The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හමුදාපති - බදුර්දීන් 'ගැටු‌‌මේ' ඇත්ත කතාව මෙන්න

T

The Leader Desk

May 18, 2019 • 11:33 AM

 හමුදාපති - බදුර්දීන් 'ගැටු‌‌මේ' ඇත්ත කතාව මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.
  • දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා   තමන්ට දුරකථනයෙන් කතා කළ බවත්  පලමු ඇමතුමේ දී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ යැයි කී බවත් හමුදාපතිවරයා පැවසීය.
  • දෙවනි වර විමසීමේ දී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමන්ට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.
  • මෙම මාධ්‍ය හමුවේදීම හමුදාපතිවරයා යම් යම් කරුණු පාදක කරගෙන මාධ්‍යකරණයේ රඟපෑම් නතර කළ යුතු බවත් එය රටේ ආරක්ෂාව පැත්තෙන් ඉතා වැදගත් බවද අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයකු නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් බදුර්දින් මහතා ආරක්ෂක අංශවලට බලපෑම් කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක කල විමසීමකදී හමුදාපතිවරයා ඒ බව සඳහන් කළේය.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා   තමන්ට දුරකථනයෙන් කතා කළ බවත්  පලමු ඇමතුමේ දී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ යැයි කී බවත් හමුදාපතිවරයා පැවසීය.

දෙවනි වර විමසීමේ දී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමන්ට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.

මෙම මාධ්‍ය හමුවේදීම හමුදාපතිවරයා යම් යම් කරුණු පාදක කරගෙන මාධ්‍යකරණයේ රඟපෑම් නතර කළ යුතු බවත් එය රටේ ආරක්ෂාව පැත්තෙන් ඉතා වැදගත් බවද අවධාරණය කර සිටියේය.

ඇමති රිෂාඩ්ගෙන් ඇමතුවක්...

මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' අමාත්‍ය රිෂාඩ් බදුර්දින් කල විමසීමක දී ඔහු පැවසුයේ, පහුගිය දවසක මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක මොහිදීන් මහත්මයා කතාකරලා කිව්වා "එයාගෙ ගෙදරට කවුදෝ නොදන්නා පිරිසක් ඇවිත් එයාගේ  පුතා අරගෙන ගියා කවුද අරගෙන ගියේ කියලා දන්නෙ නෑ. ඒ ගැන දෙහිවල පොලීසියට පැමිණිල්ලක් දැම්මා. තවම කිසිම ආරංචියක් නෑ. හමුදාවෙන් අරගෙන ගියාද කියලා දන්නෙ නෑ. කොහේද ඉන්නෙ කියලා හොයලා බලන්න පුළුවන්ද" කියලා අමාත්‍යවරයාගෙන් විමසා සිටි බවයි.

පුතාට වුණත් දඬුවම් කළ යුතුයි

15 කට ආසන්න හෝ  ඊට වඩා වැඩි පිරිසක් වාහනයකින් පැමිණියා. ඒගොල්ලෝ සම්පුර්ණයෙන්ම වහගෙන හිටියේ. ඇස් දෙක විතරයි පෙනුණේ. එක පාරටම ඒගොල්ලෝ හැම පැත්තෙන්ම ආවා. ඇවිල්ල ගෙදරම වටකරා. හතර පස් දෙනෙක් බලහත්කාරයෙන් ඇතුළුවුණා. එක්කෙනෙක් මගේ ලොකු පුතාව අල්ල ගත්තා. ඔහු මේ සිද්ධියට සම්බන්ධ නම් ඔහුට දඬුවම් කළ යුතුයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මගේ හැගීම නම් මගේ පුතාව ගෙන ගියේ කවුරුද?  ආරක්ෂක හමුදාව හෝ වෙන කවුරුහරි විසින්ද? අපි දන්නේ නැහැ." යැයි මොහිදීන් මහතා විදෙස් මාධ්‍යයක් හමුවේ අනාවරණය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් බදුර්දීන් අමාත්‍යවරයා, අසරණ තාත්තා කෙනෙක් අවිත් තමන්ගේ පුතා නැතිවෙලා සොයලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවාම මමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් විදිහට හමුදාපතිවරයාගෙන් ඒක අහපු එක වැරිදි දැයි ප්‍රශ්න කර සිටි අතර පසුව මෙසේද පැවසීය.

