The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඒකාධිපතියන් සමඟ සටන් වදින අරාබි රැප් ගායිකාවෝ

T

The Leader Desk

July 25, 2020 • 1:35 PM

 ඒකාධිපතියන් සමඟ සටන් වදින අරාබි රැප් ගායිකාවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග පාලකයෝ කැමති පද රචනා නොමැතිව ගීත වලට ය. නමුත් දැන් එය අභියෝගයට ලක්වෙයි.
  • මොරොක්කෝවේ ස්වභාෂාව වන ඩාරියා හි “ඔබේ සහෝදරිය” යන වේදිකා නාමයක් භාවිත කරන ක්තේක් “මගේ රැප් හඩක් නැති නැති අය සඳහා හඬකි” යැයි පවසයි.
  • පස්වන මුහම්මද් රජු ඉස්ලාම්වාදයට සංස්කෘතික ප්‍රතිචාරයක් ලෙස හිප්–හොප් ප්‍රවර්ධනය කර කළේය.  එහෙත් එය වඩාත් උද්යෝගයෙන් වැලඳගෙන ඇත්තේ, තමන්ගේම ගීත නිර්මාණය කරගත් නාගරික දුප්පතුන් විසිනි.
  • වර්තමානයේ අරාබි රැපර්වරු ගතානුගතික පැවැත්මට අභියෝග කරමින්, අවවරප්‍රසාදිත, රැකියා විරහිත තරුණ තරුණියන්ගේ කෝපය ප්‍රකාශ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

“ජුන්ඩන්ගේ භුමියේ මං ගැහැනියක්” යැයි ගයන මොරොක්කෝ සිසුවියක වන වන ක්තෙක්ගේ, “කික් ඕෆ්” නම් පළමු ගීතය පෙබරවාරි මාසයේදී වයිරසයක් මෙන් පැතිර ගියේය. ඇයගේ පද රචනා රටේ අසමානතා පරතරයන් ද එරට හුස්ම සිරකරවන තරමේ දේශපාලන, සමාජීය හා ලිංගික ධූරාවලීන්‌ විවේචනයට හසු කරයි. ඇයගේ පච්ච සහ නිල් පැහැ ගැන්වූ හිසකෙස් රාජධානියේ සම්ප්‍රදායන්ට එරෙහිව යැමකි. මොරොක්කෝවේ ස්වභාෂාව වන ඩාරියා හි “ඔබේ සහෝදරිය” යන වේදිකා නාමයක් භාවිත කරන ක්තේක් “මගේ රැප් හඩක් නැති නැති අය සඳහා හඬකි” යැයි පවසයි.

රැප් සංගීතය මැද පෙරදිගට පැමිණියේ පරම්පරාවකට පෙර බටහිර රටවල ඉගෙනුම ලැබූ මොරොක්කෝවරු සමඟය. පස්වන මුහම්මද් රජු ඉස්ලාම්වාදයට සංස්කෘතික ප්‍රතිචාරයක් ලෙස හිප්–හොප් ප්‍රවර්ධනය කර කළේය. 

එහෙත් එය වඩාත් උද්යෝගයෙන් වැලඳගෙන ඇත්තේ, තමන්ගේම ගීත නිර්මාණය කරගත් නාගරික දුප්පතුන් විසිනි. වර්තමානයේ අරාබි රැපර්වරු ගතානුගතික පැවැත්මට අභියෝග කරමින්, අවවරප්‍රසාදිත, රැකියා විරහිත තරුණ තරුණියන්ගේ කෝපය ප්‍රකාශ කරති. ඔවුන්ගේ විරෝධතා ගී පසුගිය වසරෙහි ඇල්ජීරියාවේ, සුඩානයේ සහ ඉරාකයේ නායකයන් පෙරළා දැමූ මහජන පෙලපාලිවල තේමා ගීත බවට පත්විය.

