The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරෝනා ඉදිරියේ ඇල් මැරුණු තැපැල් සටන

T

The Leader Desk

July 3, 2020 • 12:57 PM

කොරෝනා ඉදිරියේ ඇල් මැරුණු තැපැල් සටන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතිකාල සේවා කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයින් විසින් දියත් කළ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නිමාවුයේ මෙරට කම්කරු පංතියට තවත් පාඩමක් කියා දෙමින්ය.
  • ඊට පෙර මැයි 22 වැනිදාත්, ජුනි 02 වැනිදාත් විරෝධතා ව්‍යාපාරය ඇරඹීමෙන් පසු ජුනි 09 වැනිදාත්  පවතින ගැටළු ගැන තැපැල් ඇමතිවරයා සමඟ සාකච්ජා කළ ද පලක් නොවිණි.
  •   වාර්ෂික අලාභය රුපියල් කෝටි 500 ක් !
  • තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 500 ක් බව ආණ්ඩුවේ වාර්තා පෙන්වා දෙන බැවින් හැකි නම් ලාභ උපයා අතිකාල දීමනා ලබා ගන්නා ලෙස ඇමති පාර්ශවය කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සෙනසුරාද දිනයන්හි තැපැල් කන්තෝරු වසා දමමින්, වැඩ දිනය පැය අටකට පමණක් සීමා කර අතිකාල සේවා කප්පාදුවට එරෙහිව 26,000 ක් වූ තැපැල් සේවකයින් ඉකුත් ජුනි 08 වැනිදා සිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය  ආරම්භ කළෝය.

ඊට පෙර මැයි 22 වැනිදාත්, ජුනි 02 වැනිදාත් විරෝධතා ව්‍යාපාරය ඇරඹීමෙන් පසු ජුනි 09 වැනිදාත්  පවතින ගැටළු ගැන තැපැල් ඇමතිවරයා සමඟ සාකච්ජා කළ ද පලක් නොවිණි.

 

වාර්ෂික අලාභය රුපියල් කෝටි 500 ක් !

තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 500 ක් බව ආණ්ඩුවේ වාර්තා පෙන්වා දෙන බැවින් හැකි නම් ලාභ උපයා අතිකාල දීමනා ලබා ගන්නා ලෙස ඇමති පාර්ශවය කියා සිටියේය.

සෙනසුරාදා දිනයන්හි අතිකාල දීමනා වෙනුවෙන් වැය වෙන රුපියල් මිලියන 20 ක මුදල මේ කප්පාදුව තුලින් ඉතිරි කර ගැනීම ආණ්ඩුවේ අරමුණයි.  

මේ  අතර තැපැල් දෙපාර්තමේන්තුවේ දැනට පවතින විවිධ ශ්‍රේණියන් හි පුරප්පාඩු 1500 ක් නොපිරවීම හේතුවෙන්  අතිකාල නොමැතිව වැඩ සම්පුර්ණ කළ නොහැකි බව තැපැල් සේවකයින් පවසති.

1798 දී ලන්දේසීන් විසින් මෙරට තැපැල් සේවය ඇරඹීමෙන් පසු මුල් අවධියේදීම මහජන සුබ සාධන සේවාවක් ලෙස පැවතිය ද පසුව විටින් විට ඇතැම් සේවා පුද්ගලික අංශය වෙත පවරා දීම හා දේශපාලනීකරණය මෙවන් පාඩු ලබන තත්වයක් නිර්මාණයට හේතුව බැවින් ඊට තැපැල් සේවකයින් වගකිව යුතු නොවේ.  

