මම දැන් ඇවිත් තියෙන්නෙ මට ජෙසිකා එන්න කියපු නිසා.

ඒත් මම හිටපු තැන ඉඳල: ගාලු ටවුමයි, සමනල උයනයි අනික් පැත්තෙන් තියෙන මුහුදයි දකිද්දි මට ඒ හැම දෙයක් ම අමතක වුණා. හැබැයි ඒ අමතක වීම වැඩි වෙලාවක් රැඳුණෙ නෑ. ඒ, එකපාරට ම මගේ පිටිපස්සෙන් ‘‘ෂ්... ෂ්... යසේ... මං මෙහේ’’ කියල අඬගහන ගෑනු කට හඬක් ඇහුණ නිසා.

මම කටහඬ ආපු පැත්තට හැරිල බලද්දි මෙන්න ජෙසිකා අක්කා මගේ ළඟින් ම...!

‘‘අක්කෙ ඔයා...!’’

මම ආවෙ ජසිකා අක්ක කියපු නිසා වුනත් ඇත්තට ම මම විශ්වාස කරේ නෑ අක්ක මම බලාපොරොත්තුවෙන් ඉඳීවි කියල.

‘‘ඇයි... හිතුවෙ නැතෙයි මං ඇවිදින් ඉඳියි කියල...?’’

129273853821148448 a881c256 4e45 4f6c 8252 0c5c3b51e314 164743එහෙම අහන ගමන් ම ජෙසිකා අක්ක මගේ ළඟට ම ආවා. ඇත්තට ම මෙච්චර කාලයක් කඩේදි දැකපු ජෙසිකා අක්කට වඩා දැන් මම මේ දකින ජෙසිකා අක්කා වෙනස්... ඒ කියන්නෙ ඊට වඩා ලස්සන අක්ක කෙනෙක් මගේ ඉස්සරහ ඉද්දි මට ලජ්ජාවක් වගේ ම මොකක්දෝ කියාගන්න බැරි හැඟීමකුත් හිතට දැනුණා.

ජෙසිකා අක්කා ඇඳගෙන හිටියෙ දණහිසටත් වඩා ටිකක් කොට, හැමෝ ම ‘මිනිගවුම’ කියල කියපු ගවුමක්. ඒ විතරක් නෙවෙයි... එයා කොණ්ඩෙ පස්සට පීරලා රතුපාට පටියක් හිස මුදුනින් ගැට ගහල තිබුණෙ පොඩි ගෑනු ළමයි බෑන්ඩ් එකක් දානව වගේ. මට ඒ වෙලාවෙ ජෙසික අක්කව පෙනුණෙ ම නිළියක් වගේ. පහුගිය දවස්වල මම බලපු සමහර චිත්‍රපටවල රඟපාපු: මාලනි ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, සෝනියා දිසා, නීටා ප්‍රනාන්දු, අග්‍රා සජීවනී එහෙමත් මේ විදියට කොණ්ඩෙ පස්සට පීරලා බෑන්ඩ් එකක් දාගෙන හිටපු විදිය මට මතක් වුණා.

‘‘මොකද බං මං දිහෑ කන්න වගේ බලන්නෙ...?’’

ජෙසිකා අක්කා ලස්සනට හිනාවෙවී ඇහුවෙ අතේ තියෙන කුඩේ දිග අරින අතරතුර ම යි.

ජෙසිකා අක්කා එහෙම ඇහුවම මට උත්තර නොදිත් බෑ. හැබැයි ඇත්තට ම ඇයි මම පුදුම වෙලා කියල කියන්නත් බෑ. ඒත් මං අක්කට ඇත්ත ම කිව්වා.

 

2df6e00ead7b81b4d5b7906a5848fbf8
‘‘නෑ අක්කෙ... ඔහේ කඩේදි දකිනවට වැඩිය හරි වෙනස්. ඒකයි මං මේ බැලුවෙ...’’

‘‘අන්න හරි... මටත් ඕන වුණේ ඕක ම තමයි.’’

එහෙම කියන අතරතුර ම ජසිකා අක්කා කුඩෙත් අරගෙන මගේ ළඟට ඇවිත් ඒ කුඩේ මටත් ඉහලුවා; දැන් අපි දෙන්න ම ඉන්නෙ එක කුඩේ යට. ඒක මට ටිකක් නුහුරුයි වගේ. ඒ නිසාද මංදා මම ජෙසිකා අක්කගෙ ඇඟේ නොගැවී ම ඉන්න උත්සාහ කළා. එයාටත් ඒක දැනුණා.

