විජේසිංහ අයිය එහෙම කියද්දි මම එයාගෙ මූණ දිහා ම බලාගෙන හිටිය.

මොකද... මෙහෙම මිරිස් රාත්තල් තුනක් බේකරියෙ බාස්ට දෙන්නෙ මොකට ද කියන ප්‍රශ්නය මට වද දෙන නිසා.

‘‘ඔය ඉතිං... මගේ මූණ දිහා බලාන ඉන්නැතුව ඕක මිල්ටන් අයියට දීල එනව... ආ මේහ්... ඔහොම යන්නෙපා හරිය... ෂර්ට් එකක් දාගෙන යනව හරිය...’’

මම තවමත් විජේසිංහ අයියගෙ මූණ දිහා බලාගත්තු ගමන් ම යි.

‘‘හරි හරි...දැං බොන් එකට ගිහිං ඔය ටික දීල එනවකො. මං ඔහේ ආවම විස්තරේ කියන්නං.’’

5904043 HSC00001 7
මගේ හිතට පිට් එකක් ආවෙ අන්න ඒ වෙලාවෙ. මං විජේසිංහ අයියත් එක්ක කට පුරා ම හිනාවෙලා, එයා කියපු විදියට ම ෂර්ට් එකකුත් දාගෙන ම බොන් එකට ගියා.

මිල්ටන් අයියා හෙවත් බේකරියෙ ප්‍රධාන බාස්

අද ගනේෂ් වෙනුවට මිරිස් අරගෙන ආවෙ අලුත් කොල්ලෙක්. කොල්ලෙක් කියන්නෙ කොලු නාම්බෙක්. කළු වුනාට දෙදොල් පැණි රසයි කියන්නෙ කට කහනවට නෙවෙයි නෙ. ඒ වගේ මූත් කළු වුනාට පුදුම සිරියාවන්ත පාටයි. ඒ සිරියාවන්තකමට පෙරේත නොවෙන එකෙක් ඉන්නව නම්... හම්ම්ම්... ඒ ගැන කියල වැඩක් නෑ. කොල්ල කෙළින්ම මගේ ළඟට ඇවිත් ‘‘අයිය ද මිල්ටන් අයිය කියන්නෙ...?’’ කියල ඇහුවෙ හරියට සීඅයිඩීකාරයෙක් වගේ.

portrait oil on canvas detail

මමත් ඉතිං හරි ලොකුකමෙන් වගේ ‘‘ඔවු... ඇයි... මොකද්ද ඕනෙකම...?’’ කියල ඇහුවෙ කොල්ලගෙ අතේ තියෙන උරේ මොනවද තියෙන්නෙ කියල හිතන අතරෙ ම යි.

කොල්ල තත්ත්පර පහක් විතර මගේ මූණ දිහා බලාගෙන ඉඳල ‘‘මේ... මේ... මං රොහාන්... හැව්ලොක් එකේ කුස්සියෙ වැඩ කරන්නෙ. මේ... විජේසිංහ අයිය කිව්ව මේ මිරිස් රාත්තල් තුන අයියට දෙන්නෙයි කියල.’’

මමත් කොල්ලව ගනනකට නොගෙන ‘‘අර අතනින් තියනවකො... වෙන මක්කයි විජේසිංහ බාස්උන්නැහේ කිව්වෙ...?’’ කියල ඇහුවෙ ඇත්තට ම විජේසිංහ කියපු දේවල් අහන්න නෙවෙයි. කොල්ලව කයියකට පටලවගන්න වුවමනා නිසා. ඒ වෙද්දි කොල්ල වටපිට බල බලා හිටිය මිසක්ක මා එක්කල කතා කරන්න සිහියක් ඒකට තිබුණෙ නෑ. මොකද ඒ වෙලාවෙ තමයි හවස වඩියෙ: බනිස්, මාළු පාං, ජැම්පාස්, කිඹුල බනිස්, රොස් පාන් එහෙම බාන්නෙ. බිම පුරාම තිබුණෙ උණු උණුවෙම බාපු ඒ කෑම වර්ග පිරුණ තැටි. කොල්ලගෙ ඇස් තිබුණෙ ඒව දිහාට.

‘‘මොකෝ... බනිස් ගෙඩියක්, මාළු පාං ගෙඩියක් කනවයි...?’’

‘‘ආ... න්...න්... නෑ අයියෙ... මං මේ... නිකං බැලුවෙ.’’

buns gds
කොල්ල එහෙම කිව්වෙ ලැජ්ජාවෙන් වගේ.

