ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුම වාර්ෂිකව ගිගා වොට් පැය 15000කි. එය වාර්ෂිකව 5.5%කින් වර්ධනය වේ. 2025 වසර වන විට රටේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 22501 වන බවට ගණනය කර තිබේ.
 
 
ශ්‍රී ලංකාවේ අවසන් වරට විදුලි බලාගාරයක් ඉදිවී ඇත්තේ, 2011 වසරේදීය. ඒ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයය. 
 
2014 වසරේදී නොරොච්චෝලේ බලාගාරයේ තෙවැනි අදියර අවසන් වූ අතර, ඒ මගින් මෙගා වොට 900 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එකතු වීමට නියමිතය. 
 
 
දත්තවලට අනුව රටේ සමස්ත වත්මන් විදුලි උත්පාදනය ගිගා වොට් පැය 4217කි.  2025 වසර වන විට මෙය ගිගා වොට් පැය 6966ක් දක්වා අප විසින් ඉහළ දමා ගත යුතුව තිබේ.  මේ අනුව  වසර හතරකට අඩු කාලයක් තුළ, ගිගා වොට් පැය 2749ක් ජාතික විදුලිබල පද්ධතිය සඳහා එකතු කර ගත යුතුව ඇත. 
 
  
ජාතික විදුලි බලය සම්බන්ධයෙන් මෙම සංඛ්‍යා ලේඛන ඉලක්කය වැදගත්ය. මෙරට සියලු ආර්ථික ඉලක්ක සපුරා ගත හැක්කේ, ජාතික විදුලි ජනනය සදහා වූ මෙම ඉලක්කය සපුරා ගතහොත් පමණය. 
 
2005 බලයට පත් මහින්ද රාජපක්ෂ රජය, එතෙක් මෙතෙක් මෙරට බලශක්තිය සම්බන්ධයෙන් වන තීරණාත්මක කර්යයභාර්යයක් ඉටු කරන ලද රජය ලෙස සැලකිය හැකිය. එම රජයේ ප්‍රතිපත්තිය වූයේ ‘සැමට, සැමදා, සැමවිට විදුලිය’ යි.
 
රටක් ලෙස මෙම ඉලක්කය සදහා 2015 වසර අවසන් වන විට අප පිය මැන තිබුණේ මුත් යහපාලන රජය එය අඛන්ඩ ලෙස පවත්වාගෙන නොයෑම හේතුවෙන්, මේ වන විට යළිත් ‘විදුලි බලයේ අනාගතය’ අදුරු තත්ත්වයක තිබෙන බව කිව හැකිය. 
 
අනික් අතට සැමට සැමදා සැමවිට හෙවත් රටේ සියලු දෙනා වෙත, සිය විදුලි අවශ්‍යතාවය, දවසේ පැය විසි හතරේ පුරා, වසරේ දින තුන්සිය හැටපහෙම ජාතික විදුලි පද්ධතියෙන් සපුරා ගැනීම යන්නට පමණක් අද ‘ජාතියේ විදුලි ඉලක්කය’ සීමාවී නොපවතී. 
 
ඒ වෙනුවට අද වන විට ඒ සදහා ‘සහනදායි’ යන පදය ද එකතු වි තිබේ. සහනදායි යන්න මෙහිදී විදුලි පාරිභෝගිකයා සදහා අඩු මිලට යන අර්ථය ඉක්මවා යන්නකි. එම සහනය මේ රටේ සියලු බදු ගෙවන ජනී ජනයා සදහා ද වලංගු විය යුතුය. 
 
ලංවිම ලබන යෝධ පාඩුව ද මෙහි ‘සහනදායි’ නොවන්නේ නම් එය.වක්‍රාකාරයෙන් පැවරෙන්නේ මේ රටේ ජනතාව වෙතය. ඒ අනුව ජාතික විදුලි ඉලක්කය තුළ, විදුලි ඒකකය මිළ අඩුවීම සහ මණ්ඩලයේ පාඩුව අවම වීම යන දෙයාකාරයෙන් සිදු විය යුතුය. 
 
 
 
විදුලිබල පාඩුව සහ ආර්ථික අවදානම:
 
2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය, රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ අතර  2019දී පමණක් ලංවිම පාඩුව, රුපියල් බිලියන 85.4 ක් ද විය. 2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92ක හෙවත් රු. කෝටි 892ක අලාභයක් වාර්තා කර ඇත. 
 
