The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නියෝජන ‍ප්‍රජාතන්ත්‍රයේ අර්බුදය හා මාධ්‍ය කම්කරුවෝ (වීඩියෝ) - දීප්ති කුමාර ගුණරත්න

T

The Leader Desk

May 31, 2020 • 7:24 AM

නියෝජන ‍ප්‍රජාතන්ත්‍රයේ අර්බුදය හා මාධ්‍ය කම්කරුවෝ (වීඩියෝ) - දීප්ති කුමාර ගුණරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය වන්නේ, ජනතාව විසින් තම උවමනාවන් සෘජුව නියෝජනය කිරීම අතහැර වෙනත්
  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දශක හතක් පමණ කාලයක් භාවිතයේ  යෙදී ඇත.
  • පැහැදිලි ලෙස දේශපාලනය කතිපයාධිකාරයන් බවට පත්වෙමින් පවතියි.
  • සාම්ප්‍රදායික ලෙස ලංකාවේ දශක පහක් පමණ පැවතීගෙන ආ තට්ටු මාරු ක්‍රමය සහමුලින්ම අර්බුදයට ලක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ශවයක් හරහා වක්‍රව ඉටුකර ගැනීමයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දශක හතක් පමණ කාලයක් භාවිතයේ  යෙදී ඇත.

සමාජයේ විවිධ පන්තීන් සහ සමාජ කණ්ඩායම් තමන්ව නියෝජනය කරන ලද ගතානුගතික දේශපාලන පක්ෂ වලින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතියි. පැහැදිලි ලෙස දේශපාලනය කතිපයාධිකාරයන් බවට පත්වෙමින් පවතියි.

සාම්ප්‍රදායික ලෙස ලංකාවේ දශක පහක් පමණ පැවතීගෙන ආ තට්ටු මාරු ක්‍රමය සහමුලින්ම අර්බුදයට ලක් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් පන්තිමය අඩංගුව ගුණය සහ ප්‍රමාණය අතින් ගැල වී ගොස් ඇත.

''සමාජයේ විවිධ පන්තීන් සහ සමාජ කණ්ඩායම් තමන්ව නියෝජනය කරන ලද ගතානුගතික දේශපාලන පක්ෂවලින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතියි. පැහැදිලි ලෙස දේශපාලනය කතිපයාධිකාරයන් බවට පත්වෙමින් පවතියි.''

ඉහත තත්ත්වය දාර්ශනිකව පහත පරිදි න්‍යායගත කළ හැකිය. (ඇත්තටම මෙය අතීතයේ පක්ෂය තුළ සිටි ක්‍රියාකාරිකයකුගේ සටහනකි. ඔහු රුවන් කුමාරය.)

“මාස්ටර් හැඟවුම්කාරකය නැතහොත් හැම දේකටම පොදු අර්ථය ලබාදෙන හැඟවුම්කාරකය බිඳ වැටුණු විටෙක සමාජයේ පවතින විවිධ දේශපාලන කතිකාවන් ‘මාස්ටරීයකරණය’ සඳහා තරඟ වදිති. සමාජයක් එක් කතිකාවකින් තවත්  කතිකාවකට මාරු වන විට ඒ අතර දී විශ්ලේෂකයාගේ කතිකාව (Analyst Discourse) මොහොතකට මතු වෙයි. විවේචක බුද්ධිමතුන්ගේ කාර්යය වන්නේ, එක් අතකින් අලුත් මාස්ටර් හැඟවුම්කාරකයක් නිෂ්පාදනය කිරීම මෙන්ම අනෙක් අතට එහි ආපතික බව (අස්ථීරත්වය) මතුකොට පෙන්වීමයි.

දර්ශනවාදය යනු, දෙන ලද තත්වය භාර නොගෙන (එනම්, සාරාත්මක බව වෙනුවට, විය හැකි බව අවධාරණය කිරීම) එය උන්මූල ලෙස ප්‍රශ්න කිරීමයි. දර්ශනවාදය විසින් සත්‍යයේ ස්ථාවරය විභාග කරන්නට, එක් අතකට සොක්‍රටීස්, ප්ලේටෝ, කාන්ට් හෝ වෙන ඕනෑම දාර්ශනිකයකු වෙත වෙනත් ස්ථාවර වලින් පැමිණ අලුත් පාරභෞතික ලෝකයක් නිර්මිත කළ යුතුය”.
 -රුවන් කුමාර (2007)-

           

ලංකාවේ දේශපාලන අර්බුදය අලුත් නිර්වචනයක් ඉල්ලා සිටියි.

ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාව ඇතුළත සුවිශේෂී තත්ත්වයක් බිහි වී ඇත. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ (පොදුවේ යුරෝපීය යථාර්ථය) සිට ඉන්දියාව දක්වා තත්ත්වය ගතහොත් 1945 දෙවන ලෝක යුධ තත්ත්වයට පසු උදා වූ ලෝක පර්යාය අතහැර දමමින් සිටිති.

නමුත් ලංකාව තුළ මහජනයාට ‘ලිබරල් ධනවාදය’ ගැන අප්පිරියාවක් නැත. ඔවුන් බහුතරයකට තම සැබෑ ජීවිතය තුළ ‘ධනවාදය’ යනු සැබෑ විකල්පයකි.[Alternative Modernity] මේ හේතුව නිසා ලංකාවේ දේශපාලන අර්බුදය අලුත් නිර්වචනයක් ඉල්ලා සිටියි.

‘මාඕගේ’ වචන වලින් කියනවා නම් (ඔහුගේ ‘ප්‍රතිවිරෝධතා’ ගැන ලිපිය මතක් කරමින්) ලංකාවේ ”ප්‍රධාන ප්‍රතිවිරෝධය” සහ ”ද්විතියික ප්‍රතිවිරෝධය” වෙන්කර ගත යුතුය. ලංකාවේ සමකාලීන මතවාදී දේශපාලනය තුළ අධිනිශ්චය වී හෝ මාරාන්තික වී ඇත්තේ ධනවාදය සහ ශ්‍රමය අතර ප්‍රතිවිරෝධය නොව ‘මහා ජාතිය සහ සුළු ජාතීන් අතර ප්‍රතිවිරෝධය’ යි.

‘මාඕගේ’ වචන වලින් කියනවා නම් (ඔහුගේ ‘ප්‍රතිවිරෝධතා’ ගැන ලිපිය මතක් කරමින්) ලංකාවේ ”ප්‍රධාන ප්‍රතිවිරෝධය” සහ ”ද්විතියික ප්‍රතිවිරෝධය” වෙන්කර ගත යුතුය. ලංකාවේ සමකාලීන මතවාදී දේශපාලනය තුළ අධිනිශ්චය වී හෝ මාරාන්තික වී ඇත්තේ ධනවාදය සහ ශ්‍රමය අතර ප්‍රතිවිරෝධය නොව ‘මහා ජාතිය සහ සුළු ජාතීන් අතර ප්‍රතිවිරෝධය’ යි.

ලංකාවේ දෘෂ්ටිවාදයේ ෆැන්ටසි මානය නිපදවන්නේ වාචාලයන් ය:

talk

මේ අර්ථයෙන් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ අධිනිශ්චය වී ඇත්තේ ලිබරල් ධනවාදයේ සමාජ ගැටලු නොව ජාතීන් අතර ඇති වන සමාජ ගැටලු ය. ඒ නිසා, ලංකාවේ දේශපාලනය කරගෙන යන අය එසේ කරගෙන යන්නේ ධනපති දේශපාලනය ලෙස නොව ෆැසිස්ට් දේශපාලනයක් ලෙසිනි.

මෙම ෆැසිස්ට් දේශපාලනයේ ශ්‍රී ලාංකේය පිටපතෙහි විශේෂ ලක්ෂණය වන්නේ, එය වීරයන් විසින් නොව වාචාලයන් පිරිසක් විසින් මෙහෙය වීමයි. දෘෂ්ටිවාදයේ ෆැන්ටසි මානය නිපදවන්නේ ඉහත වාචාලයන් ය.

 LTTEය 2009 වසරේ දී යුද්ධයෙන් පරාජය වූ පසුව සිංහල සමාජයට අලුත් මහා-ආඛ්‍යානයක් නැතහොත් මහා සම්මතයක් හමු විය. මේ ‘මහා-සම්මතය’ අනුමත කරන බහුතර සිංහලයන් නොදන්නා කරුණක් ඇත. එනම්, ලංකාවේ ප්‍රාන්ත දෙකක් වක්‍ර ලෙස දේශපාලනිකව පාලනය කරන්නේ ඉන්දියාව බවයි.  

එම ප්‍රාන්ත දෙක නම් ‘උතුරු-නැගෙනහිර’ සහ ‘කන්ද-උඩරට වතු ප්‍රදේශය’ යි. මේ පළාත් දෙකේ දේශපාලන අධිකාරිය සෘජු ලෙස ගනුදෙනු කරන්නේ (කොළඹ සිංහල-බෞද්ධ මහා සම්මතය මග හැර) කොළඹ ආණ්ඩුව සමග නොව ඉන්දියානු මහා කොමසාරිස් සමග ය.

