The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු ! - (උකුස්සා)

T

The Leader Desk

September 23, 2020 • 6:25 PM

0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු ! - (උකුස්සා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ ජයිකා ආයතනයේ මූල්‍ය ආයෝජනයක් මත ඉදි කිරීමට යෝජිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
  • මොන්ටි රණතුංගට යවපු ලිපියක දැක්වෙන්නේ එය ඉතා “ඉහළ වියදමක්” වැයවන ව්‍යාපෘතියක් බව.
  •   ජනාධිපති ගෝඨාභයගේ ස්ථාවරය වී තිබෙන්නේ එය කොළඹ නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු, අඩු වියදම් විසඳුම නොවන බවකුත් ඒ ලිපියේ දැක්වෙනවා.
  • 2019 මාර්තු 11 වෙනිදා ශ්‍රී ලංකාව ජයිකා ආයතනයත් එක්ක අත්සන් කළ සම්මුතියට අනුව, ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දෙන යෙන් බිලියන 30.04 ක ණය මුදල යළි ගෙවන්න වෙන්නේ වසර 40ක් ඇතුළත සියයට 0.1 ක පොලී අනුපාතිකයක් යටතේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වහාම අත්හැර දමන්න කියල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරලා.  

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංගට යවපු ලිපියක දැක්වෙන්නේ එය ඉතා “ඉහළ වියදමක්” වැයවන ව්‍යාපෘතියක් බව.  

ජනාධිපති ගෝඨාභයගේ ස්ථාවරය වී තිබෙන්නේ එය කොළඹ නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු, අඩු වියදම් විසඳුම නොවන බවකුත් ඒ ලිපියේ දැක්වෙනවා.

2019 මාර්තු 11 වෙනිදා ශ්‍රී ලංකාව ජයිකා ආයතනයත් එක්ක අත්සන් කළ සම්මුතියට අනුව, ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දෙන යෙන් බිලියන 30.04 ක ණය මුදල යළි ගෙවන්න වෙන්නේ වසර 40ක් ඇතුළත සියයට 0.1 ක පොලී අනුපාතිකයක් යටතේ.

විශේෂඥ උපදෙස් වෙනුවෙන් ලබා දෙන ණය මුදල සඳහා ගෙවිය යුත්තේ සියයට 0.01 ක පොලියකි.

ණය මුදල 40 වසරක් තුළ ගෙවිය යුතු වුවත් ණය ගෙවීම ආරම්භ කිරීමට ප්‍රථම 12 වසරක සහන කාලයක් ද ලබා දීල තිබෙනවා.  

ඒත් ගෝඨාභය දන්නා ආර්ථික විද්‍යාවට අනුව මේක “ඉහළ වියදමක් වැයවන” ණයක් !

ඇත්ත ප්‍රශ්නය එය නොවෙයි.

ජයිකා ආයතනය ජපානයේ පාර්ලිමේන්තුවට වගකියන අතර, එහි සියලු ගනුදෙනු පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයට යටත්.

ඒ නිසා ගෝඨාගේ ගෝල බාලයන්ට මේ ව්‍යාපෘතියෙන් කිසිදු සන්තෝසමක් ලැබෙන්නේ නැහැ.

ඉතින් තමන්ගේ පසුම්බියට කිසිවක් ලැබෙන්නේ නැත්නම් කොළඹ මිනිස්සුන්ට හෙන ගැහුවත් ආණ්ඩුවට කමක් නැහැ.

ගෝඨාභය ගේ නියෝගය පරිදි පී. බී. ජයසුන්දර යැවූ ලිපියේ දැක්වෙන විදියට ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට ඊට වඩා සුදුසු ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා ඉක්මනටම සොයා ගනීවිලු.

බලලා මල්ලෙන් එලියට පනින්නේ මෙතෙන්දි.

ඔය කියන නාගරික සංවර්ධන අමාත්‍යාංශය භාර දීල තියෙන්නේ ගෝඨාභය ගේ සමීපම මිතුරු ආචාර්ය නාලක ගොඩහේවා ට.

මුදල් අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිගේ අයිය, අගමැතිතුමා යටතේ.

(උකුස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...