  
විදුලි බලමණ්ඩලය රු. කෝටි 21,000ක පමණ ණය මුදලක් බාහිර පාර්ශ්වයන් වෙත ගෙවිය යුතුව තිබේ.  මෙම අලාභය සහ ණය පොල්ල මතම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකුව, මහජන බැංකුව යන ආයතන ත්‍රිත්වයම අවදානම් කලාපයට පා තබා ඇත්තේය. 
 
මේ හේතුවෙන් අවම මිලට විදුලිය නිපදවීමක් සදහා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව යා යුත්තේය. 
 
 
 
එල්.එන්.ජී. යෝජනාව:
 
 
Liquefied Natural Gas (LNG) value chain
 
 
 
 
ජලය යන ප්‍රධාන විදුලි උත්පාදන ක්‍රමවේදයට යා හැකි දුර මේ වන විට අවසන්ව ඇති හෙයින් ශ්‍රී ලංකාව සිය ප්‍රධාන උත්පාදන ක්‍රමය බවට පත් කරගෙන ඇත්තේ ගල් අගුරුය. එය ලෝකයේ ද තවමත් ප්‍රධාන විදුලි උත්පාදන ක්‍රමයය. 
 
එසේ වුවත් කාබන් විමෝචන ක්‍රියාවලිය අනුව ශ්‍රී ලංකා රජය මේ වන විට ගල් අගුරු බලාගාර යළි ඇති නොකරන තීන්දුවක් ගෙන තිබේ. 
  
 
ඩීසල් දහනයෙන් වාතයට එකතුවන සල්ෆර්ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද්‍රවිකෘත ස්වභාවික වායු දහනයෙන් සිදු නොවන නිසා ඩිසල්. ගල් අගුරු සහ එල්.එන්.ජී. යන ප්‍රභවයන් තුනෙන්ම පරිසර හිතකාමී සහ අවම පිරිවැය හිමි වන්නේ එල්.එන්.ජි. වෙතය. මේ නිසා ශ්‍රී ලංකාවේ අනාගත විදුලි බල ජනනයේ පාදම බවට පත්වනු ඇත්තේ එල්.එන්.ජී.ය.
 
  
ශ්‍රී ලංකාව සදහා ප්‍රථම වරට ක්‍රියාකාරී ආකාරයෙන් එල්.එන්.ජි බලාගාරයක් ඇති කිරීම සදහා යෝජනාව පැමිණෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙනි. 
 
එය කාරණා කිහිපයක් පසුබිම්ව ගිවිසුමකට පමණක් සීමාවූ අතර ජපන් - ඉන්දීය ඒකාබද්ධ යෝජනාවක් වන එහි මෙන්ම චීන යෝජනාව කොරියන් යෝජනාව ආදී ලෙස එල්.එන්.ජී. ව්‍යාපෘති කිහිපයක් වරින් වර පැමිණ තිබුණේ යහපාලන ආණ්ඩු සමයේදීය.
 
 මෙහිදී දකින්නට ලැබුණු ප්‍රධානම තත්ත්වයක් වූයේ තරගකාරී ටෙන්ඩර් සදහා ඇති අකමැත්ත හේතුවෙන් ඒ සියලු යෝජනා අන්සොලිසිටඩ් තත්ත්වයෙන් පැවතීමය. එසේම කුමන හෝ හේතු මත පදනම්ව මෙම යෝජනා ක්‍රියාත්මක තත්ත්වයට පත්වුයේ ද නැත.
 
 
 
නිව් ෆොට්‍රස් යෝජනාව:
 
dsfsdsd 
 
2020 ජුනි 22 වෙනිදා  ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී.ටෙප්ලිස් විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යොමු කරමින් ඍජු විදේශ ආයෝජනයක් ලෙස නිව්යෝර්ක් පදනම් කරගත් බලශක්ති සමාගමක් වන නිව් ෆොට්‍රස් සමාගම ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. විදුලි උත්පාදනය සදහා විසදුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටින බවට නිල වශයෙන් දන්වා තිබුණි. 
 
ඒ අනුව තානාපතිනි ඇලයිනා බී.ටෙප්ලිස් අවධාරණය යොමු කර තිබුණේ මෙම සමාගම මෙගාවොට් 300ක ගෑස් බලාගාරයක් ගොඩනැගීම, යුගදනවී බලාගාරය ඩිසල් සිට ගෑස් දක්වා පරිවර්තනය කර ගැනීම, මෙම බලාගාර සදහා ගෑස් සැපයීම පිණිස පර්යන්ත ගොඩනැගීම ද එම සමාගම සිදු කිරීමට අපේක්ෂා කරන බව එහි සදහන් කර තිබුණි.
 
