The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තුරුල් වෙන්න….- Faculty of Sex

T

The Leader Desk

August 8, 2021 • 11:34 AM

තුරුල් වෙන්න….- Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙන්නෙක් අතර සම්බන්ධයක් දිග කාලයක් හොඳට පවත්වාගෙන යනවා කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.
  •       එමිලි මේක විස්තර කරන්නෙ හරියට පාටියකට යන්න ලෑස්ති වෙනවා වගේ.
  • අමිහිරි අත්දැකීම්.    මේ දේවල් හිත ඇතුලෙ තිබිලා ඒ කෙනා එක්ක නිරුවතින් ගත කරන මොහොතක් ගැන සිතීම පවා ප්‍රතික්‍ෂේප කරනවා.    ගොඩක් සාමකාමීව ජීවත් වෙන පවුල්වල වුනත් දෙන්නා සෙක්ස් ගැන කතා නොකරන්නෙ මේ හින්ද.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ වගේම දීර්ඝ කාලයක් හොඳ ලිංගික සම්බන්ධතාවයකුත් එක්ක දෙන්නෙක් ජීවත්වෙනවා කියන්නෙ ඊටත් වඩා අමාරු වැඩක්. 
 
කාලයත් එක්ක සම්බන්ධතාවය පරණ වෙන්න ගනිද්දි රොමාන්තික ආදරයේ උත්කර්ෂය අඩු වෙන්න පටන් ගන්නවා. 
 
අපි වෙන වෙන දේවල් එක්ක කාර්යබහුල වෙනවා. 
 
සම්බන්ධතාවය ඇතුලෙ දේවල් චාරිත්‍ර වගේ වෙනවා. 
 
හැඟීමෙන් තොර වෙනවා.
 
මෙතනදි සෙක්ස් කියන එක ඊටත් වඩා වෙනස් කතාවක්. 
 
සෙක්ස්වල ආශාව තියෙන්නෙම අලුත්බව නැත්තං කුතුහලය එක්ක. 
 
කාලයත් එක්ක ගතවෙන සම්බන්ධයක ඒ සෙක්ස් ගැන උනන්දුව අඩුවෙන එක ස්වභාවිකයි. 
 
මේ ගැන එමිලි නගොස්කි කියන ලිංගික උපදේශිකාව විස්තර කරනවා.
 
nagoski zaglushka 
 
එයා කියන විදිහට කාලයත් එක්ක අමතක නොවෙන අනුරාගී සම්බන්ධයක රහස තියෙන්නෙ සෙක්ස්වල නෙමෙයි. 
 
සෙක්සි නෑ කියල හිතෙන මිත්‍රත්වය, තුරුල් වීම, විශ්වාසය, මූලිකත්වය දීම වගේ කාරණාවලින් තමයි සම්බන්ධයක් අනුරාගී කරන්නෙ.
 
අපි නිතර හිතන්නෙ සෙක්ස් කරන වාර ගණන හෝ ඒකෙ යෙදෙන ඇඩ්වෙන්චරීය ගතිය සම්බන්ධයක පැවැත්ම තීරණය කරනවා කියල. 
 
ඒත් දීර්ඝ කාලීන සම්බන්ධයකදි ඔය කාරණා ඒ තරම් අදාල වෙන්නෙ නෑ.
 
 ජීවිතේ ගතවෙනවත් එක්ක අපි බිසී වෙනවා. 
 
අපේ සම්බන්ධතාවෙ ස්වරූපය වෙනස් වෙනවා. 
 
ඔය කියන වික්‍රම කතාවට විතරක් වෙනවා.
 
 
 
එමිලි කියන විදිහට සෙක්ස් කරන විදිහ හෝ වාර ගණන හෝ කරන ආකාරය නෙමෙයි වැදගත් වෙන්නෙ සෙක්ස් කළාට පස්සෙ තුරුල් වෙලා කොයිතරම් කාලයක් ගතකරනවද කියන එකයි.
 
 
දෙන්නෙක් දැක්කම අල්ලන්නෙ නැතුව ඉන්න බැරිකම, කොයිවෙලාවෙත් තුරුල්වෙන්න ඕනකම අපි කියන්නෙ ස්පොන්ටෙනියස් ඩිසයර් එකක් නැත්තං නිරායාස ආශාවක් කියල. 
 
ඒක හොඳ දෙයක්. 
 
සම්බන්ධතාවයකදි මුල් කාලෙ අපි දකින්නෙ ඒ විදිහෙ උද්දීපනයක්. 
 
ඒක තෘප්තියක් අපේක්ෂාවෙන් යන දිශාවක්.
 
සම්බන්ධතාවයක් පරණ වෙද්දි වැදගත් වෙන්නෙ රෙස්පොන්සිව් ඩිසයර් කියන එක. 
 
ඒ කියන්නෙ ප්‍රතිචාරාත්මක ආශාව. 
 
මේකෙදි සිද්ද වෙන්නෙ තෘප්තියට ප්‍රතිචාර දැක්වීමක්. 
 
ඒ කියන්නෙ කලින් ලබා ඇති, මතක ඇති තෘප්තියක් පිළිබඳ ආශාවෙන් උද්දීපනය වෙන එක.
 
255 2550551 hugs love 14 hd images wallpapers abstract man 
 
එමිලි මේක විස්තර කරන්නෙ හරියට පාටියකට යන්න ලෑස්ති වෙනවා වගේ.
 
