මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වන්ග් යී පසුගිය දා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට පැමිණියේ ය.


ඒත් සමගම, පසුගිය ඔක්තෝබර් මාසයේ දී කොළඹ චීන තානාපති කාර්යයාලයෙන් අසාදු ලේඛනගත කර තිබූ මහජන බැංකුව ජනවාරි 11 දා එම ලේඛනයෙන් ඉවත්කර තිබේ. ඒ අදාළ ප්‍රශ්නගත පොහොර නැවට මුදල් ගෙවීමෙන් පසුවයි.

මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කළ බව කොළඹ චීන තානාපති කාර්යයාලයේ ආර්ථික සහ වාණිජ්‍ය අංශය තහවුරු කළේ ය.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජතාන්ත්‍රික සම්බන්ධතා යම් මට්ටමකට පළුදු වී ඇති මොහොතක විදෙස් රටවල් කිහිපයක සංචාරයක නිරතවූ චීන විදේශ අමාත්‍යවරයාගේ අවසන් ගමනාන්තය වූයේ ශ්‍රී ලංකාව යි.

Pm china

මෙම සංචාරය පිළිබඳව ශ්‍රී ලංකාව විශාල බලාපොරොත්තු තබාගත්තද මෙම සංචාරය චීන නිලධාරීන්ගේ පෙර සංචාරයන් මෙන් එතරම් ප්‍රථිපල ගෙනදුන් සංචාරයක් නොවන බවට විචාරකයින් පැවසිය.

කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම අරඹමින් චීනය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කළ බව යි.

චීන විදේශ අමාත්‍ය වන්ග් යී එරිත්‍රියාව, කෙන්යාව, කොමරෝස් දූපත් රාජ්‍යය, මාලදිවයින් සහ ශ්‍රී ලංකාව යන රටවල් පහක මෙලෙස සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඔහු පැමිණියේ අප්‍රිකාවේ සහ මාලදවයිනේ ද සංචාරය කිරීමෙන් අනතුරුව යි.



ඔහු මෙම විදෙස් චාරිකාව ආරම්භ කළේ ලෝකයේ දිළිඳුතම මෙන්ම හුදෙකලා වූ රාජ්‍යයක් වන එරිත්‍රියාවේ සංචාරය කරමිනි. අනතුරුව ඔහු කෙන්යාව සහ කොමරෝස් රාජ්‍යයේ සංචාරය කළේ ය.


කෙන්යාවේ මොම්බාසා වරායේ සිට නවීන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 5ක් ඇතුළුව 'එක් තීරයක් එක් මාවතක්' ව්‍යාපෘතියේ කොටසක් ලෙස චීනය අප්‍රිකානු රටවලට ඩොලර් බිලියන ගණනක් ණය දී ඇත.

මේ සංචාරය අතරතුර දී වරාය නගර සැහැල්ලු යාත්‍රාංගන පදික මංතීරුව ද විවෘත කෙරුණු අතර, එය ජනවාරි 10 දා සිට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සෑම දිනකම ජනතාව වෙනුවෙන් විවෘත වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික පිවිසුමේ සිට එලෙස ජනතාවට ගමන්කළ හැකි කොටසේ දිග මීටර් 500කි.



චීනයෙන් තවත් ණයක්:

චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය තුළදී මෙරට සමග ගිවිසුම් දෙකකට අත්සන් තැබීය. විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ පැවසුවේ, එක් ගිවිසුමක් යටතේ යුවාන් මිලියන 800ක් (ඩොලර් මිලියන 120ක් පමණ) ශ්‍රී ලංකාවේ ආයෝජන පහසුකම් සැපයීමට අදාළව අත්සන් තැබුණු බවයි.