මේ සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අදාළ යෝජනාව සදහා ක්‍රියාකාරී පසුබිම සැකසෙන්නේ මහින්ද අමරවීර මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන ලද සමයේදීය. 
 
එසේ වුවත් මහ මැතිවරණ තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වූ අතර මේ පිළිබදව ඊළගට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා විසිනි. 
 
2020 ඔක්තෝම්බර් මස 19 වෙනි දින  ඉදිරිපත් කරන ලද එම යෝජනාව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ විදුලි බල ජනනය පිළිබදව වත්මන් තත්ත්වය විස්තර කර තිබේ.  
 
1
2
3
4
5
 
 
# මෙම කැබිනට් පත්‍රිකාවේ සදහන් වන පරිදි 2020 වසර අවසන් වන විට මෙගා වොට් 100 ක සුළං විදුලි බලාගාරයක් මන්නාරමේ ඉදිකර අවසන් වනු ඇත. එසේ වුවත් 2021 අගභාගය වන මේ දක්වා එවැනි බලාගාරයක් මෙරට විදුලි ජනනය සදහා දායක වි නැත. 
 
 
# බ්‍රෝඩ්ලන්ඩ් හි මෙගාවොට් 35ක බලාගාරයක් සුදානම්ව තිබෙන බව දක්වන එම කැබිනට් පත්‍රිකාව එය 2021 වසරේ මුල දියත් කරන බව පැවසුව ද එය තවම අවසන් නැත. 
 
 
# උමා ඔය මෙගාවොට් 120ක් 2021 වසරේ මුලභාගයේද, මොරගොල්ල මෙගාවොට් 30.5ක් 2021 මුලභාගයේද ලබාදෙන බව කැබිනට් පත්‍රිකාව පැවසුව ද ඒවා තවමත් ක්‍රියාත්මක නැත. 
 
 
# එසේම ලක්දනවි බලාගාරයෙන් මෙගාවොට් 300ක් ගෑස් මගින් නිපදවා, 2022 -2023 කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට ඇතුළත් කරන බවට එහි දක්වා තිබේ. එසේ වුවත් එල්.එන්.ජී. පිළිබද කිසිදු සැලසුමක් ඒ වන විට තිබුණේ නැත. 
 
 
# 2024 වසරේ කෙරවලපිටිය බලාගාරයෙන් මෙගාවොට් 300ක් ජාතික විදුලි පද්ධතිය සදහා එකතු කිරීම පිළිබදව සදහන් කර තිබුණත් එම ටෙන්ඩරයේ කටයුතු හෝ තවම නිමවා නොමැති තත්ත්වයක් තුළ එවැනි ඉලක්කයක් ජයගැනීම සිහිනයක්ව තිබේ. 
 
 
# 2024 වන නොරොච්චෝලේ තුන්වන අදියර අනුව මෙගා වොට් 300ක් නිපදවන බව එහි සදහන්ව තිබුණ ද රජය ගත් ප්‍රතිපත්ති තීන්දුවක් මත එය නවතා දමා තිබේ. 
 
 
# ඉන්දීය -ජපන් ආයෝජනයක් වන කෙරවලපිටිය එල්.එන්.ජි. බලාගාරයෙන් 2025 වසර වන විට මෙගාවොට් 500ක් ලබාදෙන පැවසුව ද එහා සම්බන්ධව කිසිදු කාර්යයක් තවම ඉටු නොවී පවතියි. 
 
 
# කෙරවලපිටියේ තවත් මෙගාවොට් 300ක බලාගාරයක් ජපන් ආධාර මත දියත් වන බව පැවසුවද ඒ හා සම්බන්ධව මේ වන තෙක් කිසිදු කතාවක් හෝ නොමැත. 
 
# 2023 වසර අගභාගය වන විට කැලණිතිස්ස ඩිසල් බලාගාරය එල්.එන්.ජී. බවට පත් කරන බවද එම කැබිනට් පත්‍රිකාව පෙන්වා දී තිබේ. 
  
 
ඉලක්ක සාක්ෂාත් කර ගැනීම අතින් කිසිදු සාර්ථකත්වයක් එම කැබිනට් පත්‍රිකාවේ දත්තයන් පෙන්නුම් කර නොතිබුණ ද එමගින් අවධාරණයට ලක්වුයේ, විදුලි ජනන පදනම බවට එල්.එන්.ජි. පත්වන බවය. එම් කැබිනට් පත්‍රිකාව අනුව මෙගා වොට් 2200ක් එල්.එන්.ජි. භාවිතයෙන් නිපදවා ගත යුතුව තිබුණි. 
 
  
එසේ වුවත් නව ජනනයන් සේම තිබෙන විදුලි ජනන ප්‍රභවයන් අහෝසිවීම යෑම ද අවදානයට යොමු කර ගනිමින් සමස්ත විදුලි ජනන සැලසුම සකස් කර ගත යුතු හෙයින් ඒ පිළිබදව මේ කැබිනට් පත්‍රිකාව විස්තර කර තිබුණි. 
 
මෙගාවොට් 170 කට අධික ප්‍රමාණයක් සපයන ඩිසල් බලාගාර තුනක කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර මිළ ගණන් වැඩි වීම හේතුවෙන් එහි කාලය දික් නොකිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබුණි. 
 
ඩලස් අලහපෙරුම අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව විශ්ලේෂණය කිරීමෙන් ජාතික විදුලි බල පද්ධතිය පිළිබදව සමස්ත ඇගැයීමක් පහසුවෙන් සිදු කරගත හැකිව තිබුණි. 
 
එහි සදහන්ව තිබුණේ ඒ වන විටත් මෙගා වොට් 270ක ප්‍රමාණයක් හිග බවත් හදිස්සි බිද වැටීම් ආදිය ඇතිවිය හැකි බැවින් ඒ සදහා ද ඊට අමතරව තවත් මෙගාවොට් ප්‍රමාණයක් අවශ්‍ය බවය. මෙහි අර්ථය වන්නේ අධික මිළ ගණන් යටතේ හදිස්සි මිළදී ගැනීම් සදහා යෑමට සිදු වන බවය. 
 
  
කැබිනට් පත්‍රිකාවේ නිව් ෆොට්‍රස් සමාගමේ ආයෝජනය පිළිබදව සදහන් වන්නේ මේ සමගය. එය ඍජු විදේශ ආයෝජනයක් බවත් හදිස්සි විදුලි අවශ්‍යතාවය සදහා මාස හතරක් පමණ ඇතුළත මෙගා වොට් 150ක් ලබාදීමත්, මෙගා වොට් 300ක නව එල්.එන්.ජි.බලාගාරයක් ඉදිකිරිම සදහා එම සමාගම අවසර ඉල්ලා තිබෙන බවත් එම සමාගම විසින් කිලෝ වොට් එකක විදුලි ඒකකයක් සදහා ඇ.එක්සත් ඩොලර් .099ක (මෙය ආසන්න වශයෙන් රුපියල් 19.78 ක් පමණ වේ.) මිළට වසර පහක කාලයක් සදහා ලබාදෙන බවත් එම යෝජනාවේ සදහන් වේ.
 
 
 
 
කැබිනට් පත්‍රිකාව අනුව නිව් ෆොට්‍රස් සමාගමේ යෝජනාව කරුණු පහක් යටතට ගොනු කර තිබේ.
 
1- වසර පහක් කාලයක් සදහා, ගොඩනගා- ක්‍රියාත්මක කර- යළි පැවරීමේ ක්‍රමවේදය අනුව ඍජු විදේශ ආයෝජනයක් ලෙස මෙය හදුනාගැනීම.
 
 
2- කෙටි කාලීනව හෙවත් මාස දෙක - තුනක කාලයක් සදහා මෙගාවොට් 100 – 150 ක් ස්ථාපිත කිරීම.
 
 
3- මධ්‍ය කාලින වශයෙන් එල්.එන්.ජී. පර්යන්තයක් සහ මෙගා වොට් 300 ක බලාගාරයක් ගොඩනැගීම. (මේ සදහා මාස 12 – 14 අතර කාලයක් ගතවේ).
 
 
4- මෙගා වොට් 300ක නිපදවන වෙස්ට් කෝස්ට් බලාගාරය එල්.එන්.ජී සදහා පරිවර්තනය කිරීම. මේ සදහා වන වියදම නිව් පොට්‍රස් සමාගම දරණ අතර ඒ සදහා වන එල්.එන්.ජි. ලබාදීම සහ විදුලි බල මණ්ඩලයේ මිළ ගණන් අනුව ඒවා විකිණීම.
 