‘‘මොකෝ බං මල්ලියෙ උඹ නිකං ගෑනු ළමයෙක් වගේ ඇඹරෙන්නෙ...? උඹට ලැජ්ජෙයි...?’’

ඇත්තට ම මට ලැජ්ජයි ලැජ්ජයි වගේ තමයි. එකක් ඉස්කෝලෙදි කෙල්ලො එක්ක යාළු වෙලා හිටියට, උන් එක්ක අහුමුළුවලට වෙලා එක එක දේවල් කරල තිබුණට මේ වගේ වැඩිමල් ගෑනියෙක් එක්ක මෙහෙම තැනක ඉඳල ම නැහැ නෙ. ඇත්තට ම ජෙසිකා අක්කා මට අක්කා කෙනෙක් නෙවෙයි නැන්ද කෙනෙක් වගේ. මම හිතන්නෙ එයාට අවුරුදු හතළිහකටත් වැඩි වගේ ඇති. අනික එයා කරන රස්සාව... ටවුන් එකේ හැමෝ ම වගේ එයාව දන්නවත් ඇති නෙ... එහෙවු එකේ මං වගේ පොඩි එකෙක් එයත් එක්ක මෙහෙම ඉන්නව කියන්නෙ...

‘‘ලැජ්ජාවට ම නෙවෙයි අක්කෙ... කව්රුවත් දැක්කොත් හරි නෑනෙ...’’

 

91524268 2706190432935262 7509505009998888960 n
මට කියන්න ලැබුණෙ එච්චරයි.

‘‘අනෙහ් මේ... මා උඹයි හැමිනෙන්න යනව නෙවෙයි නෙ... දකින එවුං ඕන මගුලක් හිතපුවාවෙ... මෙන්න මෙහට්ට වරෙං යන්න,’’ කියල කියන ගමන් ම ජෙසිකා අක්ක මගේ අතින් ඇදගෙන මුහුද පේන පැත්තට ගියා. මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. මාත් පොඩි එකෙක් වගේ අක්කගෙ අත අතහරින්න උත්සාහ නොකර ම එයත් එක්ක ම ඉස්සරහට ගියා.

‘‘උඹ මේ කොටුව ඇතුළට ආවම නේද... මෙයිට කලිං ඇවිල්ල ම නෑ නේද...?’’

තණකොළ වැවුණ කඳු ගොඩැලි මැදින් තිබුණ පොඩි අඩිපාරක් වගේ පාරක් දිගේ ඉස්සරහට යන ගමන් ජෙසිකා අක්කා ඇහුවෙ ඇත්තට ම මල්ලි කෙනෙකුගෙන් අහනව වගේ.

 

galle
‘‘හයේ පංතියෙ ඉද්දි ද කොහෙද ඉස්කෝලෙං ට්‍රිප් එකක් එද්දි එක පාරක් ඇවිත් තියෙනව අක්කෙ. ඒත් මතක නෑ. ලයිට් හවුස් එක බලන්න ගියා කියල නං මතකයි.’’

‘‘ආ... ඒක තියෙන්නෙ අර පැත්තෙ.’’ කියල අපේ දකුණු පැත්තටත් වඩා ටිකක් පස්සට වෙන්න පේන ඈත පෙන්නපු ජෙසිකා අක්කා ‘‘අපි වෙන දොහක ඒ පැත්තෙ යං. මං අද ඔහේ අමුතු දිහාවකට එක්කං යන්නං. යංකො...’’ කිව්වෙ අර පුරුදු හිනාව මූණෙ පුරවාගෙන.

මේ වෙද්දි අපි යන අඩිපාරෙ දකුණු පැත්තට වෙන්න ටිකක් කන්ද වගේ තිබුණා. ඒ එක්ක ම පොඩි පඩි පෙළකින් අපි දෙන්න ම ටිකක් පහළට බැස්සා; බැහැල නතර වුණා. එතන වම් පැත්තට වෙන්න ආරුක්කු හැඩේ දොරකඩක් වගේ එකක් තිබුණා. ඒකෙන් ඇතුළෙ අන්ධකාරයි වගේ.

 

4476S.jpg.500x325 q85
‘‘යසේ... අපි මේක ඇතුළෙං ගිහින් මූද අද්දරට යමු ද...?’’

‘හා’ කියනව ඇරෙන්න මට වෙන කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඒත් ඒ ආරුක්කුව ගාවට ආපු ගමන් ම මගේ හිතට මොකක් දෝ බයක් දැනුණා. මොකද එතනින් ඇතුළු වෙන්න හැදුවට ඇතුළ කට්ට කළුවරයි.