‘‘හරි හරි... ලැජ්ජ වෙන්නෝන් නෑ. ඔය උණු උණුවෙ මක්ක හරි අරං කනව. එහේ වගේ පඩියෙං කපන්නෑ.’’

‘‘නෑ අයියෙ... ඕන්නෑ... මට පරක්කු වෙනෝ... මං යන්නං...’’ කියල යන්න හදද්දි ම මං කොල්ලගෙ අතිං අල්ල නවැත්තුවා. කොල්ල ටික්ක ඇස් ලොකු කරල මං දිහා බැලුව. ඒ ඇස්වල තිබුණෙ බයක් නෙවෙයි; තරහක්; ඉවසන්න බැරි තරමෙ තරහක්. මොකද මට හොඳට කොල්ලන්ගෙ ඇස් කියවන්න පුළුවං. ඒ හිංද කොල්ල මොනවත් දොඩන්න කලිං ම මං කොල්ලට දෙඩුව.

‘‘මොකද ඔච්චර හදිස්සිය... මං බාස්උන්නැහේට කියන්නං... ඔය කැමති දෙයක් අරගෙන කාල යනව.’’ කියල මං කිව්වම කොල්ලගෙ ඇස්වල බැල්ම වෙනස් වුණ; ඇස් ඇතුළෙ හිනාවක් මතු වුණා. මං කොල්ලගෙ අත අතෑරල තැටියක තිබුණු උණු උණු බනිස් ගෙඩියක් කොල්ලට දුන්න; කොල්ල හිනා වෙන ගමං ඒක අතට ගත්ත. ඒ කියන්නෙ උගේ කේන්තිය නිවුණ.

පස්සෙ මං හෙමිහිට උව කයියට අල්ලගත්ත. මිනිහත්, හැව්ලොක් එකට ආපු දවසෙ ඉඳං කුස්සියෙ වැඩ කරපු දවස් දෙක තුන වෙනකං සිද්ධ වෙච්ච දේවල් කිව්වා. එතකොට තමයි මට මතක් උණේ පාලිතගෙ සිද්ධිය. එහෙම සිද්ධියක් වෙලා තියෙනව කියල ආරංචි වෙලා තිබුණට ඒක කරේ කවුද කියල මං මෙච්චර කාලයක් දැනං හිටියෙ නෑ.

‘හම්ම්ම්... එහෙනං මූත් එක්ක වැඩ කරන්නෝනෙ ෂේප් එකේ. හරි... බලමුකෝ...’’

H0045 L351468549
මං ඩිංගක් කල්පනා කරන අතරෙ කොල්ල බනිස් ගෙඩියත් කාල ඉවර වෙලා. ‘‘අයියෙ... එහෙනං මං යන්නෙයි... විජේසිංහ අයිය බංලං ඇති.’’

‘‘ආ... හ... හ... හරි හරි... එහෙනං තව පැය එකාමාරකින් ඉතර එනෝකො. මං මේක පෝරණුවට දාල වේළල තියන්නං.’’

*          *          *

මං ආපහු ඇවිත් බේකරියෙදි වෙච්ච හැම දෙයක් ම විජේසිංහ අයියට කිව්ව. මොකද මට ඒ මිල්ටන් කියන එකාව එච්චර ඇල්ලුවෙ නෑ. විජේසිංහ අයිය ඉස්සෙල්ලා  ම කරේ කට පුරාම හිනාවුණ එක. ඊට පස්සෙ ‘‘ඔව්ව ඔහොම තමයි රොහාන්... ඔය මොක උනත් වෙන්නෙ උං උංගෙ කැමැත්ත අනුවනෙ. ඒ හිංද හෝටල්වල වැඩ කරද්දි ඔව්ව එහෙමකට මායිං කරන්නෙපා.’’

lincoln seligman chillis 2010 u l q1kiirr0මාත් ඒ ගැන එතනිං එහාට අහන්නවත් කතා කරන්නවත් ගියේ නෑ. කොහොම හරි මිල්ටන් අයිය කිව්ව වගේ ම පැය එකහමාරක් විතර ගියාට පස්සෙ මං ආයෙ බේකරියට ගියේ මිරිස් ටික අරගෙන එන්න. වෙලාව මතක් කරේ විජේසිංහ අයිය.

‘‘කයිය ගහන් නැතුව මිරිස් ටික අරගෙන ඉක්මනට එනව හරිය... මොකද මිරිස් ටික දැංම කොටාගන්නෝනෙ...’’

බේකරියට මිරිස් ගෙනිහින් දුන්නෙ ඇයි කියල මට හරියට ම තේරුණේ ඒ වෙලාවෙ. කිව්ව වගේ ම මං යද්දි මිරිස් ටික වේළල බාල තිබුණ. ඒ වෙලාවෙ යද්දි නම් තව කොල්ලො දෙන්නෙකුත් හිටිය.