අඩුආදයම් ලාභීන් සඳහා නිවාස 1996ක් ඉදිකිරීම සඳහා දෙවැනි ගිවිසුම අත්සන් තබා ඇත. දෙරට අතර ද්වීපර්ශවික වෙළෙඳ හා ආර්ථික ගනුදෙනු හා රාජතාන්ත්‍රික සබඳතා ඉදිරියට පත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

"අපගේ ණය සහ ප්‍රධාන ගෙවීම් සහ ආයෝජන පිළිබඳව අපට චීනය සමග ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා," අජිත් නිවාඩ් කබ්රාල් ජනවාරි 12 දා පෙරවරුවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

"චීනය වෙත අපගේ ණය ආපසු ගෙවීමේ බලපෑම අවම කිරීම සඳහා අපට චීනයෙන් නව ණයක් ලැබීමේ හැකියාවක් තිබෙනවා," ඔහු විස්තර කළේ ය.

කොපමණ ණය මුදලක් චීනයේ ලබා ගැනීමට අපේක්ෂා කරන්නේදැ යි තවමත් කිව නොහැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.




මේ අතරේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටින්නේ, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණු සඳහා චීනයෙන් නව ණයක් ලබා ගැනීමේ හැකියාව පවතින බව යි.


dryfrthu


ණය ප්‍රතිව්‍යුහගත කරන්න - ජනපතිගෙන් ඉල්ලීම්

ජනාධිපති සහ චීන විදේශ අමාත්‍ය වන්ග් යී අතර පැවැති සාකච්ඡාවල දී, කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම චීනයෙන් කරන ආනයනවල දී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකිවෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැ යි ද ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා ප්‍රකාශ කරන්නේ, ත්‍රිකුණාමලය වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් චීනය මෙම සංචාරය තුළ දී සිය අවධානය යොමු කරන්නට ඇති බව ඔහු පවසා සිටියේ ය.

"ඇත්තටම මේ සංචාරයේ අරමුණක් වුණේ, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන්න ඇති මේ කට්ටියගේ ක්‍රියාවලීන් පාලනය කරන්න කියලා."

"චීනයේ ඉහළ පෙළේ නායකයින් ඉතා කෙටිකාලයක් තුළ විශාල ප්‍රමාණයක සංචාරයක කරන්න තරම් ශ්‍රී ලංකාව වැදගත් රටක් බවට පත් වෙලා තියෙනවා. චීනයට වැදගත්, නැතිව ජාත්‍යන්තර වශයෙන් නෙමේ. චීනයට වැදගත් රටක් බවට වෙලා තියෙනවා. මොකද චීනය දන්නවා ලංකාවේ මූලෝපායික පිහිටීම ඉතාමත් වැදගත්," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.



ජාත්‍යන්තර සබඳතා විශේෂඥයින් පවසන්නේ චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති  මිතුදම මේ වන විට එතරම් ශක්තිමත් මට්ටමක නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව බලපොරොත්තු වූ ආකාරයේ සනයක් චිනයෙන් මෙතෙක් ලැබී නොමැති බවයි.




"චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්"

President Mahinda Rajapaksa Chinese President Xi Jinping First Lady Shiranthi Rajapaksa Chinese First Lady Peng Liyuan with Parl

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය දා අවධාරණය කළේ චීනය සහ ශ්‍රී ලංකාව අතර කිසි දිනක සිත් පළුඳුවීම් සිදුව නැතිබව යි.

ඒ, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 65ක් පිරීම, සහ සුප්‍රකට රබර්-සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වන්ග් යීගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නගරයේ ජනවාරි 09 වැනිදා පැවැති උත්සව අවස්ථාව අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වන්ග් යී මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය ඉදිරිපස මං තීරුව මහජනතාව සඳහා විවෘත කිරීමට එක්විය.

"චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳුවීම් වෙලා නෑ. ඒ නිසාම අපේ රටවලට ඉතාම හිතකර ගනුදෙනු කරගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිනියගේ කාලෙ ඇති කරගත්ත රබර් - සහල් ගිවිසුම තාමත් අපේ ජනතාවට මතකයි. අපේ රබර් ඔබගෙන් සහල්," අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ ය.

"ඒ වාගේම ලංකාවේ ආහාර හිඟයක් ඇති වුණ වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායිතුමා ලංකාවට වුවමනා ආහාර එවලා, 'ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න. එය ස්වාධීනත්වයට මඟකි' කියල අපට ඉතා ම වටිනා පණිවිඩයකුත් එව්වා. අපි ඒ මාර්ගයට අවතීර්ණ වුණා. ඔබගේ රටත් මුළු ලෝකයමත් අද පිළිගන්නවා ජෛව ගොවිතැන අපි ආරම්භ කළ බව. කොවිඩ් වසංගතය නිසා එය අඩපණ වුණත් අපි උත්සාහ කළේ ලෝකයට වැදගත් ආදර්ශයක් දෙන්න. චෞඑන්ලායිතුමා ආරම්භ කළ නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිළිගත්තා."

එම පිළිවෙත ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල ශක්තියක් වූ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය.

චීන විදේශ අමාත්‍ය වන්ග් යී, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් වරාය නගර ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ දී, 65 වසරක චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයත්, 70 වසරක චීන ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමත් සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශනය ද නැරඹුහ.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සැහැල්ලු ඔරු ශූරතාවලියේ සමාරම්භය චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භූමියේ සැහැල්ලු යාත්‍රාංගනයේ දී සිදුකෙරුණේ ඉන් අනතුරුව යි.

එම තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලාන ද මෙහිදී එළිදැක්විය.

546454

කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේ ය.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘතකර තිබේ. ජෛව බුබුලක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ වන්ග් යී එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැ යි විශ්වාසය පළ කර තිබේ.




චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 65 යි

 

1957 පෙබරවාරි 7 වන දින චීනය සහ ශ්‍රී ලංකාව රාජ්‍යය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගත්හ. මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සමයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉතා සමීපව පැවතිණි.

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ හා ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ දී මෙන්ම ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී දෙරට අතර සබඳතා සමීපව පැවති අතර බොහෝ ගිවිසුම්වලට අත්සන් තැබිණ.

මාධ්‍යකාලීන වර්ධනයන් ගත්විට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය චීනයට ගැතිබවක් පෙන්නුම් කළද මෑත කාලීනව විශේෂයෙන්ම 2020 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකාව හා ඉන්දියාව දෙසට නැඹුරු වීමක් පෙන්නුම් කරන නිසා එම චීන ගැති ප්‍රතිපත්තියේ යම් වෙනසක් පෙන්නුම් කරන්නේයැ යි විචාරකයෝ පෙන්වා දෙති.

සමුද්‍රීය සේද මාවත ලෙස හඳුන්වන ඉන්දියානු සාගරයේ චීන උපායමාර්ගික වැඩසටහනේ කොටසක් වන ශ්‍රී ලංකාව 'එක් තීරයක් එක් මාවතක්' ලෙස හැඳින්වෙන විශාල සංවර්ධන උපාය මාර්ගයේ කොටසකි.




සමාජ මාධ්‍ය විවේචන:

මේ අතර චීන විදේශ අමාත්‍යවරයා වරාය නගරය ආශ්‍රිත චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සැහැල්ලු ඔරු ශූරතාවලියට සහභාගීව සිටින අයුරු දැක්වෙන ඡායාරූප කොළඹ චීන තානාපති කාර්යාලය ටුවිටර් ඔස්සේ පළ කර තිබිණ.

kjbhjk

ඊට ප්‍රතිචාර දක්වමින් ඇතැම් ග්‍රහකයින් පවසා තිබුණේ, "ගෑස්, කිරි, සහල් සහ තවත් බොහෝ දේ ලබා ගැනීමට පුරවැසියන් පෝලිම්වල සිටින අතර, ජනාධිපති සහ කැබිනට් ඇමතිවරු අගනුවර බෝට්ටු යාත්‍රා කිරීම නැරඹීමට ගොස් කාර්යබහුල වී සිටිති," යනුවෙනි.

