The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ 'ඩීල්' : විල්පත්තුව CLOSED. දැන් දියවන්නාව OPEN - කුසල් පෙරේරා

T

The Leader Desk

October 19, 2020 • 5:14 AM

ආණ්ඩුවේ 'ඩීල්' : විල්පත්තුව CLOSED. දැන් දියවන්නාව OPEN - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරුන්ට දැන් නින්ද යයි. රිෂාඩ් බදූයිදීන් අත්අඩංගුවට ගත් බව සනාථව ඇත.
  • එහි දේශපාලනය වන්නේ, 20 සඳහා ඔහුගේ පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන් 03 දෙනාගේ ඡන්දය ආණ්ඩුව සහතික කර ගැනීම සහ රිෂාඩ් අත් අඩංගුවට ගැනීමෙන් සිංහල බෞද්ධ සමාජයේ 20 ට විරුද්ධ හඬ නිහඬ කර ගැනීමට එය යොදා ගැනීමට උත්සාහ කිරීමය.
  • ඒ ජාවාරම් සමග 20 වන සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නිර්දේශ සතු වෙනස් කිරීම් නිවැරදිව සිදුකරන ලද්දේ දැයි සහතික කර ගැනීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැති හෙයින්, ඉවත් කළ යුතු වගන්ති නැවත වෙනත් ආකාරයකින් ගෙන ඒම වැළකිය නොහැක.
  • කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොතකා එවැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම ගැන 19 හොඳ නිදසුනකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි තිබිය හැකි දේශපාලනය තේරුම් යන්නේ නම් යළි තිගැස්සී ඇහැරෙනු ඇත.

එහි දේශපාලනය වන්නේ, 20 සඳහා ඔහුගේ පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන් 03 දෙනාගේ ඡන්දය ආණ්ඩුව සහතික කර ගැනීම සහ රිෂාඩ් අත් අඩංගුවට ගැනීමෙන් සිංහල බෞද්ධ සමාජයේ 20 ට විරුද්ධ හඬ නිහඬ කර ගැනීමට එය යොදා ගැනීමට උත්සාහ කිරීමය.

එළෙසින්ම, ඔහු නිදහස් කිරීම සඳහා ඔහුගේ ඡන්දය සඳහාද කේවල් කිරීමය. එය, එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු නොව, තුන්දෙනෙකු මරා ගැනීමේ උත්සාහයකි.

ඒ ජාවාරම් සමග 20 වන සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නිර්දේශ සතු වෙනස් කිරීම් නිවැරදිව සිදුකරන ලද්දේ දැයි සහතික කර ගැනීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැති හෙයින්, ඉවත් කළ යුතු වගන්ති නැවත වෙනත් ආකාරයකින් ගෙන ඒම වැළකිය නොහැක.

බොහෝවිට සිදුවන්නේද එය ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම වන්නේ පළමු නිර්දේශ කිරීම් මිස, අනතුරුව ඉදිරිපත් කරන සංශෝධිත වගන්ති කෙතරම් ව්‍යවස්ථානුකූල දැයි බැලීම නොවේ.

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොතකා එවැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම ගැන 19 හොඳ නිදසුනකි.

 

"තමුසෙ කට වහගෙන වාඩි වෙනවා"

 ලැටිම හවුස් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ විශේෂඥයෙකු ලෙස පෙනී සිටින වික්‍රමසිංහ, 19 ය තෙවන වර කියවීමේදී පවා වෙනස්කම් කළ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් ඒවා ඉංග්‍රීසියෙන් පමණක් ඉදිරිපත් කළ, දෙමළ පරිවර්තන ඉල්ලු විට "තමුසෙ කට වහගෙන වාඩි වෙනවා" යැයි ඔහු කෑ ගැසූ විට එය දෙමළ ජාතික සන්ධානයත් මුස්ලිම් මන්ත්‍රීවරුනුත් කතානායකත් අනුමත කළ පාර්ලිමේන්තුවට වඩා මේ පාර්ලිමේන්තුව කිසිසේත් වෙනස් නැත.

එබැවින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 20 පරාජය කිරීම මෙහි වඩාත්ම හාස්‍යජනක කාරණාව වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක බලය තිබිය යුත්තේ මෙවැනි පාර්ලිමේන්තුවක යැයි කෙරෙන තර්කය ය.

 20 සම්මත කෙරෙන්නේද 19 සම්මත කළ ආකාරයෙන්ම, යටි ගනුදෙනු අස්සේය. රිෂාඩ් එහි එක ජනප්‍රිය ගායනයක් පමණි.

''20 සම්මත කෙරෙන්නේද 19 සම්මත කළ ආකාරයෙන්ම, යටි ගනුදෙනු අස්සේය. රිෂාඩ් එහි එක ජනප්‍රිය ගායනයක් පමණි.''

මේ පාර්ලිමේන්තුව සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතිරි කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එනිසා 20 සම්මත කෙරුණත් නැතත් මේ පාර්ලිමේන්තුවේ ඉතිරිව ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.

නැවත ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරගත හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ කෙටුම්පත් කර සම්මත කර ගැනීමෙන් පමණි.

ජනතා සහභාගිත්වය ඇතිව කෙටුම්පත් කර සම්මත කර ගැනීමෙන් පමණි.

(කුසල් පෙරේරා )

2020 ඔක්තෝම්බර 19

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...