 
5- වසර පහක කාලයක් සදහා විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම.
 
 
 
මෙම යෝජනා සදහා සිය අවධානය යොමු කරන ලද අමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයට දන්වා සිටින්නේ මෙම මිළ ගණන් සදහා වෙනත් සමාගම් වෙත ද තරග කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙසය. ඒ සදහා කැබිනට් අනුමත ටෙන්ඩර් මණ්ඩලයක් සහ තාක්ෂණික ඇගයුම් කමිටුවක් ද අමාත්‍යවරයා විසින් පත් කරන ලදී. 
 
මෙම අවස්ථාව වන විටත් රටේ විදුලිබලය සදහා එල්.එන්.ජි. අත්‍යවශ්‍ය බලශක්ති ප්‍රභවය බවට පත්ව තිබූ අතර ඒ සදහා යොදන ලද ව්‍යාපෘති වචන සහ දුර ඉලක්ක බවට සිමා වි තිබුණි. 
 
වෙස්ට් කෝස්ට් බලාගාරය එල්.එන්.ජී. මුලික කරගනිමින් ධාවනය වුවත් එය විදුලි බලය සදහා වන එල්.එන්.ජී. ඉලක්කය මුලික කර ගනිමින් ආරම්භ කරන ලද්දකි. එය එල්.එන්.ජී. බවට පත් කිරීම සේම දීර්ඝ කාලින එල්.එන්.ජී. සැලසුම් වෙනුවට අඩු මිලට ඉක්මන් එල්.එන්.ජී.සැලසුමක්, නිව් පොට්‍රස් සමාගම ඉදිරිපත් කර තිබුණි. 
 
මේ සියල්ල තරගකාරී අවස්ථාවක් යටතේ නිව් පොට්‍රස් සමාගමට ලබාදෙන අතර නිව් පොට්‍රස් සමාගම සදහා ලබාදෙන අවකාශයන් සියල්ල එසේම ලබාදෙමින්, මෙම ගිවිසුම් කටයුතු ටෙන්ඩරයක් ලෙස සලකා තවත් සමාගම් සදහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කළේය. 
 
 
ටෙන්ඩරය සදහා කැබිනට් අනුමත ටෙන්ඩර් මණ්ඩලයක් සහ තාක්ෂණික ඇගයුම් කමිටුවක් පත් කළ ද එය රැස්වනවා තබා ඒ පිළිබදව කිසිදු පියවරක් අනුගමනය නොකරන හෙයින් එම කටයුතු සක්‍රිය කර ගැනීම සදහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර සාකච්ඡාවක් කැදවන ලද්දේය. 
 
  
ඒ සදහා විදුලිබල අමාත්‍යංශයේ පිළිතුර වූයේ වෙනත් ටෙන්ඩර් පටිපාටියක් සිදු කරගෙන යෑම හේතුවෙන් නිව් පොට්‍රස් යෝජනාව අනුව සැකසුණු ටෙන්ඩරය පිළිබදව කටයුතු කරන්නේ එම ටෙන්ඩරයෙන් පසුව බවය. 
 
එම ටෙන්ඩරය වන්නේ FLOATING STORAGE AND REGASIFICATION UNIT (FSRU)  සහ PIPELINE INFRASTRUCTURE AND SUPPLY OF LIQUEFIED NATURAL GAS (LNG) යන්නයි. 
 
FSRU යනු එල්.එන්.ජි. සදහා පාවෙන ගබඩාවක් ඉදිකිරීමය. එම ගබඩාවේ සිට අදාළ බලාගාරය දක්වා එල්.එන්.ජි. රැගෙන එම සදහා නල පද්ධතියක් අවශ්‍යය. 
 
මේ වන විට නිව් පොට්‍රස් සමාගම ද ගනුදෙනුව සදහා පාවෙන ගබඩාව සහ නල පද්ධතිය ඉදිකිරීම සදහා බලාපොරොත්තු වි සිය යෝජනාව ඒවා තිබූ අතර එම මිළ ගණන් ද ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්ව තිබුණි. 
 
 
 
 
චයිනා හාබර් !
 
