The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝකය අයිති පෙම්වතුන්ට - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

July 26, 2020 • 2:05 PM

ලෝකය අයිති පෙම්වතුන්ට - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ළමයි හම්බ වෙලා නැහැ තමයි. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ තමයි.
  • ළමයි ඉන්න හෝ නැති නිසාම මිනිස්සු ආදරය කරනවාද නැද්ද කියල තීරණය කරන්න බැහැ.
  • තමන්ට වඩා සියවස් කාලක් විතර වයසත් වැඩියි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන්ට වඩා සියවස් කාලක් විතර වයසත් වැඩියි. එක යුගයක තමන්ගේ ඉස්කෝලේ ටීචර්. 'හුඟක් අය හංගල කරන දේ, හුඟක් අය වැරදියට හිතන ආදරයක්, අපි සමාජය ඉස්සරහට ගෙනාව. අපිට සම්භාව්‍ය පවුලක් නැහැ තමයි. ඒත් කොයිම විදියකින්වත් අපි ළඟ එයාලට වඩා ආදරය අඩුයි කියල කියන්න බැහැ''.

තමන්ගේ වියපත් පෙම්වතිය - බිරිඳ - තමන් ළඟ තියාගෙන ලෝකයක් ඉස්සරහ එහෙම කිව්වේ එමානුවෙල් මැක්රෝන්. වත්මන් ප්‍රංශ ජනාධිපති. මිනිස් ආදරය ගැන, ඒකෙ සීමා ගැන, ඒකෙ අවුල් ගැන, ඒකෙ මරණීය අවසානය ගැන තීරණය ගන්නෙත් ඒ ආදරය කරන මිනිස්සුම තමයි. ප්‍රේක්ෂකයෝ නෙවෙයි.

රෝමියෝ සහ ජූලියට්, ජැක් සහ රෝස්, සහ තව ඕනෑ තරම් එහෙම කරලා තියනවා. අනාගතේ කරන්නත් නියමිතයි.

titanic

ළමයි ඉන්න හෝ නැති නිසාම මිනිස්සු ආදරය කරනවාද නැද්ද කියල තීරණය කරන්න බැහැ. ගැහැණියකට එයාගේ ගර්භාෂයේ අයිතිය හිමියි. තවත් ගොඩක් දේවල් එයාට හිමියි.

මවක් කියන්නේ ජීව විද්‍යාත්මක ශරීරයකට විතරක් නෙවෙයි. ගැඹුරු සංස්කෘතික ආදරයකට. බලන්න 'හුණුවටයේ කතාවේ' ගෘෂා. 'දිරිය මව සහ ඇගේ දරුවෝ' නාට්‍යයේ කැත්රින්.

''මහින්ද රාජපක්ෂ, අපි ඔයා එක්ක කවදාවත් එකඟ උනේ නැත්තේ මෙන්න මේ පුළුල් 'මිනිස් බව' ඔයාගෙන් අපි දැක්කේ නැති නිසා...''

මහින්ද රාජපක්ෂ, අපි ඔයා එක්ක කවදාවත් එකඟ උනේ නැත්තේ මෙන්න මේ පුළුල් 'මිනිස් බව' ඔයාගෙන් අපි දැක්කේ නැති නිසා...එදත් අදත් හෙටත් ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි හැමදාම ගියේ කිසිදා හමුවෙන්න නියමිත නැති පාරවල් දෙකක.

ලෝකය අයිති පෙම්වතුන්ට.

(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...