මේ ගැන හොයන්න කිංබානට්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කොමිටියක් පත් කරලා.
කිංබානට්තුමා පත්තරේ දැන්වීමක් කාරිය දාලා සාක්කි විමසන්න පටන් ගත්තා.
සාක්කි දෙන්න මුලින්ම ඇවිත් හිටියේ ගෑණු සෙට් එකක්.
" තමුන්ලා මොන චැනල් එකේද ඔය අසභ්‍ය දර්ශන දැක්කේ...?"
කිංබානට්තුමා ඇහුවා.
" දෙරණ ටීවී එකේ..."
ගෑණු සෙට් එක කිව්වා.
" වෙන්න බෑ...මං ඔය චැනල් එකේ සභාපතිවත් දන්නවා...මිනිහා අඳින්නෙත් සුදුමයි...ඒකේ අසභ්‍ය දර්ශන පෙන්නන්නේ නෑ..."
කිංබානට්තුමා පැහැදිලි කළා.
" ඒ වුණාට අපි දැක්කනෙ...."
ගෑණු සෙට් එක උත්තර දුන්නා.
" කවද්ද ඕක පෙන්නුවේ ...?"
" ගිය සඳුදා රෑ ..."
" මොකක්ද වැඩ සටහන ...?"
" 360...."
" 360 කියන්නේ අසභ්‍ය ඒවා පෙන්නන එකක් ද? "
කිංබානට්තුමා සැර දාලා ඇහුවා.
" ඒ වුණාට එදා පෙන්නුවානේ...."
" හොඳයි එදා මොනවද දැක්කේ කියලා හරියටම කියන්න පුළුවන්ද...?"
කිංබානට්තුමා ඉල්ලා හිටියා.
" නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එක සාධාරණීකරණය කරන්න හදන කොට....හදන කොට...හදන...."
ගෑණු සෙට් එක ඇඹරෙනවා.
" ඉතිං තටමන්නේ නැතුව කියනවකෝ..."
" නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එක සාධාරණීකරණය කරන්න හදන කොට...."
" ඔව්..ඉතිං....?"
" සංඛ අමර්ජිත් රත්තරන් ගේ කලිසම ගැලෙව්වා ...! "
(King Barnet)
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්