මෙම ටෙන්ඩරය සදහා ටෙන්ඩර්කරුවන් තිස් දෙදෙනෙක් මිළ ගණන් ඉදිරිපත් කර තිබුණි. එයින් දෙදෙනකු ඒ සදහා ඉදිරිපත්වූවද තාක්ෂණික ඇගයුම් කමිටුවෙන් සමත්වූයේ එක් ටෙන්ඩර්කරුවෙකු පමණය. ඒ චයිනා හාබර් සමාගමය. 
  
 
ඒ අනුව අදාළ ටෙන්ඩරය සදහා චයිනා හාබර් සමාගම දෙන ලද මිළ අනුව එක් කිලෝ වොටයක මිළ රුපියල් 280 ක පමණ මුදලක් විය. නිව් ෆොට්‍රස් සමාගමේ මිළ ගණන් අනුව එය රුපියල් 18 කි. එසේම ගතවන කාලය බලන විට චයිනා හාබර් සදහා වසර තුනක් ද නිව් පොට්‍රස් සදහා එය වසරක් ලෙස ද දක්වා තිබුණි. දැන් සුදුස්සා වන්නේ කවුද යන ප්‍රශ්නය රජයට මතු විය. 
 
  
2020 ඔක්තෝම්බර් 28 වෙනි දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මෙම නිව් ෆොට්‍රස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය අවධානය යොමු කර තිබුණි. 
 
ඒ අනුව විදේශ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය, අද්මිරාල් ජයනාත් කොලබගේ විසින් චිදුලිබල අමත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා වෙත ලිපියක් යවමින් පවසා තිබුණේ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, බලශක්ති සම්පත් පිළිබද කාර්යාංශයේ ෆ්‍රැන්සිස් ආර්. ෆැනොන් මෙම නිව් ෆොට්‍රස් සමාගමේ යෝජනාව පිළිබදව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත දන්වා සිටි බවය. 
 
රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග පැවති සාකච්ඡාවට සමගාමිව මෙම සාකච්ඡාව පැවති බව පෙන්වා දෙන විදේශ අමාත්‍යංශ ලේකම්වරයා තම ලිපිය විදුලිබල ලේකම් වසන්තා පෙරේරාට යොමු කරන 2020 නොවැම්බර් 19 වෙනිදාට පෙර දින ද ඇමරිකානු තානාපතිනිය මේ පිළිබදව විමසා සිටි බව විදේශ ලේකම්වරයා එහි සදහන් කර තිබුණි. 
 
  
වෙනම බලාගාරයක් ඉදිකිරිම සදහා ඍජු ආයෝජනයක් ලෙස පැමිණි නිව් පොට්‍රස් සමාගම සදහා රජය පාර්ශ්වයෙන් සිදු කරන ලද්දේ, ඔවුනගේ යෝජනාව සදහා තරගකාරී ලෙස අනෙක් පාර්ශ්වයන්ට ද අවස්ථාව ලබාදීමය. එවැනි අවස්ථාවක් තිබියදී තරගයෙන් ජයගත් නිව් පොට්‍රස් සමාගම සදහා තනි ආයෝජන අවස්ථාවක් දෙනවා වෙනුවට රජය යෝජනා කර සිටියේ වෙස්ට් කෝස්ට් සමාගම සතු යුගදනවී බලාගාරයේ කොටස් ලබා ගන්නා ලෙසය.
 
   
වෙස්ට් කෝස්ට් සමාගම සතු යුගදනවි බලාගාරය ඉදිවන්නේ එල්.එන්.ජී මගින් විදුලිය ලබා ගැනීම සදහා 2007 වසරේදී ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවය. 
 
එසේ වුවත් එය තවමත් ධාවනය වන්නේ ඩිසල් මගිනි. රජය විසින් මෙහිදී දැරිය යුතු රාජ්‍ය කොටස මිලියන 225ක මුදලක් වුවත්, පැවති තත්ත්වය අනුව එම කොටස සදහා රජය සතුව මුදල් පැවතියේ නැත. 
 
මේ නිසා රජය සහ වෙස්ට් කෝස්ට් සමාගම පැමිණි එකගතාවය වූයේ “ඔබ මුදල් සොයා බලාගාරය ඉදිකර මුදල් සොයා ගන්න, අප නියමිත මිළ පටිපාටින් අනුව විදුලිය මිළදී ගන්නම්” යන ආකාරයේ විසදුමකි. ඒ අනුව සමස්ත ඇස්තමේන්තු පිරිවැයෙන් 30%ක් කොටස් වශයෙන් ද ඉතිරි 70% ඇමරිකානු, ප්‍රංශ, හොංකොං බැංකු මගින් ණය ලෙස ලබා ගැනීමට වෙස්ට් කෝස්ට් සමාගමට අවස්ථාව උදාවිය. 
 
