The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෝවිඩ්-19 වසංගතයේ අවදානම යලිත් ඉහලයි!

T

The Leader Desk

June 20, 2020 • 8:58 AM

කෝවිඩ්-19 වසංගතයේ අවදානම යලිත් ඉහලයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, ජනමාධ්‍ය වල සහයෝගයද සහිතව, කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුල මුලුමනින්ම පාහේ පාලනය කර
  • දෛනික මරන සංඛ්‍යාවේ සාමාන්‍යය 500 කට අඩු අගයක පැවැතීගෙන අවුත් බදාදා දිනයේ එම අගය 2003 දක්වා හිටිවනම ඉහල නැගුනි.
  • දකුනු ආසියානු කලාපය කොවිඩ්-19 වසංගතය ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රදේශය බවට පත්ව ඇත.
  • මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති බව මවා පෑමට යත්න දරන නමුත්, ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

අසල්වැසි ඉන්දියාවේ දිනක් තුල සිදුවූ ඉහලම කොරෝනා මරන සංඛ්‍යාව පෙරේදා වාර්තා කෙරුනි. දෛනික මරන සංඛ්‍යාවේ සාමාන්‍යය 500 කට අඩු අගයක පැවැතීගෙන අවුත් බදාදා දිනයේ එම අගය 2003 දක්වා හිටිවනම ඉහල නැගුනි.

India coronaදකුනු ආසියානු කලාපය කොවිඩ්-19 වසංගතය ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රදේශය බවට පත්ව ඇත.

මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.  පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඒ අනුව, දකුනු ආසියානු කලාපය කොවිඩ්-19 වසංගතය ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රදේශය බවට පත්ව ඇත.

කලාපය තුල මුලු ආසාදිතයින් ගනන ලක්ෂ හතර ඉක්මවයි. ඉන්දියාව කොරෝනා වෛරසයෙන් බැට කෑ රටවල් අතරින් හතරවන ස්ථානයට පැමින ඇත්තේ නිල ආසාදිතයින් ගනන 3,50,000  ඉක්මවමිනි. කොරෝනා මරන සංඛ්‍යාව 12,000 ඉක්මවා  ඇත.

පකිස්තානයෙන් ආසාදිතයන් ලක්ෂ 1.4 කට ආසන්න ගනනක් වාර්තාවන අතර, බංගලාදේශයේ ආසාදිතයින් ගනන 87,000 ඉක්මවා ඇත. එම රටවල සිදු කෙරෙන පීසීආර් පරීක්ෂන ගනන ඉතා අඩු නිසා වසංගතය ගැන සැබෑ තක්සේරුවක් ඇතිකරගත නොහැකිවන අතර තත්වය මීට වඩා දරුනු බව නිසැකය.

චීනය සහ නවසීලන්තය තුල වසංගතයේ නව රැල්ලක් පැන නැගී ඇතිබව ද, බෙයිජිනය නැවත අගුලු දමා ඇති බවද ඒ සමගම වාර්තා විය.

කලාපය තුල වසංගත අන්තරාය මෙලෙස වර්ධනය වෙද්දී,  රාජපක්ෂ ආන්ඩුව අගුලු දැමීම ඉවත් කරමින්, එලැඹ ඇති "නව සාමාන්‍යය" යටතේ වැඩ කල යුතු බව මහජනතාවට කියා සිටී. "නව සාමාන්‍යය" යනු මරනය දෝතින් දරා ජීවත්වීම යි.

ලංකාව දූපතක් වුවද, ගෝලීය ආර්ථිකයේ ‌බලගතු ඒකාග්‍රවීම තුල මානව සංචරනය දැවැන්ත පරිමානව ඉහල නැගී ඇති තතු යටතේ, මෙම කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන්ගෙන්  ගැලවී සිටීමේ හැකියාවක් එයට නොමැත. එබැවින්, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගනු ලැබූ යම් සීමිත පියවර පවා ඉවත්කර ඇති කොන්දේසි යටතේ වසංගතය හිටිවනම මතුවී දහස් ගනන් ජීවිත බිලි ගැනීමේ බලගතු අන්තරායක් ලංකාව තුල පවතී.