 පාටිය යාළුවෙකුගෙ වුනත් ඇඳුම් අඳින්නයි, එලියට බහින්නයි, ට්‍රැෆික් එකේ යන්නයි තියෙන කම්මැලිකමට නොයා ඉන්නම හිතෙනවා වෙන්න පුළුවන්. 
 
ඒත් අපි කොහොම හරි එතනට ගියොත් ආපු එක මරු කියල හිතෙනවා. 
 
සෑහෙන ෆන් එකක් ගන්නවා. 
 
රෙස්පොන්සිව් ඩිසයර් එක එහෙම දෙයක්.
 
අපි ඇඳේ එකිනෙකා එක්ක තැවරෙද්දි, ඒ උනුසුම, ස්පර්ශය දැනෙද්දි, ඒ සුවඳ විඳිද්දි අතීත මිහිරියාවකින් අපිව පිරෙනවා. 
 
අපිට නැවත ඒ සුන්දරත්වය ලබන්න ඕන වෙනවා. 
 
ඒ ආශාවෙන් ප්‍රමුදිත මොහොතට ආශක්ත වෙනවා. 
 
ඒක අපි දන්න හඳුනන තෘප්තියක්. 
 
සාමකාමී අනුරාගයක්.
 
raw
 
මේ වගේ හැඟීමක් දිග කාලයක් තිස්සෙ දැනෙන්න කාරණා දෙකක් බලපානවා. 
 
ප්‍රධානම එක මිත්‍රත්වය සහ විශ්වාසය. 
 
ඕනම වෙලාවක අනෙකා ඉන්නවා කියල දැනෙන හැඟීම. 
 
එයා ළඟ ඉන්නකොට ගෙදර ඉන්නවා වගේ දැනෙන එක. 
 
දෙවෙනි කාරණය සෙක්ස් මූලික කර ගැනීම. 
 
ඒ කියන්නෙ අනිත් හැමදෙයක්ම දෙවෙනි කරලා දෙන්නා නිරුවත්ව වැළඳගැනීම කියන දේට ප්‍රමුඛත්වය දීම.
 
කාලයක් ගතවුනු සම්බන්ධතාවල ජීවත් වෙන අයගෙන් ඒ අය අතර සෙක්ස් ගැන ඇහුවොත්, ඒ අයට ගොඩක් වෙලාවට අපහසුතාවයක් දැනෙන්න ගන්නවා. 
 
ඒ මාතෘකාවෙන්ම අප්‍රසන්න බවක් ඇති කරනවා. 
 
මේකට හේතුව විදිහට එමිලි කියන්නෙ අපි ඇතුලෙ ඉන්න නිහඬ ඉත්තෑවො කියල.
 
නිහඬ ඉත්තෑවො කියන්නෙ අපේ හිතේ කාලයත් එක්ක තැන්පත් වෙලා තියෙන අනෙකා ගැන අප්‍රසන්න මතකයන්. 
 
කතා නොකර හිතේ තියාගත්ත දේවල්. අමිහිරි අත්දැකීම්. 
 
මේ දේවල් හිත ඇතුලෙ තිබිලා ඒ කෙනා එක්ක නිරුවතින් ගත කරන මොහොතක් ගැන සිතීම පවා ප්‍රතික්‍ෂේප කරනවා. 
 
ගොඩක් සාමකාමීව ජීවත් වෙන පවුල්වල වුනත් දෙන්නා සෙක්ස් ගැන කතා නොකරන්නෙ මේ හින්ද.
  
 
හොඳ මිත්‍රත්වයක් පවතිනවා නම් ඒ සිත් තැවුල් ගැන විවෘතව කතා කරනවා. 
 
 
හිතේ පැහැවන්න නොදී එලියට මුදා හරිනවා. 
 
සම්බන්ධතාවය අලුත් කරනවා. 
 
නැවත ආදරෙන් වෙළෙනවා. 
 
හිතේ තියෙන හැමදෙයක්ම අනෙකා එක්ක බෙදාගන්න තරම් නිදහස් සමීපත්වයක් වැදගත් වෙන්නෙ ඒ හින්ද.
 
සෙක්ස්වලට මූලිකත්වය දෙන්න කියන්නෙත් ඒකමයි. 
 
ජීවිතේ අන් සියලුම දේවල්වලට වඩා එයත් එක්ක ගත කරන හුදකලා මොහොතක් වටිනවා කියල දෙන පණිවුඩයක් ඒක. 
 
කාලයත් එක්ක තාමත් ඒ නිරුවත් මොහොත විඳිනවා කියල දනවන තැනක්. 
 
ඒක හුදු සංසර්ගය ගැන කාරණයක් නෙමෙයි.
 
 ලෝකයේ අනිත් සියල්ලෙන් බැහැරව තමන්ගේ ආදරය කරන අනෙකා සමග හුදකලාවීමට තියෙන අනුරාගය ගැන කාරණයක්.
 
ආදරය කරන අනෙකාගේ ඇස් ඇතුලෙන් බලද්දි තමන්ට තමන්ගේ මිහිරිතම දවස් මැවෙනවා නම් ඒ සම්බන්ධය තාමත් දළුදානවා. 
 
අපි ඒ අනෙකාගේ ඇස් ඇතුලෙන් අපිට ආදරය කරන්න ගන්නවා. 
 
කොයිතරම් කාලයක් ගියත් ඒ අනෙකාගේ ආදරයේ පිළිඹිබුව අපේ ඇස් ඇතුලෙන් පේනවා කියන්නෙ ඒ ආදරය කල් ඉකුත් වෙන්නෙ නෑ කියන එක.
 
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)
 
 
 
 
 

THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...