The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහරාජයේ ගිනි පත්තු වේ. - චින්තන ධර්මදාස (වීඩියෝ)

T

The Leader Desk

August 22, 2020 • 3:12 PM

සිංහරාජයේ ගිනි පත්තු වේ. - චින්තන ධර්මදාස (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහරාජෙ කැලේ මැද්දෙන් නෙලුව ඉඳන් ලංකාගමට පාරක් කැපෙනවා. ඒක ගැන පරිසරය ගහකොල සතාසීපාවා ගැන උනන්දු පාර්ශ්ව වලින්
  • එකක් මේ කැපෙන පාර නිසා පරිසර පද්ධතියට ඇතිවෙන හානිය ගැන.
  • ලංකාගම කියන දුෂ්කර ගම්මානයේ මිනිසුන්ගේ ජීවිත පහසු කරනු පිනිස මේ පාර ලබාදිය යුතු බව.
  • පාර කැපීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි විධිමත් වාර්තා ජනාධිපතිවරයා හෝ මේ ක්‍රියාවට අනුබල දෙන පාර්ශ්ව හෝ සතුව නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විරෝධතා මතුවෙනවා. එතකොට පාර කැපෙන එක නවතිනවා.

මුලින්ම පැහැදිලිව කියන්න ඕන මං ෂොපින් බෑග් එකකට විරුද්ධව බෝඞ් උස්සන් පාරට බහින හෝ ක්ලයිමෙට් චේන්ජ් එක නිසා වෙජිටේරියන් වෙන වර්ගයේ රොමැන්ටික් පරිසර ඇක්ටිවිස්ට් කෙනෙක් නෙමෙයි.

මං පරිසරය සහ වනාන්තර දකින්නෙ ආර්ථිකයක් විදිහට. අනාගත ආයෝජනයක් විදිහට. ඒ ශක්‍යතාවයන් උපරිම කරගැනීමයි මට අනුව පරිසර සංරක්ෂනය නැත්තං තිරසාර පරිසර ප්‍රතිපත්තියක් කියන්නෙ.

Sinharaja economy

සිංහරාජෙ මැදින් යන පාර ගැන දෙපාර්ශ්වයකින් තර්ක ඉදිරිපත් වුනා. එකක් මේ කැපෙන පාර නිසා පරිසර පද්ධතියට ඇතිවෙන හානිය ගැන. ඒ වගේම මේ පාර දෙනියාය දක්වා දිගුවීමේ ඉතා පැහැදිලි අවදානම ගැන.

අනික මේ පාර කාලයක් තිස්සෙ මිනිසුන් විසින් හදාගත් පාරක් කියන එක. ලංකාගම කියන දුෂ්කර ගම්මානයේ මිනිසුන්ගේ ජීවිත පහසු කරනු පිනිස මේ පාර ලබාදිය යුතු බව.

පලවෙනි එක අපිට කියන්න පුළුවන් පරිසරය පැත්තෙන් මතු කරන තර්කය කියල. දෙවෙනි එක මිනිස්සුන්ගෙ පැත්තෙන් මතුකරන මානවවාදී තර්කය.

මේ දෙකම වැරදි නෑ. වරද තියෙන්නෙ වෙන තැනක.

 

වරද තියෙන්නෙ වෙන තැනක !

# මේ පාර කපන්න අවසර දුන්නෙ කවුද?

# ඒ අවසර ලබාදීමට අනුගමනය කළ පටිපාටිය කවරක්ද?

# වනයට සිදුවිය හැකි හානිය පිලිබඳ තක්සේරුව සහ නිර්දේශ මොනවාද?

# අදාල දැනුවත් පාර්ශ්ව සමග මේ පාර කැපීමට පෙර කළ සාකච්ඡා මොනවාද?

අපි මේ පාර කැපීම ආරම්භ කළ යුත්තේ එවන් පැහැදිලි විනිවිදභාවයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකටයි.

ඒත් දැනගන්නෙ ලැබෙන විදිහට මේ පාර කැපෙන්නෙ ජනාධිපතිවරයාගෙ උපදෙස් අනුවයි. පාර කපමින් ඉන්නෙ හමුදාවයි. විරෝධතා නැගුනු සැනින් ජනාධිපතිවරයා පාර කපන එක නතර කරනවා. ඒ කියන්නෙ මේ පියවර ඒ තරම් වගකීමෙන් තොරයි. පාර කැපීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි විධිමත් වාර්තා ජනාධිපතිවරයා හෝ මේ ක්‍රියාවට අනුබල දෙන පාර්ශ්ව හෝ සතුව නැති බවයි.

''ඒත් දැනගන්නෙ ලැබෙන විදිහට මේ පාර කැපෙන්නෙ ජනාධිපතිවරයාගෙ උපදෙස් අනුවයි. පාර කපමින් ඉන්නෙ හමුදාවයි. විරෝධතා නැගුනු සැනින් ජනාධිපතිවරයා පාර කපන එක නතර කරනවා. ඒ කියන්නෙ මේ පියවර ඒ තරම් වගකීමෙන් තොරයි. පාර කැපීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි විධිමත් වාර්තා ජනාධිපතිවරයා හෝ මේ ක්‍රියාවට අනුබල දෙන පාර්ශ්ව හෝ සතුව නැති බවයි.''

රක්ෂිත වනාන්තරයක් මැදින් දිවෙන පාරක් ඉදිකිරීමේදී ඒ සම්බන්ධ තත්වයන් සලකා බලන, නිර්දේශ සහ අනුමැතීන් ලබාදෙන ආයතන ක්‍රමයක් රටේ තියෙනවා. ඒ වගේ පාරක් ඉදිකරන පිලිගත් ක්‍රමයක් නීතියෙ තියෙනවා.

ඒත් තුනෙන් දෙකක බලයක් ලැබුනු වහාම ජනාධිපතිවරයා ඒ නීති පටිපාටි සියල්ල බැහැර කරනවා. තනි තීරනයට රක්ෂිත වනාන්තරයක් මැදින් හමුදාව, ඒ කියන්නෙ මිලිටරි බලය පාවිච්චි කරමින් පාරක් කපනවා.

වාසනාවකට තවමත් විරෝධතා නැගෙද්දි ඒ ක්‍රියාවලීන් නතර වෙනවා. ඒත් තුනෙන් දෙකක බලයෙන් ඇත්තටම කළ හැකි සහ නොකළ හැකි දේවල් ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.

''වාසනාවකට තවමත් විරෝධතා නැගෙද්දි ඒ ක්‍රියාවලීන් නතර වෙනවා. ඒත් තුනෙන් දෙකක බලයෙන් ඇත්තටම කළ හැකි සහ නොකළ හැකි දේවල් ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.''

මේක තනිකරම ජනාධිපතිවරයාගේ හෝ ආන්ඩුවෙ වරදක් කියල මං කියන්නෙ නෑ. ඕනම පක්ෂයක් අතින් පරිසරය සිල්ලරට විකිනෙන්න පාවිච්චි වෙන්න පුළුවන්. පරිසරය හෝ වනාන්තර කියන්නෙ සාමූහික ආර්ථිකයක් ආයෝජනයක් හැටියෙන් දකින්න ඕනකරන දැනුම හෝ පරිනතබව අපේ රටේ මිනිස්සු අතර නෑ. එහෙම මිනිස්සු ඉන්නෙ අතිශය සුලුතරයක්.  

ඒ වෙනුවට බහුතරය පරිසරය දකින්නෙම බාධකයක් දුෂ්කරතාවයක් විදිහට. පාරක් ගෙයක් ගමක් හදන්න වනාන්තරයක් එලිකරන එක අපිට පේන්නෙ මිනිස්සු වෙනුවෙන් කරන සේවයක් විදිහට.

පනපිටින් මස් කළා උකුස්සෙක්
අලි පැටව් හුරතල් පන්සලෙත්
සිංහලේ රකිමින් ත්‍රීවිලෙන්
අත්මිදී අපි විල්පත්තුවෙන්

විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැලක්
ජීවිතේ මහා හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්?

මේක මං ලිව්වෙ විල්පත්තුව කපනවා කියල විරෝධතා මතුවුන කාලෙ. විල්පත්තුව ගැනත් මේ තර්ක දෙකම ඉදිරිපත් වුනා. විල්පත්තුව ආරක්ෂා කරගත යුතු උරුමයක් කියල සිංහල බෞද්ධයො පෙරමුන ගත්තා. මොකද කැලේ කපලා පදිංචි වෙමින් හිටියෙ මුස්ලිම් ජනතාව හින්ද. ඒක වනාන්තර රැකගැනීමේ උවමනාවකට වඩා ජාතිවාදී උවමනාවක් බව නිශ්චිතවම ඔප්පු වෙන්නෙ සිංහරාජය වෙනුවෙන් එහෙම හඩක් නැගෙන්නෙ නැති හින්ද.

අනිත් පැත්තෙන් මේ කැපෙන්නෙ විල්පත්තුව නෙමෙයි අතීතයේ ඉඳන් මේ මිනිස්සු පදිංචිවෙලා හිටපු, දැන් කැලෑවාස වුනු ප්‍රදේශ කියල පැහැදිලි කිරීමක් සිද්ද වුනා. එතනදි වෙන්නෙ මේ අවතැන් ජනතාව වෙනුවෙන් ඒ අයට අයිති ඉඩකඩම් යලි ලබාදීමක් කියල මානුෂවාදී කතාව ඇතිවුනා.

Vilpattuවිල්පත්තු වනාන්තර රැකගැනීමේ උවමනාවකට වඩා ජාතිවාදී උවමනාවක් බව නිශ්චිතවම ඔප්පු වෙන්නෙ
සිංහරාජය වෙනුවෙන් එහෙම හඩක් නැගෙන්නෙ නැති හින්ද.

මේ හැමතැනකදිම සිද්ද වෙන අවාසනාවන්ත තත්වය වෙන්නෙ දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිවැරදි පරිසර තක්සේරු කිරීම් සහ නිර්දේශයන් අනුව ක්‍රියා නොකිරීම.

දේශපාලකයෙකුට කැලයක් වවනවාට වඩා ඡන්ද ගන්න පුළුවන් කැලයක් කපන එකෙන්. අපි කොයිතරම් කිව්වත් ලංකාගම මිනිස්සු මේ කැලේ කපලා තමන්ට පාර හැදෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. ගමක් ගෙයක් දොරක් පාරක් හදනවා වගේ කැලයක් නැවත වවාගත නොහැකි බව තේරුම් ගන්න තරම් අපේ රටේ මිනිස්සු පළල් විදිහට හිතන්නෙ නෑ.

 

කල්පවතින විසදුමක් ගැන හිතමු !

ඒක නිසා පරිසර ආරක්ෂා කිරීම පැත්තෙන් අපි කළ යුතු දේ වෙන්නෙ ආන්ඩුවට චෝදනා කිරීමවත් විරෝධතා මතු කිරීමෙන් මේ තත්වය තාවකාලිකව නැවතීම ගැන සතුටු වීමවත් නෙමෙයි. අපිට සිද්ද වෙනවා මේ වෙනුවෙන් කල්පවතින විසදුමක් ගැන හිතන්න.

තව ආන්ඩුවකට හෝ දේශපාලකයෙකුට තමන්ගෙ ඡන්ද මල්ල වෙනුවෙන් කැලයක් හිලව් කරන්න බැරි තත්වයක් නිර්මාණය කරගන්න. විල්පත්තු සිංහරාජ යාල ආරක්ෂා කරගන්න අපිට සිද්ද වෙන්නෙ ඒ විදිහෙ තිරසාර විසදුමක් ස්ථාපිත කරගත්තොත් විතරයි.

''තව ආන්ඩුවකට හෝ දේශපාලකයෙකුට තමන්ගෙ ඡන්ද මල්ල වෙනුවෙන් කැලයක් හිලව් කරන්න බැරි තත්වයක් නිර්මාණය කරගන්න. විල්පත්තු සිංහරාජ යාල ආරක්ෂා කරගන්න අපිට සිද්ද වෙන්නෙ ඒ විදිහෙ තිරසාර විසදුමක් ස්ථාපිත කරගත්තොත් විතරයි.''

වනාන්තරවල ආරක්ෂාව දේශපාලන උවමනාවන් වෙනුවෙන් ලේසියෙන් මෙහෙයවිය හැකි අධිකාරීන් අතේ තියෙනවට වඩා ඒ අයිතිය ජනසතු කිරීමයි මෙතනදි වඩාත් ඵලදායී ක්‍රමය වෙන්නෙ.

