The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අත්තම්මාගේ උරුමයට වින කළ සුදු තොප්පිකාරයින් ගේ හැඳි ප්‍රෝඩාව - Dr. Danister Perera

T

The Leader Desk

September 13, 2020 • 7:21 AM

 අත්තම්මාගේ උරුමයට වින කළ සුදු තොප්පිකාරයින් ගේ හැඳි ප්‍රෝඩාව - Dr. Danister Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝකියා සහ වෛද්‍යවරයා අතර ඉතිහාසයේ අනවරත යුද්ධයක් පවතින බව ඇරිස්ටෝටල් කීවා යැයි මා කියවා ඇත්තෙමි. එහෙත් එම යුද්ධයෙන් ජයගෙන ඇත්තේ කෝකියා බව මම අත්දැකීමෙන් දනිමි.
  • එදායින් පසු මට වැඩසටහනට ආරාධනා ලැබුණේ නැත.  කිරිපිටි වලට එරෙහිව පුවත් පත් වලට ලිපි ලියු කාලයේ එම ලිපි පළ කරන පුවත් පත් වලට කිරිපිටි සමාගම් දැන්වීම් ලබා නොදෙන බවට තර්ජනය කළේය.  අවසානයේ ඒ ලිපි වලට පත්තර වල ඉඩකඩ නැති විය.
  • අද සමාජයේ ආහාර රටාව හා ඒ හා බැඳුණු නව වෙළෙඳපොළ දකින විට රස නිසා වස කන මිනිසුන් ගේ ඉරණම දෙස වෛද්‍යවරුන් හට උපේක්ෂාවෙන් බලා සිටීමට සිදුවී තිබේ.  මේ ඛේදවාචකය ගැන මා මුලින්ම ලියන්නට පටන් ගත්තේ මීට වසර 30 කට පෙර සිටය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද සමාජයේ ආහාර රටාව හා ඒ හා බැඳුණු නව වෙළෙඳපොළ දකින විට රස නිසා වස කන මිනිසුන් ගේ ඉරණම දෙස වෛද්‍යවරුන් හට උපේක්ෂාවෙන් බලා සිටීමට සිදුවී තිබේ. 

මේ ඛේදවාචකය ගැන මා මුලින්ම ලියන්නට පටන් ගත්තේ මීට වසර 30 කට පෙර සිටය. එදා මට බොහෝ දෙනා අවඥාවට සිනාසිණි. එහෙත් මා ඒ ගැන ලිවීමත් කතා කිරීමත් අත් නොහළෙමි. 

හැකි සෑම විටෙකම ප්‍රායෝගිකව ඒ සියලු උපදෙස් මා පුරුදු පුහුණු කළෙමි. අහිතකර දේ ප්‍රතික්ෂේප කිරීමේ කලාව මගේ දරුවන් හට හුරු කළෙමි. 

තමන්ට අහිතකර දේ ප්‍රතික්ෂේප කිරීමට ආත්මශක්තියක් තිබිය යුතු බවත් එය ජීවන කුසලතාවක් බවත් ඔවුන්ට ඉගැන්වීමි. 

මේ ජීවන දහම සමාජය තුළට කාන්දු කිරීමේ අටියෙන් බොහෝ දේශන වැඩසටහන් කළෙමි. 

ඒ සියල්ල අවසානයේ යම් සංස්කෘතික හැඩයක් දක්වා වර්ධනය කිරීමට නොහැකි වූයේ මාධ්‍ය වාණිජමය ප්‍රචාරයන් හමුවේ එම අදහස් වලින් සුවිසල් සමාජ බලපෑමක් සිදු නොවූ නිසාය. 

එනිසා කෝකියා හා වෛද්‍යවරයා අතර සටන වෙළෙන්දා හා වෛද්‍යවරයා අතර සටනක් බවට පත් වී තිබේ. 

ඒ සටනින් වෛද්‍යවරුන් පරාජය වෙමින් සිටියි. විෂම ආහාර රටාව නිසා සමාජය බෝ නොවන රෝග වසංගතයේ ගොදුරක් වෙමින් තිබේ.

apple
වරක් අජිනමොටෝ හෙවත් මොනොසෝඩියම් ග්ලූටමේට් වලට එරෙහි මෙහෙයුමේ නියමුවෙකු ලෙස මා මාධ්‍ය හරහා එල්ල කළ ප්‍රහාරය දරාගත නොහැකිව මා වෙත එන්තරවාසියක් එවීමට එම සමාගම කටයුතු කළේය. 

එහෙත් මා කියා සිටියේ මා හට නඩු පවරන්නේ නම් අධිකරණයේ දී එම්එස්ජී පැටිකිරිය දිග හැරිය හැකි බවයි. ඔවුන් මට නඩු පැවරුවේ නැත. 

එක්තරා නාලිකාවක මැජික් සුප් කැටේ අනුග්‍රහයෙන් සුදුතොප්පිකාරයින් ඉවුම් පිහුම් කියා දෙන සජීවී වැඩසටහනක වෛද්‍යවරයාගේ අදහස් පළකිරීමට මට ඇරයුමක් ලැබිණ. 

පළමු වැඩසටහනේ දී ඔවුන් පුඩිමක් හැදු අතර එය අතුරු පසක් ලෙස නොගත යුතු බව රටටම ඇසෙන්න කීවෙමි. 
සුදුතොප්පිකාරයින් ගේ මුහුණු බෙරි විය. 

