිලියන 25ට වඩා වැඩි හදිසි සහ විශේෂිත ප්‍රසම්පාදන සඳහා).
 
 
02- හදිසි භාවිතය සඳහා එන්නත් අනුමත කිරීමේ බලය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සතුය.
 
අ) ජනවාරි 22 වන දින, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලබන කොවිශීල්ඩ් එන්නත භාවිතය සඳහා අනුමත කරන ලදී.
 
ආ) එහි අගැයීම් වාර්තාවට  අනුව (ඇස්ට්‍රාසෙනෙකා සඳහා NMRA අගැයීම් වාර්තාව පහත පළකර ඇත.) ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුමැතිය ලබා ගැනීම සඳහා ලේඛන ඉදිරිපත් කර ඇත්තේ "සිටිහෙල්ත්" නම් ආයතනය (දේශීය නියෝජිතයා) වන අතර ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නොවේ.
 
 
 
 
වැදගත්  කරුණ: 
 
ජාතික  ඖෂධ  නියාමන අධිකාරිය විසින් කොවිශීල්ඩ්  එන්නත  සඳහා අනුමැතිය ලබා දුන්නේ සිටිහෙල්ත් ආයතනය විසින් ඉදිරිපත් කළ ලේඛන අනුව වන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නොවේ.
 
 
කොවිශීල්ඩ් එන්නතේ අගැයීම් වාර්තාව සහ ස්පුට්නික් V එන්නතේ වාර්තාව (මාර්තු 4 වන දින අනුමත කරන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලේඛන ඉදිරිපත් කළ)  සසඳා බලන්න. 
 
ස්පුට්නික් V වාර්තාවේ දේශීය නියෝජිතයා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නම් කොට තිබේ. (ස්පුට්නික් V සඳහා NMRA අගැයීම් වාර්තාව පහත පළකර තිබේ). 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වන වෛද්‍ය කමල් ජයසිංහ පවසා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රසම්පාදන කටයුතු සඳහා අනුමත කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණක් බවත් වෙන කිසිම දේශීය නියෝජිතයෙක් නොවන බවත්ය. නමුත් මෙම අනුමැතිය ලබා දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි වාර්තාවේ කොතැනකවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන්ව නැත.
 
 
 
03 - පෙබරවාරි 3 වන දින, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිටිහෙල්ත්  ආයතනයෙන් විරුද්ධත්වය ප්‍රකාශ නොකරන බවට ලිපියක් (No Objection Letter) ලබා ගත්තේය. සිටිහෙල්ත් ආයතනය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට  ලිපියකින් ඒ බව දැනුම් දුන්නේ ය.
 
වැදගත්  කරුණ: 
 
මෙම විරුද්ධත්වය ප්‍රකාශ නොකරන බවට ලිපිය  (No  Objection  Letter) ලබා ගෙන ඇත්තේ සිටිහෙල්ත් ආයතනය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ලබා ගත් පසුවය. මෙම ලිපිය ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් තිබුනේ නැත.
 
 
04-  මේ ලෙස විරුද්ධත්වය ප්‍රකාශ නොකරන බවට ලිපියක් (No Objection Letter) ගැනීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ ඉන්දියාවේ සීරම් ආයතනය රජයේ ආයතනයක් සමග පමණක් එන්නත් ප්‍රසම්පාදන කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇතැයි පවසමිනි. 
 
 
අ)  ඉහත ප්‍රකාශය ඉන්දියාවේ සීරම් ආයතනය විසින් පැවසු බවට සාක්ෂි හෙළිදරව් වී  නොමැත. නමුත් දැනට කිව හැක්කේ සීරම් ආයතනය, සිටිහෙල්ත් ආයතනයට කොවිශීල්ඩ් එන්නතේ අනුමැතිය ලබා ගැනීමට සහයෝගය ලබා දුන් අතර, අවශ්‍ය ලේඛන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබා දුන් බවයි. (ඇස්ට්‍රාසෙනෙකා සඳහා NMRA අගැයීම් වාර්තාව පහත පළකර තිබේ).
 
 
ආ) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ සීරම් ආයතනයට ඉහත කරුණු තහවුරු කළ හැක.
 
 
ඇ)  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මහා බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනයෙන් නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කොට පෙන්වා දුන්නේ එන්නත් නිෂ්පාදකයින් කැමැත්තක් දක්වන්නේ රාජ්‍ය ප්‍රසම්පාදන ආයතන සමඟ පමණක් කටයුතු කිරීමට බවයි.
 