 

Dr. Sujatha Gamageආචාර්ය සුජාතා ගමගේ යෝජනා කළ ස්මාර්ට් විසඳූම :

සුජාතා ගමගේ අපි මේ ගැන කරපු සාකච්ඡාවකදි මතු කරපු අදහස ඉතාම වැදගත් එකක්. අපිට දැනට පවතින විධිමත් නිර්ණය කිරීම් අනුව ඉතිරි වෙලා තියෙන වනාන්තර මැප් කරන්න පුළුවන්. ඒ අනුව ගූගල් මැප් එකක අපිට පුළුවන් වෙනවා අපේ රක්ෂිත වනාන්තර ඕනම වෙලාවක පරීක්ෂා කරන්න. ඒ අනුව රක්ෂිතය ඇතුලෙ අනවසර යමක් වෙනවා නම් ඒක හැමෝටම පැහැදිලි කාරණයක් වෙනවා. මේ කැපෙන්නෙ අවශේෂ වනාන්තර කියමින් ලිස්සා යන්න බැරි වෙනවා. කීපදෙනෙකුගෙ ඇහැ ගැටෙනවාට වඩා විවෘතව විනිවිදභාවයකින් අපේ වනාන්තරවලට සාමූහික ආරක්ෂාවක් දෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා.

මේක පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් අපිට ගන්න පුළුවන් ස්මාර්ට් විසදුමක්.  අනාගත උරුමයන්ගේ ආරක්ෂාව දේශපාලකයන් අතින් ප්‍රජාවට බාරකරන්න ඕන.

 

මේ වනාන්තර දියඇලි කියන්නෙ අපේ අනාගත උරුමයන්:

අපි දේශප්‍රේමය කියල පුරුද්දට කියන්නෙ අතීතෙ දිහාවට හැරිලා. ඒත් ඇත්තටම රටකට ඕන වෙන්නෙ අනාගත උරුමයන් ආරක්ෂා කරන අනාගතය දෙසට හැරුනු දේශප්‍රේමීන් පිරිසක්.

ලංකාවෙ අපි නිතර කතා කරන්නෙ අතීත උරුමයන් ගැන. ගල්කනු දාගැබ් ගැන. ඔව් ඒවා අපේ අතීතය ගැන ලොකු කතාවක් කියනවා තමයි. ඒත් සිංහරාජය කියන්නෙ යුනෙස්කෝ ලෝක උරුමයක්. ඒ වගේම මේ වනාන්තර දියඇලි කියන්නෙ අපේ අනාගත උරුමයන්. අපි ලෝකෙ වඩා සුවිශේෂ රටක් බවට පත්වෙන්නෙ මේ උරුමයන් ආරක්ෂා කිරීම උඩයි.

අපේ රටේ සංචාරක කර්මාන්තයේ දියුනුවට, විදේශිකයන්ට අපේ රට ආකර්ශනීය තැනක් වෙන්න බලපාන්නෙ මෙන්න මේ ස්වභාවික සම්පත්. ගෙයක් පාරක් වගේ නිර්මාණශීලී විකල්ප හොයාගන්න පුළුවන් ප්‍රශ්න වෙනුවෙන් අපි කැපකරන්නෙ මේ රටේ සමස්තයට බලපාන ආර්ථිකයක්.

අපි දේශප්‍රේමය කියල පුරුද්දට කියන්නෙ අතීතෙ දිහාවට හැරිලා. ඒත් ඇත්තටම රටකට ඕන වෙන්නෙ අනාගත උරුමයන් ආරක්ෂා කරන අනාගතය දෙසට හැරුනු දේශප්‍රේමීන් පිරිසක්. ''

(චින්තන ධර්මදාස)
ප්‍රකට දේශපාලන විචාරක
vyadhadeva@gmail.com

චින්තන ධර්මදාස අගෝස්තු 20 දා  'සැබෑ දේශප්‍රේමියෝ' ලේබලය යටතේ  #trupatriotlk සමාජ ජාලා තුළින් වීඩියෝවක් මුදාහරිමින් සිංහරාජ අර්බුදය මෙසේ විග්‍රහ කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...