The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනේෂ්වර සූදු පොලේ විමල් කැටිපේ ආරච්චි සහ විමුක්ති දේශපාලන ජවනිකා

T

The Leader Desk

June 25, 2020 • 4:37 PM

ධනේෂ්වර සූදු පොලේ විමල් කැටිපේ ආරච්චි සහ විමුක්ති දේශපාලන ජවනිකා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ පොලවේ දේශපාලනය කැරෙකෙන ආකාරය ගැන අපිට අනුභූතික දැනුමක නැත. ඒත් සයිබර් දේශපාලනයේ පරාවර්තනය පොළවේ දේශපාලනයට සම්බන්ධයක් නෑ කියලා හිතන්න බැරි නිසා
  •                                                        නොම්මර 17 - භාවිතාව විලාසිතාවක් දක්වා...
  • නියමිතව ඇති මැතිවරණයට තරඟ කරන ජන බල වේගය මේ අර්බුදයේ වැටී ඇති තරම තේරුම් ගන්න හොඳ සංකේතයක් විදිහට ඉස්සරහට ඇවිත් ඉන්නවා හරි අපූරු චාරිතයක්.
  • කොළඹ දිස්ත්‍රක්කයට නොම්මර 17 ලබාගෙන තරඟ වදිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සයිබර් එකෙන් පෙනෙන්නට ඇති දේ ඔස්සේ යම් විග්‍රයක් කරන්න පුළුවන් කියා හිතනවා. 

ඒ විග්‍රහය විමුක්ති දේශපාලනය තේරුම් ගැනීමට යි අපේ අවධානය යොමු වෙන්නේ. විමුක්ති දේශපාලනය කියන්නේ විකල්ප දේශපාලනයට වඩා වෙනස් දෙයක්. ඒක හරියට මුනිවර දේශපාලනයක්. පරමාදර්ශයක්. නව සමාජ පරිවර්තනයකට පාර කියන, පාර කපන එකක්. 

ඉතින් මේ විමුක්ති දේශපාලනය යන නාමයේ නාමයෙන් දේශපාලනය කරන වාම දේශපාලනය අද දවසේ විශාල ඛේදවාචාකයකට මුහුණ දීලා ඉන්නේ වෙන එකක් නිසා නෙවෙයි. විමුක්තිය වෙනුවෙන් පෙන්වා දෙන අප ජීවත් වන මේ ධනේෂ්වර ක්‍රමයට අබමල් රේණුවකින් හෝ වෙනස් වෙන්නේ කොහොමද කියන අර්ථය හොයා ගන්න බැරුව.


104474375 266787001265288 2649429534553546275 o                                                      නොම්මර 17 - භාවිතාව විලාසිතාවක් දක්වා...
නියමිතව ඇති මැතිවරණයට තරඟ කරන ජන බල වේගය මේ අර්බුදයේ වැටී ඇති තරම තේරුම් ගන්න හොඳ සංකේතයක් විදිහට ඉස්සරහට ඇවිත් ඉන්නවා හරි අපූරු චාරිතයක්. ඒ තමයි විමල් කැටිපේ ආරච්චි. කොළඹ දිස්ත්‍රක්කයට නොම්මර 17 ලබාගෙන තරඟ වදිනවා. ඔහු ජවිපේ හෝ ජනබලවේගයේ අනෙකුත් අපේක්ෂකයන්ට වඩා වෙනත් ආකාරයක් හා ආකර්ෂණයක් ලබා ගෙන ඇති අතර ඔහුගේ භාවිතාව විලාසිතාවක් දක්වා ව්‍යාප්ත කිරීමට ජාතික ජන බලවේගයත් කටයුතු කරමින් ඉන්නවා.


මේක විවේචනයක් හෝ පුද්ගලික හේතුවක් නිසා කරන තේරුම් ගැනීමක් විදිහට විමුකත්ති දේශපාලනයේ ලාංකීය නියෝජනයට ඒත්තු යන්නටයි නියමිතව ඇත්තේ. නමුත් එම චෝදනා ගල් ප්‍රහාර විඳ ගනිමින්ම අනාගතය පරිකල්පනය කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් කොට සලකා එය අමතක කර බලා සිටිය යුතු නැත.

කැටිපේ ආර්ච්චි යන නාම රූපයෙන් ජාතික ජනබලවේගය මේ ජරා ජීර්ණ සමාජයට පෙන්වන ආදර්ශය කුමක් ද සහ පුද්ගලයෙකු වශයෙන් කැටිපේ ආර්ච්චි ජාතික ජන බලවේගයට දායක කිරීමකට නියමිත ආදර්ශය කුමක් ද?