 
 
2035 දී මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට :
 
සමස්ත එකගතාවය වූයේ 2035 වසරේදී මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය සතු කිරීමය. 
 
වෙස්ට් කෝස්ට් සමාගමට ණය ලබා ගැනීමේදී රාජ්‍ය ඇපකරයක් විදේශ බැංකු සදහා ලබාදිය යුතු විය. 
 
රජය සතු බහුතර කොටස් නොමැති තත්ත්වයකදී රාජ්‍ය ඇපකරයක් ලබාදිය නොහැකි හෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වූයේ, මෙහි රජය සතු කොටස් නොමැතිව රාජ්‍ය ඇපකරයක් ලබා ගත නොහැකි බවය. 
 
 
මෙම අවකාශය සපුරා ගැනීම සදහා ලෙකෝ ආයතනය රුපියල් මිලියන 2000ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 2000ක්, අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 2000ක්, සේවක භාරකර අරමුදල රුපියල් මිලියන 2000ක්, වශයෙන් යොදමින් රාජ්‍ය භාගය ඇති කිරීම සදහා දායක විය. 
 
 
 
 
හෙන්රි හබ් දර්ශකය: 
 
මේ සියල්ල මහා භාණ්ඩාගාරය සිය වත්කමක් ලෙස පවත්වාගෙන ගියේය. අවසානයේදී යුගදනවි බලාගාරය 70%ක් සදහා ණය මුදල් ලබාගත් අතර එම මුදල 2022 මාර්තු මාසයේදී ගෙවා නිම කිරීමට නියමිතය. රජය සතු 50%ට වැඩි කොටස් ප්‍රමාණය වන 50%න් 40%ක් ඇමරිකානු ෆොට්‍රස් සමාගමට මෙහිදී පවරා දෙනු ලැබිය. 
 
එසේම වසර පහක කාලයක් සදහා ශ්‍රී ලංකාවට එල්.එන්.ජී.සැපයීමේ අයිතිය, නිව් පොට්‍රස් සමාගම වෙත හිමිවිය. මේ හිදී ශ්‍රී ලංකාව එල්.එන්.ජි මිළදී ගන්නා මිළ සුත්‍රය ලෙස මුලික වශයෙන් භාවිතා කරනු ලබන්නේ, හෙන්රි හබ් දර්ශකයයි.
 
ස්වභාවික වායු සදහා වන මිළ ගණන් පිළිබදව දර්ශක ගණනාවක් ලොව පුරා තිබේ. හෙන්රි හබ් දර්ශකය ඉන් ප්‍රමුඛ වන අතර ශ්‍රී ලංකාව ස්වාභාවික වායු ලබා ගැනීමේදී භාවිතා කිරීම සදහා සලකා ඇත්තේ එම දර්ශකයය. 
 
ජපන් - කොරියන් දර්ශකය සහ කටාර් රාජ්‍ය මුලික කරගත් බෙන් කෘඩ් දර්ශකය අනිකුත් ප්‍රධාන දර්ශක දෙකය. 
 
මෙම මිළ ගණන් අනුව අවම මිළක් යටතේ ස්වභාවික වායු ලබා ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට ලංකාව පත් කරගෙන තිබේ. 
 
 
ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බවට පුරෝකථනය සිදු කර තිබේ. එය හුදු ඉලක්කයක් නොව සපුරා ගත නොහැකි වුවහොත් දේශය කළුවර වන තත්ත්වයකි. 
 
 
2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන බලාගාරයක් එක්ව නැති පරිසරයක මෙවැනි ඉලක්කයන් සාධනය කර ගන්නේ කෙසේද...? කුමන අන්දමේ විසදුමක් මෙවැනි කාර්යයකදී ඉදිරිපත් කළත් විරෝධයක් මිස ඒ සදහා විකල්පයක් කිසිවෙකු කියන්නේ නැත. 
 
එසේම කියන විකල්ප අදුරට දිරි දෙන දෑ මිස අන් කිසිවක් නොවේ.
 
1 f
2 f
3 f
4 f
5 f 
 
 
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි) 
 

 

 


 

THE LEADER TV 
 
 
පාස්කු ප‍්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන
 

 
 
 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්