The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැතිවරණ වරදකට අත්අඩංගුවට පත් පළමු මන්ත්‍රී රිෂාඩ් - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

October 19, 2020 • 11:26 AM

මැතිවරණ වරදකට අත්අඩංගුවට පත් පළමු මන්ත්‍රී රිෂාඩ් - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1978 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 83 වගන්තිය යටතේ අත්අඩංගුවට පත්වන
  • වසර 42 කට පසුව මැතිවරණ පනතෙන් වැඩක් ගන්නට යයි.
  • මැතිවරණ පනතෙන්, මහජන නියෝජිතයින් තෝරන්නට මිස ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන් බව අද දක්වාම කිසිවෙකු හෝ විශ්වාස කළේ නැත.
  • ''මැතිවරණ පනතෙන්, මහජන නියෝජිතයින් තෝරන්නට මිස ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන් බව අද දක්වාම කිසිවෙකු හෝ විශ්වාස කළේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රිෂාඩ් බදුර්දීන් ය.

වසර 42 කට පසුව මැතිවරණ පනතෙන් වැඩක් ගන්නට යයි.

මැතිවරණ පනතෙන්, මහජන නියෝජිතයින් තෝරන්නට මිස ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන් බව අද දක්වාම කිසිවෙකු හෝ විශ්වාස කළේ නැත.

''මැතිවරණ පනතෙන්, මහජන නියෝජිතයින් තෝරන්නට මිස ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන් බව අද දක්වාම කිසිවෙකු හෝ විශ්වාස කළේ නැත. ''

 

මැතිවරණ නඩු පුරාණය :

මෙම පනත යටතේ, රාජිත සේනාරත්නට මන්ත්‍රී ධූරය අහිමි විය.  නමුත්, මන්ත්‍රී ධූරය දරද්දී අත්අඩංගුවට පත් වූවේ නැත.  

නාම යෝජනා බාරදී පෙළපාලියකින් යමින් සිටි නාලන්ද එල්ලාවල, ඩිලාන් පෙරේරා ගේ කණ්ඩායමට සුසන්ත පුංචිනිලමේ ගේ කණ්ඩායම වෙඩි තැබීය.  එදා සුසන්න නාම යෝජනා දුන් අපේක්ෂකයෙකු මිස මන්ත්‍රීවරයෙකු නොවේ.

 අනෙක් අතට සුසන්තට තිබූ චෝදනාව මිනී මැරීම ය. පෙළපාලි යාම ප්‍රධාන චෝදනාව නොවීය.  

2003 මාතර සාගල රත්නායක - මංගල සමරවීර වෙඩි තැබීමේ සිද්ධියේ දී ද, මංගල සමරවීරට නඩු වැටුනේ මැතිවරණ නීතිය යටතේ නොව, අපරාධ නඩුවකි.

දයා වලගම්බාහු සිද්ධිය පැරණි මැතිවරණ නීතිය යටතේ ය.

මැතිවරණ නීතිය කැඩීමට නඩු පැවරීම නම් ෂෝක් ය.  20 සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්ද සොයන්නට මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම එයට හාත්පසින්ම වෙනස් දෙයකි.  

''මැතිවරණ නීතිය කැඩීමට නඩු පැවරීම නම් ෂෝක් ය.  20 සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්ද සොයන්නට මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම එයට හාත්පසින්ම වෙනස් දෙයකි. ''  

2008 මා මැතිවරණ නිරීක්ෂණ ඇරඹි දවසේ සිට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය දක්වා සෑම මැතිවරණයක දී ම, පුත්තලම - මන්නාරම සරණාගතයින් ප්‍රවාහණය සිදුව ඇත.  

බොහෝ අවස්ථාවල දී එයට මැතිවරණ දෙපාර්තමේන්තුව, හමුදාව, පොලීසිය, මැතිවරණ නිරීක්ෂණයකින් පවා පහසුකම් සලසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, දළදා මාලිගාව ලඟ උපවාසයට වාඩි වී රිෂාඩ් බදුර්දීන් පටලවා ගන්තේ පාස්කු ප්‍රහාරයට නොව, 2019 ජනධිපතිවරණ ව්‍යාපාරයට ය.  

දැන් රිෂාඩ් හෝ සහෝදරයා හෝ ගැන පාස්කුවේ කියවෙන්නේ නැත.  

මිත්‍රවරුණි, හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  21 හා 22 විවාද කොට ඡන්දයට යන්න හදන්නේ පාස්කු ප්‍රහාරයේ වාර්තාව නොව 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.    

‘ඡන්ද දිනයක ඡන්දදායකියන් ප්‍රවාහණය කිරීම අතිශයින්ම සුලබ, නොතකා හරිනු ලබන වරද කි.  එය නොකරන අපේක්ෂකයෙකු නොමැති තරමටම සුලබ ය.  

හැබැයි ඒ වරද, 20 සම්මත කර ගැනීමට මෙවලමක් කර ගෙන ඇත.

‘ඡන්ද දිනයක ඡන්දදායකියන් ප්‍රවාහණය කිරීම අතිශයින්ම සුලබ, නොතකා හරිනු ලබන වරද කි.  එය නොකරන අපේක්ෂකයෙකු නොමැති තරමටම සුලබ ය. හැබැයි ඒ වරද, 20 සම්මත කර ගැනීමට මෙවලමක් කර ගෙන ඇත.''

රිෂාඩ් විල්පත්තුව කපන විට මුලින්ම උද්ඝෝෂණයක් කළේ අපි දුසිමකට අඩු පිරිසකි.  රිෂාඩ් ගේ පොරොවෙන් 20 සංශෝධනය හරහා මෙවර කපන්නට හදන්නේ, මේ රටේ අධිකරණ හා පාර්ලිමේන්තුවේ බලය යි.  

රිෂාඩ් හරහා 20 ගොඩ දමා ගැනීම වලක්වා ගන්නට පාරට බහින්නට අද දුසිමක් වත් නැත.

(රජිත් කීර්ති තෙන්නකෝන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...