The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරිස්සම් වෙන්න: අහම්බයන් ගොඩක්- මේක අමුතු කාලයක්!

T

The Leader Desk

June 16, 2020 • 7:27 AM

පරිස්සම් වෙන්න: අහම්බයන් ගොඩක්- මේක අමුතු කාලයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ ඉස්පිරිතාලෙ රුපියල් ලක්ෂ 79ක මංකොල්ලයක් වුණා. සෙල්ලම් පිස්තෝලයක් පෙන්නලා රුපියල් ලක්ෂ 79ක් මංකොල්ල කෑ
  • අර අලුත් පොලිස් නිලධාරීන්ගේ නම් නමක්වත් සඳහන් වෙන්නේ නැහැ.
  • මේ ලංකාවේ සිටි ආරක්ෂක ඇමතිවරයකු වූ අනුරුද්ධ රත්වත්තේගේ මුණුබුරෙකු බව වාර්තා වෙනවා.
  • රත්වත්ත පවුලෙ ඇතැම් අයගේ නම් සමූහ මිනීමැරුම් ඇතුළු බරපතල අපරාධ රැසකට ගෑවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොල්ලකරුවා පළපුරුදු වෛද්‍යවරයෙක් හා විශේෂඥ වෛද්‍ය සිසුවෙක්. ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක්.

කොල්ලකරුවා පැනල යන්නෙ ත්‍රිරෝද රියකින්. ඒ වෙලාවෙ එතන ඉන්නවා පොලිස් රහස් ඔත්තු නිලධාරීන් දෙන්නෙක්. එක්කෙනෙක් සිතුම් දුලීක හේමාල්. වයස අවුරුදු 22යි. මේ දෙන්නා කොල්ලකරුවා පසුපස හඹාගොස් අල්ලගන්නවා.

ඒ අල්ලගන්න වෙලාවෙ එතනට එනවා මාතර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරියක්. ඇය මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලබා සිටි නිලධාරිනියක්. ඇය වහා ඉදිරිපත් වී හොරා මෙල්ල කරනවා. ඇගේ ඡායාරූපත් පළවෙනවා. ඇයට එයින් ලොකු කීර්තියක් හිමි වෙනවා. අර අලුත් පොලිස් නිලධාරීන්ගේ නම් නමක්වත් සඳහන් වෙන්නේ නැහැ. ඔවුන් රහස් ඔත්තු නිලධාරීන් නිසා කමක් නැහැ කියමු.

Rs 7.9m robbery at National Hospital

සතියක් ගතවෙන්නත් කලින් ඒ පොලිස් නිලධාරීන් දෙන්නා බම්බලපිටියේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසලදී මාරක අනතුරකට ලක්වෙනවා. එම සිද්ධියෙන් ඉහත කී සිතුම් දුලීක හේමාල් මරණයට පත්වෙනවා. අනෙක් නිලධාරියා බරපතල තුවාල ලබනවා.

ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය යටවෙන්නේ ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩකයකු හා නීති ශිෂ්‍යයකු විසින් බීමත්ව පදවන ලද ඩිෆෙන්ඩර් රථයකට. එම සැකකරු වන්නේ අශාන් තරින්ද කටුගහ රත්වත්ත.

මේ ලංකාවේ සිටි ආරක්ෂක ඇමතිවරයකු වූ අනුරුද්ධ රත්වත්තේගේ මුණුබුරෙකු බව වාර්තා වෙනවා. රත්වත්ත පවුලෙ ඇතැම් අයගේ නම් සමූහ මිනීමැරුම් ඇතුළු බරපතල අපරාධ රැසකට ගෑවුණා. කෙසේ වෙතත්, ඔවුන් ඒ නඩුවලින් නිදහස් වුණා. ඔවුන් හරි ප්‍රභූ පවුලක්.

මේ අනතුරට ලක් වුණ ඩිෆෙන්ඩර් ජීප් රථය වගේ වාහන ලංකාවට එන්නේ බොහෝ විට දේශපාලකයන්ට, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍රවලින්. මේක එහෙම එකක් ද යන්න තවම දන්නේ නැහැ.

 

අහඹු සිදුවීම් රැසක්....

පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ මෙවැනි අහඹු සිදුවීම් රැසක් සිදු වුණා. කොවිඩ්-19 ඇඳිරි නීති සමය තුළ ත්‍රිරෝද රථවලින් ලීසිං වාරික අය කරන්නට එපා ය කියා ආණ්ඩුව මාධ්‍යවලින් මූල්‍ය සමාගම්වලට කිව්වා. ඒත්, මූල්‍ය සමාගම් ලීසිං වාරික නොගෙවපු ත්‍රිරෝද රිය උස්සගෙන ගියා. එවැනි සිද්ධි ගැන කතා කරපු සුනිල් ජයවර්ධන නම් ත්‍රිරෝද රථ සංගම් නායකයාට මූල්‍ය සමාගමේ සේවකයන් පිරිසක් පොලුවලින් පහර දී මහ දවල් දෙනෝ දාහක් ඉදිරියේ මරාදැම්මා.

ඉන් අනතුරුව නිදහස් චතුරස්‍රයේ තිබී වෙඩි වැදුණු මළසිරුරක් හමු වුණා. රජය විමර්ශන අවසන් වන්නටත් කලින් වහා ඉදිරිපත් වී එය සියදිවි නසාගැනීමක් බව කිව්වා. ඒත්, මේ වන විට ඒ ගැන විවිධ සැක සංකා පළවෙනවා. මිය ගිය පුද්ගලයා අකටයුතු නාදකයෙක්.

මේ සිද්ධි එකිනෙක සම්බන්ධ වෙන හුයක් තිබෙනවා ද කියලා හොයාගන්න බැහැ. හැබැයි, ඒ අහඹු සිද්ධි පෙළගැසෙන ආකාරය විස්මයජනකයි. අපි කාටවත් ඇඟිල්ල දික්කරන්නෙ නැහැ. අවාසනාවන්ත කාලවලදි පරිස්සම් වෙන්න.

(praja.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පරිස්සම් වෙන්න: අහම්බයන් ගොඩක්- මේක අමුතු කාලයක්! | The Leader