The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහ ඡන්දෙන් පසු ලංකාවේ “පවුල්වාදය, අනුග්‍රාහකත්වය සහ හමුදාකරණය”

T

The Leader Desk

July 8, 2020 • 2:02 PM

මහ ඡන්දෙන් පසු ලංකාවේ “පවුල්වාදය, අනුග්‍රාහකත්වය සහ හමුදාකරණය”

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව විසුරුවා ඇති කාලසීමාවක ජනාධිපතිවරයා විසින් ගුණගරුක සමාජයක් පිහිටුවීමේ සිට රටේ අධ්‍යාපනය හැසිරවීම දක්වා
  • ආනන්ද පීරිස් එම ආයතනයට පත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙසින් සිටීමට අමතරවය.
  • ජනාධිපතිවරයාගේ “අභ්‍යන්තර කවයේ හමුදා සාමාජිකයන්” තවත් කිහිප දෙනකුම ආණ්ඩුවේ වෙනත් බලසම්පන්න නිලතල දරමින්ම කාර්ය සාධක බලකා දෙක තුනකම  තනතුරු දැරීම සම්බන්ධයෙන් ITJP සැලකිල්ල යොමු කර ඇත.
  • ඔවුන් විසින් පෙන්වා දී ඇති පරිදි; විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අලුත් කාර්ය සාධක බලකා දෙකකම සභාපති වරයායි .
අකුරු ප්‍රමාණය (Font Size):

කාර්ය සාධක බලකා පිහිටුවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර අවධානයට කැඳවීම පිණිස මානව හිමිකම් සංවිධානයක් අලුතින් තොරතුරු රූප සටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණයෙන් පසුවත් එම “හමුදාමය, පුරුෂ, සිංහල හා ඡන්දයෙන් තෝරා පත් නොවූවන්ගෙන් පිරී පවතින” ආයතන “සමාන්තර රාජ්‍යයක්” ලෙසින්  දිගටම රටේ බලය හසුරුවනු ඇති බවට සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) තම අලුත්ම වාර්තාව නිකුත් කරමින් බිය පල කරයි.

Rajapaksha 2020

ඒ සමගම රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන කාර්යය සාධක බලකායේ සාමාජිකයකු ලෙස ද, සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ද අලුතින් පත් කරන ලද බවයි.

ආනන්ද පීරිස් එම ආයතනයට පත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙසින් සිටීමට අමතරවය.

ජනාධිපතිවරයාගේ “අභ්‍යන්තර කවයේ හමුදා සාමාජිකයන්” තවත් කිහිප දෙනකුම ආණ්ඩුවේ වෙනත් බලසම්පන්න නිලතල දරමින්ම කාර්ය සාධක බලකා දෙක තුනකම  තනතුරු දැරීම සම්බන්ධයෙන් ITJP සැලකිල්ල යොමු කර ඇත.

ඔවුන් විසින් පෙන්වා දී ඇති පරිදි;

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අලුත් කාර්ය සාධක බලකා දෙකකම සභාපති වරයායි . ඔහු ආරක්ෂක ලේකම්ද වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු ප්‍රධාන රාජ්‍ය ආයතන 31ක් ඔහු යටතට පවරන ලදී.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා වර්තමාන කාර්ය සාධක බලකා දෙකක සාමාජිකයෙකි. රජයේ අත් අඩංගුවේ සිටි සිංහලයන් 700ක අතුරුදහන් වීම් ගැන වාර්තා කෙරෙන බවට චෝදනා නැගෙන සමයක ඔහු  1989 ගෝඨාභය රාජපක්ෂ යටතේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළේ ජනාධිපතිවරයා මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරක වශයෙන් සිටියදී ය.

ගෝඨාභය රාජපක්ෂ යටතේම මාතලේ රාජකාරි කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රටේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිල දෙකක් දරා සිටියදීම කාර්ය සාධක බලකා දෙකක අසුන් ගෙන සිටී. ඔහු ගෝඨාභය රාජපක්ෂ බලසම්පන්න ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ 2009 යුද්ධයේ 58 සේනාංකයේ ආඥාපති ලෙස ප්‍රමුඛ නිලධාරියකු විය. බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඔහු නම්කොට තිබේ .

 

මාතලේ රටාව:

“මේ අලුත්ම වර්ධනයන්ගෙන් සිදුකෙරෙන්නේ බලය මධ්‍යගත කොට ආකාරගත පත්වීම් ඔස්සේ දැනටමත් දැවැන්ත බලයක් භුක්ති විඳින ජනාධිපතිගේ මුල්පෙළේ හමුදා සගයන්ට අසීමිත අධිකාරියක් පවරා දීමයි,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසා තිබේ.

“මේ සිදුවන්නේ ‘රහසිගත රාජ්‍යය’ එළිපිටට ඒමයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය. “මේ පාලන ව්‍යුහය සිහියට නංවන්නේ ජවිපෙ විනාශ කර දැමුණු 1989 දී ජනාධිපතිවරයා මාතලේ දැරූ සර්වබලධාරී දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරක පදවියයි. ඒ නිර්බාධිත පාලන රටාව ඔහු විසින් සමස්ත ජාතිය මත්තේම නැවත යොදවන විලාසයක් දිස්වෙයි.”

Matale

කාර්ය සාධක බලකාය වල ඇතැම් නිලධාරීන්ගේ නම්ද දුෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය පාලන සමයේ විමර්ශනයට ලක්ව සිටියවුන් බව දක්වමින් ITJP සිය තොරතුරු රූප සටහන සමග නිකුත් කර ඇති නිවේදනයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග මහින්ද, චමල් හා බැසිල් යන සහෝදර තුන් කට්ටුවද සෘජුවම රට පාලනයේ නිරතව සිටින බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

“මහ මැතිවරණයෙන් පසු බලය ඒකරාශී කරගැනීමත් සමග ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුවේ ගතිලක්ෂණය වනු ඇත්තේ පවුල්වාදය, අනුග්‍රාහකත්වය සහ හමුදාකරණයයි,” යනුවෙන් ITJP වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

මීට ඉහතදී නිකුත් කරන ලද වාර්තාවකින් එලි දක්වා ඇති මානව හිමිකම් උල්ලංඝන චෝදනා ප්‍රතික්ෂේප කරන රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එමගින් තම කීර්ති නාමයට හානි සිදුවුයේ යැයි පවසමින් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා වෙත සතියකට ඉහතදී එන්තරවාසියක් යවා තිබුණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...