leader s

 දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ "නිකිණි වැස්ස" සිනමාපටය අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය “මාරියා” හි මුහුරත් උළෙල එළඹෙන මාර්තු 5 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව
වාර්තා වෙනවා.
 
සත්‍ය කතාවක් මුල් කරගනිමින් නිර්මාණය කෙරෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතවලට මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක යන රංගන ශිල්පීන් පණ පොවනු ඇත.
 
"මාරියා" හි තිර පිටපත ලියා ඇත්තේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසිනි.
 
කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංස්කරණයෙන් මැස්කින් කුරොව්ස්කි සහ සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල සිනමාපටයට දායකත්වය සපයනු ඇත.
 
අරුණ ජයවර්ධනගේ දෙවැනි චිත්‍රපටය වන “1970: ලව් ස්ටෝරි” සිනමාපටය ද ප්‍රදර්ශනය සඳහා සුදානමින් රැඳී සිටියි. 
 
(අවාරා)
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්