The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

බටහිර ජැටියේ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

T

The Leader Desk

October 22, 2021 • 1:32 PM

 බටහිර ජැටියේ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT)
  • සමස්ථ ව්‍යාපෘති පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් ලෙස අපේක්ෂා කරයි.
  • JKH සමාගමට බටහිර පර්යන්තයේ කොටස් වලින් සියයට 34 ක කොටස් හිමි වන අතර අදානි සමාගමට සියයට 51ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට  සියයට 15ක කොටස් ප්‍රමාණයක් හිමි වේ.
  •         විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අවධාරනය කර දක්වා ඇත්තේ බටහිර පර්යන්තය විසින් වසර 35 ක් සඳහා යෝජිත මුලූ වාර්ෂික සහතික කරන ලද රාජ්‍යයභාග (Royalty) ගෙවීම CICT වසර 35ක් සඳහා සහතික කළ මුදලට වඩා අඩු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ ගනුදෙනුවක් පසුගිය දා සිදු විය.
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ WCT සමාගම් අතර ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම (BOT) ගිවිසුම වසර 35 ක බදු කාලයක් සඳහා අත්සන් තබා ලබා දුනි. 
 
JKH යනු ඉන්දියාවේ අදානි වරායන්හි සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම (APSEZ) හි දේශීය හවුල්කරුවා වේ. 
 
 
 
මෙය මෑත කාලයේ සිදු වූ විශාලතම විදේශ ආයෝජන වලින් එකකි. සමස්ථ ව්‍යාපෘති පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් ලෙස අපේක්ෂා කරයි. JKH සමාගමට බටහිර පර්යන්තයේ කොටස් වලින් සියයට 34 ක කොටස් හිමි වන අතර අදානි සමාගමට සියයට 51ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට  සියයට 15ක කොටස් ප්‍රමාණයක් හිමි වේ.
 
2021 මාර්තු 16 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම ගිවිසුම (BOT) පිළිබඳ ගැටලූ මැයෙන් 2021 සැප්තැම්බර් 17 දාතමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ද පිටපත් යොමු කරමින් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාන්ත්‍රණය කරන ලද ලිපියක් මගින් උක්ත ගනුදෙනුව නිසා සිදුවිය හැකි මුල්‍යමය පාඩු පිළිබදව කරුණු දක්වා ඇත. 
 
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලා සිටිනුයේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුම යලි සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බවයි.
 
 
 
 
විශේෂයෙන්ම මෙම ලිපිය මගින් අවධාරනය කර දක්වා ඇත්තේ බටහිර පර්යන්තය විසින් වසර 35 ක් සඳහා යෝජිත මුලූ වාර්ෂික සහතික කරන ලද රාජ්‍යයභාග (Royalty) ගෙවීම CICT වසර 35ක් සඳහා සහතික කළ මුදලට වඩා අඩු බවයි. වසර 21 ක් සඳහා බටහිර පර්යන්තය විසින් යෝජනා කරන ලද අනුපාතයන් ද CICT හි අනුපාතයට වඩා අඩු බවයි.
 
 
සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් 7 ක රාජ්‍යය භාගය (Royalty) එක්සත් ජනපද ඩොලර් 4 දක්වා අඩු කර ඇති බවයි. 
 
2013 දී CICT මෙහෙයුම් ආරම්භ කිරීමත් 2023 දී බටහිර පර්යන්තය ආරම්භ කිරිමටත් සැලසුම් කර තිබීමත්, මෙම කාලය තුළ උද්ධමනය, විනිමය අනුපාතිකයේ අවප්‍රමානය ආදි අනෙකුත් සාධක සැළකිල්ලට ගනිමින්, රාජ්‍යය භාගය (Royalty) CICTට වඩා වැඩි විම අනිවාර්ය තත්ත්වයකි.
 
පසුගිය දා ඇතැම් මාධ්‍ය වාර්තා කලේ, 2010 දී CICT ඩොලර් මිලියන 150 ක සහතික කළ මුල්‍ය ප්‍රවාහ වල ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දුන් අතර 2021 දී යෝජිත බටහිර පර්යන්තයට ඩොලර් මිලියන 155 ක පමණක් ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දී ඇති බවයි. 
ඩොලරයේ උච්ඡාවචනයන් සහ රටේ දැනට පවතින සහ අනාගත උද්ධමනීය ප්‍රවනතා මෙන්ම WCT හි අතිරේක ඉඩ ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් ඉහත වට්ටම් කිරීම සිදුකලේ නම් WCT විසින් ශ්‍රී ලංකා රජය / ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඩොලර් මිලියන 200 ක ශූද්ධ වර්තමාන වටිනාකමක් ලබා දිය යුතුව තිබුණ බවයි.
 
 
 
prof presann perera
                       මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
 
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලක් උප සභාපති ලෙස කටයුතු කල දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ප්‍රසන්න පෙරේරා මහතාගෙන් කල විමසුමකදි ප්‍රකාශ කලේ භු දේශපාලනයේ හැසිරිම අනුව ශ්‍රී ලංකාව යම් උගුලක හිර වි ඇති බවයි. 
 
 
 
 
ඒ අනුව බටහිර පර්යන්තය ඉංදිය සමාගමකට ලබාදිම එම භු දේශපාලනය මගින් විස්තර කල හැකි නමුත් වානිජමය කොන්දේසි වෙනස් විම නම් මේ රටේ මුල් බැස ගිය අත යට ගනුදෙනු නැත්නම් අල්ලස් සහ දුෂණ මගින් විස්තර කිරිමට සිදුවන බවයි.
 
 
 
(පසුගියදා පැවැති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් 'අනිද්දා පුවත්පතට' සූජීව සෙරනරත් විසින් සකස් කළ ලිපියකි)
 
THE LEADER TV 
 
ජනාධිපති ආර්යාව බයෙන් ! 
 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...