කලාපය තුල වසංගත අන්තරාය මෙලෙස වර්ධනය වෙද්දී,  රාජපක්ෂ ආන්ඩුව අගුලු දැමීම ඉවත් කරමින්, එලැඹ ඇති "නව සාමාන්‍යය" යටතේ වැඩ කල යුතු බව මහජනතාවට කියා සිටී. "නව සාමාන්‍යය" යනු මරනය දෝතින් දරා ජීවත්වීම යි.

KGලක්ෂ සංඛ්‍යාත ජනයා මෙම අන්තරායට ගොදුරු කරමින් යලි වැඩට දැක්කීමේ ඒකායන අරමුන ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය පනගන්වා දීමයි. රට සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි  යන මනෝගතිය සකස් කෙරෙනුයේ ඒ සඳහා ය. මෙහි කොටසක් ලෙස,  පසුගිය සතිය තුල වසංගතයට ගොදුරු වූ ගනන පිලිබඳ මාධ්‍ය වාර්තා පල කිරීම ද නවතා දැමීය. ඒ වෙනුවට ඔවුන් ප්‍රචාරය කරනු ලැබුවේ සුවය ලබන ආසාදිතයින් සංඛ්‍යාවයි.

ජූනි 11දා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න කියා සිටියේ “අප්‍රේල් 30 වනදා සිට සමාජයෙන් ආසාදිතයින් වාර්තා වී නොමැති” බවයි. ආන්ඩුව කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට යොදාගත් අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට යොදාගනිමින් සිටින්නේ මෙම ව්‍යාජ තර්කයයි.

මීට අමතරව පෙරේදා දිනයේදී ලංකාදීප පුවත්පතට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා තිබුනේ “කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීම මේ වන විට සම්පූර්නයෙන්ම පාහේ පාලනය කර ඇති” බවයි.

 

ලංකාවේ පීසීආර් පරීක්ෂණ සිදු කෙරී ඇත්තේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයකි.

රට තුල සාමාන්‍ය තත්වයක් ඇතිවී ඇති බවටත් කොරෝනා වසංගතය පාලනය කර ඇති බවටත් මවනුයේ ව්‍යාජ පින්තූරයකි. වෛද්‍ය විශේෂඥයන් පවසන ආකාරයට ලංකාවේ පීසීආර් පරීක්ෂන සිදු කෙරී ඇත්තේ ඉතාමත්ම සීමිත ප්‍රමානයකි. එම නිසා මෙම ප්‍රකාශ පවා කිසිදු විශ්වාසනීය භාවයකින් තොරය.

එක් දිනකදී සිදු කෙරුනු උපරිම පීසීආර් පරීක්ෂන ගනන සටහන් වන්නේ 2086 ක් වැනි අඩු අගයකි. පසුගිය සතිය තුල දෛනික පරීක්ෂන වල සාමාන්‍ය අගය 2000 ට අඩුය.

විශේෂඥයන් පවසන්නේ වසංගත ව්‍යාප්තිය පිලිබඳ යතා තක්සේරුවක් ඇතිකර ගැනීමටනම් දිනකදී සිදු කෙරෙන පරීක්ෂන ගනන අවම වසයෙන් 5,000 දක්වා ඉහල නැංවිය යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා අගුලු දැමීමේ කොන්දේසි ලිහිල් කිරීම් පිලිබඳව අනතුරු අඟවමින් සඳහන් කලේ මෙය “කිසිම රටකට පැඩලයෙන් පාදය ඉවතට ගැනීමට අවස්ථාවක් නොවන බව” යි.

ලංකාව තුල නාවික හමුදා පොකුර තවමත් නොවිසඳී සක්‍රීයව පැවතීම අවදානම් සහගත සාධකයක් ලෙස පවතී. මේ වන විට මුලු නාවික හමුදා ආසාදිතයින් ගනන නමසීයට ආසන්නය. පසුගිය දින කිහිපය පුරාවටම නාවික හමුදාවෙන් ආසාදිතයින් හමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා අගුලු දැමීමේ කොන්දේසි ලිහිල් කිරීම් පිලිබඳව අනතුරු අඟවමින් සඳහන් කලේ මෙය “කිසිම රටකට පැඩලයෙන් පාදය ඉවතට ගැනීමට අවස්ථාවක් නොවන බව” යි.

