The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

නීති ගරුක මහජන කැරැල්ලක් ! - වික්ටර් අයිවන්

T

The Leader Desk

October 9, 2021 • 6:06 PM

නීති ගරුක මහජන කැරැල්ලක් ! - වික්ටර් අයිවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ අර්බුදය ලංකාව රැගෙන යමින් තිබෙන්නේ කොතැනටද? වසංගත තත්වය පහව ගියද රට වෙලාගෙන තිබෙන සමාජ- දේසපාලන හා ආර්තික අරබුදයෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් නැති කමේ බර පතල ප්‍රස්නයක් රට ඉදිරියේ තිබෙන බව පැහැදිලිව පෙනේ.
  •   ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ අර්බුදය ලංකාවේ පාලකයින් දිගින් දිගට නිවරදි කිරීමකින් තොරව පවත්වාගෙන ගිය හිංසාකාරි, කොල්ල කාරි, ප්‍රජාතන්ත්‍ර විරෝදි මුග්ධ ප්‍රතිපත්ති නිසා ඇතිවී තිබෙන සුවිශේෂ අර්බුදයක් ලෙස සැලකිය හැකිය.
  • රටේ ඇතිවී තිබෙන මහා විනාශයට වග කිවයුතු දේශපාලකයන් තුළ තවමත් පසු තැවිල්ලක් පවා ඇතිවී තිබෙන බව පෙනෙන්නේ නැත.
  •    මේ රට මෙතෙක් පාලනය කල දේශපාලකයන් සමග මේ ලියුම්කරුට පුද්ගලීක කෝන්තරයක් නැතත් ලංකාව දැන් තිබෙන අවසනාවන්ත හා කාලකන්නි තත්වයට ඇද දැමීමට වගකිව යුත්තන්ට එම තත්වයෙන් ලංකාව මුදා ගැනීමේ හැකියාවක් තිබෙනු ඇතැයි මම විස්වාස නොකරමි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එම තත්වය තුළ සමාජ- දේසපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ඇති වී තිබෙන බිද වැටීම උපරිම තත්වයකට පත්වී රට අසමත්, බන්කොලොත් හා අරාජක තත්වයකට පත්වීමේ ඇත්ත අවදානමක් පවතී.
 
ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ අර්බුදය ලංකාවේ පාලකයින් දිගින් දිගට නිවරදි කිරීමකින් තොරව පවත්වාගෙන ගිය හිංසාකාරි, කොල්ල කාරි, ප්‍රජාතන්ත්‍ර විරෝදි මුග්ධ ප්‍රතිපත්ති නිසා ඇතිවී තිබෙන සුවිශේෂ අර්බුදයක් ලෙස සැලකිය හැකිය.
 
මෙවැනි තත්වයකට රටක් පත්වන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි තත්වයකට රටක් පත් විය හැක්කේ එක දිගට දීර්ග කාලයක් මුග්ධ භාවය රජකල රටක පමනය. රටේ ඇතිවී තිබෙන මහා විනාශයට වග කිවයුතු දේශපාලකයන් තුළ තවමත් පසු තැවිල්ලක් පවා ඇතිවී තිබෙන බව පෙනෙන්නේ නැත.
  
මේ රට මෙතෙක් පාලනය කල දේශපාලකයන් සමග මේ ලියුම්කරුට පුද්ගලීක කෝන්තරයක් නැතත් ලංකාව දැන් තිබෙන අවසනාවන්ත හා කාලකන්නි තත්වයට ඇද දැමීමට වගකිව යුත්තන්ට එම තත්වයෙන් ලංකාව මුදා ගැනීමේ හැකියාවක් තිබෙනු ඇතැයි මම විස්වාස නොකරමි.
 
මා හිතන්නේ මෙම ඓතිහාසික මොහොතේ එම අයිතිය තිබෙන්නේ රටේ පුර වැසියන්ට හෙවත් මනජනයාට කියාය.
 
මෙම ලිපියේ අරමුන වනු යේද මහජනයා තෝරාපත් කරගත් ආණ්ඩුවක් බලයේ සිටියදී වුවද එයට ලංකාව ගලවා ගැනීම සදහා කළ හැකි ඵලදායි  කාර්‍යභාරයක් නැතිනම් මෙම ලංකාව ගලවා ගැනීම සදහා ක්‍රියාකාරී මැදිහත් වීමක් සදහා මහ ජනයාට නැති නම් රටේ පුරවැසියන්ට නීතියට, ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර නීතියට අනුකූල බලයක් හෝ හිමි කමක් තිබේද යන්න සලකා බැලීම ය.
 