 මෙහිදී පැහැදිලි කළ යුත්මත් මහා  බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා ආයතනය කොවිශීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන තාක්ෂණය සොයා ගනු ලැබුව ද මෙම කොවිශීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් ආයතනය බවයි. මෙවැනි ලිපියක් (එනම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා සමඟ පමණක් කටයුතු කරන බවට) සීරම් ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට නැත.
 
වැදගත්  කරුණ: 
 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිටිහෙල්ත් ආයතනයට තිබු ප්‍රසම්පාදන අයිතිය ප්‍රතිස්ථාපනය කිරීමට සාධාරණ හේතුවක් දක්නට නොලැබේ. ජනවාරි 22 වැනි දිනට පසු ව ශ්‍රී ලංකා රජයට සිටිහෙල්ත් ආයතනය හරහා (අමතර පිරිවැයක් නොමැතිව) කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීමේ හැකියාවක් තිබිණ. 
 
 
05 - පෙබරවාරි 3 වන දින, විරුද්ධත්වය ප්‍රකාශ නොකරන බවට ලිපියක් ලබා ගැනීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කොවිශීල්ඩ් එන්නත්  මිලියන‍ 10 ක්  ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හැකි වුයේ පෙබරවාරි 22 වන දිනය. මෙම කැබිනට් අනුමැතිය පෙබරවාරි 23වන දින ප්‍රකාශයට පත් කෙරින.  
 
 
 
 
 
 
අ) සති හතරක ප්‍රමාදයකට හේතුව කුමක් ද?
 
ආ) Sri Lanka Association of Government Medical Laboratory Technologists විසින් මෙම ප්‍රමාදයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දොස් පවරන්නේ ය.
 
 
වැදගත් කරුණ: 
 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිටිහෙල්ත් ආයතනයට අනුමැතිය ලබා දුන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනවශ්‍ය මැදිහත් වීමට සාධාරණ හේතුවක් නැත. මෙලෙස මැදිහත් වූ පසුව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තවත් මාසයක් ගත කළේ ය. කොවිශීල්ඩ් එන්නත ගෙන්වීමට ඒ අවස්ථාවේ හිටපු දේශීය නියෝජිතයා හරහා කැබිනට් මණ්ඩලය  කටයුතු  කළේ නම් පෙබරවාරි මුල සතිය තුල මෙම එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණ.
 
 
 
 
06-  කොවිශීල්ඩ් එන්නත් ලබා ගැනීමට සීරම් ආයතනයට ඇණවුම පෙබරවාරි 22 වන දින (හෝ ආසන්න දිනකදී) දුන් පසු (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය  ලැබී මසකට පසු), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පෙබරවාරි 25 වන දින එන්නත් 500,000 ක තොගයක් ත්‍යාගයක් ලෙස ලැබුණි.
 
ඉන් පසුව, සීරම් ආයතනයේ හට ගත් ගින්නක් නිසා නිෂ්පාදන අඩපණ විය, තවද ඉන්දියාවේ කොවිඩ් 19 තත්වය බරපතල වීම හේතු කොට ගෙන ප්‍රසම්පාදන කටයුතු අත්හිටු විය.
 
 
වැදගත් කරුණ: 
 
ඉහත සඳහන් තත්වයන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනයෙන් ඔබ්බට වුවත්, 
 
(1) එන්නත් ඇණවුම විගසින් සිදු කළේ නම් එන්නත් ප්‍රසම්පාදනය කඩිනමින් කිරීමට හැකියාව තිබිණි සහ, 
 
(2) කොවිශීල්ඩ් එන්නත සඳහා ඇණවුම මුල් අවස්ථාවේ දී සිටි දේශීය නියෝජිතයා හරහා රජය ලබා ගත්තේ  නම්,  ඉහත ප්‍රමාද මග හරවා  ගැනීමට අවස්ථාවක් තිබිණ.
 
 
මේ අනුව කොවිශීල්ඩ් එන්නත් අවුලට ප්‍රධාන වගකිව යුත්තා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ය. දැන් ලංකාවේ අසරණයාට සිදුව ඇත්තේ සියයට පනහක් වත් ඵලදායීතාවයක් නැති චීන බාල එන්නත් විද ගැනීමටයි.
( උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
ශවේන්ද්‍ර, විරසක රාජපක්ෂලා එකතු කළ හැටි ! 
 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්