රංජිත් කුරුප්පු පරිවර්තකයෙක්.



ඒ වගේම සිනමා අධ්‍යක්ෂවරයෙක්.

පවන රළු විය ඔහුගේ නිර්මාණයක්. ඒත් මේ නිර්මාණයෙන් පස්සෙ ඔහුට චිත්‍රපටයක් කරන්න ඉඩක් කඩක් හදා ගන්න බැරි වෙනවා.

ඒ පාර ඔහු ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහුගේ අවධානය යොමු වෙන්නෙ පරිවර්තන සදහා.

කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, මරණයේ දොරටුව, යුද්ධයේ අතුරු කතාවක්, හිට්ලර්ගේ අවසානය, ගිනිමැද සක්මන, ගිම්හාන ගීතය, සාතන්ගේ දියණියෝ, දෑස යොමා අහස දෙසා, ප්‍රේම සැදෑවෝ ආදී ලාංකේය පාඨකයන්ගේ සිත් බැන්දූ කෘති මාලාවක් ඔහුගේ පරිවර්තන.

මෑතක දී ඔහු මගියා නමින් තමන්ගේ මුල්ම ස්වතන්ත්‍ර නවකතාව ලාංකේය පාඨකයන්ට තිළිණ කරනවා.

රංජිත් ගේ ජීවිතය රළු පරළු අත්දැකීම් ඔස්සේ ආරම්භ වූවක්.

71 කැරැල්ලේදී ඔහු ජීවිතය බේරා ගන්න රට පනිනවා.

එතැන් සිට අද දක්වා ජීවිතයේ මුහුණ දුන් විවිධ අත්දැකීම් රංජිත් මුල් වරට අපට කියනවා.

පහත වීඩියෝවෙන් බලන්න






 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates