The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අවාසනාවන්ත ම ආණ්ඩුවට පුරවැසියන් උදව් කළ යුත්තේ ඇයි? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 30, 2020 • 6:50 AM

අවාසනාවන්ත ම ආණ්ඩුවට පුරවැසියන් උදව් කළ යුත්තේ ඇයි? - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ බලයේ සිටින්නේ කුමන්ත්‍රණ න්‍යාය ඔස්තාද්ලා පිරිසකි.
  •   සුභාෂිතයේ දැක්වෙන පහත සඳහන් කවිය මෙවැනි අවස්ථාවලදී සිහිපත් කරගත යුතු ය.
  •   විපුල ගුණැති මහතුන් හට පත් විපත නිසල නැණින් යුතු උතුමෝම දුරලත කළල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත   මහත් ගුණයෙන් යුතු මහත්මයන් හට පැමිණි විපත්තිය තැන්පත් නුවණ ඇති උත්තමයෝම දුරු කරති.
  • මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට නම් මහත් බල ඇති ඇත් රජකු හැර අන් කවරෙක් සමත් වෙද?
අකුරු ප්‍රමාණය (Font Size):
 අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර විරෝධය, ඇමරිකන් විරෝධය, මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය, ස්ත්‍රී විරෝධය, සමලිංගික හා අනෙකුත් සුළුතර ලිංගික විරෝධය පමණක් නොව ගොවිගම ආධිපත්‍යවාදය පවා ප්‍රවර්ධනය කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව හා එහි නායකයන් වාසනාව පැත්තෙන් ගත් කල මෑත ඉතිහාසයේ අවාසනාවන්ත ම පාලකයෝ ය. 
 
ඒ කොරෝනා වයිරසය නිසා ය.
 
කොවිඩ්-19 විසින් ලෝක බල දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් (paradigm shift) නිර්මාණය කරනු ඇත. 
 
එය කුමක් වනු ඇද්දැයි පුරෝකථනය කරන්නට බැරි තරම් ලෝකය තවමත් සිටින්නේ කොරෝනා වයිරස ප්‍රහාරය ඇතුළේ ය. 
 
එන්නතක් සොයාගෙන හෝ සමූහ ප්‍රතිශක්තිකරණය ගොඩනගාගෙන හෝ ලෝකය මුළුමනින් ම මෙම අර්බුදයෙන් එළියට ඒමට තව අවුරුදු ගණනාවක් ගත වනු ඇත.
 
එම කාලසීමාව තුළ, ලංකාවේ පාලකයන්ට සිදුවන්නේ අවුරුදු කීපයකින් වයසට යනු බලාසිටීම පමණි. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහුට රට වෙනුවෙන් කිසිවක් කරන්නට අවස්ථාව ලැබේදැයි සැක සහිත ය. 
 
කළ හැකිව තිබුණු එක ම දෙය වන රට කොවිඩ්-19න් බේරාගැනීමේ අවස්ථාව ද දේශපාලනික නොමේරූකම නිසා හා දැක්මක් නැතිකම නිසා ඔහුගේ අතින් ගිලිහී යමින් තිබේ.
 
කළ හැකිව තිබුණු එක ම දෙය වන රට කොවිඩ්-19න් බේරාගැනීමේ අවස්ථාව ද දේශපාලනික නොමේරූකම නිසා හා දැක්මක් නැතිකම නිසා ඔහුගේ අතින් ගිලිහී යමින් තිබේ.
 
 
ඉදිරි වසර කීපය තුළ මතු වන ලොකු ම අභියෝගය ?
 
ඉදිරි වසර කීපය තුළ මතු වන ලොකු ම අභියෝගය වන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන හතරකට වැඩි විදේශ ණය ප්‍රමාණයක් ගෙවාගන්නේ කෙසේ ද යන්නයි. 
 
ණය ගෙවාගන්නට බැරි තරමට ආර්ථිකය කඩාවැටෙමින් තිබේ. 
 
විදේශ විනිමය ආදායම් මාර්ග ඇහිරෙමින් තිබේ.
 
ශ්‍රී ලංකාව එක්කෝ ණය සම්බන්ධයෙන් පමා සහනයක් (moratorium) ලබාගැනීමට උත්සාහ කළ යුතු ය. 
 