‘‘ආ... ඔහේ ආවයි...? සරත්..., කුමාර... මේ රොහාන්... මෙයැයි තමයි මේ දවස්වල හැව්ලොක් එකේ කුස්සියෙ ගෝලය. හැමදාම ඉතිං මේ වෙලාවට නෙ එන්නෙ... මං නැති වෙලාවක ආවොත් එහෙම ඔය බාපු හැටියෙ කෑම මක්ක හරි දෙනව හරිය... මිරිස් ටිකත් වේළල දෙනව හරිය...’’

මිල්ටන් අයිය එහෙම කිව්වම කුමාරයි සරතුයි මගේ දිහා බැලුවෙ මං උන්ට අයිති මොනව හරි උදුරගෙන යන්න ආව වගේ. මාත් කට කොනකින් හිනා වෙලා ලොකුකමක් පෙන්නල ගිහින් මිරිස් තැටිය ඇල්ලුව විතරයි ‘‘ආයීයීඊඊඊ...’’ කියල මට කෑගැහුණ. ඒ එක්කම මිල්ටන් අයිය මං ගාවට දුවගෙන ආව. හැබැයි අනෙක් එවුන් දෙන්න නිකං නෝංජලේට වගේ හිනාවෙන ගමං මගේ දිහා බලං හිටිය.

‘‘මොනවයි යකෝ බලං ඉන්නෙ... අර ලුණු වතුර බාජනේ ගෙනෙං... මේකගෙ අත පිච්චිලා... නද්දකිං මූසලයො... මේ කොල්ල කෝඩුකාරයනෙ බං... උඹල කියන්නෙපැයි... මූ දන්නෑ නෙ තැටිය රස්නෙයි කියල...’’

ඇත්තට ම මං ඉන්නව කියල මට දැනුණෙ ඒ මිල්ටන් අයියගෙ කටේ සද්දෙට. මං ඔය මොනවත් දන්නෙ නැහැ නෙ. මං ගිහිං අල්ලල තියෙන්නෙ පෝරණුවෙන් බාපු හැටියෙ තැටිය. ඒක තාම රස්ණෙයි; රස්නෙයි කියන්නෙ ගින්දර වගේ. ඒ වෙද්දිත් මගේ ඇඟිලි පහම පිච්චිලා දියපට්ටත් ඇවිත්. ඒ අතරෙ අර සරත් කියන කොල්ල ඇවිත් මගේ අත අරගෙන ලුණු වතුර කෝප්පෙ එබුව. අත දැවිල්ල ගත්තට ආපහු ඇදල ගන්න බැරිවුණේ සරත් මගේ අත ටිකක් තදින් ම අල්ලගෙන හිටපු නිසා. ඊට පස්සෙ පොඩි වෙලාවක් කවුරුවත් ම කතා නොකර හිටිය. ආයෙ කතා කරේ මිල්ටන් අයිය

‘‘යකෝ... අලුත් එකෙක් ආවම ඌට දේවල් කියල දීහල්ල. දැං බලහං... මේ කොල්ල තව ටිකක් තදිං තැටිය ඇල්ලුවනං එහෙම ඇඟිලි ටික තැටියෙ ඇලෙනව. තොපි දෙන්නං මහ ගොං බිජ්ජො දෙන්නෙක්.’’

මිල්ටන් අයිය එහෙම කෑ ගහද්දි සරතුයි කුමාරයි දෙන්න එක එකාගෙ මූණු බලාගන්නව මං දැක්ක. ඒත් මං සද්ද නැතුව නොදැක්ක වගේ හිටිය. මට තේරුණා... උං සද්ද නැතුව ඉඳල තියෙන්නෙ මගේ අත පිච්චෙනව කියල දැන දැන ම කියල.

DSC 7942 2 xswm
‘‘ඔහේට දැං මේ තැටිය අරං යන්න ඇහැකිය...?’’

මිල්ටන් අයිය එහෙම අදහද්දි මං ‘‘පුළුවං’’ නොකිය ඔළුව වැනුවෙ ඒ වෙද්දිත් ඇඟිලි දන ගතිය අඩු වෙලා නොතිබුණ නිසා.

‘‘අමාරු නං කියහං බං... මුන් දෙන්නගෙං එකෙක් මේක ගෙනිහිං දෙයි.’’

මං ඩිංගක්වත් කැමති වුණේ නැ උන් දෙන්නගෙන් කවුරුවත් මට උදවු කරනවට. ඒ නිසා  මං මිල්ටන් අයියට කිව්ව ‘‘නෑ නෑ අයියෙ... මට මේක ගෙනියන්න ඈකි.’’ කියල.

