The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අවසන් නොවූ පළමු රැල්ල හා ඊනියා දෙවන රැල්ල -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 19, 2020 • 3:19 PM

 අවසන් නොවූ පළමු රැල්ල හා ඊනියා දෙවන රැල්ල -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ්-19 දෙවෙනි රැල්ලක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලොව බොහෝ රටවල භීෂණයක් නිර්මාණය වී තිබේ. වසංගතයේ දෙවෙනි රැල්ලක් පිළිබඳ කතා කිරීමට තරම් පළමු රැල්ලෙහි අවසන් වීමක් සිදු වූයේ නැත.
  • මේ වන විට තිබෙන අර්බුද වනාහි කොවිඩ්-19 සමග ජීවත් වීමට හැඩගැසීමෙහි තිබෙන ගැටලු ය.
  • මහේක්ෂ ලෝකයේ විශ්වයේ ජීවය සහිත තවත් ග්‍රහලෝක සොයා ගිය මිනිසා ක්ෂුද්‍ර ජීවී ලෝකයෙන් මතු විය හැකි ‍මෙවැනි අභියෝග කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණ බව පැහැදිලි ය.
  • එහෙයින් මිනිසා ලෝක ඉතිහාසයේ වෙනත් යුගවලට සාපේක්ෂව සමෘද්ධිමත් සමයක ජීවත් වූයේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකය විසින් වසංගතය පාලනය කරගන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ වසංගතය සමග ජීවත් වන්නට හැඩගැසීමයි. මේ වන විට තිබෙන අර්බුද වනාහි කොවිඩ්-19 සමග ජීවත් වීමට හැඩගැසීමෙහි තිබෙන ගැටලු ය.

කොරෝනා වයිරසයේ අභියෝගය මතු වන තෙක් නූතන මිනිසා කටයුතු කළේ විශ්වය ම ජයගත් වීරයකු පරිද්දෙනි. මහේක්ෂ ලෝකයේ විශ්වයේ ජීවය සහිත තවත් ග්‍රහලෝක සොයා ගිය මිනිසා ක්ෂුද්‍ර ජීවී ලෝකයෙන් මතු විය හැකි ‍මෙවැනි අභියෝග කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණ බව පැහැදිලි ය.

වර්තමාන සමාජය තුළ නිෂ්පාදනයේ ගැටලුවක් නැත. තිබෙන්නේ සම්පත් බෙදී යාම පිළිබඳ විෂමතාවකි. එහෙයින් මිනිසා ලෝක ඉතිහාසයේ වෙනත් යුගවලට සාපේක්ෂව සමෘද්ධිමත් සමයක ජීවත් වූයේ ය. 

''වර්තමාන සමාජය තුළ නිෂ්පාදනයේ ගැටලුවක් නැත. තිබෙන්නේ සම්පත් බෙදී යාම පිළිබඳ විෂමතාවකි. එහෙයින් මිනිසා ලෝක ඉතිහාසයේ වෙනත් යුගවලට සාපේක්ෂව සමෘද්ධිමත් සමයක ජීවත් වූයේ ය. ''
මිනිසාගේ අවධානය යොමු වී තිබුණේ මීට වඩා වෙනස් අභියෝග වෙත ය. විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධ ආයෝජනවලදී පවා වැඩි නැඹුරුවක් තිබුණේ පාරිභෝජනවාදී ව්‍යාපෘතිවලටයි. 

අභ්‍යවකාශ සංචරණ කර්මාන්තයක් හා අභ්‍යවකාශය සම්බන්ධ ව්‍යවසායකත්වයක් නිර්මාණය කිරීම සඳහා වූ ඊලෝන් මස්ක් නම් ගෝලීය ව්‍යවසායකයාගේ ස්පේස් එක්ස් ව්‍යාපෘතිය යටතේ පසුගිය ජුනි පළමුවෙනිදා ලොව පළමු පෞද්ගලික අභ්‍යවකාශගාමී ව්‍යාපෘතිය යටතේ නාසා ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශය වෙත යවනු ලැබුවේ ඇමරිකානු ජනතාව කොවිඩ්-19න් පීඩාවට පත් වී සිටියදී ය. 