‘‘ඇයි...? බයයි ද...? බයවෙන්නෙපා බං... මං උඹව ගිලින් නෑ. මං මේ හදන්නෙ මේක ඇතුළෙ තියෙන මහ පුදුමාකාර තැං උඹට පෙන්නන්න. ආ වරෙං,’’ කියන ගමන් ම ජෙසිකා අක්කා මගේ අතින් ඇදගෙන ආරුක්කුව ළඟට ගියා. ඇතුළු වෙන තැන ම පඩිපෙළක් තියෙනව කියල පෙනුණට එතනින් එහාට කිසිම දෙයක් පේන්නෙ නෑ. තිත්ත කළුවරයි. ජෙසිකා අක්කා කුඩේ අකුළලා ටිකක් අසීරුවෙන් වගේ කකුල උස්සලා පල්ලෙහාට තිබ්බා. මොකද ඒ ගවුම ඇඳගෙන කකුල වැඩිය පළල් කරන්න බැහැ නෙ.

lightinthedarkscanned2‘‘ම්ම්ම්... මගේ අත අල්ලගනිං යසේ...,’’ කියන අතර ම එයා එක පඩියක් බැස්සා. මාත් එයා එක්ක ම ඒ පඩිය බැස්සා. පඩි දෙක තුනකට වඩා පේන්නෙ නෑ; කළුවරයි. ඒත් ජෙසිකා අක්කා මගේ අතින් අල්ලගෙන පහළට බහිනවා; මාත් එයාගෙ පස්සෙන් හෙමිහිට බහිනවා.

‘‘පොඩ්ඩක් හිටහං... මෙතනිං එහට්ට ඩිංගක් දුර යනකං කට්ට කරුවලයි,’’ කියන අතරතුර එයාගෙ කරේ එල්ලගෙන හිටපු බෑග් එක අතපත ගාන්න පටන් ගත්තා. ජෙසිකා අක්කා මොනවා කරන්න හදනව ද කියල මට හරි හැටි තේරුමක් නැතත් මට කරදරයක් වෙන්නෙ නෑ කියන විශ්වාසය තිබුණා.

‘‘හම්ම්ම්... දැං හරි... යං...’’ කියල ජෙසිකා අක්ක කිව්වෙ එයාගෙ බෑග් එකෙන් එළියට ගත්තු පුංචි ටෝච් එකක් පත්තු කරන ගමන්. එතකොට මට තේරුණා ජෙසිකා අක්කට මෙතන නුහුරු තැනක් නෙවෙයි කියල.

ඉස්සරහට යන ගමන් ජෙසිකා අක්කා දෙපැත්තටත් ටෝච් එක ගැහුවා. ඒ අතරෙ බිමටත් ටෝච් එක ගැහුවා.

‘‘මේකෙ තැං තැංවල තියෙන එව්ව ගැන හිතන්න ඕන් නෑ. උඹ මගේ පස්සෙං ම වරෙංකො...’’ කියල ජෙසිකා අක්කා කිව්වෙ ඇයි කියල මට හරියට තේරුණේ නෑ. මං එහෙම කිසිම දෙයක් දැක්කෙත් නෑ. දකින්නෙ කොහොම ද... ඒක ඇතුළෙ කට්ට කළුවරයි නෙ...

ඔහොම ඉස්සරහට යද්දි ඒ කට්ට කළුවර ටිකෙන් ටික නැතිවෙලා ඇතුළට පොඩි එළියක් එන්න ගත්තා.

‘‘ඇහෙනව ද සද්දෙ...?’’

ජෙසිකා අක්ක එහෙම ඇහුවට මට මොනවත් තේරුණේ නෑ.

‘‘ඒ කිව්වෙ අක්කෙ...?’’

 

cave e


‘‘ඇයි බං... උඹට මූදෙ සද්දෙ ඇහෙන්නැද්ද...’’ කියල දකුණු පැත්තට හැරිල ‘‘මේහ්...  ඔතන පඩිපෙළක් තියෙනවා... පරිස්සමිං බැහැපං හරිය...’’ කියල මගේ අතින් අල්ලලා මාව බැස්සුවා. ඒ වෙද්දි අපි නොදැනුවත්ව ම ඇතුළට එන එළිය තව වැඩි වෙලා; පඩි දහයක් විතර බහිද්දි එළිය තවත් වැඩි වුණා. ඒ වෙද්දි ජෙසිකා අක්කා ටෝච් එකත් නිවල එයාගෙ බෑග් එකට දාගන්නවා මම දැක්කා.