ආරක්ෂාවට මුල් තැන

එම අවස්ථාවේදී තමා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට කතාකොට මහෙම සිද්ධියක් වෙලා තියෙන බව දැනුම් දින් බවත්  ඇමතිවරයා පැවසිය.

අනතුරුව තමා යුධ හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන මෙවැනි තරුණයකු රඳවා ගෙන සිටීදැයි විමසීමක් කල බවත් සඳහන් කල ඇමතිවරයා තමා කිසිඳු ආකාරයකින් බලපෑමක් නොකළ බවත් අවධාරණය කර සිටියේය.

එසේම, ISIS ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්න හමුදාපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් ලොකු කැපවීමකින් කටයුතු කරන් බවත් ඒ කටයුත්ත තමන් ගෞරවයෙන් යුතුව අගය කරන බවත් ය.

එසේම  මේ අවස්ථාවේ පටු දේශපාලන වාස ගන්න බලාගෙන ජාතිවාදය අවුස්සන අයගෙන්, අපේ මව් රටේ ජාතිවාදය අවුස්සලා රට විනාශ නොකරණ ලෙස තමන් ඉල්ලා සිටින්න කැමති යැයි පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සෑම දෙයකටම වඩා තමන්ට මේ රටේ ආරක්ෂාව වැදගත් බවයි.

 

පැහැරගැනීම සාමාන්‍ය දෙයක්

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් අදහස් දක්වමින් පවසා සිටියේ, කොතනකදී වුණත් සිය දරුවෙක් අතුරුන්වීමක් හෝ පැහැරගැනීමක් සිදුවුණාම දෙමාපියන් කළබලයට පත් වන බවයි. ඒ නිසා ඔවුන් සිය දරුවා ඉන්න තැනක් සොයා ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක මේ රටේ ඉතාම සාමාන්‍ය දෙයක් බවයි.

මොකද පසුගිය රාජපක්ෂ පාලන සමයේ මිනිස්සු අතුරුදන්  කිරීම දෛනික සාමාන්‍ය කටයුත්තක් ගානට පත්කොට තිබූ නිසාවෙන් බව ද ඔවුන් පෙන්වා දෙයි.  ඒ අනුව රිෂාඩ් අමාත්‍යවරයා කර ඇත්තේ අසරණ පියෙකුගෙ ඉල්ලීමක් ඉටු කිරීමක් බැවින් එහි කිසිදු අසාධාරණයක් හෝ අයුක්තියක් නොදකින බවත් ඔවුන් කියා සිටියේය.

පැහැරගැනීමේ නීතිය

ඒ කුමන හේතුවක් නිසාවෙන් දැයි විමසා සිටි කළ, "මොකද ඒ පියා පැහැදිලිවම  පවසලා  තියෙනවා, තමන්ගෙ පුතා වැරදි වැඩ කර ඇත්නම් දඬුවම් දිය යුතු බව. ඔය සමහර මාධ්‍ය වගේ පටු වුවමනාවන් ඉටුකරගන්න දඟලන අය පැය විසිහතරෙම ජප කළත් වැරදි කරුවෙක් නිදහස් කිරීමක් ගැන මෙතන නැ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් කතා කරනවාට වඩා වැදගත් කාරණය තමයි. යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සෙ නොදන්වා සිටීම කියන කාරණය.

ඉතිහාසය පුරාම අපි මේ වගේ සිද්ධි අප අත්දැකලා තියෙනවා. නමුත් දැන්වත් මේක නතර විය යුතුයි. ඒහෙම නැතුවුණොත් හෙටත් මේ වගේම මෙයා පැහැරගෙන දවස්  ගාණක් වෙනවා, අරයා උස්සලා සතියක් වෙනවා වගේ කතා අහන්න ලැබෙයි. ඒවගේ ඒවා අහන්න වෙන එකම ශිෂ්ටසම්පන්න සමාජයක අශිෂ්ට ලක්ෂණයක්. ඒ නිසා අලුතින් නීති අවශ්‍ය වෙන්නෙ මෙන්න මේවට යැයි වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...