වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ (MIFF) තරගකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා
තිබේ.
ඒ අනුව, අරුණ ජයවර්ධන ගේ අධ්‍යක්ෂණයක් වන "මාරියා" වෘත්තාන්ත සිංහල චිත්‍රපටය අගෝස්තු 26 වැනිදා ආරම්භ කෙරෙන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ (MIFF) තරගකාරී අංශය නියෝජනය කිරීමට නියමිත යි.
D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ, මෙම චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදීම සිදු කිරීමට කටයුතු සම්පාදනය කොට ඇති බව මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇත.
ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර මුල්ම සිනමා උළෙලවල් දෙක නියෝජනය කරනු ලබන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ”මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල” (MIFF) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලකි.
එයා දැන් ලොකු ළමයෙක්1976 වර්ෂයේ දී ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන ලද ''එයා දැන් ලොකු ළමයෙක්'' සහ 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ''යුගාන්තය'' යන චිත්‍රපට දෙක මීට පෙර මෙම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කර ඇත. 1983 ''යුගාන්තය'' චිත්‍රපටයෙන් වසර 39 කට පසු මෙම උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ඒ අනුව මාරියා චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.
මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක මාරියා හි චරිත නිරුපණය කරති.
සබැඳි පුවත් :
නිකිණි වැස්ස රිදී තිරයට ගෙනා අරුණගේ මීළඟ සිනමා සිත්තම මාරියා
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.