‘‘මේ මොකද අක්කෙ මේ... බිං ගේ ඉවරෙයි...?’’

‘‘හම්ම්ම්... ඇති යංතං තේරුණා... බිං ගේ ඉවරයි තමයි,’’ කියද්දි පඩි පෙළ ඉවර වෙලා ආයෙත් තැනිතලා පොළොවක්. එතකොට තමයි මම දැක්කෙ ඒ පොළොවෙත් කොටු තාප්පෙට අල්ලලා තියෙන ගල් වගේ ලොකු ගල් අල්ලලා තියෙනව කියල. පොඩ්ඩක් ඉස්සරහට යද්දි මූද අද්දරින් බිං ගේ ඉවර වෙනව වගේ දැනුණා. ඒ ඉවර වෙන තැනත් ආරුක්කු හැඩේ දොරකඩක්.

‘‘අක්කෙ... කොහෙන්ද අක්කෙ අපි මේ මතු උණේ...?’’

මං එහෙම ඇහුවෙ ඇස් අදහාගන්න බැරුව. මෙච්චරවෙලා කළුවරේ අපි ඉස්සරහට ආව මිසක මෙහෙම තැනකින් මතුවේවි කියල මම හිතුවෙ නෑ. දැනුත් මට හිතාගන්න බෑ.

 

4477dtail06S.jpg.534x400 q85

 

‘‘මේ... මං හිතන්නෙ මල්ලියෙ ඒ කාලෙ ලන්දේසි එවුන් හදිසියක් උනොත් පැනල යන්න හදපු රහස් බිං ගෙයක් වෙන්න ඕන. ඔය අපි ආපු එක ඇතුළෙත් තව පොඩි පොඩි බිං ගෙවල් තියෙනවා. ඒව අස්සට යන්න බෑ... හද්දා කරුවලයි. මං නං ඒත් සමහර තැංවලට ගිහිං තියෙනවා. ඒ මක්කටද කියල අහනව එහෙම නෙවෙයි හරිය... සමහර තැංවල වවුල්ලු පිරිල.’’

මේ වෙද්දි අපි වැල්ලට ම ඇවිත් ඉවරයි. පේන තෙක් මානයේ තිබුණෙ මූද. රැල්ල ඇවිත් ආයෙත් මූදට යනවා. සමහර රැළි ඇවිත් කොටු තාප්පෙ වැදිල බිං ගෙයි දොරකඩින් ටිකක් ඇතුළටත් වතුර යනවා. ඒ එක්ක ම ඒ වතුර පාර ආපස්සට ගලාගෙන ඇවිත් වෙරළට එකතු වෙනවා. මම වෙරළට ඇවිත් කොටු තාප්පෙ උඩ බැලුවා... අම්මෝ... ඒකෙ උස...! මට හිතාගන්න බැරි වුණා.

‘‘අක්කෙ... මේ උඩ ඉඳලද අපි ආවෙ...!’’

මං එහෙම අහද්දි ජෙසිකා අක්ක හිටියෙ මූද දිහා බලාගෙන.

 

1226932 HSC00001 7
‘‘මොකද්ද ඇහුවෙ...?’’

අක්ක ටිකක් සද්දෙන් ඇහුවෙ රළ සද්දෙට කටහඬ ඇහෙන්නෙ නැති නිසා.

‘‘නෑ අක්කෙ... මං ඇහුවෙ අපි දැං ආවෙ මේ උඩ ඉඳල ද කියල...?’’

උඩ බලාගෙන හිටපු මං ළඟට ම ආපු ජෙසිකා අක්කා ‘‘ඇයි... හිතාගන්න බැයිද...? එහෙම තමයි බං... ඉස්සෙල්ලම මෙතෙන්ට ආපු දවසෙ මටත් හිතාගන්න බැරි උණා. මෙව්වා ඉතිං සුද්දංගෙ වැඩනෙ බං. අපිට හිතාගන්න බෑ තමයි. අර බලපං.’’

ජෙසිකා අක්කා එහෙම කිව්වෙ අපි මූද පැත්තකට හැරුණාම වම් අත පැත්තෙන් පේන, තවත් ටිකක් මූද දිහාට ම දික් වෙලා තිබුණ කොටු තාප්පෙ පෙන්වන ගමන්. දකුණු පැත්ත බැලුවම නම් පෙනුණෙ ඈතට වෙන්න එක කෙළවරකින් කොටු තාප්පෙ ඉවරයි වගේ. ඒ කෙළවරේ ඇත්තෙ සමනල පිට්ටනිය කියල මම අනුමාන කරා. අනික් පැත්ත ගැන නම් හිතාගන්නත් බෑ. ඒ කොටු බැම්ම මුද පැත්තට නෙරල තිබුණෙ හරියට මහා කණුවක් පැත්ත පෙරළිලා වගේ.