එහෙත්, එය කළ හැකි වන්නේ රාජ්‍යයන් විසින් හා මුල්‍ය ආයතන විසින් ලබා දී තිබෙන ණය සම්බන්ධයෙන් පමණි. 
 
විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගත් ණය ගෙවීමට සිදු වේ. 
 
මොනවා කළත් ණය ගෙවීම පැහැර නොහැර සිටිය යුතු ය.
 
ණය ගෙවාගන්නට බැරිව රටක් වශයෙන් බංකොලොත් වුවහොත්, ශ්‍රී ලංකාව ඇද වැටෙන්නේ පතුලක් නැති අගාධයකට ය. දැන් කියා ලොකු වෙනසක් ද නැත.
 
ණය ගෙවාගන්නට බැරිව රටක් වශයෙන් බංකොලොත් වුවහොත්, ශ්‍රී ලංකාව ඇද වැටෙන්නේ පතුලක් නැති අගාධයකට ය. දැන් කියා ලොකු වෙනසක් ද නැත.
 
 
සුභාෂිතයෙන් ....
 
සුභාෂිතයේ දැක්වෙන පහත සඳහන් කවිය මෙවැනි අවස්ථාවලදී සිහිපත් කරගත යුතු ය.
 
විපුල ගුණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝම දුරලත
කළල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත
 
මහත් ගුණයෙන් යුතු මහත්මයන් හට පැමිණි විපත්තිය තැන්පත් නුවණ ඇති උත්තමයෝම දුරු කරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට නම් මහත් බල ඇති ඇත් රජකු හැර අන් කවරෙක් සමත් වෙද?
– සුභාෂිතය, අලගියවන්න මුකවෙටි
 
අප විසින් පත්කරගෙන තිබෙන පාලකයන් තුමුල බලැති ගිජිඳුන් යයි සිතීමට තිබෙන සාධක අවම වුණත්, ඔවුන් ඉදිරියෙහි තිබෙන අභියෝගය ඉහත දැක්වූ ආකාරයේ සුවිසල් එකකි.
 
එහෙයින් මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය.
 
වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. 
 
පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. 
 
කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. 
 
පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය.
 

Tractor pushing cartoon

 
අප ආණ්ඩුව ගැන විචාරාත්මක විය යුතු ය. විවේචනාත්මක වීම අත්‍යවශ්‍ය නැත. 
 
කලින් පැවති ආණ්ඩුවේ අවුරුදු පහ තුළ වත්මන් පාලක පිරිස රට පාලනය කිරීමට ඔවුන්ට ඉඩ දුන්නේ නැත. 
 
කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ සිදු කළ ඔවුහු කුමන්ත්‍රණ ඔස්සේ ම බලය ලබාගත්හ. 
 
ගත්තා නම් දැන් ඉතින් දෙයියනේ කියලා කළ යුතු ය. බෑ කියලා බැරි ය.
 
රටක් පාලනය කරන එක කුමන්ත්‍රණය කරන තරම් ලේසි නැත. පුරවැසියන් වන අපි එය දනිමු. කුමන පාලකයාට වුවත්, පුරවැසියන් උදව් කරන්නේ එහෙයිනි.
 
'' රටක් පාලනය කරන එක කුමන්ත්‍රණය කරන තරම් ලේසි නැත. පුරවැසියන් වන අපි එය දනිමු. කුමන පාලකයාට වුවත්, පුරවැසියන් උදව් කරන්නේ එහෙයිනි.''
 
කොවිඩ්-19 වසංගතය මැද ම මේ වන විට රට හමුවේ මතු වී තිබෙන අලුත් අභියෝගයක් තිබේ. 
 
නව ඉන්දු පැසිෆික් කලාපීය බල තුලනය තුළ අතිශය වැදගත් ආර්ථික හා මූලෝපායික මධ්‍යස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගකාරීත්වය මැද කළ යුතුව තිබෙන්නේ කුමක් ද?
 
ඊළඟ ලිපියෙන් ඒ පිළිබඳ සාකච්ඡා කරමු. කලබල මොකට ද?
 
Ajith Para(අජිත් පැරකුම් ජයසිංහ)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...