‘‘හරි... එහෙනං කමක් නෑ... ගියපු ගමං බාස්උන්නැහේට කියල කුකුළු තෙල් ටිකක් ගාගන්නව හරිය. එතකොට ඔය දැවිල්ල නැතිවෙයි... හරිද...?

මං ඒකටත් ඔළුව වැනුවට පස්සෙ මිල්ටන් අයිය ‘‘මීට පස්සෙ තැටිය අල්ලද්දි මෙන්න මේ ගෝණියක් තියල අල්ලහං බං... පොරණුවෙ බාපු හැටියෙ තැටිය රස්නෙයිනෙ බං...’’ කියන අතර ම එතන තිබුනු ගෝණියක් මිරිස් තැටිය යටින් දාල, තැටිය උස්සල මගේ කරෙන් තියන ගමං මෙන්න මෙහෙමයි තැටිය අල්ලන්නෙ... කොහෙද මේ ගොං වාහෙල උඩ බලං හිටියනෙ... ආ... හරි... දැං ගිහිං මං කියපු විදියට බාස්උන්නැහේගෙන් ඉල්ලගෙන කුකුළු තෙල් ටිකක් ගාගන්නව.’’

ගනේෂන් හෙවත් ගනේෂ්

979984 main 62deb321e5479
පවු... කොල්ලගෙ ඇඟිලි ටික ඔක්කොම දිය බිබිළි දාල. අපරාදෙ කියන්න බෑ බාස්උන්නැහේ කොල්ලගෙ අත දැකපු ගමන් ම ‘‘මක්කයි රොහාන් මේ කරගත්තෙ...? ගනේෂ්... ගනේෂ්... මෙහෙට්ට වරෙං බං ඉක්මනට... මේ රොහානය අත පුච්චගෙන...’’ කියල කැ ගැහුවා.

මම ඒ වෙලාවෙ හිටියෙ සුප් එකට වුමනා කරන මස් කටු කප කපා. ඒක සූදානම් කරල ලිපේ තිබ්බට පස්සෙ දවසෙ වැඩ ඉවරයි. හැබැයි අද එහෙම ඉවර කරන්න බැරි වුණා. ඒ, කොල්ලගෙ අතේ කුකුළු තෙල් ටික ගාල ඉවර වුණාට පස්සෙ බාස්උන්නැහේ මිරිස් කොටන වැඩේ මට පවරපු නිසා. මට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒ වැඩ ඔක්කොම වෙනදට කරන්නෙ මම නෙ. ඒත් ගුණසේකර ගමේ ගිහින්  එනකන් මම නෙ දෙවනිය. ඒ නිසා තුන්වෙනියට තමයි ඒ වැඩේ පැවරෙන්නෙ. ඒත් මේ වෙලාවෙ තුන්වෙනියට ඒ වැඩේ කරන්න බැහැ නෙ... ඒ වැඩේ විතරක් නෙවෙයි වෙන වැඩත් කරන්න අමාරු වෙයි වගේ. එහෙම වුනොත් ඒ වැඩ ටිකත් අදින්න වෙන්නෙ මට. ඒත් කරන්න දෙයක් නෑ. මොකද කොල්ල තුවාල වුණේ වැඩ කරන්න ගිහින්නෙ.

painting man cutting vegetables kitchen 905510 15836‘‘එහෙනං ගනේෂ්... ඔහේ ඔය වැඩ ටික අහවර කරල මිරිස් ටික කොටන්න. මං අද ගෙදර නොගිහිං නතර වෙන්නං. හැබැයි මේ...’’

බාස්උන්නැහේ එහෙම කියල ලී කොටේ උඩ වාඩිවෙලා හිටපු රොහාන්ට කතා කළා.

‘‘රොහාන්... ඔහේ බයවෙන්නෙපා. දෙදොහක් විතර යද්දි අත සනීප වෙයි. බාගදා ඒ වෙද්දි ගුණසේකර එන්නත් පුළුවං. එතකං ඔහේ ඔය පුළු පුළුවං වැඩක් කරන්න. මායි ගනේසුයි ඉතිරි වැඩ ටික අහවරක් කරන්නං. හැබැයි එහෙමයි කියල උඩට වෙලා ඉන්නෙපා හරිය... වෙනද වගේ ම කුස්සියට වෙලා ඉන්නව හරිය. ගනේෂ්...’’

‘‘ඔවු බාස්උන්නැහේ...’’