වරෙක ජවිපේ ජනතා නියෝජනය සඳහා ප්‍රචාරණයට යොදා ගත්තේ “ සියලු අපේකෂයන් උගතුන්“ ලෙස ය. එනම් විශ්ව විද්‍යාල උපාධිධරයන් යන සංකේතය යි. එම භාවිතාවේ ගුණාත්මක බවක් පැවැතියත්, එය ද සේවය කරන්නේ පවත්නා දේශපාලන සමාජයට මිස විමුක්ති දේශපාලනයට නොවන්නේ, උගුතුන් වුවත් අවශ්‍ය වන්නේ බුද්ධිමත් “මිනිසුන්“ යන්න අවප්‍රමාණය වීම නිසා ය. එම ගැටලුව අදටත් ජවිපේ මුහුණ දෙන්නකි. 

නමුත් එම වර්ගීකරණය තුල වැඩි වශයෙන් පදනම්ව ජාතික ජන බලවේගය ලෙස ලංකාව පුරාවට අපේක්ෂකයන් ලෙස පත්කර ඇත. ඔවුන් වෘත්තිතීය හා වෙනත් හැකියාවන් නිසා තෝරා ගැනුණත් සමාජයේ තරු බවට පත් වී නැත. තරු එලියට වඩා ප්‍රතිපත්ති පිළිබඳව අවදානය යොමු කරන බැවින් ජවිපේට හෝ ජාතික ජනබලවේගයට එය ගැටලුවක් වන්නේ නැති වුවත්, අභියෝගය වන්නේ නියම සුදුස්සන්ට ජනාතා අනුමැතිය ලබා ගැනීම යි. 

Anura 25
එම අභියෝගය එසේ පවතිද්දී තමයි. බ්‍රහස්පති තරුව මෙන් විමල් කැටිපේ කොළඹට ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වෙන්නේ. එම තරුව අනෙක් තරුවලට වඩා එලිය ලබා දෙන බවක් දැන් සමාජ ජාලය දිහා බලනකොට පෙනෙන්න ගන්නවා. ඒ කියන්නේ කොළඹින් විමල් කැටිපේ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් හා හොඳ තරඟයක් දිය හැකි අශ්වයකු බව පෙන්නුම් කරනවා. 

නමුත් කෙටිකාලීන ජයග්‍රහණයේ දිගු කාලීන ප්‍රථිපලය කුමක් විය හැකි ද. එතන පැන නගින ප්‍රශ්නය වටහා ගත හැකි වන්නේ කෙසේ ද?

''කැටිපේ යනු ජවිපේ දේශපාලනය තුල නියැලී, ඉන් අනතුරුව ජවිපේ ඛන්ඩනයෙන් පෙරටුගාමි කණ්ඩායම හා එක් වී පසුව කුමන හෝ හේතුවක් නිසා එයින් වෙන් වී නො වෙන් වී 2015 දී යහපාලන ආණ්ඩුවට දක්වන ලද සහාය නිසාම අයිටීඑන් එකේ වගකිව යුතු තනතුරක් දරා යම් කැපී පෙනෙන දෙයක් කළ පුද්ගලයෙකි. ''

කැටිපේ යනු ජවිපේ දේශපාලනය තුල නියැලී, ඉන් අනතුරුව ජවිපේ ඛන්ඩනයෙන් පෙරටුගාමි කණ්ඩායම හා එක් වී පසුව කුමන හෝ හේතුවක් නිසා එයින් වෙන් වී නො වෙන් වී 2015 දී යහපාලන ආණ්ඩුවට දක්වන ලද සහාය නිසාම අයිටීඑන් එකේ වගකිව යුතු තනතුරක් දරා යම් කැපී පෙනෙන දෙයක් කළ පුද්ගලයෙකි. 

එයට කලින් පවා ජාතික පුවත්පතක් ලෙස පැවැති 'සත්හඬ' පුවත්පතේ කතුකරයෙකු ලෙසත්, රෙනෝ ද සිල්වාගේ නාලීකාවේ සලකුණ වැඩ සටහනේ මාධ්‍ය වේදියෙකු ලෙසත් වැඩ කර යම් සංකල්පීය ප්‍රාග්ධනයක් හිමිකරගත චරිතයකි. 

ඉතිහාසයේ සංකේත ප්‍රාග්ධනයේ නාමයෙන්...

පසුව යහපාලන ආණ්ඩුවේ ඇති වන කඩා වැටීම හේතුවෙන් එලියට විසිවෙන කැටිපේ නැවත වාම දේශපාලන වේදිකාවට සෘජුව ඇතුල් වන්නේ කිසිවකුගේ විවේචනයකින් තොරව ය. මෙම ඇතුල් වීම තුල දී පෙරටු ගාමි සමාජවාදී පක්ෂය තුල තියා ගන්නා සුහදතාවය මෙන්ම ජවිපේ තුල වර්ධනය කරගන්නා සුහදතාවයේ අග්‍ර ඵලය ලෙස මැතිවරණ අපේකෂයෙකු ලෙස මෙවර දොරට වඩින්නේ ඉහත ඉතිහාසයේ සංකේත ප්‍රාග්ධනයේ නාමයෙන් ය. 