තවත් අයෙකු දක්වා තිබුණේ, "එය යාත්‍රා කිරීම නොවේ, එය විකිණීම යි" (Not sailing, it's "selling") යනුවෙනි.

"අපට ඩොලර් බිලියන දෙකක් (ණයක් නොව) ලබා දීමෙන් ඔබට ඔබේ ආදරය පෙන්විය නොහැකි ද? එසේ නොවේ නම් ඔබේ ණයවලින් බිලියන කිහිපයක් කපා දමන්න," තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විමසා තිබුණි.



තවත් රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් දිවයිනට...

විදේශීය නායකයින් සංඛ්‍යාවක් එක මාසයක් තුළ අපේ රටට පැමිණි අවස්ථාවක් මේ මාසයේ මෙන් කිසිදු අවස්ථාවක සිදුවී නැති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් පවසා සිටියේ, "ඊයේ පෙරේදා මම දැක්කා යම්කිසි මතයක් ප්‍රකාශ වෙලා තිබෙනවා අපේ රජයේ ජාත්‍යන්තර සම්බන්ධතා දුර්වලයි කියලා. ඒ නිසා අපිට සහයෝගයක් විදේශීය රටවලින් ලැබෙන්නේ නෑ කියලා කියනවා. මේක සම්පූර්ණ අසත්‍යයක්. විදේශීය නායකයින් සංඛ්‍යාවක් එක මාසයක් තුළ අපේ රටට පැමිණි අවස්ථාවක් කිසිම ඉතිහාසයක නෑ. එයින් පෙනෙනවා අපේ රට අපේ රජය පිළිබඳ කෙතරම් විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ නිර්මාණය වෙලා තිබෙනවා ද කියලා."

"ශ්‍රි ලංකාවට පැමිණියා චිනයේ විදේශ ඇමතිතුමා. එහිදි ඵලදායි සාකච්ඡා පැවැත්තුවා. ජනවාරි 12 වන දා හංගරියා රටේ විදේශ ඇමතිතුමා ශ්‍රි ලංකාවට පැමිණෙනවා. ජනවාරි 18 වන දා මහා බ්‍රිතාන්‍යායේ ඇමතිවරයෙක් වන ටරික් ආමර් සාමිවරයා ද ජනවාරි 19 දා කොරියානු පාර්ලිමේන්තුවේ කථානායකතුමා ද ජනවාරි මාසයේ අවසාන දවස් තුනේ තුර්කියේ විදේශ ඇමතිවරයා අපේ රටට පැමිණෙනවා. මෙලෙස ලෝකයේ පිළිගත් නායකයින් විශාල සංඛ්‍යාවක් අපේ රටට ප්‍රවිශ්ට වීමක් මාසයක් තුළ කිසිම අවස්ථා සිදුවුණා කියලා කියන්න මගේ මතකයේ නෑ. ඉතාමත් ශක්තිමත් තැනකට ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනිමට මේ රජයට පුළුවන්වෙලා තිබෙනවා." විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.



"ණය ප්‍රතිව්‍යුහගත කරන්න" - මාලදිවයිනත් චීනයෙන් ඉල්ලයි

shahid


ශ්‍රී ලංකවේ සංචාරයට පෙර චීන විදේශ අමත්‍යවරයා මාලදිවයිනේ සංචාරයකය නිරත වූ අටහ්ර එහිදී ඔහු මාලේ අගනුවර සහ හුලුමලේ දූපත සම්බන්ධ කරන කිලෝමීටර් 1.4ක 'චීන-මාලදිවයින් මිත්‍රත්ව පාලම කළමනාකරණය සහ නඩත්තු කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය' සම්බන්ධ 'හුවමාරු ලිපියක්' මාලදිවයින රජය සමග අත්සන් කරන ලදී.