  
 
සමූහාණ්ඩු වාදය:
 
ar132977800053055
 
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම සකස් කර තිබෙන්නේම සමුහාණ්ඩු හෝ ජනරජ සංකල්පය පදනම් කරගෙනය. එහිදී රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය ලබා දී තිබෙන්නේ ජනතාවටය. ලංකාවේ ආණ්ඩු ක්‍රමයට කල හැකි විවේචන තීබියදී 1978 ව්‍යවස්ථාව ගොඩනගා තිබෙන්නේ සමූහාණ්ඩු හෝ ජනරජ සංකල්ප පදනම් කරගෙනය. එම ව්‍යවස්ථා දෙවැනි ජනරජ ව්‍යවස්ථා  ලෙස හදුවන්නේද ඒ නිසාය.
 
ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය අනුව "ශ්‍රී ලාංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා  ඇත්තේය. පරමාධිපත්‍යය අත් හළ නොහැක්කේය. පරමාධිපතත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජන්ද බලයද ඇතුලත් වන්නේය." 
 
එම විෂයේදී 4 වැනි වගන්තියෙන් කියවෙන දේද ඉතා වැදගත්‍ ය. 
 
(අ) උප වගන්තිය අනුව " ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රී වරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණය කදී ජනතාව විසින්ද" 
 
(ආ) උප වගන්තිය අනුව " රටේ ආරක්ෂාව ඇතුලු ජනතාවග්ගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින්ද"
 
( ඇ) උප වගන්තිය අනුව" ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටූවන ලද අධිකරණ, විනිශ්චය අධිකාරි සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින්" ද ක්‍රියාත්මක කල යුත්තේය.
 
  
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ලැබී තිබෙනුයේ "ජනතාවගේ "ව්‍යවස්ථා දායක බලයයි. ජනාධිපතිට ලැබී තිබෙනුයේද ජනතාවගේ "විධායක බලයයි. අධිකරනයට ලැබී තිබෙනුයේද "ජනතාවගෙ "අධිකරණ බලයයි.
 
 
ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය අහිමි කල නොහැකිය. එහෙත් ජනාධිපතිට ලැබී තිබෙන විධායක බලය, පාර්ලිමේන්තුවට ලැබී තිබෙන ව්‍යවස්ථාදායක බලය හෝ අධිකරණයට ලැබී තිබෙන අධිකරණ බලය ඒවාට අහිමි කළ නොහැකි බලයන් ලෙස ව්‍යවස්ථාවේ සදහන් වන්නේ නැත .
 
මේ වන විට මහජනයාගේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය දරන ව්‍යවස්ථාදායකය , විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනම තිබෙනු යේ සමාජ ක්‍රමය හා ආර්ථිකය මෙන් උපරිම තත්වයකට ගරා හැලුණු, ජරාජීර්න වී බිද වැටෙමින් තිබෙන තත්වයකය.
 
එය ලංකාවේ අර්බුදයට ආවේනික විශේෂ ලක්ෂනයක් ලෙසද සැලකිය හැකිය. මෙම ආයතන තුන (විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ) ලංකාවේ මේ අර්බුදයට වැඩියෙන්ම වග කිවයුතු ආයතන තුන ලෙස ද සැලකිය හැකිය. ඒවා දැන හෝ නොදැන රඟපා තිබෙනුයේ මුග්ද හා වග කීමෙන් තොර භූමිකාවකකි.
 
ඒ නිසාම මේ අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමේ හැකියාවක්ද එම ආයතන තුනට තිබිය නොහැකිය.
 
ඒ නිසා ලංකාව ගලවා ගැනීමේ කතෘ කාරකයා විය යුත්තේ පරමාධිපත්‍යයේ නියම හිමිකරුවන් වන ජනතාව විසිනි. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් එම හිමිකම තිබෙන්නේ ජනතාවට ය.
 
 
 
ජාත්‍යන්තර නීතිය හා සම්ප්‍රදායන් අනුව:
 
 humanr ights
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව
 
 
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අතිරේකව ජාත්‍යන්තර නීතිය හා සම්ප්‍රදායන් අනුව මෙවැනි අර්බුදයකදී මහජනයාට ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමකට හිමිකමක් තිබේද කියා සලකා බැලීම ඉතා වැදගත්‍ ය.
 
අලුත් ආණ්ඩු ක්‍රමයක් හදා ගත යුතු තරමට රටක ආණ්ඩු ක්‍රමයක් අර්බුදයට ගිය අවස්තාවකදී ඊට ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමේ හිමිකමක් මහජනයාට ඇති බව ජාත්‍යන්තර නීතිය පිලි ගනී.
 