ඒ විතරක් නොව විමුක්ති දේශපාලනයට රැඩිකල් ස්ථාවරයන් තුලින් වෙඩි පත්තු කරන කණ්ඩායම් ද ඇතුලු සියලු සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්ගේ ද ප්‍රසාදය මතයි කැටිපේ නොම්බර 17 ලබා ගෙන නොම්මර 17 චිත්‍ර පටයේ විජය කුමාරණතුංග වී සිටින්නේ. එක් ෆේස් බුක් සටහනක දක්වා තිබුණේ කැටිපේ හරියට විජය කුමණතුංගට පැවැති ආකර්ශනයෙන් යුත්ත බවයි.
104911092 3384499251569071 5816219576719560813 n

මෙම සංසිද්ධිය ගැටලුවක් ලෙස හඳුනා ගන්නාවට වඩා සමාජයේ ස්වභාවය කොහොමද අන්තර් රූපණය වී ගමන් කරන්නේ යන්න ගැන තේරුම් ගන්නේ නම්, කැටිපේ ආරච්චිව දඬු කඳේ ගැසීමවත් ජවිපේ දඬ කඳේ ගැසීමවත් කරනවා වෙනුවට අපට තේරුම් ගැනීම ඇත්තේ විමුක්ති දේශපාලනය කියා සමාජයට පෙන්නුම් කරන්නට වලි කන දේශපාලනය ඇත්තටම විමුක්ති දේශපාලනය කියා දෙයක් තිබේ ද, එය සමාජ ආදර්ශයක් කළ යුතු වන්නේ කෙසේ ද නැතිනම් විමුක්ති දේශපාලනය යනු පවතින සමාජයට සාපේක්ෂව ගුණායට වඩා ප්‍රමාණය ගැන හිතිය යුතු දෙයක් ද යන්න ගැන හිතීමට සිදුවීම හෝ, විමුක්ති දේශපාලනයේ නාමයෙන් කරන සමාජ ජවනිකා නිරුවත් කිරීම ය.

මේ මාතෘකාව ඔස්සේ ඔනවටත් වඩා කත කළ හැකි වුවත්, අපගේ විමර්ශනය මෙවැනි උපන්‍යාස සහිත ප්‍රශ්න කීපයක් වම ගැන හිතන විමුක්ති දේශපාලනය ගැන හිතන සැමට ඉදිරිපත් කරන්නෙමු.

 
1. කැටිපේ කොළඹින් ජය ග්‍රහණය කරන්නේ නම්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති දේශපානය හා ජනතා කැමැත්ත යනු කුමක් ද?

2. කැටිපේ අනුරට වඩා මනාප ගන්නේ නම්, අනුරගේ දේශපාලනය හා ජනතාව යනු කවුද?

3. ජාතික ජනබලවේගයේ අනෙක් අපේකෂකයන්ගේ මනොභාවය හා සමානව සැලකීමේ ආදර්ශයට කුමක් සිදුවේ ද?

4. වසන්ත දිසානායක වැන්නෙක්ගේ දායකත්වයේ වාම සංකේත සහයෝගයේ අනාගතය කුමක් වේ ද?

5. කැත යැයි සැලකූ විජේවීරගේ කැරිෂ්මාවේ වටිනාකම්වල හරය හා ගුණය ඉදිරියට කුමක් වේ ද?

6. මෙයින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමක් ඉගෙන ගනී ද?

7. සමන්ත විද්‍යාරත්න වැනි අයට පොටෝෂොප් මාර්ගයෙන් රූපය තවත් ලස්සන කරන්නට සිදු වීමේ සීමාව කොතැනද?

8. විමල් වීරවංශ ඉතිහාසය තුල නිරවැරදි වේ ද?

9. දීප්තිලාගේ විග්‍රයන් ඔවුන්ට ද ඇතුලුව වඩාත් ප්‍රායෝගික කරන්නට සිදු වන්නේ කෙසේද?

10. කැටිපේ පරාජයට පත් වුවහොත්, ජවිපෙට අනාගත දේශපාලනයේ තේරීම් කුමානාකර විය හැකි ද?

11. ඇත්තටම ධනවාධයට බනින මේ අය බනින්නේ අත්තැටම ද?

12. විමල්ගේ කොණ්ඩයක්, විමල් කැටිපෙගේ සංකේත සන්ග්ලාස් එකත්, සමාජයේ විනෝදය මෙන්ම ෆැන්ටසි හැඟවුම්කරණ නම්, විමුක්ති දේශපාලනය පරමාදර්ශයන් මොනවාද?

13. පැරදුනත් නොපරදින, ජවිපයට වගේ වගක් නැති වෙන හේතුව ප්‍රාග්ධනය වන්නේ නම්, පැරදුනත් නොපරදින කැටිපේගේ ප්‍රාග්ධනයේ දිශාව විමුක්ති දේශපාලනය ද?


(©ටෙරල් අබේසිංහ/ උදය ආර්. තෙන්නකෝන්)


(උපුටා ගැනීම - opiumaleft.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධනේෂ්වර සූදු පොලේ විමල් කැටිපේ ආරච්චි සහ විමුක්ති දේශපාලන ජවනිකා | The Leader