As Arab rappers challenge the old ways despots hit back photo                                          බයිසිකලයේ නැගී මැද සිටින්නේ රැප්කාරියක වන මනල් බෙන්ච්ලිකාය

මොරොක්කෝවේ රැප් භූමිකාව අරාබි ලෝකයේ වඩාත්ම ආලෝකමත් දැක්මයි. මනල් යැයි කෙටියෙන් හැඳින්වෙන මනල් බෙන්ච්ලිකා ( බයිසිකලයේ නැගී මැද සිටින්නේ ඇයයි) ගැහැණු බලයේ සංකේතයකි. 

ඇයගේ එක් ගීතයක් යූ ටියුබ් හි මිලියන 43 ක් නැරඹීය. ස්ත්‍රී රැප්කාරියන් බොහෝ විට පුරුෂාධිපත්‍ය සමාජයක තහනම් කිරීම් වලට අභියෝග කරයි. 

“මම ලිංගික සුලුතරයන් සහ විෂම සැළකිම් වලට ලක්වන අය වෙනුවෙන් රැප් කරනවා” යැයි ක්තෙක් පවසයි. තවත් සමහරු නිලධාරීන්ට හා පොලිසියට අභියෝග කරති. “ආචා එල් චාබ්” (ජනතාවට දීර්ඝායු වේවා!) යන ගීතය රජු අපහිසයට ලක් කරයි. දමයි. එය පසුගිය වසරේ වයරසයක් මෙන් පැතිර ගියේය.

සමහර අරාබිවරු රැපර් ගායනයන්ට අකමැතියි. ඇමරිකාවේ මෙන්ම, සමහර රැප් පද රචනා මැර කල්ලි, ප්‍රචණ්ඩත්වය සහ උතුරු අප්‍රිකාවේ ක්‍රැක් කොකේන්හි අරාබි අනුවාදය වන කාර්කූබි ප්‍රවර්ධනය කරයි. ස්ත්‍රී රැප් තාරකාවන්ගේ නැගීම නොතකා, තවමත් රැප් පෙළගැස්මේ ආධිපත්‍යය දරන්නේ පිරිමිය. ඔව්හු බොහෝ විට ස්ත්‍රි විරෝධී තාල නිපදවයි. රැප්කරුවන් කිහිප දෙනෙක් අන්තවාදී ඉස්ලාමීය රාජ්‍යයට ද බැදුණි.


unnamed 2 768x504                                            ඉරිත්‍රියානු රුප් ගායිකා Asayel Slay සවුදි අරාබිය සරගත කළේය.

ඒකාධිපති පාලකයෝ අපේක්ෂිත ලෙසම දණ්ඩනය අතට ගෙන තිබේ. මොරොක්කෝව “ආචා එල් චාබ්” (ජනතාවට දීර්ඝායු වේවා!) ගායනයේ එක් රැප්කරුවෙකු සිරගත කළේය. සවුදි අරාබිය “මක්කම ගැහැණු ළමයින්” යන ගීතිය ගැයූ රැප් ගායිකාවක සිරගත කළේය. සිරියාව රැප්කරුවන් බොහෝ දෙනෙකු යුරෝපයට පලවා හැර තිබේ. 

අසම්මත වචන ඇතුළත් රැප් ගීත, වෙනත් වචනවලින් කිවහොත් ඒවා සියල්ලම පාහේ, තහනම් කිරීමට ඊජිප්තුව කටයුතු කරමින් සිටී. ඊජිප්තු සංගීත විචාරකයෙකු වන ගැමිහුඩ් පවසන්නේ මර්දනය කොතෙක්ද යත් “දේශපාලන සංනිවේදනය, භූගතව පවා අතුරුදහන් වී ඇති” බවයි.

අරාබි ලෝකය ලොව අඩුම මාධ්‍ය නිදහසක් ඇති කලාපයක් වන අතර එම තත්වය ඉරාකයට එරෙහිව ඇමෙරිකාව විසින් දියතු කරන ලද ප්‍රහාරයෙන් පසු උග්‍ර විය. අරුමයකට මෙන් ඊශ්‍රාලයෙහි සාපෙක්ෂ වශයෙන් මාධ්‍ය සහ කලා නිදහස වැඩිය. එනමුත් එරට රජය සහ අධිපති මතවාදය සහමුලින්ම වර්ගවාදීය. මෙරොක්කෝවද වඩා නිදහසක් ඇති අරාබි රටවලින් එකකි.