 

Woman by the Sea Paul Emile Chabas Oil Painting

 

‘‘මං අද මේ උඹට පෙන්නුවෙ පොඩ්ඩයි. පස්සෙ දවසක කට්ටියත් එක්ක ම එමු. කොහෙද අපේ එවුන්ට කස්ටයො ටිකක් සෙට් උනාණෙ බං. උන්ට මුකුත් කියන්නත් බෑ. උනුත් කීයක් හරි හොයාගන්නත් එපායැ. මං ගියෙ නැත්තෙත් උඹ එනවයි කියපු හිංද...’’

ජෙසිකා අක්ක මහා හයියෙන් කියන දෙවල් මට ඇහුණට ඒ කියපු දේවල් මොනවද කියල මට හරියට තේරුණේ නෑ. මං ආයෙ අහන්න ගියෙත් නෑ. එයා රැල්ල පාග පාග ඉඳල හෙමිහිට මගේ ළඟට ආවා.

‘‘මෙහ්... උඹ මේ... අර... රදල පිළිරුව කියන පිචර් එක බලල තියනවයි...?’’

ජෙසිකා අක්කා එක පාරට ම චිත්‍රපටියක් ගැන අහන්නෙ ඇයි කියල මට හිතාගන්න බැරි වුණා.

 

sea cf
‘‘නෑ අක්කෙ... ඇයි එක පාට්ට ම ඔහේට පිචර් එකක් මතක් උණේ...?’’

‘‘පිචර් එකක් මතක් උණේ ද... ඒ පිචර් එකේ එක සීන් එකක් තියෙනවා ඒකෙ ප්‍රධාන නළුව... කවුද මේ... ආ... ලැඩී රණසිංහ... මිනිහ ඔය මොකද්ද හුටපටේකදි එකෙක්ව කරේ තියාගෙන කුණු කානුවකට බහිනවා. කුණු කානු කියන්නෙ මේ ටවුන් එකේ තියෙන කානු වගේ නෙවෙයි. එව්වයි දහ දොළොස් දෙනෙකුට උනත් හිටගෙන යන්න පුළුහං එව්වා...’’

‘‘ඉතිං...?’’

අක්කා කියන්න හදන්නෙ චිත්‍රපටි කතාවක් නිසා මං හූමිටි තියන්න පටන් ගත්තා.

‘‘ඉතිං කියන්නෙ... ඒ නළුව එකෙක්ව කරේ තියාගෙන බහින්නෙ කොළඹ දිහෑ කානුවකිං. ආයි මතුවෙන කෑල්ල තියෙන්නෙ මෙතනිං...?’’

ජෙසිකා අක්කා කියපු දේ මට හිතාගන්න බැරි උණා. ඒ කියන්නෙ කොළඹ දිහා කානුවකින් බැස්ස කෙනා මෙතනිං මතු වුණා කියන්නෙ...

‘‘ඒ කොහොමෙයි අක්කෙ කොළඹ දිහැයින් කානුවකට බැහැපු කෙනා මෙතනිං මතු වෙන්නෙ...?’’

 

e88cb2e3c254f07343d122fd66c0acb3
මං එහෙම ඇහුව ම ජෙසිකා අක්කා මහා හයියෙන් හිනා වුණා. හිනාවෙන අතර මූදු වතුර ටිකක් දෝතට අරගෙන මගේ දිහාට විසි කරන ගමන් ‘‘මෝඩයො... ඒ කෑල්ල අරගෙන තියෙන්නෙ එහෙමයි. බහින්නෙ කොළඹ කානුවකට. ආයි මතුවෙන්නෙ මෙතනිං.’’

‘‘අක්ක කොහොමෙයි ඒක දන්නෙ...?’’

‘‘එව්වා හරි දිග කතා බං... එව්ව කිව්ව කියල උඹට තේරෙන්නෑ... ඕනෙ ම නං මං පස්සෙ දවසක කියන්නංකො... මෙහ්... ඒක නෙවෙයි... අපි දැං යමුද...? අපේ අනික් එවුං බාගෙදා දැං උඩට ඇවිල්ලත් ඇති.’’

ධූමලාවණ්‍යාගාරය'ට ඇතුළු වීමෙන් ඉක්බිති...- (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024-02-09    

අපලෝකන - පසුගිය කොටස් 


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්