දේශපාලන හිතවත්කම් මත මෙපමණ කාලයක් අනුන්ගේ සමෘද්ධිය ගත් සල්ලිකාරයින්ට ජුලි මාසයේ සිට සමෘද්ධිය අහිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි.
ජූලි මාසයේ සිට සමෘද්ධි සහ පිං පඩි කෙලින්ම බැංකු ගිණුමටම ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු කියා සිටියි.
ඔහු එබව කියා සිටියේ, රජයේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ''101 කතා'' සමාජ මාධ්‍ය වැඩසටහනේදී ඔහු පහත කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. සුභසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තෙක්ට ආධාර නොලැබුනොත් කළ යුත්තේ කුමක් ද ?
ප්‍රතිලාභීන් තෝරාගත් නව ක්‍රමවේදය කුමක් ද ?
දේශපාලනඥයින්ගේ ලැයිස්තු වලට ප්‍රතිලාභ ලැබෙනවා ද ?