The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Faculty of Sex: චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් - විමල් කැටිපේආරච්චි

T

The Leader Desk

September 28, 2020 • 4:59 PM

Faculty of Sex: චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් - විමල් කැටිපේආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ එක්ස්ටර්නල් පෙරවදන අද (28) රෝයල් තැප්‍රෝබේනියන්හිදී එළිදැක්වූ චින්තන ධර්මදාසගේ තුන්වැනි සෙක්ස් පොත වෙනුවෙනි.
  • නිතර නිතර මාරුවෙන බොන්ඩ් පෙම්වතියන්ගේ වටොර ද, හිතෙන හිතෙන කඩවසම් පිරිමින් වසඟයට ගෙන සයනයට කැඳවන මායා රැජිනියන්ගේ දෙතන ද අප ඇතුළාන්තය කළඹවාලී ය.
  • ඒ ඇතැම් රහස් තැනක් වැසුණේ රන් කෙණ්ඩියකින් හෝ ගසක ඉත්තකින් හෝ ප්‍රතිමාවක කොටසකිනි.
  • ඒ ඇතැම් සංරක්ෂිත දර්ශන අද පවා ඉඳහිට ප්ලේ වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණය වෙනුවට රමණය  ! සිරුර යට හැඟුම් කිතිකැවෙන්නට පටන් ගත් සමයේ අප අත පත්වූ චිත්‍රකතා පිටු අතර ශෘංගාරය තැවරී තිබිණි. ඒ රූ සටහන් අපගේ අනුරාගී උත්කර්ෂයේ උල්පත් වූයේ ය.

වින්දනයේ ස්වයං නිම්නයන් පුරා ඒ රූ සැරිසැරීම නොවැලැක්විය හැකි සොඳුරුතම ඉරණමක් විය.

නිතර නිතර මාරුවෙන බොන්ඩ් පෙම්වතියන්ගේ වටොර ද, හිතෙන හිතෙන කඩවසම් පිරිමින් වසඟයට ගෙන සයනයට කැඳවන මායා රැජිනියන්ගේ දෙතන ද අප ඇතුළාන්තය කළඹවාලී ය.

ඒ ඇතැම් රහස් තැනක් වැසුණේ රන් කෙණ්ඩියකින් හෝ ගසක ඉත්තකින් හෝ ප්‍රතිමාවක කොටසකිනි.

සිත්තරා හිතා මතා මුවා කළ මලවි කරළිය යළි රූ ගන්වාගත්තේ උපකල්පන මන්දාකිණියේදී ය.

දිව්‍යමය ගුප්තභාවය අපගේ දෑසින් වසන් කළ මණිමේඛලාවන් සිතින් ඇද වීසි කර දැමීමේ ධීර වීර සංත්‍රාසය, දෑතින් පුහුණු කළ අසිරිමත් ශෘංගාර සංග්‍රාම භූමියක ගැටවරභාවයේ අහිෂේකය ලද්දෙමු.

කැලැන්ඩර් ගණනාවකට පසු, චිත්‍රකතාවේ මිහිරි අනුරාගය ; සුද්දීගේ ගවුමට උඩින් සෝමාගේ තනපට හා චීත්තය යටින් යකා මහත්තයාගේ කසිප්පු ගඳගහන සිරුරට යට වී ලුම්පන් දෛවයක් ඔස්සේ ඉතිහාසයේ කෞතුක අඩවියට නික්ම ගියේ ය.

තවත් විදිහකින් කිවහොත්, සමකාලීන සුද්දිලාගේ කතාව ජීවිතයේ ගැඹර, අනුරාගය සමග පාහන විට චිත්‍රකතාවේ සුද්දී නොගැඹරේ ගිලී මිය ගියා ය.

Chithrakatha

මේ වන විට වැඩිහිටියන්ට වෙන්වූ සිනමාව දෙස අපි ඇස යොමමින් සිටියෙමු.

දහදියෙන් පෙඟුණු සිරුරු මැද එහා වෙන සුසුම් කෙඳිරිලි සහිත දර්ශන මතක ගබඩාවේ තැන්පත් කෙරුණේ ඕනෑම හුදෙකලා මොහොතක ප්‍රතිවාදනය කරනු පිණිස ය.

ඒ ඇතැම් සංරක්ෂිත දර්ශන අද පවා ඉඳහිට ප්ලේ වෙයි.

වී එච් එස් වීඩියෝ විසින් අපගේ ලෝකය ආක්‍රමණය කරනු ලැබූ කාලයේ ම කාමය වෑහෙන මුද්‍රිත සිංහල ප්‍රකාශන අපගේ පොත් අතර ලැගුම් ගත්තේ බයෝ මැත්ස් ආට් කොමස් වර්ගීකරණයන් සුණු විසුණු කරමිනි.

 සියලු විෂය ධාරාවල විද්‍යාර්ථිහු එක ම ශෘංගාර සාහිත්‍ය සාමුහිකයක රහසිගත සාමාජිකයෝ වූහ.

අතට ම දිය වූ කඩදාසිවල විරාජමාන වූ ප්‍රබන්ධමය චරිත, අපගේ ෆැන්ටසීන් පුබුදුවාලූයේ ය.