පස්වන මුහම්මද් රජුගේ ආදර්ශය අනුගමනය කරමින්...

නායකයන් කිහිප දෙනෙක් පස්වන මුහම්මද් රජුගේ ආදර්ශය අනුගමනය කරමින් ඔවුන්ගේ අභිමතාර්ථයන් සඳහා රැප් ගී සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කරති. 

පසුගිය වසරේ සෞදි අරාබියේ තථ්‍ය පාලකයා වූ මුහම්මද් බින් සල්මාන්, ඇමරිකානු තරුවක් වන “50සෙන්ට්” සඳහා සත්කාරකත්වය සැපයීය. ඉරාකයේ සමහර ෂියා දේශකයින් ඔවුන්ගේ දේශන සාම්ප්‍රදායික රිද්මයානුකූල පපුවට ගසා ගැනීම මගින් රැප් රිද්ම ඔවුන්ගේ පසුබිම ලෙස යොදා ගනී.

සැම විටකම වාගේ පාලක පංතීන් විරෝධාකල්ප සංස්කෘතිය තමන්ගේ බවට පත් කර ගැනීම මගින් විරෝධතා යටපත් කිරීම ඉතිහාසය පුරාම සිදුව තිබේ. අරාබි රැප්කාරියන් සිය ස්වාධීනත්වය පවත්වා ගැනීමට වඩ වඩා උත්සාහ ගැනීම වැදගත් වන්නේ එනිසාය.

ලොව පුරා මහජන අරගල සටන්කාමී ගීත සංස්කෟතියක් සමඟ අත්වැල බැඳගෙන තිබේ. සූඩනයේ තිස්වසරක හමුදා පාලනය පෙරළා දැමූ මහජන නැගිටීම ගීත ගායනා වලින් පිරී තිබුණි. එවිට අරගලය වින්දනයක් බවට ද පත්වෙයි. 
ලංකාවේ අපට බැරි ඇයි ?

ගීයක් ගයමින් විරෝධතාවයක යෙදීමට ලංකාවෙහි අපට නොහැකි වී ඇත්තේ මන්ද? වමේ ව්‍යාපාරයෙහි මුල් කාලයෙහි “සාදුකින් පෙළෙනවූන් දැන් ඉතිං නැගිටියව්” යන්න තේමා ගීයක් විය. මැයි දින පෙළපාලිවල ඒ පද ගුගුම් දුන්නේය.

''ගීයක් ගයමින් විරෝධතාවයක යෙදීමට ලංකාවෙහි අපට නොහැකි වී ඇත්තේ මන්ද? වමේ ව්‍යාපාරයෙහි මුල් කාලයෙහි “සාදුකින් පෙළෙනවූන් දැන් ඉතිං නැගිටියව්” යන්න තේමා ගීයක් විය. මැයි දින පෙළපාලිවල ඒ පද ගුගුම් දුන්නේය.'

එසේ නමුත් නව වම ලෙස ඉදිරියට ආ ජවිපෙ සහ සිවිල් කණ්ඩායම් තුළ එම සම්ප්‍රදායය තිබුණේම නැත. අදද නැත. සමස්ත පෙළපාලියක් පුරා එකම සටන්කාමී ගී හඬක් නැගෙන විට එය සාමූහික බලයක් බවට පත්වෙයි. මෙරට එම සිදු නොවන්නේ මන්ද? විරෝධතා ගීයක් ගයන පිකට් එකක් දකින්නට නැත්තේ මන්ද? 

( srilankabrief.org - 'ද ඉකොනොමිස්ට්ම්' හි පළවූ ලිපියක කරුණු ද ඇසුරිණි. විග්‍රහාත්මක අදහස් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

වීඩියෝ -1


වීඩියෝ -2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...