එම ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යවසායකයන් දැක්වූ උනන්දුවෙන් අංශු මාත්‍රයක් හෝ ක්ෂුද්‍ර ජීව විද්‍යාව සම්බන්ධ පර්යේෂණවලට යෙදවූවා නම් කොරෝනා වයිරසය මිනිසාට මෙතරම් අභියෝගයක් නොවන්නට ඉඩ තිබිණි.

මිනිසා තවමත් සිතන්නේ ඉතා ඉක්මණින් එන්නතක් නිෂ්පාදනය කරගෙන කොරෝනා අභියෝගය පහසුවෙන් ජයගෙන, එමගින් ලෝක ජනගහනයේ ඇති වූ සැහැල්ලුවේ වාසියත් උපයෝගී කරගෙන පරණ පුරුදු ආකාරයට ම නැවත පැවතිය හැකි ය කියා ය.

ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යයේ දූපත් ආණ්ඩුව මෙහිදී හැසිරුණේ කොවිඩ්-19 වසංගතය අවසන් කර, නැවත රටේ ජනතාව ශ්‍රමය විකිණීම සඳහා අපනයනය කරමින්, ගුවන් තොටුපළ විවෘත කර සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් හා ඇඟලුම්, තේ, රබර්, පොල්, කුළුබඩු, මාළු ආදිය අපනයනය කරමින්, සුපුරුදු පරිදි තෙල්වල සිට සරුංගලය දක්වා හැකි හැම දේම ආනයනය කරමින් සාමාන්‍ය තත්වයට පිවිසිය හැකි ය කියා ය.

කොරෝනා දෙවෙනි රැල්ල යයි ඇතැමුන් හඳුන්වන මෙම අභියෝගය මතු වුණේ රටේ ජනාධිපතිවරයාගේ සිට පහළට නායකයන් නිරෝධායන නීති තඹයකට නොතකමින් මැතිවරන ප්‍රචාරණ ව්‍යාපාර රට පුරා පවත්වමින් සිටි සමයකදී ය.

pg3 B
''කොරෝනා දෙවෙනි රැල්ල යයි ඇතැමුන් හඳුන්වන මෙම අභියෝගය මතු වුණේ රටේ ජනාධිපතිවරයාගේ සිට පහළට නායකයන් නිරෝධායන නීති තඹයකට නොතකමින් මැතිවරන ප්‍රචාරණ ව්‍යාපාර රට පුරා පවත්වමින් සිටි සමයකදී ය.''

කොවිඩ්-19ට එන්නතක් නිෂ්පාදනය කරන්නට හැකි වේ ද, එසේ නොමැති නම්, කොවිඩ්-19 ද හෙම්බිරිස්සාව වැනි ප්‍රතිකර්මයක් නැති වයිරස් රෝගයක් බවට පත් වේ ද යන්න තවමත් පැහැදිලි නැත. කොවිඩ්-19 ආසාදනය වූ අය තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය පවා ජීවිත කාලය පුරා පවතිනවා ද, කෙටි කලකින් නැති වී යනවා ද යන ප්‍රශ්නය තවම විසඳාගෙන නැත.

කොටින් ම, කොවිඩ්-19 සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ප්‍රතිචාර සංවිධානය කිරීම සඳහා කිසිදු මුලපිරීමක් තවම සිදු වී නැත. වෘත්තිකයන්ට රටින් රට සැරිසරමින් සම්මේලන පවත්වන්නට බැරි වාතාවරණයක් නිර්මාණය වීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ආසන්න වශයෙන් අකර්මන්‍ය වී ඇති බව පෙනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදන නිකුත් කිරීමට හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා වී තිබේ.

කොවිඩ්-19 ගෝලීය වසංගතය පහසුවෙන් අවසන් වන්නේ නැති බව පමණක් දැනට පැහැදිලි ය. 


( praja.lk  : 'ලංකා' පුවත්පතේ පැරාගේ විරාමය කොලම -2019-07-19)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...