එය කෙබඳු ද යත්, සිරුරේ අසිරිමත් ආයාචනයන් සතපවනු වස් නිවීම වෙනුවට ඇවිළීම ම ඉල්ලූ යව්වනය අබිමුව පුම ඉතිරි බේ නොසළකා ඇලුණු ගැළුණු  වෙළුණු අබිරහස් හෝරාවන් ඇදී බැඳී විත්, කාලයත් සමග රැඳී නොරැඳී සිඳී බිඳී විසිරී ගියේ ලිහිසි මතක මාත්‍රයන්වල සැහැසි සුවඳක් ශේෂ වන පරිද්දෙනි.

Sinhala Sinama

චන්දි + සුමනා ගෝමස් එක පැත්තකින් ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ ද ගුණදාස ලියනගේ ලියූ දෝන කමලාවතී ද රශ්මිය පත්තරයට සුමින්ද ගමගේ ලියූ ශෘංගාර කලාපය ද අප නැවතූ තැන් වන විට, අනෙක් පැත්තෙන්, ගීතා ද ෆරීනා ද සනෝජා ද චන්දි ද සුමනා ද අත අල්ලා අප නැවත්වී ය.

අපි ද ඔවුන් වෙනුවෙන් දෙවරක් නොසිතා අත දිගු කළෙමු.

ඒ අතරවාරයේ ලක්දිව හෝ හිරු කියවද්දී ම සොඳුර හෝ සීදේවි කියැවූ බව නොකියා නොසිටිය යුතු ය.

රූපය විසින් ශෘංගාරය  අත්පත් කර ගත් හැම මොහොතක ම අච්චු අකුරු පසුබැස නොගොස් අලුත් වටයකින් පැමිණියේ ය.

ඒ ඉතිහාසය පිමි පැන අද මේ වන විට පෝන් හබ් - එක්ස් හැම්ස්ටර් - බීග් ඈ මිලියන බිලියන ගණනක් වූ වෙබ් අඩවි දරාගත් මහා සයිබර් අනුරාග ක්ෂීරපථයේ පවා ලිටරොටිකා වැනි කියැවුම් අවකාශ නොපැරදී පවත්නේ පරිකල්පනය විෂයයෙහි රූපයට වඩා අකුර පෝසත් නිසා යැයි සිතමි.

ශෘංගාරය කියන්නේ ම පරිකල්පනයේ අති උත්කර්ෂවත් මිනිස් මොහොත ය. සංසාරය ම නිර්වාණය බවට පරිවර්තනය වන සංවේදනාත්මක නිමේෂය ය.Chinthana Darmadasa

''ශෘංගාරය කියන්නේ ම පරිකල්පනයේ අති උත්කර්ෂවත් මිනිස් මොහොත ය. සංසාරය ම නිර්වාණය බවට පරිවර්තනය වන සංවේදනාත්මක නිමේෂය ය.''

මෙන්න මේ සුන්දර ඇත්ත කෙලින් කියමින් අනං මනං නැතුව අකුරෙන් අනුරාගී මිහිර මවන්නට වෙහෙසෙන මිනිහෙකි චින්තන ධර්මදාස.

සෙක්ස් යනු මරණීය පාපයක් නොව දිව්‍යමය පිවිසුමක් බව නිරන්තරයෙන් අවධාරණය කරන අපේ කාලයේ ප්‍රමුඛතමයා ඌ ය.

ඌ මීට කලින් ලියූ පොත් දෙකට ම වඩා චින්තාගේ මනුෂ්‍යත්වය සෙක්සි ය. ඌ සමාජය භාරගන්නා හැටි සෙක්සි ය.

සුබ පැතුම් චින්තා !!

(විමල් කැටිපේආරච්චි )

 

අලුත් වෙබ් අඩවියක් - facultyofsex.com

Faculty of Sex

ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත් තුනම අද (28 සඳුදා )එලියට ආවා. පලවෙනි සහ දෙවෙනි කොටස් අලුත් කවර සමගත් තුන්වෙනි අලුත්ම කොටසත් අද  නිකුත් වුනා.

මේ පොත් ගන්න තියෙන්නෙ grantha.lk , bookmark.lk සහ තැප්‍රොබේන් එකේ විතරයි.

ග්‍රන්ථ එකේ කලෙක්ටර්ස් එඩිෂන් විදිහට විශේෂ කවරයක් එක්ක පොත් තුනේ කට්ටල 100ක් පෙර ඇනවුම් වෙනුවෙන් දුන්නා.

ඒ සීය ඉවරයි කියලත් තව ගොඩක් අය ඉල්ලනවා කියලත් කරපු ඉල්ලීම අනුව තවත් ඒ විශේෂ පොත් තුනේ එකතු 50ක් දෙන්න තීරනය වුනා. ඒ හැම එකක්ම මං වෙන වෙනම අත්සන් කරපු පොත්.

ඒ වගේම අද සිට  facultyofsex.com සයිට් එකත් ආරම්භ වුනා.

ඉරොතික සාහිත්‍ය, ඉතිහාසය, දේශපාලනය වගේම ලිංගික අධ්‍යාපනය සහ අයිතීන් වෙනුවෙන් ඒ සයිට් එක වැඩ කරනවා.

 See Less

(චින්තන ධර්මදාස)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...