චීන පාලනයට සමීපව සිටි හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන කාලයේ දී ඩොලර් මිලියන 200ක චීන ආධාර ඇතිව එය ඉදිකෙරුණි. මෙම පාලම මාලදිවයිනේ චීනයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙස සැලකේ.

අතීත ණය හේතුවෙන් මාලදිවයින චීනය වෙත ඩොලර් බිලියන 1.4කින් පමණ ණයවී ඇත. වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්ගේ ආණ්ඩුව එම ණය "ප්‍රතිව්‍යුහගත කිරීමට" උත්සාහ කරමින් සිටියි.

මෙයට අමතරව නිදහස් වීසා ගිවිසුමක්, 2019 වසරේ හුලුමාලේ රෝහලේ ස්ථාපිත අක්ෂි මධ්‍යස්ථානයේ සේවා කාලය වසර 2කින් දීර්ඝ කරමින් මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අතර රෝහල් ආධාර සහ සහයෝගීතා වැඩසටහනක් පිහිටුවීමේ ගිවිසුම, මාලදිවයිනේ දූපත් පහක මුහුදු ජලය ලවණ ඉවත් කරන ව්‍යාපෘති සංවර්ධනය කිරීම ඉලක්ක කර මුහුදු ජලය ලවණ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව, සමාජ සංවර්ධනය, ජීවනෝපාය සහ යටිතල පහසුකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් මාලදිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනයෙන් වැඩි සහයෝගයක් ලබා ගැනීමට මග පාදමින් මාලදිවයින සහ චීනය අතර ප්‍රදාන ආධාර පිළිබඳ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම ඇතුළු ගිවිසුම් ගණනාවකට දෙපාර්ශවය අත්සන් තැබිණි.




"අප්‍රිකාවේ ඊනියා 'ණය උගුල' සත්‍යයක් නොවේ"


විදේශ කටයුතු පිළිබඳ කෙන්යා කැබිනට් ලේකම්වරයා සමග ද ඒකාබද්ධව මාධ්‍ය හමුවකට එක්වූ චීන විදේශ අමාත්‍ය වන්ග් යී, අප්‍රිකාව සමග චීනයේ සහයෝගීතාවය නිසා 'ණය උගුලක්' නිර්මාණය වී ඇතිබවට වන චෝදනාව ප්‍රතික්ෂේප කළේ ය.



අප්‍රිකාව සමග සහයෝගීතාවය පවත්වාගෙන යාමේ දී චීනය කිසි විටෙක දේශපාලන නූල් අමුණා හෝ අන් අය මත කිසිවක් පටවා නැතැ යි ද ඔහු කීය.

කෙන්යාවේ විදේශ ණයවලින් 80%ක් බහුපාර්ශ්වික මූල්‍ය ආයතන විසින් ගෙවිය යුතු අතර, චීනය ලබා දී ඇති ණය ප්‍රධාන වශයෙන් සහනදායී ණය බව ද චීන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ ය.

අප්‍රිකාවේ ඊනියා "ණය උගුල" සත්‍යයක් නොවන බවත්, ඇතැම් පුද්ගලයන් විසින් ද්වේශසහගත ලෙස ප්‍රචාරය කිරීමක් බවත් වන්ග් යී ප්‍රකාශ කළේ ය.

එය අප්‍රිකාවේ සංවර්ධනය වේගවත් වනු දැකීමට අකමැති බලවේග විසින් නිර්මාණය කරන ලද "වාචක උගුලක්" බව ද, අප්‍රිකාවේ යම් "උගුලක්" තිබේ නම් එය "දරිද්‍රතා උගුල" සහ "ඌන සංවර්ධිත උගුල" බව ද, අප්‍රිකාව හැකි ඉක්මනින් එයින් මිදිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.


(BBC සිංහල සේවය)

 

 

 

Leader Whats app

 
  
 
 
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 

அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්