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහබාගිවීමේ නිෂ්චිත හිමිකමක් මහජනයාට තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කැනඩාවට එරෙහිව මික්මැක් ගෝත්‍රය (Mi’kmaq Society v. Canada) වෙනුවෙන් මාර්ෂල් ඉදිරිපත් කළ පැමිනිල්ල පදනම් කොටගෙන 1991 දී ලබා දී තිබෙන තීන්දුවේ සදහන් වේ. ( Human Rights Committee ccpr/ c/43/ D 205/ 1986,3 December 1991) 
 
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජත්‍යන්තර ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාව පිලිබදව දෙවන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ පාඨමය බල අධිකාරිය ( Textual Authority ) 1996 ජූලි මස 12 වන දින කර තිබෙන අර්ත කථනය අනුවද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයට ක්‍රියා කාරි ලෙස සම්බන්ද වීමේ අයිතිය මහජනයාට හිමිය.
 
වගන්ති 27 කින් යුතු එම අර්ථ කථනයේ 2 වැනි වගන්තිය වෙන්කර ඇත්තේ මහජනයාට ව්‍යවස්ථා සම්පාදනයකට තිබෙන හිමිකම අර්ථ කථනය කිරීම සදහාය. 
 
එහි මෙසේ සදහන් වේ." පුරවැසියෝ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළයුතු යැයි අදහස් කරන අවස්තාවන් හීද පොදු කටයුතු මෙහෙයවීමේ කාර්‍යයට ඍජුව සනභාගි වෙති."
 
 
කැනේඩියානු ආණ්ඩුව ක්විබෙක් අර්බුදය ( එම ප්‍රාන්තය වෙන්ව යාමට උත්සහා දැරීමේ ප්‍රස්නය ) ශ්‍රේෂ්ඨාධිකරණ වෙත යොමු කිරීමෙන් පසු එම අධිකරනය 1998 දී ලබාදී තිබෙන තීරනයන් ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගීමේදී හා පවත්වා ගෙනයාමේදී මහජනයාට තිබෙන අහිමි කල නොහැකි සහභාගිත්ව අයිතින් හා රාජ්‍යයේ වගකීම් පැහැදිලි කරන කදිම නෛතික ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.
 
  
එයට අනුව "ප්‍රජාතන්ත්‍රවාදය" කැනේඩියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මූල ධර්ම අතර තිබෙන ප්‍රධානම මූල ධර්මය වේ. එම මූල ධර්මය සදහා නොකඩවා පවත්වාගෙන යන සාකච්චා ක්‍රියා දාමයක් තිබිය යුතුය. කිසිවකුට හෝ සත්‍ය පිලිබඳ ඒකාධිකාරයක් තිබිය නොහැකිය.
 
ඒකියත්වය අනතුරේ තිබෙන අවස්තාවකදී පවා එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවිය යුතු බව බව ප්‍රකාශ කරමින් කැනේඩියානු ව්‍යවස්ථාව වෙනස් කරගැනීමට අවශ්‍ය නම් එයට මුල පිරීමේ අයතිය ක්විබෙක් ප්‍රාන්ත ආණ්ඩුවට හිමිකර දුන්නේය.
 
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදීද පාර්ලිමේන්තුවට මුල්තැනදී කෙරෙන පරන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමය වෙනුවට මහජන සහභාගිත්ව ව්‍යුහයන් හා ආකෘතීන් ඇතුලත් නව ව්‍යවස්ථා සම්පාදන අත් හදා බැලීම් සැලකිය යුතු ගනක් පසුගිය අවුරුදු 40 තරම් කාලය තුළ ලොකයේ සිදු වී තිබේ.
 
කැනඩාව (1982 ), නිකරගුවාව (1986 ), උගන්ඩාව හා බ්‍රසීලය (1988 ), දකුණු අප්‍රිකාව (1994 ) එරිත්‍රියාව හා වෙනිසූලියාව (1997), රුවන්ඩාව (2003 ), බල්ගේරියාව හා රුමේනියාව (2006), ඊජිප්තුව (2014), නේපාලය (2015 ) හා තායිලන්තය ((2016 ) ඒ සදහා දැක්විය හැකි නිදසුන්ය.
 
මෙම අත් හදා බැලීම් ව්‍යවස්ථා සම්පාදන සංස්කෘතියේ ගැඹුරු  විපර්යාසයක් ඇති කිරීමට හේතු වී තිබෙන්නේ යයි කිවහැකිය.  
 