LTTEය ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රපංචයක් සහ දේශපාලන ගැටලුවක් වන විට දැන් පවතින ‘උතුරු-නැගෙනහිර’ සහ ‘වතුකරය’ යනු, ඉන්දීය කලාපීය අධිරාජ්‍යවාදයේ අතකොලුය.

අනෙක් පසින්, චීනය ලංකාවේ මතවාදය හසුරුවන්නේ ඊනියා ප්‍රගතිශීලීන් සහ දේශීය වම හරහා ය. අද MCC  ගිවිසුමට එරෙහි මේ මහත්වරුන්ට මුදල් බෙදන්නේ චීන තානාපතිවරයා ය.

 

සමගි ජන බලවේගය ට ඇත්තේ කුමන දිශානතියක් ද?

 ඉහත ඓතිහාසික සන්දර්භය ඇතුළත ශ්‍රී ලංකාවට සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් නැත. මුළු ලෝකයම ගත්තත් ජනප්‍රිය සමාජ ස්ථරයන් වන- කම්කරුවන්,මධ්‍යම පංතිය,ශිෂ්‍යයන්- සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වලින් දුරස් වී ඇත. අධිපති දේශපාලන පක්ෂ තමන්ව නියෝජනය නොකරන්නේ ය යන මතය මහජනයාට ඇත.

මෙවැනි පසුබිමකදී අනුර කුමාරට හෝ ශිරාල් ලක්තිලකට විකල්ප ඉදිරිපත් කිරීමේ අවකාශයක් නොමැත.  ‘සිංහලයා’ නියෝජනය කිරීම පොහොට්ටුව භාරගෙන ඇත.  සුළු ජාතිකයන් සහ විශ්වාන්තරවාදී මැද පන්තිය රනිල් සහ සුමන්දිරන් නියෝජනය කිරීමට උත්සාහ කරයි.

මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගය ට ඇත්තේ කුමන දිශානතියක් ද? අප දැන් ජීවත් වන්නේ පරිභෝජනය සහ වෙළදාම අධිනිශ්චය වූ සමාජයකය. එවැනි සමාජයක් හරයක් වශයෙන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී ය. මේ තුළ ධනවාදීත්වයේ විනාශය ගැන කතා කිරීම මනෝරාජික ය.

ජවිපෙ මනෝරාජික වන්නේ, ජාතික රාමු දේශපාලනය තුළ සතුරා ලෙස ධනවාදය සැලකීම නිසා ය. එවැනි අදහසකට ‘දැන්’ ජනතා බලයක් නැත.

 

සැබෑ දේශපාලනයෙන් ‘උසාවිය’ පැත්තට ගමන් කරන්නේ අහම්බයකින් නොවේ:

අනෙක් පසින්, UNPය  සතු සිවිල් සමාජ තෙරපුම සහ ඇමරි-යුරෝපීය බලය ද කොරෝනාවට පසු ලෝක බල තුලනය තුළ වෙනස් වී ඇත.  “මහාජනයා කතා කරන භාෂාව” සහ “දේශපාලන ව්‍යාපාර කතා කරන භාෂාව” අතර පවතින පරතරය විශාල කන්දක් තරම් උසය.

‘ඡන්දය’ පැවැත්වීම පිළිබඳ විවාදය වඩ වඩා සැබෑ දේශපාලනයෙන් ‘උසාවිය’ පැත්තට ගමන් කරන්නේ අහම්බයකින් නොවේ.

දේශපාලනය යනු, බොක්සිං ක්‍රීඩාවක් හෝ චෙස් ක්‍රීඩාවක් නොවේ. තම මතවාදය වෙනුවෙන් කරන යුද්ධයකි. එහිදී විපක්ෂ බලවේග ජනමාධ්‍ය පාවිච්චි කරන්නේ පූර්ව-නූතන ආකාරයකටය.  පොදුවේ විපක්ෂය කල්පනා කළ යුත්තේ, ”යථාර්ථය ප්‍රබන්ධ කරන” ජනමාධ්‍ය සමඟ පැරණි තාලයට වැඩ කළ නොහැකි බවයි.  

Deepthi 1

අද මාධ්‍යවල සිටින්නේ මාධ්‍යවේදීන් නොව මාධ්‍ය-කම්කරුවන් ය. ඔවුන්ගේ මරාගෙන මැරෙන මෙහෙයුම් පරාජය කළ හැක්කේ තීරණාත්මක සත්‍යය අවබෝධ කරගෙන ය.

ඒ සඳහා, අවශ්‍ය කරන සංකල්ප රාමුවක් පහත වීඩියෝව හරහා අවබෝධ කරගත හැකිය.

(3mana.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...