''1798 දී ලන්දේසීන් විසින් මෙරට තැපැල් සේවය ඇරඹීමෙන් පසු මුල් අවධියේදීම මහජන සුබ සාධන සේවාවක් ලෙස පැවතිය ද පසුව විටින් විට ඇතැම් සේවා පුද්ගලික අංශය වෙත පවරා දීම හා දේශපාලනීකරණය මෙවන් පාඩු ලබන තත්වයක් නිර්මාණයට හේතුව බැවින් ඊට තැපැල් සේවකයින් වගකිව යුතු නොවේ. ''

තැපැල් දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට අනුව රට පුරා ප්‍රධාන තැපැල් කන්තෝරු 653 කි. උප තැපැල්  කන්තෝරු 3,410 කි. නියෝජිත තැපැල් කන්තෝරු 524 කි. ග්‍රාමීය නියෝජිත තැපැල් කන්තෝරු 101 කි. වතු නියෝජිත තැපැල් කන්තෝරු 04 කි සියල්ල 4,692 කි. මෙහි වැඩ කරන සියළු සේවකයින් ජුනි 12 වැනිදා තෙක් අකුරට වැඩ කළහ.

Postal Strike

ඉදිරි මාස තුන තුළ සෙනසුරාදා දිනයන්හි තැපැල් කන්තෝරු වැඩ කිරීම වෙනුවෙන් ගෙවන දීමනාවෙන් සියයට විස්සක් ද, තැපැල් කාර්ය්‍ය මණ්ඩල වල සියළු අතිකාල දීමනාවලින් සියයට විස්සක් ද ආණ්ඩුවට පරිත්‍යාග කළ යුතු  බවට තැපැල් වෘත්තීය සමිති හා පාලකයෝ අතර ගිවිස ගනිමින් විරෝධතාව අවසන් කෙරිණි.

සේවකයින් කෙතරම් උද්යෝගිමත්ව අරගල කළ ද වෘත්තීය සමිති අවසානයේදී ගිවිසුමකින්  හෝ එකඟතාවයකින් හෝ සම්මුතියකින් හෝ පොරොන්දුවකින් සමතයකට ඒම හැරෙන්නට වෙනත් විකල්පයක් ඔවුන් සතුව ද නොමැත.

මෙරට කම්කරු ඉතිහාසය පුරාම දක්කනට ලැබෙන්නේ පාලකයන් විසින් ඒක පාර්ශවිය මෙවැනි ගිවිසුම්, සම්මුතීන් කඩා බිඳ දැමු අත්දැකීම්ය. ඊට නිදසුන් ලෙසින් මිට වසර දෙකකට මත්තෙන් දියත් කෙරුණු තැපැල් කම්කරු සටන දැක්විය හැකිය.

2018 ජුනි 11 ඇරැඹී දින 16 ක් පුරා පැවති තැපැල් කම්කරු අරගලය ඉදිරියට ඇදුණේ අනියම් හා ආදේශක කම්කරුවන්ගේ සේවා අහෝසි කර, අත්‍යාවශ්‍යය සේවාවක් බවට පත් කර සේවයට වාර්තා නොකළහොත් සේවය හැර ගියා සේ සළකන බවට කෙරුණු ආණ්ඩුවේ තර්ජන ද නොසළකාය.  

ජුනි 20 වැනිදා කොළඹට රැස් වූ හාර දහසකට ආසන්න තැපැල් සේවකයින් විරෝධතා පෙළපාළි පැවැත්වුහ. යළිත් ජුනි 25 වැනිදා රටපුරා ප්‍රධාන නගර මධ්‍යයයේ පිකට් කළහ.  තනතුරු වලට අදාළ වැටුප් තල නැවත සකස් කොට  6 / 2006 චක්‍ර ලේඛයෙන් මතු වූ අවුල් වියවුල් විසඳා වැටුප් ලේඛණ වැටුප් කොමිසමට ඉදිරිපත් කරන බවට වූ තැපැල් ඇමතිගේ පොරොන්දුවත් සමඟ සටන අත්හැරිණි.

එහෙත් ඒ පොරොන්දු කිසිදිනෙක ඉටු නොවිණි.

එහෙත් අද පවතින වසංගත තත්වය පාලනය කිරීම සඳහා ගෙනෙන නීති රෙගුලාසි යම් ප්‍රමාණයකින් අනියම් ලෙස සේවකයින්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග කෙරෙහි ද බලපානු නිසැකය. රජයේ වුවද ආණ්ඩුවේ වුවද වෘත්තීය සමිති ද කඩවුණු පොරොන්දු සමගින් තමන්ගේ සිමාවට සීමා වනු ඇත.

(ඉෂංඛා  සිංහආරච්චි)    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...