 
මෙම විෂයෙහි ප්‍රදාන න්‍යායවාදිනියක ලෙස සෑලකිය හැකි මහාචාර්‍ය වීවියන් හාර්ට් කියා තිබෙන්නේ "විසි එක්වන සියවසේ ව්‍යවස්ථාකරණය විශේෂඥ ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රති- අර්ථකථනය කරමින් එය ප්‍රාජාතන්ත්‍රවාදි සහභාගි අදියරයක් කරා" ගෙන යමින් තිබෙන බවය.
 
  
එසේම එම ක්‍රමය මහජනයාට තිබෙන පරමාදිපත්‍ය බලයට නව ප්‍රායෝගික වටිනාකමක් ලබා දෙමින් ජාතිය හා රාජ්‍යය ගොඩනැගීම මහජනයා සිය පරමදිපත්‍ය බලය  යොදාගෙන කරන මහජනයාගේ දෙයක් බවට පත් කිරීමට හේතුවී තිබේ.
 
 
 
මහජන බලය ගැන:
  
democracy fights large
 
ලංකාවේ ඇතිවී තිබෙන කඩා බිද වැටීම ඉදිරියේ ජාතිය හා රාජ්‍යය ප්‍රති නිර්මානය කිරීමේ අරමුන සදහා ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමට මහජනයාට හිමිකමක් තිබේද යන්න සලකා බැලීම මේ ලිපියේ ප්‍රධාන අරමුන විය.
 
එහිදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් පවත්වාගෙන ගිය බොහෝ රටවල් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කර තිබේ.
 
ආණ්ඩු ක්‍රමයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදි අංග එක්තු කරගෙන තිබෙන රටවල් ගනන 40 කට ආසන්නය. ඒ රටවල ජනයාට පරමාධිපත්‍ය බලයේදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් ක්‍රියාත්මක රටවල ජනයාට ලැබී තිබෙන බලයට වඩා අති විශාල බලයක් බුක්ති විදී. ලිපිය අනවශ්‍ය තරමට දීර්ග වීම වලකා ගැනීම සදහා මා ඒ ගැන කතා කරන්නේ නැත.
 
මහජනයාට සිය ඡන්දයෙන් පත් කරන නියෝජිතයන් අභිබවා ගිය බලයක් මහජනයාට ලබාදෙන ක්‍රමයක් 21 වන සියවසේදී ආණඩු ක්‍රම විෂයේදී ගෝලිය වශයෙන් හමා යමින් තිබෙන ප්‍රවනතාව ද මාගේ තර්කය සනාත කරන ඉතා බලවත් සාක්ෂියක් බවද කිව යුතුය.
 
 
මෙතෙක් කරුනු සලකා බැලීම් අනුව ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීම සදහා ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමේ, ඒ සදහා නැගී සිටීමේ, නායක කාර්‍ය භාරයක් ඉටු කිරීමේ, හිමිකම ව්‍යවස්ථාව අනුවත්,  ජාත්‍යන්තර නීතිය අනුවත්, ජාත්‍යන්තර ව්‍යවස්ථා සම්ප්‍රදායන් අනුවත්, මහජනයාට  හිමි බව කිවහැකිය.
 
  
එහිදී විසඳා ගතයුතුව තිබෙන ලොකුම අභියෝගය වනුයේ එම හිමිකම හා ඊට අදාල බලය ප්‍රායෝගික අර්ථයෙන් මහජනයා යොද ගන්නේ කෙසේද යන්නයි. 
 
එය කලහැකි වනු ඇත්තේ මහජනයා ඒ අරමුන වෙනුවෙන් කැරලි ගසන තැනකට යාමෙනි. 
 
එය විජේවීර හෝ ප්‍රබාකරන් හදුන්වා දෙනලද පන්නයේ මිනිසුන් හා දේපල විනාශ කරන කුරිරු  කැරැල්ලක් නොව මෛත්‍රීය හා කරුනාවද, ප්‍රජාතන්ත්‍රවාදය හා අහිංසාවාදය ද, මත පදනම් වු සමාජයේ රජ කරන දීන හැගීම් තුරන් කොට නිර්භීත කම ඇති කරන, බේද  බින්නවී තිබෙන සමාජය සමගි කොට, විනය ගරුක, ගුන ගරුක, විචාර ශීලී හා බහුත්වවාදි සමාජයක් ඇති කිරීමට හේතුවන කැරැළ්ලක් විය යුතුය.
 
 
4830332(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 

 

 

 


 

THE LEADER TV 
 
 

වඳ වෙන ලකුණු ?

 

 

මෙන්න නාලෝ....! 

 

පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...