මීට පෙර ලෝසෞස හි වෛද්‍ය මයික් රයන් “අපි තවමත් ඉන්නේ වෛරසයේ පලමු රැල්ල පවතින කාලයේ. ආසාදිතයින් වාර්තා වීම අඩුවූ පමනින් අපට නිගමන හා තක්සේරු වලට එන්න බැහැ. ඉක්මනින් සීමා ලිහිල් කලහොත් පලමු රැල්ල තිබියදීම දෙවන රැල්ලක් එන්න පුලුවන්” යැයි අනතුරු ඇඟවීය.

ජාත්‍යන්තර අත්දැකීම් අනුව ගත් කල වෛරසය පාලනය කල බවට සඳහන් කල රටවල් වල පවා අගුලු දැමීමේ කොන්දේසි ලිහිල් කල පසු යලිත් වරක් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වීම් ඇරඹිනි.

Covid lanka

වෛරසය පාලනය කල බව ප්‍රකාශ කර රට යලි විවෘත කල චීනයේ පසුගිය ඉරිදා දිනයේ පැය 24 තුල ආසාදිතයින් 57ක් හමු විය. පුවත් පත් වාර්තා වලට අනුව එය අප්‍රේල් මාසයෙන් පසු දෛනිකව වාර්තා වූ ඉහලම රෝගීන් සංඛ්‍යාවයි. එලෙසින් ලිහිල් කල දකුනු කොරියාවේ පවා පසුගිය සති දෙක තුල දෛනිකව වාර්තා වන රෝගීන් ගනන 30 - 60 ත් අතර අගයකට පැමින ඇත.

සිය ජාත්‍යන්තර සගයන් මෙන්ම ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සහ මෙම සැබෑ අන්තරායන් නොතකා හරිමින් “සමූහ ප්‍රතිශක්තිකරනයේ” මිනීමරු ප්‍රතිපත්තිය ක්‍රියාවට නගමින් සිටිති.

මෙම “සමූහ ප්‍රතිශක්තිකරන”  ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක පිලිබඳව දැනටමත් විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. මෙය ක්‍රියාවට නැගුවහොත් ඇමරිකාවේ පමනක් මිලියන 1.6 ක් මියයනු ඇති බවට ඇස්තමේන්තු ගත කොට ඇත.

රාජපක්ෂ ආන්ඩුව මේ වන විට සියලුම කර්මාන්ත ශාලා යලි විවෘත කිරීමට අවසර දී ඇත. සංචාරක කර්මාන්තය අගෝස්තු මාසයේදී යලි ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම ජූනි 29 වනදා සිට උසස් පෙල සිසුන් සඳහා පාසල් යලි ආරම්භ කෙරෙන බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේය. පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරේ.

මේ සියලු ස්ථාන වල පවතින්නේ ධනපති ආන්ඩු වල කප්පාදු පිලිවෙත් නිසා දුබල වූ යටිතල පහසුකම් ය. කම්හල්, පාසල් සහ පොදු ස්ථාන කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීමට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමැති තරම් ය. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා වල කායික දුරස්ථකරනය කිසිසේත්ම පවත්වාගත නොහැක.

මෙම කොන්දේසි තුල කොරෝනා වෛරසය මතුවන ඕනෑම මොහොතක එය වේගයෙන් ව්‍යාප්තවනු නිසැක ය. එසේ පැවතියදී ආන්ඩුව විසින් නිර්මානය කරමින් සිටින ව්‍යාජ පින්තූරයේ වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ මහජනතාවගේ ජීවිත වලිනි.

පාලක පන්තිය ව්‍යාජ ප්‍රචාර වලට යටින් පවත්නා මෙම සැබෑ අන්තරාය පිලිබඳව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් සැලකිලිමත් විය යුතුය.

(සකුන ජයවර්ධන - wsws.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝවිඩ්-19 වසංගතයේ අවදානම යලිත් ඉහලයි! | The Leader