දෙවන වැඩසටහනේ දී ඔවුන් සුප් කැටේ දමා ව්‍යංජනයක් පිළියෙළ කළෝය. 

මේ කෘත්‍රිම රසකාරක වලට වඩා බොහෝ රසැති අපේ කුළුබඩු යොදාගැනීම සෞඛ්‍යයට හිතකර බව කීවෙමි. 

වැඩසටහන චොර විය. එදායින් පසු මට වැඩසටහනට ආරාධනා ලැබුණේ නැත. 

deb food retouch
කිරිපිටි වලට එරෙහිව පුවත් පත් වලට ලිපි ලියු කාලයේ එම ලිපි පළ කරන පුවත් පත් වලට කිරිපිටි සමාගම් දැන්වීම් ලබා නොදෙන බවට තර්ජනය කළේය. 

අවසානයේ ඒ ලිපි වලට පත්තර වල ඉඩකඩ නැති විය.

 මේ සිදුවීම් මීට අවුරුදු 15 කට පමණ පෙරය. 

එහෙත් දැන් මාධ්‍ය ඊට වඩා තරමක් ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනුණ ද එදාට වඩා වාණිජ බලයට යටත් ව ඇති බව නිසැකය. 

සමහර විට ඔවුන් මතුපිටින් ජනහිතකාමී සමාජහිතකාමී ලකුණු පෙන්වුවද ඔවුන් සත්‍ය ලෙසින්ම වාණිජ රැල්ල මගින් පාලනය වන න්‍යාය පත්‍ර සහිතය. 

ඔවුන් ගේ නාලිකා මගින් බෙදාහරින්නේ දැනුම හා නිෂ්පාදන පමණක් නොවේ. 

ඔවුන් ආකල්ප හා සංස්කෘතිකමය ආකෘති සමාජගත කරති.

සුදුතොප්පිකාරයින් ගේ ග්‍රහණයට හසුව ඇති ගෑණුන්ගේ හැඳිමිටේ නුවණ බේරා ගැනීමේ මෙහෙයුමක් අද යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. 

රස නිසා වස කන සමාජය බේරා ගත හැක්කේ නිසි නුවණින් කුස්සියේ මෙහෙයුම ජයගන්නා ගෘහිණියන්ට පමණි. 

01 6003312 2රස නිසා වස කන සමාජය බේරා ගත හැක්කේ නිසි නුවණින් කුස්සියේ මෙහෙයුම ජයගන්නා ගෘහිණියන්ට පමණි. 

රූපවාහිනියෙන් දෙන මොඩ් පොෂ් අදහස් වලින් විපිලිසරව සිටින ගෑණුන් ගේ කටට වැටෙන සුදුතොප්පිකාරයින් ගේ රස මසවුළු වල සැඟවී සිටින මාරයා නොපෙනේ. 

සමාජය තුළ පෝෂණ සාක්ෂරතාව හා සෞඛ්‍ය සාක්ෂරතාව බිංදුවට ආසන්න වෙමින් තිබේ. 

ඔවුන් ගේ දැනුමේ විලම්බීත හැඩතල බිහිවන්නේ සංස්කෘතික හර පද්ධතීන් බිඳ වැටීමේ ප්‍රතිඵලය නිසාය. 

විවෘත ආර්ථිකය විසින් හැර දැමූ දොර කවුළු වලින් සියලු සංස්කෘතික කුණු කන්දල් අපේ ආකල්ප සමුදාය තුළට කඩා වැදී තිබේ. 

අපි ඒ කුණු අගයමින් ඒවාට හුරුවෙමින් ඒවා මත යැපෙමින් ඒවා අනාගතයට උරුම කර දෙමින් සිටිමු. 

සුදුතොප්පිකාරයින් මේ රටේ ආහාර සංස්කෘතියට අති මහත් හානියක් සිදු කළෝය. 

අත්තම්මාගේ දැනුම ඊළඟ පරපුරට උරුම වීමේ සම්ප්‍රදායික ප්‍රවාහය බිඳ දැම්මේ හෝම් සයන්ස් මගින් ය. 

using sri lankan traditional          අත්තම්මාගේ දැනුම ඊළඟ පරපුරට උරුම වීමේ සම්ප්‍රදායික ප්‍රවාහය බිඳ දැම්මේ හෝම් සයන්ස් මගින් ය. 

පසු කලෙක ඒ හිඩැසට රිංගා ගත්තේ සුදුතොප්පිකාරයින් ය. 

මේ වන විට අපේ අම්මලා සුදුතොප්පිකාරයින් ගේ හැඳි ප්‍රෝඩාවට රැවටී සිටිති.

 දැන් ඔවුන් අපේ අම්මලාට උයන පිහින හැටි උගන්වති. 

අපේ උන්දැලා පොත් වල ලියාගනිති. වැඩමුළු වලට යති. කුකරි ක්ලාස් යති. 

අන්තිමේදී ගෙදර හදන්නේ ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, ඩෙවල් චිකන්, වටලප්පම්, පුඩිං, අයිස් කෝපි විතරය.

සියල්ල අවසන් වන්නේ ගෙදර උන්ගේ අසනීප වලට සාක්කුව හිස් වන විටය. 

සුදුතොප්පිකාරයින් ගේ උපදෙස් වලින් පටන් ගෙන සුදුකෝට්කාරයින් ගේ උපදෙස් වලින් අවසන් වන මෝඩකමේ කතාව එසේය.


91773045 112105707113297 2663532769002389504 o(වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා)
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා ගේ FB පිටුවෙන් ...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...