මං මස්කටු කපන එක නවත්තල ආයෙත් බාස්උන්නැහේ දිහා බැලුව.


‘‘මෙයැයිට වැඩ කරන්න දෙන්නෙපා. හැබැයි මිරිස් කොටද්දි බලාගෙන ඉන්න කියන්න. ඒ වැඩ ටික කියල දෙන්න... හරිය... රොහාන්... ඔහේ ගනේස් වැඩ ටික කරන විදිය බලාගන්න. නොතේරෙන දෙයක් තියේනං ආයෙ අහන්න. එයැයි ඔහේට කියල දෙයි.’’

*          *          *
a38e7a24d28283e5febb4579101ad687
‘‘රොආන්... අර උඩ වේළෙන්න රෙදි දාපු වෙලේ ලොක්කු ලේන්සු දෙක්කක් තුනක් තීනවා. ඒ දෙක්කක් අරගෙන එන්න පුළුඅං නේද...?’’

ගනේෂ් ගුණසේකර වගේ නෙවෙයි. කතා කරන්නෙත් හරිම කරුණාවෙං. ඉතිං එහෙම කරුණාවෙන් කතා කරද්දි බෑ කියන්නත් බැහැනෙ. මම ගිහින් ලේන්සු දෙක අරගෙන එන අතරෙ ගනේෂ් සුප් එක ලිපේ තියල මිරිස් කොටන්න සුදානම් වෙනව.

‘‘රොආන්... අර එහා පැත්තෙන් ඉස් ගෝනි හත්තරක් ඉතර ගේන්න.’’

‘මිරිස් කොටන්න මක්කටෙයි ගෝණි...?’

මං එහෙම හිතන ගමන් ම ගිහින් ගෝනි හතරක් අරගෙන ආවා. ඒ එද්දි ගනේෂ් කුස්සිය අතුගානවා. අතුගාන අතර ම ‘‘මිරිස්... කහ... ගම්මිරිස් ඒම කොට්ටන්න කලිං... මේ වගේ ඔඳට අතුගාන්න ඕනෙ... අතුගාලා ඉයර වෙලා...’’ කියද්දි ගනේෂ් කුස්සිය අතුගාල ඉවරයි. ඊට පස්සෙ ගෝනි ටික ළගට අරගෙන ‘‘මේ ගෝණි ටික මෙන්න මේ වගේ එළාගන්ඩෝනෙ...’’ කියල කියන අතරතුර ම ගෝනි හතර බිම එළුවෙ දෙකක් එක ළඟ ම දිග අතට. ඊට පස්සෙ අනිත් දෙක ඒ දිග අතට එළපු දෙක දෙපැත්තෙන් පළල අතට.

1249895 main 657f4cd0e3cd0

‘‘දැං මේ ලොක්කු වංගෙඩිය තමයි ගන්ඩෝනෙ...’’ කියන අතරතුර ලොකු වංගෙඩිය කෙළින් අතට තියෙද්දි ම රවුන් කරගෙන රවුන් කරගෙන ඇවිත් අර එළපු ගෝණි හතර ම මැදි වෙන විදියට ඒව උඩින් තිබ්බා. ඊට පස්සෙ ‘‘කෝ අර ලේන්සු දෙක... ඒ දෙක ගේන්ඩකෝ..’’ කියල ඉල්ලුවම මම ලේන්සු දෙක ගෙනල්ල දුන්නා. ඊට පස්සෙ ගනේෂ් ‘‘මිරිස් ගම්මිරිස් කොට්ටන්න කලිං මේ ලේන්සුවෙං මෙන්න මේ විදියට නායයි කටයි වැයෙන්න මූණ ගැටගාගන්ඩෝනෙ...’’ කියල කියන අතර තුර එක ලේන්සුවක් අරගෙන හරි මැදින් නැව්වෙ ත්‍රිකෝණ හැඩයක් එන විදියට. ඊට පස්සෙ ලේන්සුවෙ කෙළවර දෙකෙන් අල්ල නහයයි කටයි වැහෙන විදිට කනට උඩින් දාල ගැටගහගත්තා. මමත් ඒ විදියට ම ගැටගහගත්තා. පස්සෙ  වංගෙඩියෙන් තුන්කාලක් විතර පිරෙන්නෙ වේළිච්ච මිරිස් දාල කොටන්න පටන්ගත්තා. ගනේෂ් මිරිස් කොටාගෙන යද්දි තමයි මට තේරුණේ වංගෙඩියට යටින් ගෝණි එළුවෙ ඇයි කියල.


(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/01/12 


අපලෝකන - පසුගිය කොටස්  


Follow Us

Image
Image
Image
Image
Image
Image